Thursday, January 26, 2012

පාරේ යන්න දන්නවද ?

පාරක වාහනයක් ගෙනියද්දි  ලර්නස් එකෙ කියලා දෙන දෙවල් වලට අමතරව ටිකක් ලියන්න කියලා හිතුවා.. ලියන්න දෙයක් නැද්ද මංදා :D
  අපි කොච්චර සල්ලි දීලා ලර්නස් එකට ගියාට, අවු 2-3 ක් වාහනයක් පැදලා ඉගෙන ගන්න දෙවල් එකෙන් කියලා දෙන්නෙ නැහැ..
කොටින්ම කවදාවත් නයිට් ලර්නස් එකක් තියෙනවද ? නැනෙ.. අපි කොහොමද රෑට වාහනෙ ගෙනියන්න පුරුදු වෙන්නෙ ?
           මට මතකයි මම ලර්නස් එකට ගිය කාලෙ එක කොල්ලෙක් මගෙන් ඇහුවා මචං කොහොමද ලයිට් දාන්නෙ කියලා.. ඔන්න තත්වෙ.. මට නම් ඔවා ඇබිටිල්ලන් කොල්ලා කාලෙ ඉදන්ම දැකලා දැකලා හුරු පුරුදු නිසා ඔය ඔනි බට්න් එකක් ලිවර් එකක් ගැන දන්නවා, එත් ගෙදර වාහනයක් නැති කෙනෙක් එක වරම ලර්නස් ඇවිල්ලා, ලයිශන් එක අරගෙන, ජොබ් එකකට ගියොත් ? රෑට එහෙම ගමනක් යද්දි එයා ටිකක් අපහසු තාවයට පත් වෙන්න පුලුවන් නේ.. නේද ?

අපි මුලින්ම බලමු වාහනේක ලාම්පු ගැන, ඔය කුප්පි ලාම්පු, චිමිනි ලාම්පු නෙවෙ, මෙවා ඇවිල්ලා විදුලි ලාම්පු හරිද ? 12v හො 24v අගයකින් තමා මේවා ක්‍රියාත්මක වෙන්නෙ..  ඒ වගෙම එක එක W  අගයන් වලිං තියෙනවා 60w 100w අන්න ඒ වගෙ.. අපි ඔය ගෙදර දාන බ්ල්බ් වගේ පොඩියට හදපු එලිය වැඩි බල්බ් තමා මෙවට යොදා ගන්නෙ, ඉස්සර සාමාන්‍ය පිලමන්ට් තාක්ශණේ තමා තිබ්බෙ.. දැන් ටිකක් වැඩි දියුනු කරලා එක එක විදියට එනවා.. ඒ අතරින් ප්‍රසිද්ද "හෙලජන්"  හා HID කියන තාක්ශණය. මේ අතරින් HID කියන ලාම්පු ඉතා දීප්තිමත් හා ඉදීරියෙන් එන වාහනයට පහසු වෙන විදියට තමා හදලා තියෙන්නෙ.. පාරෙ ලොකු ප්‍රදේශයක් මේ බල්බ් වලට ආලොකයෙන් ආවරණය කරන්න පුලුවන්..
හෙලජන් කියන ලාම්පුත් මේ හා සමාන උනාට ඉදිරියෙන් එන කෙනාට ටිකක් සැර එළියක් තමා එන්නෙ..

මේ ප්‍රධාන විදුලි ලාම්පු  On Off කරන්න තියෙන ලිවරය හෝ බට්න් වාහනේ මාදිලිය අනුව වෙනස් වෙන්න පුලුවන්..  ස්ටීරින් වීල් එකෙ දකුණු අත පැත්තට තමා ලාම්පු වල ස්චිච් එන්නේ..

වම් අත පැත්තට එන්නෙ වාහනෙ වයිපර් එකේ වේග අඩු වැඩි කරන ලිවර් එකයි වීදුරුවට වතුර විදින මොටරෙ ක්‍රියාත්මක කරන ස්විච් එකයි විතරයි..

