Tuesday, July 5, 2011

බනියා හිර ගත වෙයි 'ද' ?

  කලින් පොස්ට් 3-4 ටම රිප්ලයි දැම්මෙ නැහැ.. පොස්ට් ලිවත්.. කමෙන්ට් කරන එක දැන් කම්මැලි කමක් වෙලා.. :D
               කොච්චර ලේ කෝප උනත්.. හිනා වෙලා ඉන්න පුලුවන් මෙහෙම ලියලා.. එකට වැටෙන කමෙන්ට්ස් බැලුවාම.. ඒක නිසා 2-3 පාරක්ම කල්පනා කරලා ලියන්න හිතුවා.. මෙකත් අර කලින් ලිවා වගේ පොලිස් කතාවක්..
        දැන් නම් මට ලංකාවේ පොලිසිය තිත්ත වේගෙන එන්නෙ.. (කලිනුත් එහෙමයි) එත් රටක් උනාම නීතියක් කියලා දෙයක් තියෙන නිසා කරබාගෙන උන්නා.. මේක නම් නොකියාම බැරි දෙයක්.. මීට කලිනුත් පොලිසියෙන් මට ප්‍රශ්නයක් අවා.. ඒක කලින් ලිවේ නැහැ.. එත් අද දෙකම ලියන්නයි හදන්නෙ..

අද රෑ 9 ට විතර ගෙට්ටුවට කවුදෝ තඩිබානවා ඇහුනා..  මං යන කොටම.. ගෙට්ටුව ඇරෙන සද්දය ඇහෙනවා.. මං හිතුවේ තාත්තා ගෙට්ටුව අරින්න ඇති කියලා..
        මෙන්න මං යන කොට ගෙට්ටුව ගාව පොලිස් මහත්තයෙක්.. එතුමාම ගෙට්ටුව ඇරලා..

මං : මොකක්ද වෙන්න ඔනේ ?

රාලහාමි : මේ එක්සිඩන්ට් එකක් වෙලා හන්දියේ.. ඒක මනින්න ටේප් එක ගෙන්න අමතක උනා.. ටේප් එක ඉල්ලගන්න අවේ..

මං : දිග ටේප් නම් නැ.. අඩි 5 එකක් දෙන්නද ?

රාලහාමි :  අහ්.. මෙහෙම තැනක ටේප් එකක් නැද්ද ? (අපේ වියාපාරය අනුව අනිවාර්්‍යෙන්ම ටෙප් එකක් තියෙනවාමයි)

මං : නැති නිසා තමයි කිව්වේ නැහැ කියලා.. !

රාලහාමි : ආ එහෙමද ? එහෙනම් කොට ටේප් එක දෙන්න

මං : ටේප් එක දෙන ගමන්.. රාලහාමි කවුද දැන් අලුතින් අපු OIC ?
එක්සිඩන්ට් එකක් උනාම ටේප් එකක් ගෙන්න ඔනේ කියලා දන්නෙ නැද්ද ? 

රාලහාමි කාගේදෝ නමක් කියලා, නැනැ ඔය ටේප් එක හරියන්නැ කියලා යන්න ගියා..

...................................................................................................................................................................
මං අහන්නෙ.. රටේ නීතිය ක්‍රියාත්මක කරන හැත්ත වෙලා.. ලැජ්ජ නැතිව ගෙට්ටුව ඇරන් එන්නෙ අහවල් දේකටද ?

ඔච්චර රටේ අනතුරු සිද්ද වෙනවා.. එහෙම වෙද්දි.. අනිවාර්‍යයෙන්ම ටේප් එකක් ගෙනියන්න ඔනේ කියලාවත් මතක නැති එවුන්ට රස්සාව දුන්නෙ කොහොමද ? එහෙම උන් රස්සාවේ තියන්නෙ මොකටද ?

..................................................................................

දෙවැනි කතාව..

