Saturday, June 11, 2011

නුවර බස් එකෙ හිරවී ලියමි...(සෙන්චරි බාගෙයි හැපිබර්ත්ඩේ එකයි සැමරීම පිනිස ලියමි. )

පට්ට අමාරුවෙන් ගුලි ගැහී සිටිමි..ඒත් ලිවිය යුතුමය.. අද බනියාට ස්පෙසල් ඩේ එකකි..එනම් බනියා මෙලොවට ආපු දවසය..

සමහරුන්ගේ වාසනාවටත්.. සමහරුන්ගේ අවාසනාවටත්.. සමහරුන්ගේ කරුමයටත් අද වැනි දිනයක බනියා ඉපදුනේය.. මට කරන්න දෙයක් නැත..මං ඉපදී අවසානය.. අද ඉපදුනාමයැයි මට හරියකට ශුවර් එකක් නැත.. මොකද මං ඉපදෙන කොට කලේ මොනාද මතක නැත.. කෙසේ හෝ ඉපදී දැන් නාකිවෙමින් පවති.. එනම් බනියාට දැන් 20 කි.. අම්මාට නම් මං තාම පොඩි එකෙකි..

මේ ලියන අතර තුරත් FB හී වෝල් එක පිරී ඉතිරී යමින් ඇත.. එලෙසම SMS කෝල් හෝ ගාමින් පැමිනේ..  මට හෙන සතුටුය..ඒ මක්නිසාදයත්, මට යාලුවෝ රොත්තක් ඇත.. කිසි කලෙක දැක නැති උනුත් විශ් කර ඇත.. යාලුකම් වලට මූනු දැකීමක් ඇවැසි නැත.. එලෙස මං පෙම් කරද ඇත.. එව්වානම් දිග කතාය :D:D තවද ගැණු ළමයින්ගෙන් උම්මා 2-3 ක් ලැබි ඇත..එව්වා ෆේක් උම්මායැයි මට සැකය.. එත් අවුලකුත් නැත :D

ශිට් එකට අල්ලපු ශිට් එකේ එකා මට හෙත්තු වී හොද නින්දක් දා ඇත.. මට දැන් මලවිකසිත වෙමින් පවතී.. හිරවී තදවී යන එකට මට අරහංය.. ඒ අස්සේ මේ යකා මට හේත්තුවක් දමා ඇත.. කෙල්ලෙක් නම් ඉවසිය හැක.. එත් මූ මුස්ලිම් එකෙකි.. වැලමිටෙන් ඇන්නත් මූට ගානක් නැත.. ඔනිමගුලක් කියා මාත් ලියමි..
  ලියන එකත් මහ කම්මැලි වැඩකි.. බස් එකේ සිට ලියන්නෙ පළමු වතාවටය..
මේක හරියන මගුලක් නොවේය.. තවත් උන් කන්න වගේ ලැප් එක දිහා බලමින් කෙල හලති.. ලැප්ටොප් එකට ඇස්වහා කටවහා වැදී හාඩ් එකවත් පිච්චුනොත් මට ඉදලා වැඩක් නැත.. මක්නිසාදයත් ෆිල්ම් බරගානක් ඇත.. හන්ගපු ෆොල්ඩර 2-3 කුත් ඇත.. ඒ මොනාදැයි මගෙන් ඇහුවේ නැතුවාට කමක් නැත.. ;-) තව පොටොස් ටිකත් මට මාරම වටිති.. බැක්ප් ගන්න එකත් මරන්නා හා = වැඩකි..

මට දැන් එපා වී ඇත.. ඉතිරි ටික ගෙදර ගොස් ලියමි..

...............................................................................................................................
Home Sweet Home ය
මම දැන් නුවර ගෙදරට සැපැත් විය.. මොබිටෙල් එකේ මාමලා නැන්දලාගේ අම්මලා තාත්තලාද මට මතක් විය.. ඒ අයියා කිව් දෙයක් හරියකට පැහැදිලි නැති ඌ නිසාය.. අයියා ටවුමේය.. මං ගෙදරට ඇවිත් ඇත..වස කම්මැලිය.. මං ප්ව්මන්ට් එකේ සිට නැවත ලියන්න පටන් ගත්තෙමි..

නැවත කිසි දවසක බස් වල සිට බ්ලොග් නොලියමි...

..........................