මෙම දකුණු අත පැත්තෙ ලිවරයේ අග කොටස කරකවන්න තමා හදලා තියෙන්නෙ.. එක කොටස් 3 කට කරකවන්න පුලුවන්

1. Parking
2. Headlamp On

3. Auto හා Off

1. Parking
   මේක අපි යොදන්නෙ රාත්‍රී කාලයේදි වාහනේ පාරක් අයිනෙ වගේ නවත්තලා තියෙද්දි.. හා රාත්‍රී ධාවනයේදි
          සාමාන්‍යයෙන් අපි වාහනයක් ගෙනියන කොට හවස 6 විතර උනා කියලා හිතමු. එතැකොට ටිකක් අහස කලුවරයිනෙ ? අපේ වාහනෙ සමහර විට පිටිපස්සෙන් එන වාහනේට නොපෙනී යන්න පුලුවන්.. මේ Parking කියන අවස්ථාවට දැම්මාම.. පිටි පස්සෙ බ්‍රේක් ලයිට් වල බල්බ් දෙකක් පත්තු වෙනවා.. රතු පාටට.. ඒ වගෙම ඉස්සරහා පොඩි සුදු බල්බ් දෙකක් පත්තු වෙනවා..
වාහනේ මුලු හතරෙබල්බ් 4 ක් පත්තු වෙනවා  
 එතකොට ඉස්සරහින් හා පසු පසින් එන වාහන වලට දැන ගන්න පුලුවන් අ මෙන්න මෙතැන වාහනයක් නවත්තලා හරි ධාවනය වෙමින් පවතිනවා කියලා..

2. Headlamp On 
       මේකට දැම්මාම ඔන්න ඉදිරි පස ලාම්පුව ON වෙනවා , හැබැයි අර ප්‍රධාන ලාම්පු වල බල්බ් එකේ 1ක පිලමන්ට් එකයි පත්තු වෙන්නෙ, ඒ කියන්නෙ "ඩිම්" කියන අවස්ථාව.. දැන් අපි කොහොමද ලයිට් එක "ෆුල්" කරගන්නෙ ? ඒ කියන්නෙ බල්බ් එකේ තියෙන ෆිලමන්ට් දෙකම පත්තු කරලා වැඩි ආලෝකයක් ලබා ගන්න.. ඒකට කරන්නෙ අර ලිවර් එක පහලට කරන එක එතැකොට "ටික්" ගාලා ශබ්දයක් එනවා
ආයෙ එළිය අඩු කරන්න ඔනි නම් උඩට කරනවා..
මේ ලිවර් එක හරියට ඔය ගේම් ගහන්න ගන්න "ජෝඉස්ටික්" එකක් වගේ ඒකෙ 4 පැත්තකට හොලවන්ඩ පුලුවන්නෙ නේද ? ඔය ඉස්සර සෝනිඑරික්සන් ෆෝන් වලත් තිබ්බා ජෝඉස්ටික් එකක්

ඔය පාරෙ යද්දි දැකලා ඇති, සමහර වාහන ලයිට් 1ක 1ක පාරක් ගහගෙන යනවා.. එකෙන් අදහස් වෙන්නෙ මොකක්ද ? සමහර විට ඒ ඔයාගෙ යාලුවෙක් වෙන්ඩ පුලුවන්.. එහෙම නැත්නම් ඉදිරියෙන් පොලීසිය යන මාර්ග සංඤාව වෙන්නත් පුලුවන්.. ඔවා ඉතිං අපිට ආදෙරට කරන වැඩ නෙ නේද ?    

දැන් ඔන්න අපි දකිනවා පොලිසියෙන් ඉන්නවා පාරෙ අයිනක,ඉතිංඅපි වේගය එහෙම අඩු කරලා හිනාවකුත් දාගෙනනෙ යන්නෙ එතැනින්.. ඇයි අපි නීති කඩලා නැනෙ :D
ඔන්න අපිටත් අර කලින් එකා ලයිට්‍ ගහගෙන ගියා වගේ අපේ ඉස්සරහාට එන කෙනෙක්ට දන්වන්න හිතෙනවා.. එතකොට කොමද කරන්නෙ ? ලයිට්‍ එක ෆුල් කරන්න අරක ටික් ටික් ගාලා ඉස්සරහාට කඩන එක කරදරයි නේ ? ඒකට ලෙසි ක්‍රමයක් තියෙනවා ඒ තමා
මේ ලිවර් එක උඩට උස්සන්න.. එතකොට "ලයිට්‍ එක ෆුල් වෙනවා" ටික් ගාලා සද්දයක් එන්නෙ නැ..  අතටත් පහසුයි.. 
ඔවා මෙතැන කිවට තෙරෙන්නෙ නැ හරියකට.. කාගෙ හරි වාහනෙක බලන්න.. ඔය ලයිට් පත්තු වෙන්නෙ නැත්නම් ඕක හයියෙන් අල්ලන්න ගිහින් කඩන්න එහෙම එපා ප්ලාස්ටික් නේ :D ඊට කලින්  වාහනේ ඉස්ටාර්ට් කරන්න :D

