Friday, September 16, 2011

අල්ලපු ගෙදර නගා..

  අල්ලපු ගෙදර නගා කීවේ අර දත් සුදුම සුදු කෙනා නෙවෙ.. අපේ ගේ ඉස්සරහා ඉන්න නංගිට.. මේක මේ fb එකේ ඉන්න හුගක් අයට ප්‍රශ්ණක් වෙච්ච මාතෘකාවක් නේ.. ඇත්තටම අල්ලපු ගෙදර නගා කුතුහලය දනවන සුලු මාතෘකාවක්.. :D
    ගොඩක් මේක කියවන අයගේ ගෙවල් ලඟ අල්ලපු ගෙදර නගාලා ඇති.. උන් එක්ක සෙල්ලම් කරලා ඇති.. කතා කරනවා ඇති.. අනම් මනම් නේ.. ඒත් මට මේ ලොකේ පේන්නම බැරි චරිතේ ඔය අල්ලපු ගෙදර නගා වෙන්ටැති..!!


ඉතිහාසය..
     ඇත්තටම මෙයා ඉපදුනේ කොහෙද අනම් මනම් මට මතකයක් නැ.. අපේ ගේ ඉස්සරහා ලස්සන ගෙයක් තිබ්බා.. කටු මැටි ගහපු.. හැමදාම අක්කලා දෙන්නයි මමයි පිටි පස්සෙ ගෙදර අක්කයි නංගියි ඔය ගෙදරට යනවා.. ඒ ගෙදර උන්නෙ දිග රැවුලක් තියෙන සීයා කෙනෙක්..
           ඒ සීයාගෙ නම මහතුන්. ගමේ අය කිවේ මහතුන් මාමා කියලා.. ඉතිං සීයා අඩියක් මඩියක් ගැහුවාම ලස්සනට සිංදු කියනවා.. ඒ වගේම අපිට මාරම ආදරෙයි.. ඔය සීයාගෙ තව යාලූ සීයා කෙනෙක් එනවා හැන්දැවට.. බට නලා ගහන්න පුලුවන් හෙන ලස්සනට.. ඉතිං අපි හැන්දැවට කරන්නෙ අර සීයලාගෙ ගේ ඉස්සරහා තියෙන ඇදේ වාඩි වෙලා සිංදු කියන එක..!
           දවසක් මං ඉස්කොලේ ඇරිලා එන කොට.. (ඉස්කොලේද, මොන්ටීසෝරිද මංදා) අනේ අර ගේ ඉස්සරහා ඩෝසර් කරලා දාලා.. ගෙදරත් බාගෙට කඩලා.. :'(

     මට දැන් ලොකූ ප්‍රශ්ණයක් මේක.. ඇයි එහෙම කලේ අනම් මනම්.. අපි හැමෝටම මාරම දුකයි.. අර සීයා පේන්න උන්නෙත් නැහැ.. ටික දවසක් යද්දි ඒ කඩපු ගෙට පස්සට වෙන්න අලුතින් ගෙයක් හැදෙන්න ගත්තා.. ඒක නම් මහ මෙලෝරහක් නැති ගෙයක්.. මූසල පාටයි.. අර මැටි ගහපු ගෙදර තිබ්බා ඊට වඩා ලස්සනක්..! කොහොම කොහොම හරි ගේ හදලා ඉවර උනා.. දැන් ගෙදර අය පදින්චිත් උනා.. අඩේ මෙන්න අර සීයා ඉන්නවා..
      ඒ එක්කම තව මට වඩා පුංචි කෙල්ලො දෙන්නෙක් ඉන්නවා..! අෆොයි.. සීයාගෙ ළමයින් වත්ද ? මට තව ඉරිසියා හිතුනා.. ඇයි යකෝ.. මෙච්චර කල් සීයා අපි එක්ක උන්නෙ.. තව දෙන්නෙක් ආවොත් අපිට ආදරෙ නැති වෙනවානේ..!! එහෙම වෙන්න දෙන්න පුලුවන්ද..!! ඉතිං ඕක දැන ගන්න මං ලොකු ප්ලැන් එකක් ගැහුවා..! ඔය ගේ ඉස්සරහා තිබ්බා ජම්බු ගහක්.. තාමත් ඕක තියෙනවා.. ඉතිං ඔය ගෙදරට පැන ගත්තා ජම්බු කඩන්න කියලා.. සීයා ගේ ඉස්සරහාට එන කොට ජම්බු ගහට නැගලා ඒක මහ හයියෙන් හොලවලා.. ජම්බු ටික බිමට කඩලා දැම්මා.. කාටවත් නැනේ :-D

