Tuesday, July 17, 2012

Car Remote Controler එකකට බැටරියක් දාන්න දන්නවද?

අද මම වාහනෙට නැගලා ස්ටාර්ට් කරන්න හැදුවාම මෙන්න මෙහෙම පනිවිඩයක් පෙන්න ගත්තා ඒ විතරක් නෙවෙ warning beep එකකුත් ඇහුනා.. කල්පනා කරලා කල්පනා කරලා මම මගෙ ජපන් භාශාවි පිලිබද දැනුම භාවිතා කරලා මෙක තෙරුම රිමොට් එකේ බැටරිය බැහැලා කියලා සොයා ගත්තා :D

මෙය intelligent remote controller එකක් නිසා වාහනෙට මේක අත්‍යාවශයයි.. ඉතින් අපි බලමු බැටරිය මාරු කරගන්නෙ කොහොමද කියලා
.............................
අම්මෙ තාත්තෙ නැන්දෙ මාමේ අක්කෙ අයියෙ නංගියෙ මල්ලියෙ.. මම අද මේ ගැන ඔබලාට කියන්න හදන්නෙ රිමොට් කොන්ට්‍රොලර්යක බැටරිය මාරු කරගන්නෙ කෙසෙද කියාය.. යම් හෙයකින් මෙම සිඟිති වැඩේට ඔබ සෙවා මද්‍යස්ථාණයකට ගියහොත්. හිරි නොවට්ටා ඔබෙ දත් 2-3 ක් ගැලවිමෙ සම්භාවිතාව වැඩි හෙයින්.. ඔබට මෙය නිවසේදිම රු 80 ත් 100 ත් අතර මුදලකින් කර ගත හැක..

ඔව් පලමුව ඔබ ගන්න ඔබේ සුරතට රිමොට් එක.. බලන්න එහි හතර කොන.. එහි ඇති පිහි තුඩක් හො ඒ හා සමාන දෙයක් දැමිමට තැනක්.. එතැනට දමා රිමොට් එක දෙපලු කරගන්න.. නැත්නම් මෙම tool එක සොයා ගන්න..


(හිරෙන එකට නම් ඔන්න මං වගකියන්නැ පුතෙ..)

එසේ නොමැති නම් බලන්න චූටි ඇන තිබෙන්න පුලුවන්.. ඒවා පරිස්සමට ගලවා ඔබෙ තේ බොන කෝප්පයට දමා ගන්න.. මොකද එම ඇන එහෙ මෙහෙ විසිරෙන බැවින්..
සැයු: ඔබේ තේ කොප්පය වියලිව පිරිසිදුව තිබිය යුතුය!

දැන් ඔබට  එය මෙසෙ දිස් විය යුතුය.. මෙසේ දිස්වෙන්නෙ නැත්නම් ඔබ තවමත් පිහියක් හො අර උඩ තියෙන ටූල් එක සොයනවා විය යුතුය.. නොමැති නම් තාත්තාගෙන් හො බලදාරියෙක්ගෙන් බැනුම් අසනවා විය යුතුමය!



දැන් සිරුවෙන් මෙම බැටරිය ඉවත් කර අලුත් බැටරියක් ගෙන සවිකර (+ - මාරු කරගන්න එපා ඇ)
සිරුවෙන් ගැලවු පලු දෙක එකට තබා.. සවිකර ගන්න.. නිවැරදිව සවි ඌවේ නම් "ටක්" යන හඩක් ඇසේවි..

මෙම ඡායා රූප ලබා ගත්තෙ Honda Insight මාදිලියෙ රථයෙකිනි.. ඔබෙ රථයෙ මාදිලිය අනුව මෙය වෙනස් විය හැක.. ගැටලුවක් ඇතොත් විසේසඤ ද බනි මහතා අමතන්න :P:P 

පාලී: මෙහි කාර් එකක් ගැන සඳන් වෙන නිසා ඔබ වරදවා වටහා ගැනිමෙන් වලකින්න.. මොකද මම කාර් පෙන්නා ගැණු ළමයින් සොයනා කොල්ලෙක් නෙවේ... මට ඇත්තෙ ඔබෙ වටිනා දත හා කාලය ඉතිරි කර දිමෙ අහිංසක පරම චේතනාව පමණි.. :D




...

