Saturday, October 15, 2011

ටුක් ටුක් එක

මාතෘකාව අමුතු වගේ දැක්කට ඔහොම කියන හේතුව මං නම් දන්නැ ඕං.. !
මේ වගේ මාතෘකාවක් ගැන කතා කරන්න හිතුනේ මාරයා අයියා ගිය පාර පොස්ට් එකේ අහපු ප්‍රශ්ණෙට උත්තර අහන්න ගිහින් :P

මාරයා අහපු ප්‍රශ්ණෙ තමා ඉදිරියට මෙන්ම පිටි පස්සටත් ඒ හා සමානව ගියර් තියෙන වාහනේ ගැන.. ඉතිං එක එක ජාතියෙ උත්තර දුන්නා.. මං කිවේ යුද්ද ටැංකිය කියලා :P
බැලින් නම් හනේ හරිම සරල වාහනයක්.. ඒ තමා ත්‍රීවිල් එක.. මොකද එව්වාගෙ රිවස් එකට වෙනම ගියර් එකක්නෙ එන්නෙ.. ඉතිං ඒ ගියර් එකට අනික් ඉදිරියට යන ගියර් 4 ම අදාලයි.. :D මං නම් ඒකෙ සාර්ථකත්වයක් දකින්නැහැ.. අන්තිම සරල වාහනයක් නිසා එහෙම එවන්න ඇත්තෙ.. 4 වැනි ගියර් එකෙ පස්සට යන්නෙ කොහොමද කියලා නිකමට හරි වාහනයක් පැදපු කෙනෙක්ට නම් තෙරෙන්න ඔනි.. :D

කොහොම නමුත් මං කියන්න හදන්නෙ ත්‍රිවිල් වල නරක පැති හා මට එපාම කරපු වාහනය ගැන.
ගොඩක් අය තරහා වේවි.. බනිවී.. (මොකද මේක මිනිස්සු සලකගෙන ඉන්නෙ දුප්පතාගෙ හිතවතා කියලා) ඉස්සර නම් ඔය පෝස්ට් එක තිබ්බෙ පුට්සයිකලෙට..

මුලින්ම කියන්න ඔනි ත්‍රිවිල් එකක් කියන්නෙ කිසිම ආරක්ශාවක් නැති වාහනයක්.
හේතූ

01. රෝද තුනක් පමනක් වීම..

02. බ්‍රේක් වල ගැටලු
 යාන්ත්‍රික ක්‍රමයකට බ්‍රේක් එන නිසා තෙල් නිසි පාලනයක් වෙන්නැහැ, ඒ වගෙම තෙල් බ්ලොක් එකක් ඇවිත් පිටි පස්සෙ එක රෝදයකට තෙල් යන්නැතිව ඉදිරි පස රෝදයට හා පසු පස 1ක කට ගියොත් තියෙන අවදානම.. අනිවා එතැනදි වාහනේ පෙරලෙන්න බලනවාමයි..!! දැන් කියන්න එපා ඉස්සර වාහන ආවෙත් එහෙමයි කියලා, මතක තියා ගන්න ඒවාට රෝද 5 ක් තිබ්බා (ස්පෙයාවීල් එකත් එක්ක :P)


ඔය බ්‍රේක් වල ගැටලුවෙදි මං අදුරන කෙනෙක්ට මේ ලගදි ඔය සිද්දිය සිද්ද උනා..  එ මනුස්සයා අද ත්‍රීවිල් එක ගත්තා නම් හෙට ගිහින් උදේ 11 ට ඉන්ශුවරන්ස් කලා.. කරලා ගෙදර ගේද්දි වංගුවේදි වාහනේ පෙරලුනා.. හොද වෙලාවට ඉන්ශුවරන්ස් කලේ.. :D පස්සෙ බලද්දි බ්‍රේක් වල තමා ගැටලුව
 පවු ඉතිං ලක්ශ 2 ක් විතර දීලා වාහනයක් අරන් පස්සෙ දුක් විදිනවා.. 

