Tuesday, November 1, 2011

චූටි රසකතාවක්..

ඔන්න එකෝමත් එක කාලෙක කියලා මට පටන් ගන්න තිබ්බා.. එත් එහෙම කියන්නෙ බබාලාට නේ ? මේක බබාලාගෙ කතාවක් නෙවෙ.. ලොකු කතාවක්.. බබාලට කියලා දෙන්න.. ලොකු අයගෙ කතාවක්..

    මේකයි කතාව.. ඔන්න හොරු රැලක් උන්නාලු හරිද.. මුං ටික ප්ලැන් කරලා කඩයක් කඩන්න යන්න පිටත් උනාලු.. මෙකෙ මහ හොරයි. උගේ ඇසිස්ටන් හොරයි.. තව දෙමල හොරෙකුයි ගියාලු..! මේ දෙමල හොරාට ඒ හැටි සිංහලත් බැලු.. !

ඉතිං හොරු 3 දෙනාගෙ මහ හොරා කිවාලු..

ඇඩොව්.. කේශ් එක ශිරියශ් අරියේ ?  මොකක් හරි ආකුලයක්.. අප්සට්.. එකක් කෙශ් එකක් අවොත්.. අපි සත්තු වෙනවා අරී ?

අරී බොශ් එව්වා හරි.. ඇසිස්ටන් හොරා කිවාලු..!!

ඉතිං ඔන්න කඩේ ලගට අවාලු.. දැන් මුන් හොරාට වහලේ උලු පන්නලා වහලෙන් බැස්සාලු..
    ඉස්සර ඉතිං කඩේ තියෙන්නෙ ගෙදරටම ඇටැච් කරලානේ.. මුදලාලිත් කඩේ ගාවින්ම බූරු ඇදක් දාගෙන නිදිලු..

 ඔන්න හොරු ටික හෙමිට හෙමිට එන කොට.. මහ හොරාගෙ ඇගේ වදිනවාලු තරාදිය..

සරබරාං ගාලා තරාදිය බිම..!

මුදලාලිට මේක ඇහිලා   
         කවුද යකෝ???..

කියලා ඇහුවාලු..

එක පාරටම මහ හොරා
         ඤව්...ඤාව්...!!!
ගැවලු..

ඉතිං මුදලාලි හිතුවාලු හරි පුසා තමා පෙරලන්න ඇත්තෙ කියලා අනික් පැත්ත හැරිලා රෙද්දත් හොදට පොරවන් නිදා ගන්නවාලු..

දැන් කලුවරේ මහ හොරාට අතින් පයින් වත් කියන්න බැනේ තරාදිය මෙතැන කියලා..  කටින් කිවොත් වැඩෙ මාට්ටුත් වෙනවානේ.. සද්ද නොකර උන්නාලු..
කිරි අප්පාට පුසො පැනපි..

ඔන්න අර ඇසිස්ටන් හොරාගෙ ඇගෙත් තරාදිය වැදුනාලු..
සරාoooooo....
මුදලාලි:  කවුද යකෝ???.. 
ඇසිස්ටං හොරා:  ඤව්...ඤාව්...!!!
  ඉතිං මුදලාලි හිතුවාලු ආයෙත් පුසා තමා පෙරලන්න ඇත්තෙ කියලා උඩ බැලි පැත්තට හැරිලා රෙද්ද කකුල් දෙකේ ඉදන් හොදට පොරවන් නිදා ගන්නවාලු..

ඔන්න අර ටැමිල් හොරා අවාලු.. අරුන් දෙන්නාට කියා ගන්න උන්නැ.. වැඩේ අල උනාලු.. සරාං ගාලා සද්දෙ අවාලු..

   
මුදලාලි:  කවුද යකෝ???..

ටැමිල් හොරා: අඩෝව්.. අපිලාට පුසා වගේ කේ ගහන්න බැරි උනාට, අපිලත් රියල් පූසෝ අරී...!!!


....................................


පාලි:

කලින් පොස්ට් එකට රිප්ලයි වත් ඒකෙ ඉතිරි කොටස වත් ලියන්නවත් හිත දෙන්නෙ නැ.. තාක්ශණික ලිපි අඩුවෙන්ම යන නිසා මං එහෙම ලියන්න හිතුවේ.. නැතිව කිසිම යටි අරමුනක් තිබ්බෙත් නැ..  මාර විදියට හිනා ගියා වගෙම ඊට සමානවම හිතත් කලකිරුණා.. අනේ මංදා බ්ලොග් ලියන උන්ට මොනා වෙලාද කියලා.. සමහර විට මං ලිව මාතෘකාව කාටවත් රසයක් නැති නිරස දෙයක් වෙන්ටැති..!!  මට කියන්න ඔනේ.. බ්ලොග් ලියනවා කියන්නෙ බොලද කතා.. කවි සිංදු විතරක්ම නෙවේ කියලා.. මං ඒ පොස්ට් එකට මාර විදියට මහංසි උනා..  අන්තිමේ ප්‍රතිඵලේ කිසිම වැඩක් උන්නැ.. ඉතිං එහෙම තියාගෙන මං මොකටද ආයෙ ඒ වගෙ දෙවල් ලියන්නෙ ? නේද ? මං නම් කියන්නෙ කවුරු හරි ලිපියක් ලිවොත් ඊට අදාල දේ විතරක් කතා කරන්න.. මොකද ජෝක් කරන්න මඩ ගහන්න ෆන් ගන්න ඔනි තරම් සොශල්නෙට්වර්ක් අනම් මනම් තියෙනවානේ නෙද ?