 ඔන්න සීයා දුවගෙන ඇවිත්.. හා හා පුතේ ඔය මොනාද කරන්නෙ කියලා ඇහුවාම.. ඔන්න මගේ ප්‍රශ්ණය අහන්න වෙලාව.. කවුද සීයේ අර ආපු ගැණු දෙන්නා ? සීයාගෙ ළමයිද ?  සීයා මහ හයියෙන් හිනා වෙනවා.. ඇයි යකෝ අවුරුදු 80 විතර සීයා කෙනෙක් ගෙන් අවුරුදු 7-8 විතර කෙල්ලො දෙන්නෙක් ඉන්නවාද ඇහුවාම මොන මෝඩයාට හිනා යන්නෙ නැත්තෙ :D අපි ඉතිං ඔය කාලෙ දන්නෙ බබාලා ගෙන්නෙ රෝස කැලෙන් කියලානේ :D :D

ඔන්න සීයා ස්ටෝරිය දිග ඇරියා.. ඒ සියාගෙ පුතාගේ බබාලා දෙන්නාලු.. ඔය ගේ හදලා තියෙන්නෙ සීයාගෙ පුතාට.. කලින් ඉදලා තියෙන්නෙ මහ ගෙදර.. සීයා තමා අර මං කීව කටු මැටි ගහපු ගෙදර තනියෙම උන්නෙ.. සීයාත් අර ගේ කඩපු එකට හුගක් අප්සට් එකේ ඉදලා තියෙන්නෙ.. කොහොම කොහොම හරි මහ මූසල දවසක අල්ලපු ගෙදර නගාගේ ගෙට අල්ලපු ගෙදරින් මහ සද්දයක් ඇහුනා.. බැලින් නම් මහතුන් සීයා ළිදට වැටිලා කියලා කෑ ගහනවා.. කොහොම කොහොම හරි අපේ තාත්තයි අර නංගිලාගෙ තාත්තයි කට්ටිය එකතු වෙලා සීයා උඩට ගත්තා.. සීයාට හොදටම වතුර පෙවිලා.. ප්‍රථමාදාර දුන්නා ඒත් කිසිම වැඩක් උනේ නැහැ.. සීයා නැති උනා..!  මං ඇඩුවත් එක්ක.. මරණේ තියෙන්නෙ අර අලුත් ගෙදර නිසා මරණේ බලන්නවත් ගියේ නැ..
   
     මගේ මතය.. සීයා නැති උනේ අර අලුත් ගෙදර හදපු එකේ දුකට.. සීයා ළිදට පැන්නා කියලයි මට නම් හිතෙන්නෙ.. මොකද අවුරුදු 80 විතර කෙනෙක් උනොත් මායි පොඩි අක්කයි අත් දෙකට වඩා ගන්න තරම් හයියක් තිබ්බා.. එහෙම කෙනෙක් ලිදට වැටෙන්නෙ කොහොමද ? ඒ වගෙම අඩි 3 ක් විතර උස ලිං ගැට්ටක් තියෙනවා.. ලිස්සලා ගියත් ඔලුව පැලිලා හරි බේරෙනවා ලිදට වැටෙන් නැහැ. ඒ වගෙම ලිදේ මැද හරියට දාපු බටේ කැඩිලත් නැහැ.. එක්කො සීයාව උස්සලා ලිදට දාලා.. එක්කෝ සීයා ලිදට පැනලා..  ඉතිං සීයා දුකෙන් උන්නෙ කියලා මටත් තෙරිච්ච එකේ ඔහොම දෙයක් කර ගන්න එක ගැන හිතන්න දෙයක් නැහැ.. ඒකට හේතුව අර නංගිලා දෙන්න යි එයාගෙ අම්මයි තාත්තයි මෙහාට ආපු එක.. කියලා තමා මගෙ පුංචි මොලේට තෙරුනේ.. ඔන්න මගේ තරහා ජනිත වෙන්නෙ ඔතැනින්.. මොන හේතුවකටද මංදා ඔය ඇන්ටියි අංකලුයි මාත් එක්ක යසට කතා කරනවා.. අර කෙල්ලො දෙන්නා විතරයි මට පේන්න බැරි :D


