Sunday, March 25, 2012

දෙයියනේ කියලා 100 යි..


13 + 53 + 20 + 13 = 99 + මේකයි = 100 යි..

ඉහත සමීකරණය වගේ එකෙන් ඔයාලට පේනවා වෙලා තියෙන වින්නැහියක තරම.. ඒ කියන්නෙ මං මේකත් එක්ක පෝස්ට් 100 ක් ලියලා O_O

දෙයි හාමුදුරුවනේ අවුරුදු ම 4 ක් ගියානෙ මට පෝස්ට් 100 ලියා ගන්ඩ.. සෙල්ලන්ද :-D  

මුලින්ම ස්තූති කතාව.. 

බ්ලොග් කියන්නෙ මේකයි.. මේකෙන් කරන්නෙ මෙන්න මේ අහවල් වැඩේ.. හා බ්ලොග් එක අටව ගන්න උදව් කල.. ඩැනි මහතාට මාගේ හෘද්‍යාංගම ස්තූතිය මුලින්ම පුද කර සිටිනවා....!!


ඊ ලගට මෙච්චර කල් කමෙන්ට් කල, නොකල.. මාගේ ලිපි බලලා.. හිනා උන.. දුක් උන.. සතුටු උන.. 
බැන්න, නොබැන්න තර්ජන ගර්ජන කල .. සියල්ලන්ටම හිස නමා ස්තූති කරමි.. 


ඊ ලගට.. මගේ ලොකුම ශක්තිය.. "උඹ" දැන් උනත් උඹ මේක කියවන්නැත්නම් මචං. මේ බ්ලොග් එක මං කරලා වැඩක් නැ.. උඹ තමා මාව මෙතැනට ගෙනාවේ..  තැන්ක්ස් මචං..!!


ඉතිං මචං.. මට ඇඩෙනවා.. මයේ ඇහේ කදුලු.. සතුටු කදුලු.. බොලාලා හිනා වෙන්ඩෙපා.. හාවා ඇඩුවා කියලා.. :'D

දැන් තිං මං නාකි බ්ලොග් කරුවෙක්.. ඒ ගැන හම්බානෙක සතුටුයි.. :D

ඉතිං.. ආයේ කියනවා.. උදව් කරපු හැමෝටම ස්තූතියි.. මේ බ්ලොග් අවකාශෙම මට උදව් කරලා ඇති.. ඒ එක්කෙනා එක්කෙනා මෙතැන නම් කරන්න විදියක් නැ.. උඹලා හැමෝටම ස්තූතියි..!!

:D :D

නාකි වෙච්චි මං
ද බනී.෴



..

34 comments:

  1. නාකි වෙච්චි
    මංද බනී.෴

    ReplyDelete
  2. මේ අවිරුද්දට පෝස්ට් සියක් ලියන්න ලැබේවා
    ඔන්න මගෙන් සුභ පැතුමි

    ReplyDelete
  3. My congratulations friend

    wishes from
    www.ceylonlanka.info

    ReplyDelete
  4. අඩේ මේකට ඉතිං මං සුභ නොපතා කොහොමද..අපේ මැන්ටල් බනීයට තව තවත් ලිපි ලියන්නටත් සෑහෙන කාලෙක ඉඳන් හිතේ තියෙන අර ප්‍රාර්ථනාව ඉස්ට වෙන්ටත් කියලා ඔන්න මං සුභ පතනවා..!

    ReplyDelete
  5. 100ට සුභ පැතුම් හාවො..

    100ක් ලියන්න අවුරුදු4ක් ගිය එකට නම් දුක් වෙන්න ඕන්නෙ නෑ.. මම නම් අගය කරන්නෙ සංඛ්‍යාත්මක අගයට වඩා ගුණාත්මක බව..

    මොකද ඇත්තටම Bunny කියලා කියන්නෙ.. කිලින් පෝස්ට් වල තිබ්බද දන්නෙ නෑ.. කොහොමහරි මම් නොදන්න නිසයි අහන්නෙ..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. හරී මූ දන්නව මුගෙ ලිපි කියවන මිනිස්සු මූට බනිනව කියල . . ඒකයි මූ කලිංම "බනී" කෑල්ල ඉස්සරහට දාන්නෙ

      Delete
  6. සුභ පැතුම් බනී....තව තව ලියන්න අත්ගුනේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  7. සුභ පැතුම් බනියෝ... තව තවත් ලියන්න ශක්තිය ලැබෙන්න කියලා සුභ පතනවා..

    ReplyDelete
  8. නාකි බනියාට 120 ට 220 ක් ආයුබෝ වේවා. තව බ්ලොග් සටහන් ලියවේවා

    ReplyDelete
  9. වල් හාවාට 200 ගහන්න වාසනාව ලැබේවා..... :)

    ReplyDelete
  10. හික් හික්.....
    හෑෆූ.....නාකිවුනා කීල කීපු කැට....:/

    සුභ පැතුම් අයියෝ....:)

    ReplyDelete
  11. හා මහත්තයාට සුභපැතුම්!