 මේ හැම හේතුවකටම ඒ වාහනේට බනින්න බැහැ.. මොකද අඩු වියදමිකින් හදන වාහනයක් නිසා.. ඔය හැම දෙයක්ම හරියටම නීට් එකටම එවන්න බැහැ.. මොකද ත්‍රීවිල් එකක් = BMW එකක් නෙවෙන නිසා..
ලොකුම වැරැද්ද ඩ්‍රයිවර් උන්දැලාගේ..
මට නම් පාරෙ යද්දි එපාම කරපු දේ තමා ඔය ත්‍රීවිල් වම් පැත්තෙන් ඉස්සර කරන එක, ඒක ලංකාවෙ නිතියට පටහැනි උනාට.. උන්ට කිසිම ගානක් නැහැ.. වැරදිලා හරි පාරෙ හරියට යන කෙනා අනතුරක් වලක්වන්න  වම් පැත්තට වාහනේ ගත්තොත් අර ත්‍රීවිල් එකෙ වදිනවානේ ? පොලිසියෙන් ඇවිල්ලා වැරැද්ද පටවන්නෙ අපේ පිටට.. මොකද අරූ කියනවද මං වම්පැත්තෙන් දැම්මා කියලා ? නැනේ.. අපි දකුණෙන් ඉස්සර කරන්න ගිහින් හැප්පුවා කියලා තමා කියන්නෙ.. ඇසින් දුටු සාක්ශි තිබ්බොත් නම් ඔන්න හරි..!! එත් මිනිස්සු දැක්කත් නොදැක්කා ගානට යන කාලයක්නෙ මේක..

 ඒ වගෙම අපි හිතමු කඩුගන්නවා කන්ද නගිනවා කියලා.. ගොඩක් තැන් වල පාර වෙන් කෙරෙන්න තියෙන්නෙ ඩබල් ඉර.. ඔය වගේ තැනකදි ත්‍රීවිල් එකක් කොටන කොට මල පනින්නැද්ද ? බර වාහනයක් නම් කමක් නැහැ..  ඉවසතහැකි.. ඒත් මේ චූටි වාහනයක් නිසා වාහන පෝලිමක්ම දුක් විදිනවා.. උන්ගෙ ආච්චිගෙ සීයාගෙ බූදලේ වගේ පාර මැද්දෙම යන්නෙ.. චුට්ටක් අයිනට අරගෙන ඉඩ දෙනවා නම් හරිනේ..
    තාත්තාගෙ බාසාවෙන් කිවොත් නම් ත්‍රීවිල් පදින 100 කින් 45 ක්ම මදාවි කාරයෝ.. !!  මදාවි කාරයෝ කියලා කියන්නෙ මැරයා කියන අදහසින් නෙවෙ.. අර අනික් මිනිස්සු ගැන හිතන්නැති ආර්ත්මාර්ත කාමින්..

මේ ලගදි මං කොළඹ පාරකින් යද්දි ටිකක් හොදට පාර තිබ්බ නිසා 60 ට වගේ පාගලා අවා.. කොහේදො ඉදන් ත්‍රීවිල් කාරයෙක් දැම්මෙ නැතැ පාර මැද්දට.. 99 න් දන්න සියල්ලම ශිල්ප දාලා බේරුනා..

මේ අතරෙ මට පොඩි ජෝක් කතාවක් මතක් වෙනවා..

ඔන්න එක අත්තම්මා කෙනෙක් වාහනේක හැප්පිලා.. අරන් අවාලු ඉස්පිරිතාලෙකට.. ඉතිං ඩොකා අහනවාලු.. අත්තම්මෙ.. අත්තම්මා මොකේද හැප්පුනේ කියලා..
අත්තම්මා කියනවාලු.. අනේ මං දන්නැ මහත්තයෝ.. මහා සද්දෙන් ආපු වැර්ලස් එකක් මාව යටකරන් ගියා කියලා.. :D

ලංකාවේ ත්‍රීවිල් වැඩි වෙන්න හෙතුව ?

   ලොකුම හේතුව තමා ගොඩක් මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම.. කරන්න කිසිම රස්සාවක් නැති උනාම කොහොම හරි රෝලක් ගහලා,  ගන්නවා ත්‍රීවිල් එකක්.. ඉතිං පාරක් අයිනට වෙලා දවසම කාලකන්නි කරගන්නවා.. හයර් එකක් අවොත් හොදයි.. එත් දැන් තියෙන ත්‍රීවිල් ප්‍රමානේ අනුව ඔච්චරටම හයර් වදිනවද ?
ආයෙ හේතුවක් තමා ඔය ලොතැරයි දිනුම් වලට ත්‍රීවිල් දෙන එක..

ලොකුම හේතුව.. ඔය ත්‍රීවිල් ගෙන්වන එකෙන් කාගෙ හරි මන්තිරි මහත්තයෙක්ගෙ සාක්කුවට ලොකූ ගානක් යන එක..