ලියන්න කතා 2-3 ක් තිබ්බත් මං ඉවසන් උන්නෙ අද විශේෂ දවසක් කරගැනිමේ බලවත් ආසාව මතය.. එනම් අද මේ ලියන්නෙ 50 වැනි ලිපියයි.. බ්ලොග් ලියන්න අරන් අවුරුදු 3 ක් උනත්. තාම ලියා ඇත්තේ ලිපි 49 කි.. මෙකත් එක්ක 50 කි.. එව්වාට හේතුද මං දන්නෙ නැත.. හිතෙන විදියට කම්මැලි කමටය...
මේ අවස්තාවෙදි විශේෂ ස්තුතිය පල කරයුතු කෙනෙක් ඇත.. එනම් ඩැනී අයියාය..
බනියාව බ්ලොග් ලිවිමට යොමුකලේ ඩැනි අයියාය..  ඔහුට හෙනට ස්තුතිය මෙම අවස්තාවේ පුදකර සිටිමි..

එලෙසම ගයාන් කල්හාර මල්ලීටද ස්තුතිය.. ඒ මක්නිසාදයත් බනී කියා නම දැම්මේ ඌය..! ඌට හෙන ගැහුවත් අවුලක් නැත..   :D:D:D:D
එලෙසම කමෙන්ට් කරමින් මාව දිරිමත් කල සැමටත් ස්තූතිය මෙලස පුදකරමි..!

දැනට මේ ඇතිය.. මට හෙන නිදිමතය.. මම නිදාගන්නට යමි..
මට සුභ උපංදිනයක් වේවාය..

විශ් කල හැමෝටමත් ස්තූතියි..!

..

27 comments:

  1. 50ටයි උපන්දිනයටයි සුබ පැතුම්....! අවුරුදු 3 තිස්සේ පොස්ට් 50ක්‌ ලියපු එකත් ලොකු දෙයක්නේ.... :)

    ReplyDelete
  2. සුබ පැතුම් මචං.. උබත් මගේ වයසෙනේ.. ඉරිසියයි බොල.. මං මේ ලගදිනෙ මේ කෙරුවාව පටාන් ගත්තෙ.. (Iරිසියයි කීවේ බොරුව්ට හොදේ) උබට සුබම සුබ උපන් දිනයක් වේවා.. ඔය බස් වල බ්ලොග් ලිවිල්ල නිසා මටත් ඔය දේ උනා.. දැන් මාත් ලියන් නෑ.. හැරමිටි ගහන කාලේ වෙනකන් පොස්ට් 50ට පනස්දාහක් වත් ලියන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ඕන්

    ReplyDelete
  3. එකට නරක ද කක්කා පාරක් දා ගෙන ,,,,,,බොද ම්දුම් ටු ටු ට්ටු ටු ටු සමාවන්න රාත්‍රි බසයට තව ව්නාඩ් 150000000

    ReplyDelete
  4. ඔන්න හැම සමරන දෙයකටම සුභ පතනවා මමත්... විශේෂ දවසකනේ ඉස්සෙරවෙලාම මම ඔයාව බලන්න ඇවිත් තියෙන්නේ... බ්ලොග් කෙරුවාවෙන් ඇත් වෙලා ඉදලා අයේ ඇවිත් දවස් 44යි මගෙ පොස්ට් 47ක් තියනවානේ.. දිගටම ලියන්නකෝ

    ReplyDelete
  5. හැපි බර්ත් ඩේ බනියෝ....ඒ වගේම සෙන්චරියත් පහු කරගෙන බ්ලොග් කෙරුවාව කරගෙන යන්න සුබ පතනවා මුලු හදින්ම.. :))

    ReplyDelete
  6. ආ හාවා දැන් නාකිය. ඇත්තම කීවොත් මම තරම් නැත. එත් කම් නැත. උඹ දැන් නාකිය. මගුලක් කරගැනීමට කල වයස එළෙඹෙමින් ඇත. අද උඹ නුවර බව මම දනිමි. අද අපි හමු වන බවත් දනිමි. අක්ෂර අපි උඹට අද කොහොම හරි මගුලක් කර දීමට බලාපොරොත්තු වෙමු.

    ඒ වගේම මේ බ්ලොග් එක කියවපු කාටත් නොලැබුණු චාන්ස් එකක් අද අපිට ලැබෙනු ඇත. එනම් හාවාගේ ස්පෙෂල් බර්ත් ඩේ පාටි එකක් අපිට ලැබෙනු ඇත. එම පාටියට වැඩි යමක් එකතු කරගැනීමට හාවා අපිට අද අවස්ථවක් දෙනු ඇත. ඒ 50 ලිවීමේ ප්‍රීතිය නිමිත්තෙනි..