34 comments:

  1. මේක දාපු එක හොදයි බං ,සමහරක් උන්ට ටිවී රිමෝට් එකේ බැට්රියවත් මාරැකරගන්න බැ.

    ReplyDelete
  2. කවුද ඩෝ අපේ බනී මලයා කාර් පෙන්නලා කෙල්ලෝ අල්ලන්න හදනවා කියන එකා..එන්න කියහං ඌට..හුහ්... අපි ඉන්නකල් කොහේද අපේ සද්ගුණවත් බනී මල්ලිට එව්වා මෙව්වා කියන්නේ...

    ඈ මල්ලි... මට තව සූටි පුරස්නයක් තියේ... දැන් ඕක කරන්න ගිහින් මොනම හරි හේතුවකින් ඕය රිමෝට් එක කැඩුනා කියන්නකෝ..එතකොට එව්වායින් අළුත් එකක් සල්ලිවලට ගතෑකිද..ඇහැකිනං ඒ කොහෙන්ද..? සාමාන්‍යයෙන් ඔයින් එකක් කීයක් විතර වෙයිද..? ආන්න ඒ ටිකත් කියමුකෝ අමාරු නොබලා..මොකද මං හිතන්නේ මේ පෝස්ට් එකට බලලා ඕක කරන්න යන අයට ඒ කරුණු ටිකත් අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වේවී...:D:D:D

    ReplyDelete
    Replies
    1. උඹ කාර් එක ගන්න ඉස්සෙල්ල රිමෝට් එක ගන්නද බං හදන්නෙ.

      Delete
    2. අනේ මගෙන් මුකුත් දෙකක් නාහා ඉදිං මාරයියෙ !!
      :D

      Delete
    3. මාරේ අයියේ , මේවගේ එකක් නැතිවෙලා අයි ගන්න ඩොලර් 200 ක් ඉල්ලුවා මගෙන් .

      Delete
    4. හුටස් ඩොලර් 200ක් හිටු ගාන වැඩි කොරලා බලන්න...

      200*135=27000 යි..මලා..මූ මේ සෙල්ලං කොරන්න කතා කරන්නේ එහෙව් එකක් එක්කද...?

      හම්මියා ගහයිද බැස්ට් එකෙන්..?

      Delete
  3. පළමුකොට නට් වොෂර් අතිරික්තයක් නැතිව මෙය යලිත් සකස්කරගැනීමට හැකිවීම සම්බන්ධයෙන් මගේ චිත්ත ප්‍රීතිය..

    2) කෝ යකෝව් අර මම අහපු විස්තරේ ???? (hint:AX1 ):D

    ReplyDelete
    Replies
    1. තෙරෙන්න කියාපංකො O_o

      Delete
    2. අර බයික් එකේ විස්තරේ ..අහල කියන්නං කියපු එක

      Delete
  4. ඕක ඇතුලෙ බැට්රිය විතරද බං තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. :D නැනැ එව්වා වතුර යන්නෙ නැති විදියට හා තාක්ශණය හොරකම් කරන්න බැරි විදියට සීල් කරලා තියෙන්නෙ :D

      Delete
  5. රිමෝට් එක විතරක් කඩේ ගන්න නැද්ද බං..
    (කාර් එකක් ගන්න බැරි එකේ රිමෝට් එකක් වත් ගන්න කියල බැලුවෙ මං..)

    ReplyDelete
  6. අහ්හ් උබ දැන් ඔන් ලයින් බැට්රි මාරු කරන්නත් කියල දෙනවද ? ? ? එළ නේ බං

    ReplyDelete
  7. අපේ නම් ඉතින් හයි බ්‍රිඩ් නේ....

    ReplyDelete
  8. කාර් නැතුව රිමෝට් කන්නද කිව්වලු.

    ReplyDelete
  9. බැටරිය මාරු කිරීමේ පාඩම කියාදීමේ ආනිසන්සයෙන්වත් බනියාට කෙල්ලෙක් සෙට්වේවා ....!!!!!

    ReplyDelete
  10. බනියාද ඉදහිට වැදගත් දේවල් කියනවා වගේ නේ...
    නියමයි ඈ...
    අපේ මෙව්වා එකෙත් බැට්ටිය බැස්සම මාරු කරන්න දැං පුළුවං වෙයි..