මං නම් ලයිශන් එක වත් ගත්තෙ නැහැ ත්‍රීවිල් පදනින්.. මට ඒ තරම්ම අපුල වාහනයක් තමා ත්‍රීවිල් කියන්නෙ.. නමුත් හදිස්සියකදි තැනක් හොයාගන්න බැරි උනාම ත්‍රීවිල් එකකට නගින එක වෙනම කතාවක් :D

ඔය ඇති.. නැත්නම් මේක කියවන ත්‍රීවිල් තියෙන මහත්වරු මට බනීවි.. :D


මට කියන්න ඕන උනේ අඩු මුදලකට තමන්ගෙ ජිවිතෙයි අනුන්ගෙ ජීවිතෙයි දෙකම බිල්ලට දෙන්න එපා කියන එක.. ආර්ත්මාර්ත කාමි වෙන්නත් එපා..

තව දෙයක් තමා.. ත්‍රීවිල් එක්ක පැද්ද කෙනෙක්ට බස් එකක් හරි 10 වීල් ලොරියක් හරි දුන්නොත් මොනවායින් මොනවා වේවිද ? :D

ත්‍රීවිල් වලට විසදුමක් විදියට මං දකිනවා අලුතින් එන tata nano කාර් එක.. මොනා උනත් ඒක කාර් එකක්නෙ ? ලස්සනයි.. ලංකාව කැත වෙන්නෙත් නැහැ.. මං නම් කැමති නැහැ පාරෙ එහාට මෙහාට කිසි නීතියක් නැතිව යන චාටර් ත්‍රීවිල් වලට..!!

අවසානෙ මට මෙන්න මේ සිංදු දෙකත් දකින්න ලැබුනා.. :D

 
 

2 Stroke හී 145.45 cc
4 Stroke හී 173 cc

Bunny෴

13 comments:

  1. mehemayi....three wheel karayo epa wenne pare yana widiya dakkamane........elakiri.......me wage ekak liwwata

    ReplyDelete
  2. මටත් පෙන්නන්න බැරි වාහනයක් තමා.

    ReplyDelete
  3. බනියා හොඳ කොල්ලා.. කියන පරක්කුවට කොමෙන්ට් බොක්ස් එක යටින් එල්ලලා..දැන් හරි පහසුයි...

    අර 4 වෙනි ගියර් එකෙන් ආපස්සට ධාවනය කියන එක ඒ හැටි දෙයක් නෙවෙයි මල්ලි..මොකද ඕක දැන්නේ 4 ස්ට්‍රොක් එන්නේ..ඉස්සර 2 ස්ට්‍රොක් නේ.. වාහනේ පිකප් එක හින්දා අඩු ගියර්වලටම යන්න ඕන නැහැ 4ත් රිවස් කලෑකි වගේම හොඳ පලපුරුද්දක් තියේනං ඉස්සරට තරම්ම නැති උනත් ආ පස්සටත් එලවන්න පුළුවන් සෑහෙන වේගයකින්... එහෙම උවමනා වෙන තැනුත් තියෙනවා..ඔය පටු පාරවල්වලදී වාහන දෙකක් මාරු වෙන්න බැරි අවස්ථාවලදී එහෙම සුටුස් ගාලා ආපස්සට ඇවිත් අනිත් එකට චාන්ස් එක දෙන වගේ දේවල් වලදී... හිතලා බලහංකෝ අනිත් එක ලොට ලොට පස්සට යනකොට අපිට තියෙන හදිසිය..

    ඊ ළඟ කාරණාව මලේ ත්‍රීවීල් රියදුරන්ගේ අඩු අධ්‍යාපනය වගේම සමහර ගෙවල්වල ඉන්න පැන්ෂන් ගිය උදවියත් ගෙදර දොරේ පාවිච්චියට ගන්නවා එකක්.. පොලේ යන්න.. දූ දරුවන්ව පන්ති ගෙනියන්න වගේ දේවල්වලට පහසුවට... හුගාක් දුරට එහෙම ගන්න අයගෙන් වැඩි හරියක් වෙනත් වාහනයක් එළවීමට පළපුරුද්දක් හෝ හැකියාවක් නැති අය.. අනේ ඉතිං පාරට දා ගත්ත වෙලේ ඉඳන් හුටු හුටු තමා.. යන්නෙත් පාර මැද... මාර්ග නීති කියලා මෙලෝ හසරක් නැහැ...

