Thursday, March 22, 2012

පාවෙන රුපියල

ද බනියයි, අයියයි.. අයියා කිවේ මස්සිනා.. අපි දෙන්නා ගියා අද හවස computer බඩු තියෙන කඩේකට usb වයර් එකක් ගන්ඩ.. අර ඩොංගල් එක එහෙම ගහලා ජනෙලෙන් එළියට දාන්ඩ පුලුවන් ජාතියෙ වයර් එකක් ගන්න :D
ඉතිං ඕක අරන් එන ගමන් මං නිකමට ඇහුවා..

අයියේ.. අයියා ව්‍යාපාරිකයෙක් විදියට, අද රටේ මේ රුපියල පාවෙනවා කියන කතන්දරය ගැන මොකද හිතන්නෙ ? ඒකෙන් අයියට වෙන පාඩුව කොහොමද..?

අයියා : ඔව් ඇත්තටම මල්ලි කාලයකින් අහපු හොද ප්‍රශ්ණයක්.. ඕක පා උනා කියල මට ගැටලුවක් නැනෙ.. මොකද මං රුපියලේ කාසි වැඩි හරියක් භාවිතා කරන්නැනෙ.. අපි කොළ තමා පාවිච්චි කරන්නෙ.. ඉතිං මට ඕක පාවුනාට කිසි ගැටලුවක් නැහැ..
අනික ඔයාට කියන්න මල්ලි.. ඕක කවදාවත් වෙන්න බැරි වැඩක්නේ.. රුපියල කොහොමද පාවෙන්නෙ මල්ලි ? රුපියල කියන්නෙ බර දෙයක්නේ.. ඕක පාවෙන්නැනේ..?
නමුත් මේ රජයෙන් පොඩි මරිසි වැඩක් කලා.. රුපියලේ ඝණකම ටිකක් අඩු කලා.. අන්න ඒ කාසිය නම් ලොකු හුළගකට පාවෙන්න බැරි නැහැ..!!


මම : ඔව් ඇත්තටම අයියේ ඒ උත්තරය නිසා මට අයියාගෙ අධ්‍යාපනික මට්ටම ගැන හුගක් පැහැදීමකට ලක් උනා..

අයියා : ඒකනෙ මල්ලි.. මේ කාලින මාතෘකාව ගැන තව මොනාද දැන ගන්ඩොන ?


මම : නැ තව කිසි දෙයක් නැ අයියෙ.. ඕක තමා මට තිබ්බ ලොකුම ගැටලුව.. දැන් කිසි බයක් නැ..

අයියා: ඒකනෙ මල්ලි.. මල්ලිට කියන්නෙ මං ඒ කාලේ ෆැකලට්ටි ගියානේ..


මම : කොහෙද ?

අයියා : බලාගෙන මල්ලි ඉස්සරහා වංගුවක්...  පේරා පේරා..

මම: ආ අහ් පේරා පැකල්ටි ගියාද අයියා ?


අයියා : නැනැ මං කිවේ ෆැකල්ටිය ඇතුලට යන්න දුන්නෙ නැ මොකද ඒකෙ ගෙට්ටු දාලා තිබ්බානේ..
මං ගියේ ෆැකල්ටි ඒක ඉස්සරහා තිබ්බ කඩේට.. තේ එකක් එහෙම බොන්ඩ..

මම : ආ අහ්..

අයියා : ඉතිං මල්ලි මං කල්පනා කරන්නෙ.. ෆැකල්ටි එක ඉස්සරහාට ගිහින් ඔහොම දැනුමක් ලැබුනා නම්.. ඇතුලට ගියා නම් මොනවයින් මොනවා වෙයිද..??


ද බනී෴



පාලි : අද උදේ ලියන්න ගත්තෙ වෙන දෙයක් ගැන.. එත් කලබලේ මේක ලියලා දැම්මා.. මට මේක අහද්දි හිනා ගියා.. ඉතිං හිනා යයි කියලා හිතනවා.. හිනා ගියෙ නැතොත් කිචි කවාගන්ඩ ඇ :D


සිරිපාද ගමන හා එහි සිදුවෙන අකටයුතුකම් ගැන පොස්ට් එක බලාපොරොත්තු වන්ඩ..!!

20 comments:

  1. හොද වෙලාවට මස්සිනා ෆැකල්ටි ගියේ නැත්තේ...

    ReplyDelete
  2. ඇත්තටම ඔය රුපියලට මොකෝ උනේ බන්,,,ඩොලර් යූරෝ ගුවන් ගත වෙලා මේ රුපියලක් හින්දා

    ReplyDelete
  3. ඔය ප්‍රශ්න ටික අහපු උඹ ෆැකල්ටිය ඇතුලට ගියේ නැත්තෙ හොද වෙලාවට කියල තමයි මට හිතුනෙ

    ReplyDelete
  4. ඕක අහන්න තිබ්බෙ මාමගෙන්

    ReplyDelete
  5. රැපියල විතරක් නෙවේ දැන් රටම පාවෙනවා වගේ බොල..

    ReplyDelete
  6. බනියටත් තිබ්බනේ ෆැකල්ටියක් ඉස්සරහ කඩේකින් කොත්තුවක්වත් කාල එන්න.

    ReplyDelete
  7. ඔන්න මන්නමි හිතා ගත්තා තේ එකක් බොන්න මිසක් ෆැකල්ටිය පැත්ත පලාතේ යන්නැ කියලා

    ReplyDelete
  8. රුපියල නෙමේ තව ටික දවසකින් මුතු ඇටෙත් පාවෙන්න ගනියි. එතකොට බලමු අයියගේ පැහැදිලි කිරීම.

    ReplyDelete
  9. අප්පේ එච්චර දේවල් දැන ගන්න පුලුවන්ද ෆැකල්ටියකට ගියාම... :O

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. රුපියල පාවෙනවා එහෙනම් ..... දැන් ඉතින් කොහොල්ලෑ ගුලියක් වත් අලවමු බර වැඩි වෙන්න.

    ReplyDelete
  12. හරි කියපන් කොතනද හිනාවෙන්න ඕනෙ (අර රෙඩියෝ චැනල්වල කරනව වගෙ හිනායන තැන් වල "හිනා" කියලවත් දැම්මනම් මට මෙහෙම ප්‍රශ්නයක් එන්නෙ නෑ. )

    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  13. මස්සිනා ද බනීව පන්නයි වගේ ගෙදරින්...

    ReplyDelete
  14. උඹටම හරියන මස්සිනා... :D

    ReplyDelete
  15. ඇත්ත නේන්නං මමත් දැක්කා පහුගියටිකේම පත්තරවල මේ පාවෙන සීන් එකක්..ගෙදරින් ඇහුවමත් කිව්වා සිරසේ ඕවා යන්නෑ අනේ කියලා....

    ReplyDelete
  16. පාර්ලිමේන්තුවෙ ඉන්න අයට වඩා නම් දැනුමක් තියෙනව....ඕ යෙස්...

    ReplyDelete
  17. ඉස්සරහ ගිය කතුර දේශපාලන ප්‍රහසන වැඩසටහනේදී විජය නන්දසිරි මේ කතාව කිව්වා වගේ මතකයි :)

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.