Thursday, April 5, 2012

බ්‍රිටිශ් කවුන්සිල්

මේක මේ මං හිච්චි එකා සංදියේ සිද්ද වෙච්ච දෙයක්.. ඒ කාලෙ මං ගියේ ගමේ ඉස්කෝලේට.. හැමදාමත් එකම ඉස්කොලෙට තමා ගියේ.. 
ඔහොම ඉතිං අර කැලේ පිපුනු මල් කැලේට පරවෙන්නා සේ අපි ඔහේ පරවෙවී පරවෙවී හිටියා.. කරදඩු උස් මහත් වෙලා.. දිග කලිසම් ගහන වයසට ආවාම.. අපේ ඉස්කොලෙට අලුතින් ටීච කෙනෙක් ආවා..
අනේ මං දන්නැ ටීචගේ රූපෙට කොල්ලො වසී වෙලා උන්නෙ.. ඒ වගේයැ නයගරා දිය ඇල්ලෙන් වැටෙනවා වගේ ටීචගේ කටෙන් හැලෙන ඉංගිරිසී .. හම්මෙ බලන් ඉන්ඩ ආසයි.. ඒ ටීච මට මතක කාලෙක සිංහලෙන් නම් කතා කරලා තිබ්බෙ නැ..
අපිත්
හ්ම් ටීච.. ඔකේ ටීච.. හරි ටීච.. යස් ටීච කිය කියා තමා උන්නෙ..

ඕම ඉතිං කාලයක් ගියා.. ටීච හා අපි එකතු වෙලා ඉස්කොලෙ ඇතුලේ ඉංග්‍රීසි ක්ලබ් එකක් හැදුවා.. ඒකෙන් එක එක දේවල් කලා.. කොරල්පර සංරක්ශණ වැඩද.. පංසල් ගැන විස්තර හොයන වැඩද.. හෆ්ෆච්චියෙ එක විකාරයයි.. කොම කොම හරි අපි බ්‍රිටිශ් කවුන්සිල් එකත් එක්ක සෙට් වෙලා වැඩ කරන තත්වෙටම ආවා.. එහෙන් අපිට තෑගි භෝගත් නොවඩුව ලැබුනා..

එකෝමත් එක මහ මූසලද දවසක.. දවල් 10 ට විතර.. එකෙක් ඇවිත්.. මචන් හාවෝ.. කියද්දිත් මට ඇඩෙන්න වගේ :(
මචන් හාවෝ.. අන්න ටීච ක්ලබ් එකට ඔක්කොටම එන්න කිවා ..
මොන මගුලක්ද?
මාත් ගියා..
ළමයි.. අපිට බ්‍රිටිශ්කවුන්සිල් එකෙන් දවස් 7 ක කෑම්ප් එකකට එන්න කියලා තියෙනවා.. මෙතැන හොදටම ඉංග්‍රිසි දන්න අයව මං තොර ගන්නවා.. කියලා අනේ මාවත් එක්ක තව කොල්ලෙකුයි කෙල්ලො 3 දෙනෙකුයි තෝර ගත්තා.. මොන කරුමයක් පලිසං දුන්නද මංදා :( මං දන්න ඉංගිරිසියකුත් නැ.. මොකට තෙරුවද මංදා.. කොහොමෙන් කොහොම හරි අපි ගියායැ කියමුකො.. දවස් 7 නම් සුපිරී ආයේ කියලා වැඩක් නැ..
කන්නද බොන්නද.. එක එක ජාතියේ සෙල්ලම්ද.. එත්.. මහ නරකම දේ.. එතැන එකෙක් වත් සිංහල දන්නැනෙ :S  අනික ඒ රටෙන් ආපු සුද්දො ටික ඉට හපන්.. මොනාදෝ අහනවා.. අපිත් හිනා වෙනවා.. :D
දවස් 2 ගියාට පස්සෙ අපි හිටපු හැමොම එක්ක හොද හැටි ෆිට් උනා.. අපරාදෙ කියන්න බැ ගාල්ලෙ කොල්ලො ටික නම් සිරා ඇ..
ඔය අතරෙ මාතර ප්‍රසිද්ද බාලිකාවකින් ආපු බාලිකාවියන් වගේකුත් උන්නා.. අනේ අම්මපා අර කොළඹ රටේ බවලත් උදවිය ගාවවත් නැ ඒ තරම් රැස්පට්..!! ෆුෆ්..