ඉතිං ඔහොම අපි ටික ටික ලොකු මහලු උනා..  ඉස්කොලේ ලොකු ලොකු පංති වල.. :D

පාඩම් කිරීල්ල
     අම්මියෝ උන් දෙන්නා පාඩම් කරනවා කියන්නෙ.. එක්කො කාඹරේට වෙලා පාඩම් කරහල්ලාකො.. ඔය පාඩම් කරන හැටියට අනිවා ඕකුන් දෙන්නා ලොකු පුටු දෙකකට යනවා..
ඒ වගේම මං කනේ ඇබ ගහන් උන්නෙ නැති නම්.. ඊට ආසන්න පුටුවකට යනවා.. ඒ තරමට සද්දෙ..
මේ ලගදි දවසක සැළලිහිණි සන්දේශයේ කවි වගයක් පාඩම් කලා..  ආයෙ හෝදන්න ඔනී නැ.. රාහුල හිමියි සැළලිහිණියයි දෙන්නාම නඩු දානවා..!


මා වැනි බිලින් දා
වර වර ළඟට කැන් දා
දුක සැප කුමන් දා
අසන නිරිඳෝ වෙන කොයින් දා


අල්ලපු ගෙදර නගාගේ තාත්තා රට යෑම

       කොහොම කොහොම හරි ඔය අංකල් රට ගියා.. අවුරුදු කීපයකට.. ඉතිං ඔන්න එක එක ජාතියේ සෙල්ලම් බඩු අනම් මනම්  ගෙනැල්ලා දීලා.. (ඉරිසියාවෙත් බෑ) :D

ඕගන් එක

       එක දවසක් අමුතු අමුතු සද්ද ඇහෙනවා ගේ ඇතුලෙන්.. හොයලා බලද්දි ඕගන් එකක් ගෙනැල්ලා දීලා.. අෆොයි.. දැන් නම් මං ඉරිසියාවෙ පැලෙනවා.. :D 
        මුන් ඕකෙන් පුරුදු වෙනවා නම් කමක් නැහැ ඒකෙ තියෙන මියුසික් කෑල්ලක් දාගෙන.. ඒකට ගැලපෙන්නැති සිංදුවක් මහ හයියෙන් කියනවා..! මට ඉතිං ඔය වෙලාවට මල විකසිත වෙනවා..!  ඕක එක්කො හෙමින් කියාපල්ලාකො.. ගෙදර තියෙන අලි කැසට් එකට මයික් එකක් ගහගෙන ඔකෙන් කියන්නෙත්..! ඒ අස්සෙ ඒක ඕගන් එකටත් අල්ලනවා.. ඒ වෙලාවට නම් මල් පාත්තියක්ම විකසිත වෙනවා..! :D

ඔක්කොම හොදයි මහ හයියෙන් සිංදු කියන එක තරම් අල්ලන් නැති වෙන මුකුත් නැ මට..! එක්කකො කියහල්ලාකො ලස්සනට.. නිකං මේ අහක ඉන්න ගැරඩි අද්දනවා..!

වයලීං එක

      ඔහොම ඉදලා ඉදලා ලොකු නංගි යනවා මියුසික් කලැසියකට.. අලි මදිවට කොටි කිවාලු.. මෙන්න ගෙනැල්ලා වයලීං එකක්.. අෆොයි.. පොඩි නංගි ඔගන් ගහනවා.. ලොකු නංගි "ස" "ප" මදිනවා.. එහෙන් "රී" ගන්නවා.. ආයේ "ග" ගන්නවා. මට එපා වෙලා ගගේ මාලු ඇගේ නටනවා..! අම්මපා.. බෝම්බ ගහලා මදිනේ..!!  කාක් රැලක් ආවා වගේ..! මොන කරුමයක්ද..


