Saturday, October 6, 2012

නිවන් යන්න කැමතිද?

ඔන්න පංසලක හාමුදුරු නමක් උන්නලු,  මේ පංසල ලස්සනට චාම්ව තියෙන නිසා මෙකට දෙවි කෙනෙක් වැඩියලු.. ඉතිං ලොකු හාමුදුරුවන්ට කතා කරලා ඒ දෙවියෝ කිවාලු.. ඔබවහන්සේට මම නිවන් අවබෝද කරගන්න වරයක් දෙනවා කියලා, ලොකු හාමුදුරුවො ටිකක් කල්පනා කරලා කිවාලු. මට විතරක් අපරාදෙනෙ. ගමේ දායකයන්ටත් දෙමු කියලා.. ඉතිං දෙවියොත් වැඩේට සෙට්ලු.. ඔන්න ගංඨරෙ කාරිය එහෙම ගහලා ගමේ ඇත්තන්ව ගෙන්නුවාලු පංසලට,
      දෙවියො කිවාලු හා එහෙමනම් එක එක්කෙනා එන්න ඉස්සරහට නිවනට යවන්න කියලා. මුලින්ම ඔන්න සුමනදාස අවාලු..
අනෙ දෙයියෝ මං මේ සිමෙන්ති වගේකුත් ගෙනාව ගේ හදන්න තියෙනවා. එක කරලා දාලම නිවන් දකිනවා කියලා අයින් උනාලු..

ඊලගට වාරේ අවෙ අමරාට ලු.. අනේ දෙවියනෙ අපෙ ලොකු කෙලීව කසාද බදින්න කොල්ලෙක් ඉන්නවා. ඒ කාරිය ටික කරලා දාලම මං නිවන් දකිනවා කියලා අයින් උනාලු..


ඊලගට ග්‍රාම සේවක මහත්තයාට වාරය.. අනේ දෙයියෝ මේ මට අපු පැමිණිලි ටිකක් තියෙනවා.. ඒ ටික ඉවරයක් කරලම එන්නම්..

ඊලගට සියදෝරිස්.. අනේ අපේ ඉඩමෙන් කැල්ලක් අල්ලන් අර මනුස්සයෙක්. ඒකෙ නඩුවෙ තීංදුව මේ මාසෙ දෙනවා කිවෙ. ඒක බලලම මං එන්නම් දෙයියො!

ඔහොම ඔහොම ඔක්කොම එක එක එව්වා කියලා අයින් උනාලු.. දැන් ආවෙ හාමුදුරුවන්ගෙ වාරෙලු..
එහෙනම් ඉතිං ලොකුහාමුදුරුවො වත් නිවන් යවන් නම් නේද ? කියලා දෙවියො ඇහුවාලු..
අනේ දෙවියනේ පංසලෙ ආවාසගෙයි වහල කඩං වැටිලා ඒක ලබන ඉරිදා හදන්න ඉන්නෙ.. දැම්ම නම් නිවන් දකින්න බෑ මට..!!       
   දෙවියංගෙ ඇස්දෙක O_O මෙහෙම උනාලු.. ශුශ් ගාලා දුමක් ඇවිල්ලා දෙවියෝ වාශ්ප උනාලු.. !






 පලී: අපේ සමහර FB එකෙ ඉන්න උදවියත් ඔහොම්මයි.. දෙන්නෙ 1000 ටෝක්ස්.. කරන්න ගියාම .. වෙන වැඩ
"තොප්පි දමාගැනිමෙන් වලකින්න"


..





.

26 comments:

  1. හුකෑස්........................
    සිරා සිරා

    ReplyDelete
  2. ඉතින් දෙයියෝ ඔච්චර ගනන් උස්සන්නැතුව තව මාසෙකින් ආවනං ඉවරයිනේ....:)

    ReplyDelete
  3. අයියෝ දෙයියෝ..:ඩී

    ReplyDelete
  4. Moka unath dayakayo gena hithana hamuduru kenek.

    ReplyDelete
  5. බලාගෙන යද්දි දෙවියත් තාම නිවන් ගිහින් නෑ නේද..?