    උඹට හැපී බර්ත්ඩේ හා මල්ලී..

    ReplyDelete
  7. ඔන්න බලහන් බනියෝ උබට 50කුත් උනානේ....

    ReplyDelete
  8. අඩෝ හාවා අපට කේක් ලැබුන් නෑ... කමක් නෑ බොල බොගේ 100වෙනි පෝස්ට් එකේදි කේක් කන්න බැරියැ මම හිතුවේ මේ වෙනකොට පෝස්ට් 500ක් වඅතර ඇති කියලා අවුලක් නෑ එල මේ විදිහට ගියොත් උබ ලයිෆ් එකේ හාෆ් සෙන්චරිය ගහනකොට 500 වෙනි පෝස්ට් එක ලියන්න පුලුවන්.... මොනවා වුනත් සුභ පැතුම්...

    ReplyDelete
  9. සුභ උපන්දිනයක් වේවා බනියෝ..50ටත් සුභ පැතුම් මචෝ...!!

    ReplyDelete
  10. අඩෝ වල් හාවෝ...උඹ මාර ස්පීඩ් එකෙන් ලියන හාවෙක්නේ..උඹනං අර ඉබ්බත් එක්ක රේස් දුවපු එකාම තමා...

    සුභ උපන් දිනයක් වේවා හා මලේ...

    ReplyDelete
  11. තව උම්මා ගොඩාක් හම්බෙන්න කියලා විශ් කරනවා, දිගටම ලියන්න බනියා.

    ReplyDelete
  12. මගෙනුත් උණුසුම් සුබ පැතුම් බනී මල්ලිට.එහෙනම් 20කුත් උනා ඇ...

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. වල් හාව නාකි වී ඇත මටනම් දුකක්ද නැත.උඹට සුබ උපන් දිනයක් වේවා වල් හා තඩියෝ..!

    ReplyDelete
  15. සුභ උපන්දිනයක් වේවා වගේම තව තවත් බ්ලොග් පෝස්ට් ලියන්න ශක්තිය ලැබේවා කියලත් පතනවා.

    ReplyDelete
  16. කිසි දිනක නොදැක්කත් අයියා මට කළ උදව් අමතක නොවේ...අයියාට තව ගොඩාක් post ලිවීමට හැකියාව ලැබේවා...!!සුභ උපන්දිනක්....!!!

    ReplyDelete
  17. මගෙනුත් ඔන්න සුභ පැතුම්. මූණු පොතෙන් උපන්දිනේට නම් විෂ් කරා.

    ReplyDelete
  18. බොද ම්දුම් = සමා වන්න මාගේ සහොදරයාට සුලු මොලයෙ ආබාධයක් ඇති අයෙකි ඔබට සිඳු වු අපහසුවට මාගේ කනගාටුව ප්‍රකාශ කරම් සමාවන්න

    ReplyDelete
  19. සුභ උපන්දිනයක් මචො!මාව උඹ අදුරනවා ඇති කියල මං හිතන්නෙ නැහැ..ඇවිත් පලයන් මගෙ බ්ලොගිය පැත්තෙ...ආසයි අදුරගන්න! ජයවෙවා!

    ReplyDelete
  20. උඹ දිගුකලක යෙහෙන් වැජැඹේවා..සොරි බං කෙටි පණිවිඩයක් වත් එවන්න බැරිවුණා..දැන් තමයි දන්නේ

    ReplyDelete
  21. ඔන්න මගෙනුත් සුබ පැතුම් .........

    ReplyDelete
  22. බනී මල්ලිට මාත් ඔන්න සුබම සුබ උපන් දිනයක් කියනවා.. මාත් අදමයිනේ මේ පැත්තෙ ආවෙ ඔයාව හොයාගෙන.

    ReplyDelete
  23. නන්අයුරින් සුභ පැතූ සැමට.. බොහොම ස්තූතියි.. :D

    ReplyDelete
  24. සුභ උපන්දිනයක් බනියෝ..!
    ඒ වගේම 50වැනි ලිපියට මගේ උණුසුම් සුභ පැතුම්!..
    අයේ නම් බස් වල බ්ලොග් ලියන්න එපා..මොකද ඕකෙ හාඩ් එක පිච්චුනොත් අපරාදේ අර ලස්සන ෆොටෝ ටික.. මට ඒ ගැන දුකයි..

    ReplyDelete
  25. @ඊ මේල් කවිකාරි: බොහෝම ස්තූතියි :D

    @ප්‍රාර්ථනා hikiz :P :D

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.