දහම් පාසල් මියුසික් ප්‍රැක්ටිස්


    ඔහොම ඉදලා ඉදලා ඔන්න තව සෙල්ලම් පටන් ගත්තා මුන් දෙන්නා.. අනේ අම්මපා පුලුවන් වැඩක් එපැයැ කරන්න.. දහම් පාසලේ තැගිප්‍රදානෝත්සවේට සිංදු කියන්න ළමයින්ට පුරුදු කරනවා..
ඒ වගේ සති 2-3 ක් නම් අනේ කිසිම හතුරෙකුට වෙන්න නාකයි..! මං පුදුම පවක් කරලා තියෙන්ට ඇති ඒ කාලේ..!!


ෆෝන් හැදිල්ල

         තව මට එපාම කරපු එකක් තමා.. ෆොන් එකේ මොකක් හරි මගුලක් කරගෙන උස්සන් එනවා.. ඒ ඇන්ටි..! එක්කො පාස්වර්ඩ් දාලා කියයි.. එක්කො කීපැඩ් ලොක්.. යකෝ කීපැඩ් ලොක් එක වත් ඇරගන්න බැරිද මංදා..! මුන්ට ගේම් ගහන්නයි.. මං ලොක් අරින්නයි..

තව දවසක් ෆෝන් එක උස්සන් එනවා.. පුතේ මේකට මොකදෝ මංදා අකුරු එහෙ මෙහෙ ගිහින්නෙ කියාගෙන.. බැලින් නම් චයිනිස් වලට ලැන්ග්වෙජ් එක මාරු කරගෙන..! අෆොයි ඉතිං මං පැය ගානක් කටු කාලා අන්තිමට කඩ්ඩට මාරු කරලා දුන්නා..!
ඔය ගෑනි ගැන ලියන්න නම් මට බ්ලොග් පිට 3-4 ක් වත් යයි.. අයේ

ජම්බු ගහ

තව මල පනින වැඩක් තමා මං ඉස්සර අත් පත් කරගෙන උන්න ජම්බු ගහ ලොකු නංගි අයිති කරගන්නෙ..!  අනේ අම්මපා ඕකි ජම්බු ගහෙන් වැටිලා අතක් පයක් කඩා ගත්තෙ නැනෙ.. !! (පස්සෙ නම් ජම්බු ගහෙන් වැට්ටා;-)

අම්මේ ඔය සක්කර වට්ටම් දෙක ගැන නම් කියන්න මට මේ බ්ලොග් ලිපි 3-4 ක් වත් ලියන්න වෙනවා.. ඒක නිසා මේ මදැ.. අම්මපා මට සැකයි ඕකුන් දෙන්නා මට අතවරයක් වත් කරයිදෝ කියලා.. ! :D

ඔන්න කිවා.. මට ඔය කෙල්ලො දෙන්නා පේන්න බෑ හරියේ..!!!


කෙල්ලො දෙන්නෙක්ගේ අතවරයට පත් මං
PirateBunny :D



.

27 comments:

  1. මෙතැන ඇත්තේ වේදනාව පිළිබඳව වූ කතාවකි...

    සීයාගේ ආදරය නැතිවීමේ වේදනාව එකකි...
    බනියගේ ගේ ළඟ කටු මැටි ගෙයක් තිබීම හරහා බනියගේ ගේ කැපී පෙනෙන එක නැති වූ එක තවත් වේදනාවකි.
    බනියාට ගැණු ළමයෙක් නැති වීමත් වේදනාවකි.
    අම්මා ආවට කවදාවත් දූලා බනියාගෙන් ෆෝන් සාදා ගන්නට නොපැමිණිම ඊටත් එහා වේදනාවකි.
    බනියාට සංගීතය බැරි එක වේදනාවකි..
    නංගිලාට සංගීතය පිහිටීමත් වේදනාවකි..

    හෆ්ෆා..මට බැහැ බොලවු..මෙහෙම ලියන්න ගියොත් තව කොච්චර ලිව්වහැකිද..?

    ReplyDelete
  2. ඇති යාන්තන් උබ මේ කෙල්ලො දෙන්නට බයයි!
    ඉතින් බං උබට ඔච්චර ආසනන් ගිහින් මොනවා හරි ;) පැක්ටිස් පාරකුත් දාගනින්කො!

    ReplyDelete
  3. මාරයියා එල ඈ! ටක්කෙටම කිව්වනෙ බනියගෙ ලෙඩේ!

    ReplyDelete
  4. @ මලියා...