    හැබැයි ඔය අනතුරුදායක ධාවනයේ නරක වගේම ඕක වැදගත් වෙන වෙලාවළුත් තියෙනවා.. ඒ තමා හදිසියකට ලෙඩෙක් ගෙනියන්න උනාම..ඔය කෙළඹදී එහෙම ගිලන් රථයකටවත් යන්න බැරි තරං ඉක්මනට ත්‍රීවීල් එකක් යනවා... පේමන්ට් එකෙන් හරි දාගෙන ගිහින් මිනිස්සු කිහිපදෙනෙක්ම ගොඩ දාපු අවස්ථා මගේ රියදුරු ජීවිතයේ තියෙනවා.. ඒ අවස්ථාවලදී හොඳට හිටින්නෙත් අර අනවශ්‍ය වෙලාවකට කරන අනතුරු දායක පැදවීමම තමා... ඔය දේ කොයි එකෙත් තියෙනවා...

    බ්‍රෙක් පද්ධතිය ගැන කියනවනං මුල්ම කාලේට වඩා අද ඉතා හොඳ ස්ථාවර බ්‍රේක් පද්ධතියක් තියෙනවා..පෙ‍රලෙන්න හේතුව බ්‍රේක් නෙවෙයි මල්ලි... වාහනයේ හැරවීම... බයික් එකක් පදිද්දි කවදාවත් බයික් එහෙක නොගිය එකෙක් පිටිපස්සේ දාගෙන පදින්න ගියාම යම් කිසි අපහසුවක් තියෙනවා නේද..? මොකද බයික් එක නැවෙන කොට ඒකට ගැලපෙන විදියට ශරීර සමබරතාවය ඒ නොදන්න කෙනාගෙන් ලැබෙන්නේ නැහැ.. ඒත් දන්න කියන කෙනාත් ගානට විරුද්ධ පැත්තට ඇඟ නවලා බයික් එකේ ධාවනයට පහසු ආකාරයෙන් ඉන්නවා.. ආන්න ඒ වගේ ත්‍රිවීල් එක එළවන මනුස්සයටත් ඇඟ බැලන්ස් කර ගැනීම ගැන දැනුම අවශ්‍යයි... කොටින්ම කිව්වොත් මේක ඇගෙන් එළවීමක් තියෙන වාහනයක් මල්ලි... තමනුත් වාහනයේම කොටසක් වගේ නොවුනොත් දෙකක් නැහැ භාණ්ඩේ පෙරලෙනවා... වැඩේ හුරුනං කිසි ගින්නක් නැතිව ඕන තැනකින් නවලා කරලා ලස්සනට යන්න පුළුවන්..

    "තව දෙයක් තමා.. ත්‍රීවිල් එක්ක පැද්ද කෙනෙක්ට බස් එකක් හරි 10 වීල් ලොරියක් හරි දුන්නොත් මොනවායින් මොනවා වේවිද ? :D"

    අඩෝ මං ත්‍රිවීල් එළවලා තියෙනවා..කෝ දියං බස් එකක් මං එළවලා පෙන්නන්ට.. 10 වීල් එකක් උනත් විනාඩි 10න් අල්ල ගන්නං..මොකද මං තාම 10වීල් එළවලා නැති හින්දා...

    ReplyDelete
  4. මටනම් අල්ලන්නෙම නැත්ත් ඩීසල් එවගෙ සද්දෙ ලොරියකටත් වඩා එවගෙ සද්දෙ වැඩියි, මම හිතන්නෙ දැන් වාහනවල දුම පාලනය වගේම ශබ්ධය පාලනයත් ගැන තිතන්න ඔනෙ

    ReplyDelete
  5. බනියගෙ කතාවට මාත් එකඟයි... මටත් පේන්න බැරි දෙයක් තමා ඔය වම්පැත්තෙං ඉස්සරකිරිල්ලයි, අර කිව්වත් වගේ පාර බදු අරං කොට කොට යන එක....කන්දෙ විතරක්නං බැරිය. ටුක් ටුක් එක කෝමත් 40ට 50ට කොටන කොට වාහන පෝලිමක්ම කොටන්ටෝන. ඇයි ඉතිං අර කිව්වත් වගේ බහුතරයක් මදාවී අයියල පාරෙ ඉඩක් දෙනව කියලැ

    ReplyDelete
  6. ටුක් ටුක් වලට පොතේ හැටියට ලංකාවේ යන්න අනුමත වේගය 40kmph...