.

12 comments:

  1. හප්පා කවුද අපේ බනියාගෙ හිත රිද්දුවේ

    ReplyDelete
  2. මම නම් ඔය කියපු පෝස්ට් එකේ දෙවෙනි කෑල්ල වැටෙනකම් තාම බලාන ඉන්නව

    ReplyDelete
  3. මං මේවට කිසිවක් නොකියමි. මන්ද යත් මූට සිරා ටෝක් දෙන්නට ගියහෝත් පසුව මූ අපට හූ කියනා විට කාලා ඉවසන්නට බැරි වන නිසාවෙනි.. හොඳ හිතිං අනිත් ටික ලියපං... ඔතන උඹ ලිව්ව මැෂින් ගැන ඒ හැටි කට්ටියට තේරුමක් නැති හින්දයි ප්‍රශ්න අඩු උනේ.. ඒත් ඉතිං අපි ඒ අස්සේ විහිළු කලාට කවුරු කවරුත් එකතු වෙලා ලිපිය බැළුවනේ.. දැන් ලියලා බලහංකෝ ලී ගැන සහ ගණන් හිලවු..ඒවායේ ප්‍රමිතිය සහ ලී මඩු කරන අයගේ දහං ගැට ගැන.. උඹට බලා ගත්තෑකි මොකද වෙන්නේ කියලා.. මෙතන ඉන්න උන් වැඩි හරියක් ලී මෝල් දාන්න බලං ඉන්නේ නැහැ.. ඒත් හැම එකාම ගෙවල් හදන්න ලී බඩු හදන්න හීන මව මව ඉන්න උන් ඉන්නේ.. මං උඹට මුලින්ම මේ ගැන ලියන්න කතා කලේත් ඒ අය ටාගට් කරගෙන... උඹ වැඩේ කරහං...

    (එහෙමයි කියලා මඩ නොගහා ඉඳි කියලනං හිතන්ට එපා පුතෝ.. උඹ ඇර වෙන කවුද අපිට එහෙම එහෙකට හිත හොඳ එකෙක් ඉන්නේ..)

    ReplyDelete
  4. මටත් හරියට ඩෙයක් කයන්න ටේරෙන් නැ නෑ අප්පා,,

    ReplyDelete
  5. දෙමලහොරාටයි අනිත් එවුන් දෙන්නටයි කෑම ටික ලැබෙන්න ඇති මයෙ හිතේ.

    ReplyDelete
  6. හත්තිලව්වෙ හිනා වෙන්නද අඞන්නද මන්ද, අර මාරයා කිව්වා වගේ මේවට සිරා ටෝක් දීලා නිකං පච වෙන්න වෙයිද දන්නෙ නැහැ .......

    කුනුහරප කතා නොකර ඉතුරු ටිකත් ලියපිය .......

    ReplyDelete
  7. කතාවනම් කලින් අහල තියෙන ගතියකුත් තියෙනවා
    හොරකමක් වුනත් කරන්න ඕනේ ගැලපෙන උං එක්ක කියලද මේකෙන් ගන්න තියෙන ආදරුසේ...

    මචන් බනියා,
    කවුරු මොනවා කිව්වත් විහිළුවක් තහළුවක් කලත් තමන් කරන දේ හරිනම් පටන් ගත්තු දෙයක් දිගටම කරගෙන යන්න හිතේ ධෛර්යය තියෙන්න ඕනේ
    එහෙම නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න ගියොත් ටිකක් අමාරුයි පුතෝ

    ReplyDelete
  8. මේ කතාව කියවලා :D :D :D

    අර පන්සල් හංදිය කිව්ව වගේ "කුනුහරප කතා නොකර ඉතුරු ටිකත් ලියපිය ......." මාරය කියල තියෙන විස්තර ටිකත් දාලා...

    ඒත් බනියො අර කියපු කතාව නම් සහතික ඇත්ත... ලියන එකා පපුව කඩාගෙන ලියල සතුටු වෙන්නෙ අනිත් එවුන් දාන කොමෙන්ටුවක් කියවලා...දුක හිතෙනවා තමයි....

    ReplyDelete
  9. බනියගේ හිත රිද්දලා වගේ...
    ඉන්නකෝ මම ඒකත් කියවලා එන්ට...

    ReplyDelete
  10. අපිත් මේ බලං ඉන්නේ ඒකේ ඉතුරු ටික දානකම්.. පික්සු නැතුව දාපං බනියා මලේ...

    ReplyDelete
  11. හැමෝටම ස්තූතියි ප්‍රතිචාර වලට :)

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.