කොම හරි මහ මූසල හවසක.. අර මාතර බාලිකාවියක් උඩ තට්ටුවේ ඉදන් පහලට එබිලා..


Excuse me…
හෑ ?

hey.. you..
මොකා ?

you you...
මම ? මගුලයි.. මට කතා කරන්නෙ..

What time is it?

මේ මොන වින්නැහියක්ද වෙන්න යන්නෙ.. මට ගොනාට වගේ තෙරුනා මේ අහන්නෙ වෙලාවම තමා කියලා.. මොන කරුමයකට මං අලි ඔරලොසුවක් අතේ ගැට ගහන් උන්නද ?

දැන් මොනා කරන්නද ? දෙන්නම් ජම්බු කියලා..

ආ නංගි ... දැන් වෙලාව 2.45 යි..

fuf.. කෙල්ල ගැස්සුවා ගැස්සිල්ලක්..

කොල්ලො ටිකෙන් විසිල් ගොඩයි බල්ලටි ටිකයි.. !!

අඩො හාවා.. පට්ට මචං.. ඕකිගෙ අලි ඔලුවයි පංඩිත කමයි.. හොදම වැඩේ..

අම්මේ කමෙන්ට් ගොඩයි ලයික් ගොඩාආආඅයි.. :D

....... උන් දන්න එකක්යැ මට ඉංගිරිසියෙන් වෙලාව කියන්න බැ කියලා... අනික 2 - 3 වගේ නම් කොම හරි කියතැහැකි.. 2.45 කොම කියන්නද? :D


කොහොම උනත් වැඩ බැරි උනත් ගම ගාල්ලෙ කතාව ඔප්පු නොකර.. ජාමෙ බේරගෙන ගන්න තියෙන උපරිම ෆන් එකත් අරගෙන.. අපි ගෙවල් බලා ආවා.. අර කෙල්ල මට හිටිය සතියෙම ඔරවපු එකමයි කලේ.. :D මං මොනා කරන්නද.. දන්න සිංහලෙන් ඇහුවා නම් ඉවරනේ :D



පාලි : කොහොම උනත් අපේ ඉස්කොලෙ දකුණු පලාතෙ එකම ප්‍රදිපා පාසල විදියට නම් කෙරුනා..
ඉංග්‍රීසි මාද්‍යයෙන් උගන්වන්න හැම පහසුකමක්ම ලැබුනා.. ඒ ගැන පට්ට සංතෝසයි..




....

22 comments:

  1. හික්ස්....මරු ගෝලය අප්ප.......:P

    ReplyDelete
  2. නොදකින් වල් හාවා... යකෝ දෙකයි හතලිස් පහ කඩ්ඩෙන් කියන්නේ ටූ ඩෝට් ෆෝර් ෆයිව්.... ලියාගෙන හරි කිව්ව නම් ඉවර නේ

    ReplyDelete
    Replies
    1. කවුද මල්ලි ෆැකල්ටි එකේ ඔයාගේ කඩ්ඩ ටීච? :D

      Delete
    2. අඩේ ඩීප්ස් අක්කා..අපේ චූටි කඩ්ඩ ටීචර්ට එව්වා මෙවා කියන්න එපා....අක්ක දන්නවත් ඇති සමහර විට...නම නම් දන්නේ නෑ :D

      Delete
  3. ආ නංගි ... දැන් වෙලාව 2.45 යි..

    fuf.. කෙල්ල ගැස්සුවා ගැස්සිල්ලක්..

    කොල්ලො ටිකෙන් විසිල් ගොඩයි බල්ලටි ටිකයි.. !!

    මේ කෑල්ල මැවිලා පේනවා...:D ශෝක් කතා කෑල්ල...සතුටුයි ඉතිං ඉස්කෝලෙට අර පහසුකම් ලැබුන එක ගැන...

