Tuesday, April 24, 2012

සිග්නල් දාන්න දන්නවද..?

මුලින්ම කියන්න ඔනේ 22 ගෙට් එක නම් එළ.. අලුත් සෙට් එකක් අදුර ගත්තා .. ඒත් අර මගේ ශොර්ට් ටයිම් මෙමරි  ලූස් සීං එක නිසා.. ගොඩක් අය අදුර ගන්න බැරි උනා එයාලා කියන කම් :D

කතාව:
මේක අද හවස උනේ.. මගේ ලේ රත්වුන සීං එකක්..

වෙලාව හවස 5.30 විතර..  මගේ කකුලේ ඇගිල්ලට බෙහත් දාගෙන ඇවිත් වාහනේට නැගලා එන්න පිටත් වෙන්න හදද්දි.. වාහනේ නැවැත්තුවෙ දකුණු පැත්තෙ ඩොක්ටර්ගේ කාර් එකට ඉස්සරහින්.. අනික් පැත්තෙ ඉඩ නැති නිසා.. මම හොදට පාර බලලා වාහනේ පාරට ගන්න හදද්දි.. මෝටර් සයිකලයක් ඇවිත් ගෑවි නොගෑවි ගියා.. ආපු වේගෙට උන්ට කොන්ට්‍රෝල් කරගන්න බැරි උනා.. එතැන වංගුවත් එක්ක..
ඒත් මං ආවේ මෝට සයිකලයක නෙවෙ.. රෝද  4 ක වාහනේක.. ඒක ඔනි එකෙක්ට පේන්න ඔන පේන්නෙ නැත්නම් ඌ පොට්ටයෙක්.. අනික මේ එළිය තියෙන වෙලාවේ.. මං ඩක් ගාලා බ්‍රේක් කලේ නැත්නම් උං දෙන්නා අනිවා වාහනේ වැදිලා විසික් වෙනවා..

වැරැද්ද උංගේ අතේ තියෙද්දි පිටි පස්සෙ ආපු පොර බැහැලා ඇවිත් මට සද්දෙ දානවා.. මට වාහනේ පදින්න උගන්නන්න එනවා..
සිග්නල් දැම්මෙ නැලු.. පාරට ගද්දි බලන්න ඔනිලු.. ලයිශන් තියෙනවද අහනවා.. ගහන්න වගේ..
ටික වෙලාවක් යද්දි වටේටම මිනිස්සු ආවා.. හැම මනුස්සයෙක්ම මගෙන් අහනවා මොකද පුතා ප්‍රශ්නේ කියලා.. අරුන් මට අතක් හරි ඉස්සුවා නම් අර ඒ ගමේ මිනිස්සුන්ගෙන් ස්ටිකර් වෙන්න වදිනවා. !

මං උගෙන් අහපු ප්‍රශ්ණ.. 

01. මට නම් ලයිශන් තියෙනවා.. මහත්තයාට ලයිශන් තියෙද ?
 ඔව්
02. රෝද 4 ක වාහනයක් කලින් පැදලා තියෙනවද?
 ඔව්
03. සිග්නල් සුවිච් එක තියෙන්නෙ වමේද දකුණෙද?
  වමේ..
04. එහෙනම් මහත්තයා මට සිග්නල් ගැන උගන්වන්න එන්නෙ කොහොමද? 
  වටේ උන් හොද හූවකින් සංග්‍රහ කලා මැන්ස්ට.. අයියා පාට් ඔක්කොම ඉවරයි..

මේ මනුස්සයෝ.. සිග්නල් එක දැම්මාම වාහනේ පාරට අරන් රෝදෙ කෙලින් උන ගමන් සිග්නල් සුවිච් එක ඔටෝ ඕෆ් වෙනවා.. මේක රෑ උනා නම් වාහනේ පාර්කින් ලයිට් දාලා තියෙනවා.. රතු ලයිට් වලින් වාහනේ පේනවා.. ඔයාල පොට්ට නැනේ නේද?
වැරැද්ද කරලත් සද්ද දාන්න එන්නෙ මොකද?

