Friday, December 14, 2012

rsinglish හී සයුර මත "අනුස්වාරය" හි දෝශය.

 බොහෝ දෙනෙක් දන්නා කියල පිස්සු මදුරයාගේ, RSinglish මෘදුකාංගය ගොඩක් අය භාවිතා කරනවා ඇති. ඔකෙ මුල් කාලෙ තිබ්බෙ මදුර කියන එකනෙ! නමුත් අපෙ ගයාන් මලයා හා මං තුමා ඇතුලුව මදුරයාට මරණ තර්ජන කලාට පස්සෙ ඕකටම තව Sayura එකකුත් ඇඩ් කර ගත්තා! සයුර කියන්නෙ ලිනක්ස් මත අනුරාධ අයියා හදපු ස්කීම් එකක් නේ! එත් ජනෙල් භාවිතා කරද්දි ලිනක්ස් උඩ පුරුදු වෙච්ච සයුර නැති උනාම වැඩියෙන් හොල්ලන අත නැති උනා වගේ තමා ;)
ඉතින් එකට විසදුම විදියට තමා RSinglish එක ඇතුලට සයුර ඔබව්වෙ!

ඉතින් කතාව මේකයි! සයුර හදලා දැම්මට පොඩි අවුලක් තිබ්බා "අනුස්වාරය" ටයිප් කරද්දි.. දැන් ගොඩක් අය බලයි මොකක්ද මේ අපි නොදන්න කුනුහරුපෙ කියලා!
අනුස්වාරය කියන්නෙ කවුරුත් සිංහලෙන් කියන බිංදුව :P (ං)

ඉතින් linux මත සයුරෙ අනුස්වාරය තිබ්බෙ "x" එකේ..
නමුත් ඔය මදුර හදපු එකෙ කොහේ තියෙනවද කියලවත් හොයාගන්ඩත් නැ..  ඉතින් ඕක හදපන් කිවාට මූ හදන්නෙත් නැ! මදුරයා තරම් කම්මැලි යකෙක් මං දැකලම නැ! එහෙව් එකේ මූ මෙහෙම මගුල් හදනවා කිවාමත් පුදුමයි :O
(ගයාන් මලයා නම් කිවෙ nG ටයිප් කලාම අනුස්වාරය එනවා කියලා. එත් ලිනක්ස් උඩ පුරුදු වෙච්ච කෙනෙක්ට ඕක මරනවා වගේ වැඩක්)

ඉතින් කරන්න තියෙන්නෙ මේකයි. මෙන්න මේක ඩවුන්ලෝඩ් කරන්න
ඊට පස්සෙ යන්ඩ C:\Program Files\rsinglish ඒක ඇතුලට ඔය ඩවුන්ලොඩ් කරපු එක රිප්ලෙස් කරන්න! ඊට පස්සෙ බලන්න වැඩද කියලා!!

අවුලක් නම් කමෙන්ට් කරන්ඩ!
හෙනම් අපි කැපුනා! !!

19 comments:

  1. නෑ යකෝ ඒක තියෙන්නෙ කියු එකේ! මෙන්න මේ වගේ ං!! :P
    මල්ලි නාගෙන වගේ :O

    ReplyDelete
  2. නැත නැත q එකට එන්නෙ ඒක නෙවේ!
    n+q =නැ
    k+q = කැ
    t+qq = තෑ

    මම කතා කරන්නෙ linux හි එන සයුර එක ගැන! එකෙ තියෙන්නෙ x එකේ :D
    x=ං

    ReplyDelete
  3. අනේ මන්දා උඹ මොන අටමගලයක් කියනවද කියලා. මාත් ජනෙල් වලයි උබුන්ටු වලයි ඕක තමයි පාවිච්චි කරන්නේ q ගැහැව්වාම මට ඔය ං වදිනවා!

    ReplyDelete
  4. ටිං ටිං
    අනේ අපිනං ඕව පාවිච්චි කරන්නෙ නෑ.

    ReplyDelete
  5. ඔය එක මළ ඉලව්වක් වත් මම දන්නේ නෑ... හැබැයි ඇපල් එකට KEYMAN එකක් ( හෝ ඒ වගේ වෙන එකක් හරි) හදන්න පුළුවන් එකෙක් මේ රටේ නැති එක ගැන මට මාර තරහයි.....