    ReplyDelete
  11. අඩෝ කර එකේ මීටර් එකනම් මර ලස්සනයි ඇ....යතුරට කෙල උනොත් මරුම තම.

    ReplyDelete
  12. It s a simpal job machan

    ReplyDelete
  13. ඉන්ටලිජන්ට් කී එකේ එකම අඩුව තමයි වැඩ දන්න එකෙක් ආවොත් රෙදි කඩ වල තියෙන ටැග් එකකුයි තව විසි කරන ද්‍රව්‍ය කිහිපයකින් කාර් එක අරිනවා විතරක් නෙමේ ස්ටාට් කරගෙන රවුමක් ගහන්නත් පුළුවන් එක :)

    ඇස් ඉදිරිපිට දුටු නිසා විශ්වාස කරන්න වෙනව.

    ReplyDelete
  14. "දැන් ඔබට එය මෙසෙ දිස් විය යුතුය.. මෙසේ දිස්වෙන්නෙ නැත්නම් ඔබ තවමත් පිහියක් හො අර උඩ තියෙන ටූල් එක සොයනවා විය යුතුය.. නොමැති නම් තාත්තාගෙන් හො බලදාරියෙක්ගෙන් බැනුම් අසනවා විය යුතුමය!
    "

    මේ නම් Live experience එකක්ම විය යුතුයැ....!!
    ම්ම් කාලෙකින් ද බනියා බ්ලොගක් දාලා තියෙන්නෙ. එල එල.

    ReplyDelete
  15. හොද වැඩක් බනියෝ... කියලා දීපු එක වටිනවා... ඉස්සර අපේ ඉලෙට්ට්රොනික් සර්නං කියන්නේ ඉලෙට්ට්රොනික් කරන උන්ට බලුප් එකක්වත් හයි කොරගන්ඩ බෑ කියලා... හිකිස්... ඉතිං මං ගැන කවර කතාද..?

    ReplyDelete
  16. ඇත්තටම සුකුරුත්තන් දාන්න ගිහින් කැඩුනොත්????????

    ReplyDelete
  17. කාර් එකක් ගත්තු දවසට මේක වටී :)

    ReplyDelete
  18. වටින ලිපියක් ....ඔය කහපාට ප්ලාස්ටික් ටූල් එක පිට කො‍ටුවේ ඕනැම ඉලෙක්ට්‍රොනික්/මොබයිල් ෂොප් එකකින් රු50 ඉඳන් ගන්න පුලුවන් ගලවන විට සිරිම් අවමයි... අනික එක වඩා ආරක්ෂාකාරියි පිහිතුඩකට වඩා( ඔය ටූල් එකට කියන්නේ මොබයිල් රිමූවර් ටූල් කියල).... තව රිමොර්ට් වර්ගයක් එනව "AAA"බැටරි බාගය සයිස් හැබැයි ඒ බැටරිය වොල්ට් 1.5 නොවේ එම බැටරි වර්ගය වොල්ට්12 ඒ බැටරියත් රු75/= 100/= අතර මිලක් වෙනව

    ReplyDelete
  19. ගොඩක් ප්‍රයෝජනවත් පෝස්ට් එකක්...මේක සෙල්ලං කාර් වල රිමෝට් කන්ට්‍රෝල් වලටත් හරි යනවා නේද

    නැත්තං බැටරි මාරු කරන්න මේ ජාතියෙම රිමෝට් කන්ට්‍රෝල් එකක් ඕනද ?

    ReplyDelete
  20. ඒත් hybrid එකක් සීන් එකට ගෑවිලා නේද?

    ReplyDelete
  21. මටත් ඔය වගෙ ටෙක්නිකල් පෝස්ට් ටිකක් තියෙනවා දාන්න. කොහෙන් වත් කොපි කරලා නෙවෙයි. මගෙම ඒවා. මේ නයි කේස් වලට වරදවා තේරුම් ගන්න එකනෙ වැඩේ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  22. හික්. එල එල. කොහොම හරි අල කරගන්නේ නැතිව බැටරිය ගලවාගත්තානේ :D

    ReplyDelete
  23. එල එල වෙලාවක ට්‍රයි එකක් දාන්න ඕනේ

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.