    ReplyDelete
  12. මේක කියවපු ගමන්ම මට මතක් වුනේ ඉබ්බගෙයි හාවාගෙයි රේස් එක...ෂුවර් එකට මේ හාවත් හොඳ ගහක් බදාගෙන බුදියන් ඉඳලා තියෙනවා.... තව තව පෝස්ට් දාන්න ලැබේවායි සුභ පතනවා ඉතින් ඕං

    ReplyDelete
  13. ඕයේ..... ඒ කියන්නෙ පාටියක්.... සෙට් වෙලාම සුභ පතන්නං... :D

    ReplyDelete
  14. වෙලාවකට උම දැං ලීව ඇතියි කියලත් හිතෙනව බං . . .එක්කොත් ඔන්න ඔහෙ ලියාගෙන පලයං . . ..

    ප.ලි.
    මොකක්හරි කියන්න හිතාගෙන හිටිය දැං මතක නෑ

    ප.ප.ලි.
    හරි හරි මතක් උනා . . . . මගෙන් සුභ පැතුම් !!

    ReplyDelete
  15. මයෙ සුභ පැතුම් බනියෝ...!!!
    උඹත් මග දිගටම නිදියන හාවෙක් හෙනං...

    ReplyDelete
  16. සුභ පැතුම් .... තවත් සියගනනක් ලියන්න....!!!!!

    ReplyDelete
  17. සුබ පැතුම් බනී........!!!

    ReplyDelete
  18. වැඩි වැඩියෙන් ලියන්න ශක්තිය ලැබේවා!!!!!!!!!
    මගෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
  19. හාවගෙ 100 ට සුබ පැතුම්.
    දිගටම ලියන්න හැකියාව ලැබේවා !

    ReplyDelete
  20. ඉබි ගමනින් යන බනියෙක්... ඔහොම ගාටල බෑ බනියෝ.... සුභ පැතුම් මගෙනුත් !!!

    ReplyDelete
  21. ගහපු සීයට සුභ පැතුම් ..... ඊ ලගට ඉතින් 200 තමයි ....

    ReplyDelete
  22. අඩෝ තාම සීයද බන් . . .කමක් නෑ කමක් නෑ . . මගේ සුභ පැතුම් ඈ . . .

    ReplyDelete
  23. සුභ පැතුම් බනියෝ.............

    ReplyDelete
  24. මගෙන් සුභ පැතුම් බනියෝ.............!!

    ReplyDelete
  25. මෙච්චර කාලයක් කියෙව්වට කමෙන්ට් එකක් දැම්මෙ නෑ. ඔන්න අද 100ක් ලිව්වට එකක් දැම්මා. නාකි බනියට ජය වේවා කිව්ව එහෙනම්.

    ReplyDelete
  26. බනී බනී ගාන්න එපෝ.. මූ මට එක පාරයි බැන්නේ.. :)

    ජය පතමි !

    ReplyDelete
  27. ජයෙන් ජය පතනව තව කාලයක් ලියන්න......

    ReplyDelete
  28. දෙසීයත් ලියහං බනියෝ..ජය වේවා!!

    ReplyDelete
  29. මගෙනුත් සුභ පැතුම් . තව තවත් ලස්සන නිර්මාණ ලියන්න ශක්තිය ලැබේවා !

    ReplyDelete
  30. ජය වේවා මල්ලියෝ... තව තවත් ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා.. :D

    ReplyDelete
  31. ආපු බලපු කමෙන්ට් කරපු නොකරපු.. හැමෝටම බොහෝමත්ම ස්තූතියි.. !!! :)

    ReplyDelete
  32. ආහ් බනී අයියේ.. සුභපැතුම් ඈ.. මට නං තාම අවුරුද්දක්වත් නෑ.. ඒත් බ්ලෝගේ වහලා දාද්දි ඒකෙ පෝස්ට් 90 ක් තිවුනා.. හි හි.. අවුරුදු 4 කට පෝස්ට් 100 ක් කියන්නෙ එක අවුරුද්දකට පෝස්ට් 25ක්‍‍‍.. ඒ කියන්නෙ එක මාසෙකට ආසන්න වසයෙන් 2ක් විතර.. අම්බෝ.. ඇහේ හැටියට දුවන්න පනින්න බැරි බව හැබෑව.. ඒත් ඉතිං මේ අවුරුද්දෙ පෝස්ට් 100 ක් දාන්න කියලා සුභපතනෝ... (කලිං එක ජෝක් ඈ..!!!)
    (බනියාව කෝපකරගැනීම >/= නාගාගිරි ඇතා කෝප කරගරනීම ලු නේ)

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.