3. Auto
      
මේක ගොඩක් අලුත් වාහන වල එන දෙයක්.. පරන ඒවා ගේ නම් මම දැකලා නැහැ, මෙතැනට දැම්මාම වෙන්නෙ.. අපි වාහනේ රැට ගෙනැල්ලා නැවැත්තුවාම සමහර විට ලයිට් ඔෆ් කරන්න අමතක වෙන්න පුලුවන්.. එත් අපි වාහනෙ නැවැත්තුව ගමන් auto mode  එකේ ස්විච් එක දාලා තිබ්බා නම්.. අර ප්‍රධාන ලාම්පු ස්ව්‍යංක්‍රීයවම ක්‍රියා විරහිත වෙනවා.. අපිට අරක කර කව කව ඉන්න ඔනි නැහැ..  අපි රෑකට කොහෙ හරි ගිහින් හදිසීයෙ හරි ලයිට් එක ON එකේ තියෙද්දි වාහනේ එන්ජිම oFF කලොත් ඉක්මනටම වාහනේ බැටරිය බැහැලා යනවා නේ ? එතැකොට ස්ටාර්ට් කරලා ඉවරයි.. ගොඩක්ම මේක එන්නෙ auto gear වාහන වලට.. මොකද ඒවා තල්ලු කරලා ස්ටාර්ට් කරන්න බැරි නිසා

 .....................................................

මේ කතාව උනේ අපි ලර්නස් එකට ගිය කාලෙ.. මම නම් දවස් 5 යි ලර්නස් එකට ගියේ ඒකත් ඒ වාහනේ හුරු වෙන්න කියලා දුන්න නිසා..

සමහරු මෙලො දෙයක් දන්නෙ නැතිව ඇවිල්ලා තිබ්බා.. ඔය අතරෙ උන්නා හැට පැනලා හොට ඇනිච්ච ටයිප් එකෙ අංකල් කෙනෙක්..  මෙයා පොලීසියෙලු වැඩ කලේ.. වයස අහන්න ගියෙ නැ ඉතිං හරි නැනෙ.. කොහොම ලයිශන් ගත්තද මංදා..
 මේ අංකල් සම්පුර්ණෙන්ම ඉගෙන ගන්න තමා ඇවිත් තිබ්බෙ.. දවසක් සර් කිවා සිග්නල් දාන්න කියලා.. මේකා කලේ පැනපු ගමන් වයිෆර් එක පැත්තෙ ස්විච්ච එක ටොකොස් ගාලා පහලට ඇදපු එක.. හුටා.. කෑල්ල ගැලවිලා අතට ආවා... :D
ඔය වගේ සුංදර අත්දැකිම් වෙනවා ඉතිනං ලර්නස් එකකදි.. ඒකට ගිහින්ම තමා ඒ ආතල් එක විදින්න ඔනි.. මම නම් මාරම ආස  ඔය ලර්නස් එකෙ වැන් එකෙ පිටි පස්සෙ යන්න.. ඩ්‍රයිව් කරන එකා මොකක් හරි වැරැද්දක් කරලා දඩස් ගාලා වාහනෙ නවත්ත ගත්තාම, සර් ඌ දිහා බලන බැලිල්ල..ඌ ඔලුව කසන එක.. සර්ගෙ වචන..
වචනෙන් කියන්න බැරි හැගීමක්.. :D මට ආයෙ ලර්නස් යන්ඩ හිතෙනවා..
....
අපේ ලර්නස් එකෙ නෙවෙ තව නුවර තෙල්දෙණිය පැත්තෙ ලර්නස් එකක මෙහෙම සීං එකක් වෙලා තිබ්බා, බර වාහන ලයිශන් ගන්න කොල්ලෙක් ඇවිල්ලා.. මු මහ මැට්ටෙක්ලු
සර් ගෙන ගුටි කන එකමලු වැඩෙ.. දවසක් මූට මල පැනලා වාහනේ අල්ලලා වික්ටොරියා ජලාශෙට.. මු වාහනෙන් පැනලා.. සර් එතැනම මැරිලා.. අනික් උන් හුගක් තුවාල උනාලු.. එක පැත්තකින් තියමු.. 
ඔක්කොටම හරියන්න වාහනේ පිටි පස්සෙ ගහලා තියෙනවාලු මෙන්න මෙහෙම..!