මේක උනේ මාස 2 කට විතර කලින්.. එත් ඔහොම හැන්දැවක.. 119 emergency service කියලා ගහපු ජිප් එකක් නවත්තලා අපේ ගේ ඉස්සරහා.. ගේට්ටුව අරින්න කියලා..  මාත් ඉතින් හදිස්සි කාරණයක්ද දන්නැහැනේ කියලා ගියා ගෙට්ටුව ගාවට ගිහින් පොඩ්ඩක් ඇරියා ගෙට්ටුව..

රාලහාමි : මුදලාලි ඉන්නවද ?

මං : ඉන්නවා.. හැබයි නිදි..

රාලහාමි : නැගිට්ටවන්න බැරිද ?

මං : නිදාගත්තාම ඇහැරෙන කම් සාමාන්‍යයෙන් අපි නැගිට්ටවන්නෙ නැහැ.. මොකක්ද කාරණය ?

රාලහාමි : තාත්තා හම්බවෙන්න අවේ..

මං : මං කිවානේ ඉතිං නිදි කියලා.. වෙන්න ඔනේ මොකක්ද ? මං කරන්න පුලුවන් දෙයක් නම් කරන්නම්..

රාලහාමි : අපිට ලෑලි ටිකක් ගන්න ඔනේ.. පොලිසියේ වැඩකට..

මං : ආ අහ්.. මං නම් මේ වියාපාරය ගැන දන්නැහැ.. තාත්තා තමා දන්නෙ.. තාත්තා එක්ක කතා කරගන්නවද ? (මං දන්නවානේ ඉතිං දඩයක් කියලා ;)

රාලහාමි : එහෙමනම් තාත්තාව නැගිට්ටවන්න බැරිද ?

මං : කලින් මං කිවානේ.. නිදා ගත්තාම අපි නැගිට්ටිවන්නෙ නැහැ.. ඔන්නම් හෙට උදේට එන්න.. තාත්තා උදේට ඉදීවි..

රාලහාමි : බැබැ මේ දැන් හදිස්සි වැඩක් ..

මං : එහෙමනම් කරන්න දෙයක් නැහැ.. වෙන තැනකින් ගන්න.

රාලහාමි : ආ එහෙමද ? මේහේ මොන පොලිසියටද අයත් වෙන්නෙ රාලහාමි ? (එයා එක්ක අපු වෙන කෙනෙක්ගෙන් අහනවා)

2 රාලහාමි : ****** ට තමා.. (එයාලාගේ පොලිස් කොඨාශයම තමා)

රාලහාමි : ආ එහෙමනම් ඉතිං අපිත් උවමනා වේවිනේ.. අපි අයේ එන්නැ හරිද..

මං : ඔව් ඉතිං උවමන වෙවී.. පැමිණිල්ලක් එහෙම තිබ්බොත් දාන්න එන්න එපැයැ..  ඔය මහත්තයා කවුද ? නම කියනවද මට ?

රාලහාමි : මං **** පොලිසියේ OIC (ඔරවගෙන ටක් ගාලා මාරු උනා.. නම කියන් නැතිව)

____________________________________________________________________________________________

"රාලහාමි : ආ එහෙමනම් ඉතිං අපිත් උවමනා වේවිනේ.. අපි අයේ එන්නැ හරිද.."

මේ යකා එහෙම කියන්න හෙතුව.. අපිකරණ වියාපාරයෙදි.. හදිස්සියෙවත් යම් කිසි දෙයක ප්‍රශ්ණයක් උනොත් පගාව දීලා බෙරෙන්න පුලුවන් කියන අදහසින් නේ ?

අපි නීතියට වැඩ කරනවා නම් එක එක යක්කුන්ට දෙකට නැවෙන්නෙ මොකටද ? ඔහොම OIC ලා පොලීසි වලට පත් කරන්නෙ මොක්කුන්ද ?

........................
මේ ප්‍රශ්ණ දෙකෙන් මට තාම ගැටලුවක් අවේ නැහැ.. සමහර විට ඉදිරියට කුමක් හෝ දේකදි පොලිසියට යන්න උනොත්.. අනිවා මුන් මට විරිද්දව උපරිමයෙන්ම දඩුවම් කරන්න හදාවි..