    ReplyDelete
  4. ෆට්ට සීන් එක අමිමේ කෙල්ලට එෆා වෙන්න ඇති

    ReplyDelete
  5. අදයි ආවෙ මේ පැත්තට. හිතට ‍ෆිට් වෙනවා. ඒ නිසා ආයෙ එන්න වෙනවා.
    අපි නම් පොඩි කාලෙ බස් වල යනකොට කතා කරන්න ඉංග්‍රීසියෙන්. මොනවද දන්නවද කියන්නෙ.
    Sindu :Why dilini, you seems to be so frustrated today.. anything wrong with you?
    Dilini :yes Sindu, Im a cripple. I cant walk. but i want to become a doctor.....
    Sindu :Don't worry my friend, lets get some help from our uncle.
    ඒ අපි කරපු ඉංග්‍රීසි නාට්‍යක දෙබස් කෑලි

    ReplyDelete
  6. "වැඩ බැරි උනත් ගම ගාල්ලෙ" මෙන්න කොල්ලෝ අහ් සොරි සොරී හාවෝ...

    ReplyDelete
  7. හන්තානෙන්ද මෙ ඔක්කොම කරන්නේ

    ReplyDelete
  8. අපරාදේ වල් බනියෝ උබ මේ වෙද්දී ඉංග්‍රීසි හොදට කතා කරනවා ඇති නේ

    ReplyDelete
  9. අඩේ උඹ ජාමේ බේරලනේ...ඇති ඔයින් ගියා...අපේ උනුත් ඉස්සර ක්ලාස් ගියා බ්‍රිටිශ් කවුල්සිල් යනවා කියලා...පස්සේ ඒ සෙට් එකම මාට්‍ටු උනා වැල්ලවත්තේ බීච් එකේ මල් ගහලා..

    ReplyDelete
  10. හික්.මම දන්නවා ඔය ගෑණු ළමයාගෙ ඉස්කෝලෙ.ඒකෙ ඉන්න හුගක් අය ඔහොම තමා.ගනන් ගන්නෙපා අය්යෙ.දෑන් ඉතින් බනියා හොදට කඩ්ඩෙන් කොටන්නෙ ඔය

    ReplyDelete
  11. මතකයි මතකයි සීන් 1 !
    එකී මචං මාතරටත් එහා තිහගොඩ ඉස්කෝලෙක කෙල්ලෙක්!
    මොනවා නැතත් ඒ දවස් ටිකේ හොදට කෑවා බිව්ව!;)
    නැද්ද මං කියන්නෙ??

    ReplyDelete
  12. හුටා! දැන් පුලුවන්ද කොල්ලො 2.45 ඉංග්‍රීසියෙන් කියන්න?

    henryblogwalker the Dude

    ReplyDelete
  13. ඔහොම කෙල්ලෝ නම් ඉන්නවා තමයි... කොල්ලො වෙච්ච ඔයාලා විතරක් නෙමෙයි, කෙල්ලො වෙච්ච අපිත් බයිට් කරනවා එහෙම අයවනම්. :D
    මොනව උනත් ඉතින් ඉස්කෝලේ බේර ගත්තනේ... අන්න හොඳ වැඩ... :D

    ReplyDelete
  14. එල එල....කටට ගල් බෝතලයක් හලන්න හිතෙනවා හාවෝ :)

    ReplyDelete
  15. බැරි බැරි ගානේ කුණුහරුප ටිකක් එක්ක වෙලාව කියන එක අපි එකෝම එක පාරක් කලා... එදායින් පස්සේ සොසයිටි නෑ, ගෙට් නෑ... අපි තනිවුනා....

    ReplyDelete
  16. එල එලය ! වැඩේ ගොඩ දාගෙන කෝම හරි !

    ReplyDelete
  17. "අපරාදෙ කියන්න බැ ගාල්ලෙ කොල්ලො ටික නම් සිරා ඇ"---- නැචුව නැචුව... අනිව ඩෙෆා...

    ReplyDelete
  18. වැඩේ ගොඩ දාගත්තනේ නොන්ඩි නොවී ඒ ඇති.හෙක් හෙක්...

    ReplyDelete
  19. හික්ස්.....මටත් පරණ සීන් එකක් මතක් වුනා....

    සීතල අයියා.

    ReplyDelete
  20. දෙකයි හතලිස්පහ කියල නං කොහොමහරි කියගත්තය කියමුකෝ . . . කොහොමද බං තුනට කාලයි කියල කියන්නෙ කඩ්ඩෙං ????

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.