"ඔබටත් මෙවන් සේවාවක් අවශ්‍ය නම් අමතන්න"


 :D
.........
ඒ වගෙම තමා දැන් අලුතින් හදපු E1 පාර.. එහෙම නැත්නම් කවුරුත් දන්න හයිවේ එක.. ඕකෙ නීති රීතිත් ටිකක් සැරට තියෙනවා නේ.. ඔය ප්‍රධාන ලාම්පු වල එළිය අඩු වැඩි කරන එක මම නම් හිතන්නෙ අනිවා ඔය පාරෙදි දැනගෙන ඉන්ඩ ඔනි..
අපි හිතමු වංගුවක් කියලා.. එකෙදි එනවා වාහනයක් එන්නෙත් ආයෙ 100 විතරනේ.. ඒ එන වේගෙන් අපිත් වංගුව ගන්නවා.. ඒකෙ එළිය හුගක් සැරයි.. සමහර විට අපිට කරකියා ගන්න දෙයක් නැතිව වාහනේ පැත්තකට ගිහින් ලොකු අනතුරක් වෙන්න පුලුවන්..
              අපි කොහොමද ඉදිරියෙන් එන වාහනේ අලොකය අපිට සැර වැඩී කියලා ඒ අයට දැනුම් දෙන්නෙ ?

මුලින්ම ඔයා වාහනේ ප්‍රධාන ලාම්පුව 2-3 පාරක් ඩිම් ෆුල් කරන්න.. දන්නවානෙ කරන විදිය ?
ඒත් ඒ එන කෙනා එහෙම එළිය අඩු කලේ නැත්නම්. ඔයත් ෆුල් කරගෙන යන්න..

හැම විටම ඔබේ ඉදිරියට වාහනයක් එනවා නම් අනිවාර්‍යයෙන්ම වාහනේ එළිය අඩු කරන්න.. ඒකෙන් ගොඩක් අනතුරු වලක්ව ගන්න පුලුවන්..
 හැමොම එහෙම කරනවා නම් රාත්‍රී කාලයේදි වාහන ගෙනියන්න හැමොටම පහසු වෙවි..
අර්ත්මාර්ථකාමී වෙන්ඩ එපා.. වාහනයක් ගෙනියන කොට ඉවසීම හුගක්ම වැදගත්.. !

ඔයාගේ වාහනේ පිටි පස්සෙන් ප්‍රධාණ ලාම්පු දල්වාගෙන, නලාව එක දිගට නාද කරමින් වාහනයක් ඉස්සර කිරීමට ඉඩ ඉල්ලන්නෙ නම්.. නොපමාව ඉඩ ලබා දෙන්න..

එම වාහනය තුල 

විලිරුදාවෙන් ඉස්පිරිතාලයක් කරා ගෙනියන අම්මා කෙනෙක්
නැතිනම් අසාද්‍ය රෝගියෙක්
ප්‍රභූවරයෙක්
අවසන් හුස්ම පොද හෙලන්න කලින් එන්න කියලා කතා කල, සිය සමීපතමයෙක් දකින්න යන කෙනෙක් වෙන්න පුලුවන්

මොකක්ම හෝ හදිසි අවස්ථාවක් වෙන්න පුලුවන්

මෙවන් අවස්ථාවලදී අපි ඔවුන්ට ඉස්සර කරගන්න දුන්නා කියලා කිසිම පාඩුවක් වෙන්නෙ නැහැ..
පොඩි මදි පුංචි ගතියක් නිතැනින්ම දැනෙන්න පුලුවන්
නමුත් ඊට වඩා විපතක් වෙන්න පුලුවන් ඉඩ නොදුන්නොත්..
පාරෙ යද්දි හැමෝම ගැන හිතන්න.. හැමෝම ලාංකිකයෝ..!

...............


 කහ ඉරි මත ඉස්සර කිරීම නීතියෙන් සපුරා තහනම් ! බොහො විට ඔබ වාහනයකට ඉස්සර කරද්දි කහ ඉරේ මනුස්සයෙක් මාරු වෙන්න ඉඩ තියෙනවා.. ඔබ ඉස්සර කරන්න ගන්න වේගයත් සමග අර මනුස්සයා හැප්පුනොත්..95% ම මරණය ටලක් වෙන්න ඉඩ කඩ වැඩී!!