එත් මට අවුලක් නැහැ.. මං නීතියට වැඩ නම්.. පොලීසි මොකටද ? කාටවත් දෙකට නැවෙන්නෙ මොකටද ?
පොලීසිය කියන්නෙ අපේ සේවකයෝ.. එහෙම අයට ඔලුව කසන්න අවශ්‍ය නැහැ නේද ? ඔලුව කසන්න ඔනේ වැරැද්දක් කලා නම් නේ ?

අයුක්තියට කතා කරන්න කවදාවත් බය වෙන්න නරකයි..!


PirateBunny..෴



පාලි: මේක ලියන අතරෙ, හිතාදර බ්ලොග් සහෝදරියක් එක්ක පොඩි වලියක් ගියා.. මේ පොස්ට් එකෙ තියෙන දේ වල් වල තරහත් එක්ක කවදාවත් නැතිව මං එයාට බැන්නා.. කරපු වරදට සමාව ඉල්ලනවා එයාගෙන්.... ගැණු ළමයින්ට දෙයක් කියන්න කලින් 2 පාරක් නෙවේ 3-4 පාරක්ම හිතන්ටොන ;-)..
තව ඔනෙවාට වඩා open වෙන්නත් නරකයි :D
කටත් පරිස්සම් කරගන්ටොන..!


..

11 comments:

  1. "(අපේ වියාපාරය අනුව අනිවාර්්‍යෙන්ම ටෙප් එකක් තියෙනවාමයී)"

    ඔයාලා රෙදිමහනවද අලොz?

    ReplyDelete
  2. ලංකාවේ සිරි ලංකාවේ සිංහ ස්‍යෙයාවේ...

    ඔව්වා හදන්න කියලා අපිට කියන්න වෙන්නෙත් පොලිසියටමනේ බං.

    ReplyDelete
  3. අර කිව්වත් වගේ බනියලා ඇඳුම් මහන කට්ටියදෑ.....??

    අම්මෝ පොඩි උනාට මේකගේ කටේ සැර !!! නියම පොලිස් කතා ටික.

    ReplyDelete
  4. බනියා ඈදුම් මහන්නේ ලැලි වලින්ද

    ReplyDelete
  5. අපේ පොලිසිවල හිර ගතවෙන්න වැරදි කරන්නම ඕනෙ නැ!

    ReplyDelete
  6. ඔය කිව්වට ටිකක් පරිස්සමින් බන් වැඩ කරන කොම්පැනිය වෙනුවෙන් සාක්කි දෙන්න උසාවි ගිය මාවත් අල්ලල කූඩුවට දැම්ම පොලිසියක් ලංකාවෙ තියෙන්නෙ . වැරැද්ද අර බූරුවා කියපු තැන වාඩිවෙන්න බෑ කියපු එක.

    ReplyDelete
  7. hama thanama ohoma tama http://rmpmcreation.blogspot.com/

    ReplyDelete
  8. ade mamath bunny bn. bt mama nikan bunny nemei.. gal bunny..... :v

    ReplyDelete
  9. @ගලායන ජීවිතය : මගුලක් කතා කරනවා :D නැනැ ලී මනින්න.. :D

    @prasanna86k : :P ඔව් වෙන තැනක් නැ හදන්න :D


    @මධුරංග: හික් හික්.. :P ඇදුම් මහන්නැ අෆ්ෆා :D

    @ශානූ..: ලැලිවලින් කෝමද බොල ඇදුම් මහන්නෙ ? O_o

    @බුද්ධි: හාහාහාහ ඒක නම් ඇත්ත :D :D

    ReplyDelete
  10. @නීශ්.. මං නම් බය නැ ඇත්තටම., ඕකුන් ඔහොම තමා අෆ්ෆා.. නයි වගේ.. පැන පැන කන්නෙ..!

    @Rmpm creations ඔව්..

    @dinushka2 ඇහ්.. ගල් හාවෙක්ද ? :D මොකද ගල් බොනවද ? නැත්නම් වෙන දෙයක් කරනවද ?:P

    ReplyDelete
  11. නියරවල් දිගේ නොවැටී දුවන්න පුලුවන් නිලධාරීන් අකුරැස්ස පොලිසියට බඳවා ගැනේ.......

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.