    ReplyDelete
  6. නිවන් යන්නේ මොකටද පත්තුකරගෙන ගියා නම් ඉවරයිනේ!;)

    ReplyDelete
  7. ඔයත් එහෙමයි නේද? ෆේස් බුක් එක පුරාම ස්ටේටස් දැම්මට හෙන පොර වගේ පොඩ්ඩ ඇත්තම් අඩන්න ගන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඇයි හොටු පිහින්නද අහන්නෙ ?

      Delete
  8. අයියෝ මටනං කෙල්ලකුත් නැති එකේ නිවන් යන්න තිබුනා ෆ්රී එකට..අපරාදෙ...චෑන්ස් එක...

    ReplyDelete
  9. හාවාට ඔය චෑන්ස් එක දුන්නනම් මොකෝ කරන්නේ ඇත්තටම ...:D

    ReplyDelete
  10. අනුශ්ක,

    නිවන වෙනුවට ස්වර්ගයට යාම දාලා,
    කතාව තිබුණා නම් වඩාත් තාත්විකයි. මොකද මේක බලන ඕනම කෙනෙක්ට මුලින්ම හිතෙන්නේ නිවන කොහොමද දෙයියෙක් දෙන්නේ කියන එක.

    ඔරිජිනල් කතාව තිබුණා වගේ මෙහෙම දැම්මත් අවුලක් නෑ.

    පන්සල වෙනුවට පල්ලිය දාලා
    හාමුදුරුවො වෙනුවට පියතුමෙක් දාලා
    දායකයන් ටිකත් ගැලපෙන විදියට වෙනස් කලා නම් ...... ෆට්ට කතාවක් වෙනවා.

    ReplyDelete
  11. මං හිතුවේ හාමුදුරුවෝ
    "මේ මිනිස්සු ටික නිවන් දක්කනකන් මට යන්න විදියක් නෑ කියයි කියලා."

    උඩ ඇනෝ++++++

    ReplyDelete
  12. අපරාදේ දෙයියා මගෙනුත් ඇහුවනං හරිනේ...

    ReplyDelete
  13. අපේ කැම්පස් එකේ නාට්ටියකුත් කලා ඔය වගේම.මං හිටියෙ ඔය දුවව බන්දන නිසා නිවන් යන්න බෑ කියපු මනුස්සයගෙ නෝනට.

    ReplyDelete
  14. බලද්දි නිවන් යන්න කාටවත් ඕන නෑ..

    ReplyDelete
  15. කතාව රස වින්දෙමි

    ReplyDelete
  16. හොද වෙලාවට හාමුදුරුවො මට කතා කරේ නැත්තේ.. එහෙම කතා කරලා දෙයියො කිව්වනම් කාරිය..

    මං කියනවා අපි එක එකාගෙ ආර්ටිපිශල් නිවන් වලට යන්නෙ නෑය කියලා..

    අර ඇනොකියපු කතාවත් ඇත්ත බං.. ඒ කියපු විදිය නැතත් කිසිම මෙව්වා එකකට අවුලක් වෙනැතිව දෙවිකෙනෙක් දිව්‍යලොකේ යන්න කතා කරා කිව්වනම් අහවරයි..

    ReplyDelete
  17. ඇත්තට මට උනත් මේ දැන් කිව්ව නම් නිවන් යන්න එන්න කියලා මමත් බෑ කියයි. කොච්චර දේවල් තේරැම් ගත්තත් තාම පෘථග්ජන ගතිය ඇරිලා නැ අපේ හිත් වලින්.. බැඳීම් වැඩියිනේ ඒකයි..

    ReplyDelete
  18. මටත් දැන්ම බෑ. කෙල්ලෙක් සෙට් කරන් කසාද බැදල මං වගේ තව එකෙක් මේ ලෝකෙට දායාද කරලම නිවන් යනව.
    FB එකේ නම් වැඩිපුරම ඉන්නෙ කාඩ්බෝඩ් වීරයෝ.. කතා කරල වැඩක් නෑ

    ReplyDelete
  19. හික් හික් ...යකෝ කොයි එකාටවත් නිවන් යන්න ඕන නැති හැටි
    ;)

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.