    මං දන්නෙ නැද්ද බං අපේ මේ වල් හා‍වගේ සූත්තර... අනික උඹට පේන්නේ නැද්ද දැන් වෙලා ඇති කියලා හිතෙන දේ...

    මුලින් ඕගන්..ඊට පස්සේ වයලින්.. පස්සේ ෆෝන්..

    ෂුවර් එකටම දැන් ඉස්සරහා ගෙදර කොම්පීටරයක් සහ ඉන්ටනෙට් පහසුකං තියෙනවා..ඉතිං මූ හිතං ඉන්නේ දැන් අර කෙල්ලෝ දෙන්නා නෙට් එනවා ඇති කයලා..කොහොම හරි වැරදිලාවත් මේක බැළුවොත් ඒ කෙල්ලෝ දෙන්නා දැන ගන්නවනේ මූ ඒ කෙල්ලෝ දෙන්නා ගැන හෙන හිතේ අමාරුවෙන් ඉන්නවා කියලා..

    කොටින්ම කිව්වොත් මේක මේ අපිට ලිව්ව එකක් නෙවෙයි.. ඒ කෙල්ලෝ දෙන්නට පේන්න ලිව්ව එකක්..

    තරහක් මරහක් තියේනං ඒකට හේතුව සීයාගේ කතාවය..එහෙම නැතිව මං උඹලා දෙන්නා එක්ක අමනාපයක් නැතිය කියලා කියන්න ගහපු ගැටයක්..
    මීට වඩා මොනවත් ලියන්න බැහැ..මට ‍දැන් මැවිලා පේනවා හාවා මාව කන්න වගේ මූණ හදන් ඉන්න හැටි..හැකිස්..

    ReplyDelete
  5. ඔය නම් පැහැදිලි ඉරිසියාව...

    ReplyDelete
  6. මාරයාට ප්ලස්‌ වන් කියා නවතිමි.

    ReplyDelete
  7. ඇයි දෙය්යනේ,, අපේ බනිය මොන පවක් කළාටද මේ??? :(

    ReplyDelete
  8. "අම්මපා මට සැකයි ඕකුන් දෙන්නා මට අතවරයක් වත් කරයිදෝ කියලා"

    මල මගුලයි බනියෝ කෑගහපිය යට ගිරියෙන්...

    ReplyDelete
  9. බනියෝ....මාරයා අයියා ඔක්කොම කියලානෙ.ඒ මදෑ නේද?හික්ස්....

    ReplyDelete
  10. මේ පෝස්ට් එක ප්‍රින්ට් කරලා නඟාලා දෙන්නට දෙන්ට.. ;-)

    ReplyDelete
  11. අපිට කියන්න දෙයක් නෑ කිව යුතු දේ ඇත්ත ඇති සැටියෙන්ම මාරයියා කියලා තියෙනවා

    ReplyDelete
  12. මටත් කියන්න තියෙන්නෙ මාරයියා කියපුවාම තමයි

    ඒ වුනාට බනියට වදින්න තව පාරක් කොපි පේස්ට් කරන්න ඕනි

    මෙතැන ඇත්තේ වේදනාව පිළිබඳව වූ කතාවකි...

    සීයාගේ ආදරය නැතිවීමේ වේදනාව එකකි...
    බනියගේ ගේ ළඟ කටු මැටි ගෙයක් තිබීම හරහා බනියගේ ගේ කැපී පෙනෙන එක නැති වූ එක තවත් වේදනාවකි.
    බනියාට ගැණු ළමයෙක් නැති වීමත් වේදනාවකි.
    අම්මා ආවට කවදාවත් දූලා බනියාගෙන් ෆෝන් සාදා ගන්නට නොපැමිණිම ඊටත් එහා වේදනාවකි.
    බනියාට සංගීතය බැරි එක වේදනාවකි..
    නංගිලාට සංගීතය පිහිටීමත් වේදනාවකි..

    හෆ්ෆා..මට බැහැ බොලවු..මෙහෙම ලියන්න ගියොත් තව කොච්චර ලිව්වහැකිද..?

    ReplyDelete
  13. කෙල්ලෝ දෙන්න උඹව බාල අපචාරයකට ලක් කරයි. උඹ තාම පුංචි එකානේ.

    මොනා වුනත් උඹ කෙල්ලෝ දෙන්නට හෙනට ලව් නේද. නැත්තං ඔය ඔක්කොම සීන් මතක හිටින්න විදියක් නැහැනේ.