ඒ වගේමයි වම් අත පැත්තෙන් වාහන ඉස්සර කරන්න තහනම්!
දැන් නරක පුරුද්දක් ඇති කරන් ත්‍රීවිල් මහත්වරු හා මෝට බයිසිකල් මහත්වරු..
ලොකු වාහනයක් දකුණු පැත්තට බර  උණු ගමන් ඉස්සර කරගන්න ලේසිවට මෝට බයිසිකල් වම් අත පැත්තෙන් දානවා.. වැරදිලා හරි අර වාහනය වම් අත පැත්තට කැපුවොත් ?
වැරැද්ද එන්නෙ ඒ වාහනේ ඉන්න කෙනාටමයි.. මොකද පොලිසියෙන් උසාවියෙන් කියන්නෙ ඒ වාහනේ කෙනා දකුණු අත පැත්තෙන් ඉස්සර කරන්න ගිහින් හැප්පුවා කියලා.. නමුත් වැරැද්ද වම් අත පැත්තෙන් දැම්ම කෙනාගෙ අතේ..!!

වම් අත පැත්තෙන් ඉස්සර කරන්න තහනම්, ඒක වැරදී, ලොකු අනතුරු වලට අත වැනිල්ලක්..!

........

වාහනේ බ්‍රේක්  දක්ශ කාර්මිකයෙකු ලවා නියමිත ගානට හදා ගන්න.. 
අලුත්ම වාහන වල abs කියන බ්‍රේක් ක්‍රමයක් තියෙනවා.. ඒකෙදි වෙන්නෙ වාහනේ රෝද 4  ට එක සමානව තෙල් ප්‍රමාණයක් නොයවා පරිගණකයක් ආදාරයෙන් එම රෝදය තියෙන තත්වය දැනගෙන ඊට සරිලන තෙල් ප්‍රමාණයක් යවන එක..
අපි හිතමු ඉස්සරහා වම් අත පැත්තෙ රෝදය තියෙන තැන මඩ වලක් ඉතිං ලිස්සනවා..
වාහනේ රෝද 4 ටම එක සමාණව තෙල් ගියොත් ? වාහනේ පැත්තකට ලිස්සලා යන්න පුලුවන් නේද ?
නමුත් ABS බ්‍රේක් තියෙන වාහනයෙදි අර වම් අත පැත්තෙ රෝදයට තෙල් ටිකක් වැඩි පුර යවලා රෝදය ලිස්සන එක නතර කර ගන්නවා, එතකොට නියමිත ගානට රෝද 4 එක වරම නැවතිලා වාහනෙ කරදරයකින් තොරව නවත්ත ගන්න පුලුවන්..

..


ඊ ලගට වැදගත් ශීට් බෙල්ට්


  අලුත් වාහන වල දන්නවා ඇති "එයාර් බෑග්" කියලා ක්‍රමයක් තියෙනවා..  ඒකෙදි වෙන්නෙ වාහනේ අනතුරකට ලක් උනොත් ශ්‍රනිකවම වාතය පිරවුණු බැලූන් එකක් වගේ කොටසක් ඉදිරි පස දෙන්නාගෙ මූන හා පපුව ආවරණය වෙන විදියට පිම්බෙන එක..
වාහනේ මාදිලිය අනුව ඔය එයාර් බැග් අඩු වැඩි වෙන්න පුලුවන්..
ඉතිං බොහො දෙනෙක් කියන්නෙ ශීට් බෙල්ට් එක නොදා හිටියොත් එයාර් බැග් එක එන්නෙ නැහැ කියලා.. ඒක බොරු කතාවක්, ඇත්තටම වෙන්නෙ ශීට්‍ බෙල්ට් එක දාගෙන ඉන් නැතිව එයාර් බැග් එක අවොත්.. අපේ ඇගේ බර බැග් එකට ගිහින් ඒක පුපුරලා අනතුරෙන් වෙන හානිය නොවැලැක් වෙන එක.. ශිට්‍ බෙල්ට්‍ එකෙන් වෙන්නෙ වාහනේ හැප්පෙද්දි එන ගැස්සිම වලක්වලා අපිව ශීට් එකට තදකරගෙන අල්ල ගන්න එක.. පස්සෙ එයාර් බැග් එක අපේ මූන හා පපුව වහගෙන අපිව ආරක්ශා කරනවා..

සංඥා ලාම්පු
 සංඤා ලාම්පු නැත්නම් සිග්නල් ලයිට් කියන ඒවා.. වාහනයක් හරවද්දි ඉස්සර කරද්දි නියමිත විදයට දල්වන්න.. අර මං උඩ කීව ලයිට් ඩිම් පුල් කරන ලිවර් එකෙම තමා සිග්නල් ලයිට් වල ස්විච් දෙක එන්නෙ.. උඩට කලාම වම් අත පැත්තටත්
පහතට කලාම දකුණු අත පැත්තටත් සිංග්නල් ලයිට් වැටෙනවා..