සොරි සර් සොරි කියලා මිනිහා යන්න ගියා.. මෝටසයිකලේ පැද්ද පොර සද්ද දැම්මා නම් කමක් නැ.. පිට පස්සෙ හිටිය එකයි කැ ගහන්න ආවෙ.. අන්තිමේ නොන්ඩි වෙලාම ගියා..

ප්‍රශ්ණ වලදි අත පය දිග ඇරලා වැඩක් නැ.. මනුස්සයාව අදුර ගෙන වචනෙන් ගැහුවාම ඇති.. :)

පාලි: රෝද 4 ක වාහනයක් තිබ්බ කියලා මෝට බයිසිකලය හෑල්ලු කලේ නැත.. නීතිය නම් නීතිය හැමෝටම පොදු විය යුතුය.. රෝද 2- 3 -4 - 6- 10 උනත්.. හික්මීමක් හා සංවරව වාහනේ පදවන්ඩ ඔනී.. නැතිව ඕවා තියෙන්නෙ හරක් වහේ ඔහේ යන්නන් වාලේ යන්න නෙවේ..,

කතාව ඒ හැටි වැදගත් නැතිව ඇති.. එත් ඔහොම සද්ද දාන්න එන උන්ට ගහ ගන්නෙ නැතිව වචනෙන් ගහන්න පුරුදු වෙන්න ;)



ආයෙ සෙට් වෙමු..!!

..
...

25 comments:

  1. වචනෙං ගහන්න කිව්වෙ????

    ReplyDelete
  2. උඹ බීලා නෙමෙයි නේද හිටියේ? අර අවුරුදු උත්සවෙටත් ආවෙ කනමදයා වගේ බීලා ඇස් දෙකත් රතු කරගෙනනේ :P

    ReplyDelete
  3. කතාව සුපිරි. නියමෙටම ඒ මනුස්සයට කියලා තියෙනවා

    ReplyDelete
  4. මට අමුම මල ඔය දකුණට සිග්නල් දාලා, වම​ට හරෝන උංව.. >_<

    ReplyDelete
  5. ඌ වමෙන් එලෝන රටක ඉඳලා නිවාඩුවට ආව එකෙන් වෙන්නැති මචං... ඒකද දන්නෑ සිග්නල් තියෙන්නේ වම්පැත්තේ කියන්න ඇත්තේ... :) සාමාන්‍යයෙන් එහෙම වුණාම දවස් දෙක තුනක් යනකල් සිග්නල් කියලා දාන්නේ වයිපර් එක...

    ReplyDelete
  6. හරි පැත්තටම සිග්නල් දාලා කියලා තමා තේරුනේ.. හෙහ්.. බනි අයියා නිකං මොකාද වගේ හිටියාට හෙන කතිකයා නෙව.. :/ අපි තියමු සයිබර් ඩිබෙට් එකක් වෙලාවක..

    ReplyDelete
  7. හික් ඌ බීලද බං හිටියේ??

    ReplyDelete
  8. habei hama wahanema signal thiyenne dakune nemai putho....

    ReplyDelete
  9. උඹ ඇත්තටම එහෙම කිව්වද ඒ මනුස්සයට??

    ReplyDelete
  10. ෂීක් මූ සවුත්තු වෙන කතාවක් නෑනෙ.:D

    ReplyDelete
  11. මට නම් තාම ෂුවර් නෑ මූ එහෙම කතා කළා ද කියලා.. අජිනෝ මොටෝ සහ සුප් කැට මික්ස්චර් එකක් ද මන්දා..
    කොහොම උනත්, රෝද හතරේ වාහනයක නම් සිග්නල් ස්විච් තියෙන්නේ මට මතක විදියට දකුණේ.. රෝද දෙකේ නම් වමේ!! වැරදුනේ එහෙම නෑ නේ?

    ReplyDelete
  12. බනියා ඇත්තටම උඹ එහෙම කිවුවද මලයෝ??