    ටාටා නැනෝ වගේ ටුක් ටුක් පාරේ යද්දි එක පාරටම ගිනි ගන්නේ නෑ නේද??? පරිස්සමෙන් එලෙව්වොත් යහතින් ගෙදර එන්න පුලුවන්...

    ReplyDelete
  7. බනියා මලේ ඉස්සරහට තියෙන ගියර් ටිකම ඒ විදියටම ආපස්සටත් තියෙන අනෙක් වාහනේ කෝච්චි ඇංජින්. ඒවයෙත් තියෙන්නේ රිවර්සර් එකක්. ඉස්සරහට යන වේගෙන්ම ආපස්සටත් යන්න පුලුවන්.

    නියම ලිපියක්!

    ReplyDelete
  8. එල එල. මම අදයි දන්නෙ ඔය ගියර් කතාව :) කොහොම හරි මට ත්‍රී විල්වල යන්න වෙච්ච අවස්ථා නං ඕන තරං... මොකද මගේම කියල වාහනයක් තාම නෑ.... බයික් වලට කැමතිත් නෑ... රෝද තුනක්වත් නැති හින්ද... :)

    ReplyDelete
  9. අම්මප ඔව් බං, මටත් පේන්නම බැරි වාහනේ.
    මම නම් පාරේ යනකොට වැඩියෙන්ම බය බල්ලන්ටයි කෙල්ලන්ටයි ත්‍රිවීල් වලටයි.

    ReplyDelete
  10. සහතික ඇත්ත බං. මටත් පේන්න බැරි උං ටිකක්. එහෙං රිංගනවා, මෙහෙං රිංගනවාග උංටනම් නීති නෑ..

    ReplyDelete
  11. එහෙන් මෙහෙන් රිංගන හැටි දැක්කාම බලා ගෙන ඉන්න අපිටත් බය හිතෙනවා.

    ReplyDelete
  12. මට නම් ඔය වාහනේ එතරම් ම වරදක් පේන්නෙ නෑ.
    ඒ මමත් නිතරම පාවිච්චි කරන්නෙ ඕකක් නිසා වෙන්න ඇති.පට්ට පරන එකක්.
    ලංකාවට ඇවිල්ල තියෙන්නෙ 1986 වරුසෙ. හිතාගන්න පුලුවන්නෙ කොයි තරම් පරණද කියල.
    කොටින්ම මං ඔෆිස් යන්නෙත් ඒකෙ. සමහරු ඉතින් හිනාවෙනවත් ඇති .. නෝන්ඩියට. ඒ වුනාට මම ගණන් ගන්නෙ නෑ. ඔය සමහරුන්ට ඕන විදිහට ජීවත්වෙන එකෙක් නෙවෙයි මම.[ඔය හිනා වෙන එව්වො මට සල්ලි දෙනවැයි වෙන වාහනයක් ගන්න.. සල්ලි තිබුනත් මම ගන්නෙත් නැහැ. අර මක්කටෙයි රුපියල් 100 න් කරන වැඩේ 500 න් කරන්න යන්නෙ...?]
    බනිය පෙන්නපු අවාසි වලට සමානවම මට වාසිත් පෙන්නන්න පුලුවන් ඔය වාහනේ.
    අන්තිමට කියන්න තියෙන්නෙ .. එළවන එව්වොන්ගෙ තියෙන වැරදිවලට වාහනේ පළි නෑ කියන එකයි.

    ReplyDelete
  13. ඔන්න දවසක් එයාර් ෆෝස් හෙඩ් ක්වාටර්ස් එක ඉස්සරහදි හරියටම..අපේ වාහනේ ට්‍රැෆික් එකට අහුවෙලා පොඩ්ඩක් නතර උනා....අම්මෝ....ආව ත්‍රීවිල් එකක් නිකම් මොකක්ද වගේ වෙට්ටුවක් දාගෙන...එතකොටම එයාර්ෆෝස් ජීප් එකක් අනිත් පැත්තෙන් ආව..ඩෝන්පටෝන් ගෑවා....ත්‍රීවීල් එක මුනින් අතට හැරුනා...ඩ්‍රැයිවර් ඒක යට පාරේ...අම්මෝ මාව බේරගන්නෝ...කියනවා මට ඇහුනා........ඊට පස්සෙ මොනා උනාද දන් නෑ අපි ආවා..හැබැයි මිනිහා මැරුනෙ නැහැ කියල දන්නව.මැරුණ නම් කතා කරවියැ නේද බනී....?????

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.