මෙච්චරයි මට මතක් වෙන්නෙ..
 ආයෙ මොනා හරි මතක් උනොත් ලියලා දාන්නම්..
 මතකනේ.. පාරෙ යද්දි ඉවසීම තමා වැදගත්ම !!

යන්න කලින් මේ විඩියෝ එකත් බලන්න මේ කොළම ටවුමේ CCTV කැමරා වලට අහු වෙච්චි දර්ශණ ටිකක්..





ප්‍රදණාම හෙතුව මොකක්ද ? ඉවසීම නැති කම හා කල්පනාව නැති කම..!!


ගිහින් එන්නම්
ද බනී-


.

27 comments:

  1. ස්තූතියි බනියා! :) :)

    ReplyDelete
  2. ස්තුතියි යාළුවා.. වාහනයක් ගත්තුදාකට ප්‍රයෝජනවත් වෙයි...

    ReplyDelete
    Replies
    1. නියමයි.. ඉක්මනටම වාහනයක් ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථණා කරනවා..! :)

      Delete
  3. මාත් ට්‍රයල් පෙන්නන්න ගිය දවසේ අහම්බෙන් වගේ පාස් උනේ.. වෙලාවට මට ඩ්‍රයිව් කරන්න හම්බුන වෙලේ ඒ සර්ට කෝල් එකක් ආවා පොර කෝල් එකේ සිහියෙන් හිටපු හින්දා හොදයි... නැත්නම් මම මෙලෝ සිග්නල් එකක් දාලා නෙවේ වාහනේ පාරට දාල තියෙන්නේ සිග්නල් දාන්න මට මතක් උනේ පස්සේ :P

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්.. මරු බේරිල්ලක් බෙරිලා තියෙන්නෙ :D

      Delete
  4. මේ කරුණු ටික නම් ඇත්තටම වැදගත්..
    ඉවසීම තමා රිය පදවනකොට තියෙන්න ඕන අත්‍යවශ්‍ය ගුණාංගය

    ReplyDelete
  5. මේ ටික හැමෝම කියවනවා නම් කොච්චර හොඳද ? බනියා හොඳ ඩ්‍රයිවර් කෙනෙක් කියලා පේනවා... ඇත්තටම පාරේ යන්න ගියාම ලේ පිච්චෙනවා මිනිස්සු එලවන හැටි දැක්කම...

    ලංකාවේ ගොඩක් දෙනෙක් හරියට මාර්ග නීති දන්නෑ. ලර්නර්ස් වල කියලා දෙන්නේ වාහනේ අරන් යන්න විතරයි. අනෙක ලයිසන් එකට පේපර් එකට පාඩම් කරලා ලියන 10% ක් වත් නැතුව ඇති. ඉතින් කොහොමද අපේ ඩ්‍රයිවර් උන්නැහැලා පාරේ නීතිය දන්නේ...

    ගොඩක් වැදගත් විස්තරයක් බනී... ස්තුතියි !!! එක්කෙනෙක් හරි හිතට ගත්තොත් ඒකම උඹට පිනක්...!

    සහෝ... "ශ්‍රනිකවම" නෙවෙයි. "ක්ෂණිකවම"... නොකියා බෑ වගේ නිසා කිව්වේ. තරහ ගන්න කාරි නැ ඕං... ජය !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං.. අර වචනේ අවුල මටත් අවා.. කොහෙද සිංහල අලනේ අපේ :D
      ස්තූතීයි වැරැද්ද පෙන්නන එක වටිනවා.. :)

      Delete
  6. ප්‍රයෝජනවත් ලිපියක්..
    බොහොම් ස්තූතියි..

    මාර්ග විනය කියන එක ලංකාවෙ අන්තිමටම පිරිහිලා තියෙන්නෙ..
    හැමෝම යන්නෙ ඊයෙ යන්න තිබිච්ච ගමන්ද කොහෙද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සමහරු යන්නෙ කස්තුරි හොයන්න වගේ :D

      Delete
  7. නොසැලකිල්ල තමා හැම අනතුරකටම හේතුව......

    ReplyDelete
  8. ගොඩක් දේවල් ඉගෙනගත්ත....ස්තූතී.......