    ReplyDelete
  14. මොකට නිකං ඉරිසියා කරනවද බනී. කෙලින්ම ගිහින් අහපන්. වැඩිම වුනොත් බනී :D

    ReplyDelete
  15. මටත් පේන්නේ බනියා කෙල්ලෝ දෙන්නට ෆුල් ලව් වගේ... ;)

    ReplyDelete
  16. අනේ පව් අහිංසක බනිය.......මට සැක බනියගෙ ට්‍රය් එක දුවලටද අම්මටද කියල

    ReplyDelete
  17. අඩෝ හාවා උබ ග්‍රීස් ගාගෙන ගෙදරකට පනින්න ගිහිල්ලා ගුටි කෑවා කියලා කතාවක් තියෙන්නේ ඕකුන් දෙන්නගෙ ගෙදරට පනින්න ගිහින් වුන කතාවක්ද
    (\_/) (\_/)
    (. .) ( )
    () () වල් හාවා () ()
    C( . ) C( )( )
    (o) (o) (o) (o)

    ReplyDelete
  18. මට තේරෙන විදිහට නම් බයිල ගගහ බනිය කැරට් විතරක් නෙමෙයි පාත්තියත් කන්න හදන්නෙ.... :)

    මේ ඔක්කොම කතන්දර පොටක් පෑදෙනකම් වෙන්ටෑ....

    ReplyDelete
  19. මේ හොර බනියා මොකාටදෑ මේ එන්න හදන්නේ...

    ReplyDelete
  20. බනී පව්ව්ව්ව්ව්ව්ව්ව්...:)

    ReplyDelete
  21. බනියගේ හිතේ තියෙන හැමදෙයක්ම මාරයියා කියලා තියෙන්නේ....

    ReplyDelete
  22. මාරයියා සියළු ඇත්ත පවසා ඇතැ.........

    ReplyDelete
  23. නරියාට මිදි තිත්තය....බනියාට නංගි ලා තිත්තය..!

    ReplyDelete
  24. maaraiyaa samaga ekaga wemi.. :D

    ReplyDelete
  25. සම්පූර්ණයේම මෙතන ඇත්තේ වෙදානාවෙන් පිරුන හදවතකින් බුර බුරා නැගෙන එලියට පැනගන්නට බැරිව දගලන දුක් අදෝනාවක්...

    ඕකට මම බෙහෙතක් කියන්නම්... පොඩ්ඩ පොඩ්ඩ ඔයා ගෑනු ළමයි දෙන්නව යාලු කරගනින්... ඊට පස්සේ ඒ දෙන්නා උබට සංගීතය කියලා දෙයි... උබ ලගට ඇවිත් ෆෝන් හදාගෙන යයි.. අන්න ඊට පස්සේ බං උබේ මේ අදෝනාව නැති වෙයි... හිත සතුටෙන් පිරෙයි
    සඳරු අයියගේ වගේ උබේ හිතත් ඔකද වෙයි ඒ ගෑනු ළමයි දෙන්නව දකිද්දී

    ReplyDelete
  26. ආන්න මාලන් මල්ලි හොද උපදේසයක් දුන්නා.. ඒත් වැඩක් නැහැ මලේ.. මූට ඕවා තෙරෙන්නේ නැහැ..මූ දන්නේ වැට අයිනේ හක්කලං කොරන්න විතරයි...
    ඔය ගාල්ලේ ග්‍රීස් යකා කව්ද කියලා මාලන් මලයා දන්නවද..? වෙන කවුරුවත් නෙවෙයි..මේකා...

    ReplyDelete
  27. මම මේක කියෙව්වම නිගමන කීපෙකට ආවා..
    එකක්නම් බනියා ඉතිහාසෙට සැළලිහිණි සංදේශේ කියවලා නෑ..මොකද සැළලිහිණියේ මා වැනි බිළින්දා කියලා කවියක් නෑ...

    අනික මේක තනිකර ඊරිසියාව මූලික කරගෙන අර අහිංසක කෙල්ලෝ දෙන්නට මඩගහන්න ලියපු එකක්..

    කොහොම වුනත් පෝස්ට් එකේ විඳින්න රසයක් තියනවා...

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.