    මෙච්චර වැඩකරයෝ සෙට් එකකගේ ලින්ක් දාලා තියෙන නිසා මම බනියට මරණ තර්ජනයක් කරනවා... ඔය කම්මැලියෝ ටික කොහොම හරි ඇහැරෝගෙන ඇපල් Leopard එකේ වැඩ කරන්න පුළුවන් සිංහල වර්ෂන් එකක් හදපල්ලකෝ... මගේ වෘත්තියට කෙළ වෙලා තියෙන්නේ මේ ඇපල් එක හින්දා.... වින්ඩෝස් දාන්න හිතෙන්නෙත් නෑ මේ මඟුලට.... එකම විකල්පේ ( හිතට හරියන එක) සිංහල ටයිප්සෙටින් කරන්න වෙන කම්පියුටරයක් අරගෙන වින්ඩෝස් දාගන්න එක... එහෙම කරන්න ඕනේද මේච්චර වැඩකාරයෝ ඉන්න රටේ...

    අනේ බනියෝ.. මගේ දුක් ගැනවිල්ල ඔය වැඩකාරයෝ ටිකට දාලා බලන්නකෝ හොඳ එකා වගේ.......

    ReplyDelete
    Replies
    1. ඔව් අපි මේ සම්බන්දව ගයන්ත මහත්මයා සම්බන්ද කරගම්මු!

      Delete
    2. Apple වල Unicode වලින් නම් ටයිප් කරන්න පුළුවන්. ඒත් Keyman වගේ එකක් නම් නැහැ.
      ඕනෙ නම් දසුන් සමීර හදල තියෙන යුනිකෝඩ් ස්ක්‍රිප්ට් එක වෙනස් කරලා ගන්න පුළුවන්. ( http://blog.dasun.me/2012/01/apple-mac-wijesekara-keylayout.html )

      Delete
  6. අපි නම් වින්ඩොස් සහ උබුන්ටු නිසාත් යුනිකෝඩ් පරිහරණය නිසාත් අවුලක් නැ.

    ReplyDelete
  7. ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මෙතැන පබ්ලිදිසිටි ගන්න තැනක් කරගන්ඩ එපෝ!!

      Delete
  8. මං අලුතින් ඩව්න්ලෝඩ් කලාම නම් code.txt code-sayura.txt කියලා දෙකක් ඒකෙම තියෙනවා. ං ගහන්න ඔන නම් q එක ඔබන්න විතරයි තියෙන්නේ! :)

    ReplyDelete
  9. මමත් ඕක තමා.. වින්ඩෝස් නිසා අවුලක් නෑ. ඕන තරම් බිංදු තියෙනවා :D
    ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
    අං පං සං මං නං ලං කං බං නං ටං ඩං ගං etc...

    ReplyDelete
  10. :) මමත් පාවිච්චි කරන්නෙ rsinglish. යස අගේට q අකුරෙන් බින්දුව වදිනවා. දවස ගානෙ කොයි තරම් පරිහරණය වෙනවද මේ මෘදුකාංගය? කොයි තරම් පහසුද, ප්‍රයෝජනවත්ද? මේක හැදුව මධුරට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ලියන අකුරක් අකුරක් ගානෙ.

    ReplyDelete
  11. මොන බිංදුවක් ගැන කියවනවද කියල
    මට නං තේරෙන්නේ නැහැ ..

    ReplyDelete
  12. ඇයි බං ඕක මම සෑහෙන කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. මට නම් යස අගේට ං වදිනවා q වලට. ඃ වදිනවා Q වලට. අං අඃ :P

    ReplyDelete
  13. උඹල සෙට් එකටම ස්තුතියි කොල්ලනේ.

    ReplyDelete
  14. මේ විදිහට කට්ටියට සිංහල යුනිකෝඩ් පොවන්න දඟලපු (කැපවීමෙන් වැඩකරපු) හැම කෙනෙක්ටම පිං. ඒ වුනාට මම නං නිකම්ම විජේසේකරෙන් තමා ටයිපින් :)

    ReplyDelete
  15. Anushka (bunny) ‏@anushk4
    Dear Mr ජනාදිපති තුමනි. කාර් වගේ DSLR කැමරා බදු රහිතව දෙන්ඩ බැරිද? #PresidentTweets
    Collapse Reply Retweet Favorite More
    6:55 AM - 14 Jan 13 · Details meaka oya neada malli damme, oyata mathakada oya gaththa fujifinefix cam eka dunna kena, ehenam mata mail ekak danna mama oyata reply karannam oyage request ekata janadipathigen karapu, ea wagema meaka dakapu gaman me coment eka deleate karanna.

    wimukthi.thenuwara@yahoo.com

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.