    ReplyDelete
  9. හොඳ දැනුවත් කිරීමක්...
    නමුත් ලෑන්ඩ් රෝවර් වර්ගයේ වාහන වල අර ලයිට් දාන ස්විච් එක සහ වයිපරය දාන ස්විච් එක තියෙන්නේ දෙපැත්ත මාරු කරලා
    හොඳට දන්න කියන අයටත් ඒකනම් පැටලෙනවා...:)

    ReplyDelete
  10. බොහොම ස්තුතියි ඔබට මේ ලිපිය සම්බන්ධව. මම ලයිසන් ගත්තේ 1988 දී (හුටා වයස අහුවුනානේ? 50++) මට තියනවා ගැටළු දෙකක්. එකක් තමයි ලංකාවේ මහාමාර්ග නීති සංග්‍රහයේ කොතැනක හරි තියනවද වාහන පාරේ වම් පැත්තේ ධාවනය කල යුතුයි කියලා? මම දැකලා නැහැ. අනික කන්ද නගින වාහනයට පල්ලම බහින වාහනය ඉඩ දිය යුතුයි කියලා නීතියක් තියනවද? මමනම් හිතන්නේ ඒක අර 'මිකෑනිකල් බ්රේක්' තිබුණු යුගයේ සම්මතයක් පමණයි. නීතියක් නෙවෙයි. දැන් වාහන වල තියන බ්රේක් සහ විකල්ප ක්‍රම නිසාත් බොහොමයක් පාරවල් සතුටුදායක තත්වයෙන් තියන නිසාත් මේ ගැන නැවත සිතාබැලිය යුතුයි.

    ReplyDelete
  11. ගොඩක් හොඳ විස්තරයක් බනියෝ.
    ලංකාවෙන් ඇවිත් මෙහෙ ඩ්‍රයිවින් කරන්න පටන් ගත්ත දවස වල මචන් සිග්නල් වෙනුවට හෝ ගාල වයිපර් එක ඔන් කරනවා මොකද දෙපැත්ත මාරුවෙන්න එපයිනේ ...
    ඉවසීම ගොඩක් වැදගත් නැත්නම් බඩුම තමා.

    ReplyDelete
  12. නියම ලිපියක්. අපේ ගොඩක් අය වාහන එලවන්නෙ හෝන් එක උඩ නැගගෙනනෙ.

    අර ලොකුපුතා කියල තියෙනව වගේ ලෑන්ඩ් රෝවර් වාහන වල අර ස්විච් දෙක මාරු කරල තමයි හදල තියෙන්නෙ.

    ReplyDelete
  13. මමත් හිතාගෙන හිටියෙ සීට්‍ ටෙල්ට් දැම්මෙ නැන්නං එයාබෑග් වැඩකරන්නැ කියලා. මේ ලගදී කාර් එකක් ඇක්සිඩන්ට් උනා. බෙල්ට් දාගෙන හිටපු ඩ්‍රයිවර්ගෙ එයාබෑග් එක වැඩ කලා. අනික වැඩ කලේ නෑ...... ඉතිං ඒ මතේ තහවුරු උනා.

    ReplyDelete
  14. පුරුදු විදියටම ආවේ උඹව නාවන්න කියලා හිතං..ඒත් වැඩේ හොඳයි.. හොඳට ලියලා තියෙනවා ඒත් ඉතිං එහෙම අතාරින්න පුළුවන්ද..මොකක් හරි අවුලක් හෙව්වේ නැත්තං කෑවෙ නැහැ වගේනේ..

    "ඒ වගේමයි වම් අත පැත්තෙන් වාහන ඉස්සර කරන්න තහනම්!
    දැන් නරක පුරුද්දක් ඇති කරන් ත්‍රීවිල් මහත්වරු හා මෝට බයිසිකල් මහත්වරු..
    ලොකු වාහනයක් දකුණු පැත්තට බර උණු ගමන් ඉස්සර කරගන්න ලේසිවට මෝට බයිසිකල් වම් අත පැත්තෙන් දානවා.. වැරදිලා හරි අර වාහනය වම් අත පැත්තට කැපුවොත් ?"