    ReplyDelete
  13. උඹ ඇත්තටම එහෙම කිඋවද බං... මට ෂුවර් නෑනෙ... :D

    ReplyDelete
  14. මල්ලිට ලයිසන් තියනවද?
    තාත්තගෙඑක තියනව අයියේ.....

    සිග්නල් තියෙන්නෙ කොහේද?
    බාත්රූම්එකේ අයියේ.....

    වැරැද්ද පිලිගන්නවද?
    ඔව් අයියේ.... මේක තියාගන්න. මං පස්සෙ බේත් ගන්නං.

    ඔන්න ඔහොමලු උනා කියන්නෙ..... ;-(

    ReplyDelete
  15. බනියා ගමේ හින්ද පොර වෙලා..

    අරෑ කියන්න ඇත්තේ බයික් එකේ සිග්නල් ස්විච් තියෙන පැත්තෙ :ඩී

    ReplyDelete
  16. සිරාවට බනියෝ, කකුලට මක්කෙයි උණේ?

    ReplyDelete
  17. //වාහනේ නැවැත්තුවෙ දකුණු පැත්තෙ ඩොක්ටර්ගේ කාර් එකට ඉස්සරහින්.. අනික් පැත්තෙ ඉඩ නැති නිසා.. //

    පලමුවෙනු වැරැද්ද. වහනය නැවැත්විය යුත්තේ වම පසට වෙන්න විතරයි. වම ඉඩ නැත්තනම් පාරේ අනිත් පැත්තේ ඉඩ තියනවනම ඉදිරියට ගොස් හරවාගෙන පැමිණ නැවැත්විය හැක. සෑම විටම වහනයට වම පැත්තේ නැවැත්විය යුතුය . මෙය ලංකාවේ ක්‍රියාත්මක නොවන නීතියක්. වෙනත් රටවල මෙය තදින් ක්‍රියාත්මක වෙනවා. තවත් ලංකාවේ ක්‍රියාත්මක නොවී තිබු නීතියක් තමා මන් තීරු දෙකක් එකවර මීටර 100 ක් ඇතුලත මාරු කල නොහකකි වීම. ගාලු පාරේ මන් තීරු 4 ක් වූ පසු මෙම නීතිය ක්‍රියාත්මක වෙනවා. එනම් වම පස මන් තීරුවේ පදවන්නෙකුට එකවරම මන් තීරු 3 4 ක් මාරු කල නොහැක.

    දෙවන වැරැද්ද. : ප්‍රදාන පාරට පිවිසෙන්නා සැම විටම ප්‍රදාන පාරේ රථ වලට ඉඩ දිය යුතුය . (Give way to oncoming traffic, even your turning indicator is on)

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. "ප්‍රශ්ණ වලදි අත පය දිග ඇරලා වැඩක් නැ.. මනුස්සයාව අදුර ගෙන වචනෙන් ගැහුවාම ඇති" කතාව සහතික ඇත්තය.

    ReplyDelete
  20. තව සම හරක් සිග්නල් වැඩිපුරත් දානවා 4 මන් හන්දි වලදී , කෙලින් යන බව කියන්න ,හැබය් එහම සිග්නල් එකක්නම් නැහැ , ඉතින් මේ සම හරක්, 4 මං හන්දියේදී හැසාර්ඩ් ලයිට් පාවිච්චි කරනවා ඒ වෙනුවට

    ReplyDelete
  21. ඔළුවෙන් ගහනවා කියන්නේ එකට තමා.

    ReplyDelete
  22. වයිපර් එකෙන් සිග්නල් දාන එකත් හෙන ජොලි වැඩක්!
    henryblogwalker the Dude

    ReplyDelete
  23. අතින් පයින් නැතුව කටින් ගේම දීම නියමම ජොලි වැඩක්

    ReplyDelete
  24. Harrah's Philadelphia Casino & Racetrack - JamBase
    The 전주 출장마사지 Harrah's Philadelphia Casino 광주광역 출장마사지 & Racetrack. 통영 출장마사지 1 Canal Street, Chester, 대전광역 출장안마 PA 18315. 제천 출장안마 863-484-5000. Harrah's Philadelphia

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.