    ඇත්ත කතාව..ඒත් පොඩ්ඩක් පාරට බැහැලා බලහං මලේ..හුගක් වාහන යන්නෙම ලේන් දෙකම අල්ලං.. වමෙන් දාන්න බැහැ නීතිය හින්දා.. දකුණෙන් දාන්න බැහැ ඉඩ මදි හින්දා.. ඉතින් මොකද කරන්නේ... උන් යන්නෙත් නැහැ යන්න පුළුවන් එකාට යන්න දෙන්නෙත් නැහැ..හොඳම වැඩේ කොහොම හරි ඉස්සර කරලා පොඩ්ඩක් අරූට රවලා බලනකොට මෙන්න ඌ ය්නනේ ෆෝන් එකක් කනේ ගහං.. අන්න ඒ වෙලාවට මංනං අර පාදඩ වැඩ කරනවා... යන ගමන කොච්චර පරක්කු උනත් ටිකක අර කාර් කාරයට ඉස්සරහින් තියාගෙන මාත් ටිකක් හිමිං ගිහිං පෙන්නවා ඌට මං හින්දා විඳින්න වෙන කරදරය... එහෙම කර කර ඉන්න වෙලාව මදිනං තොගෙ අම්මට කියලා හොඳ හයියෙන් කියලා යනවා... යකෝ යනවනං පලයව්..නැත්තං කරුණාකරලා යන උන්ට ලේන් එක ඉඩ දීලා වමෙන් පලයව්...

    නරක පුරුද්දක් තමා ඒත් ඕකනං මං අනිවා කරනවා.. අනිත් එක තමා ඉස්සර කරන්න ගියාම ඉඩ නොදීම යන එක.. ඒ වෙලාවටනං කොහොම හරි ඉස්සර කර ගත්ත ගමන් ඇගට කපාගෙනම යනවා ටිකක් බොක්ක හීතල වෙලා යන්න... ටිකක් තේරුං ගන්න එපෑ තමුන් යන්නේ නැත්තං අනිත් මිනිස්සුන්ට යන්න අරින්න..ඇත්තටම අපිට හයිවේම ඕනත් නැහැ නිශ්චිත වේගයකින් පාරවල් පාවිච්චි කරනවනං..ඒත් හයියෙන් යන අයට වඩා හුගක්ම මේ හිමින් යන අයගෙන් තමා පාරවල් බ්ලොක් වෙන්නේ...

    මම ගමනක් යනකොට වේගය එතරම් උවමනා නැහැ කියලා හිතෙනවනං දාගන්නවා අයිනට යන අයට යන්න ඇරලා මගේ පාඩුවේ හිමිහිට යනවා...ඒ වගේමයි කොච්චර හදිසි ගමනක් ගියත් කහ ඉරටයි.. දකුනෙන් එන වාහනයටයි හැම වෙලේම ගරු කරනවා... අනිත් දේ තමා පාරට බැස්සම පාර ගැන මිස ගෙවල් ගැනයි රටේ තියෙන තරං ජාති ගැනයි කල්පනා නොකර අවධානයෙන් යෑම...

    කොහොම උනත් හොඳ පෝස්ට් එකක්..ඔය වීඩියෝව අර දවසක් බුකියේ දාලා උඹ හොඳට අහගත්ත එක නෙවෙයි වෙන්ටෑ...:D:D:D


    @Praසන්னJan
    අපේ ගොඩක් අය වාහන එලවන්නෙ හෝන් එක උඩ නැගගෙනනෙ.

    අඩෝව්...:D:D:D
    (යකෝ පිටිපස්සෙන් එන වාහන කියලා ජාතියක් තියෙදැයි කියලවත් නොහිතා එලෝන උන්ට හෝන් නොගහා පුවවන්ද..අනික ත්‍රීවීල් එහෙකටනං වැරදිලාවත් හෝන් නොගහා ඉස්සර කරන්න නරකයි..උන් පාරට කපන්නේ තත්පරේටනේ..)

    ReplyDelete
  15. එල ..!! අපුරු ලිපියකි ..!! මාරේ අයියා හරි තමා, සම(හ)රක් උන පාරේ යන්නේ මැදින්.! ඒ මදිවට ඉස්සර කරන්න ගියාම උනුත් පාගල යන්න දගලනවා ..!! අපිට යන්නත් නෑ උන යන්නෙත් නෑ ..!!
    අයෙ ඉතින් ගොඩක්ම මාරු ගෑනු උන්දැලත් එක්ක වාහන එලවන්න තමා
    ඇගටම නේ එන්නේ...:D

    ReplyDelete
  16. ළඟදීම මාත් ල'නර්ස් යන්න තමා ඉන්නේ... වැදගත් වෙයි මේක...:) ස්තුතියි.

    ReplyDelete
  17. අහ් බනියා.. සිරා ආටිකල් එකක්නේ මේ පාර.

    ReplyDelete
  18. වාහන ගැන තවත් කියවන්න මෙතෙන්ට යන්න

    ReplyDelete
  19. සමාජ සේවක බනියා මහතාගේ තවත් සමාජ සත්කාරයක් :)

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.