Sunday, February 27, 2011

කැමරා ජීවිතයක ඇරඹුම.. හා නියම මනුස්ස කම..

      හම්මේ.. සති 3-4 ක් ගිහින්ද කොහෙද.. blogspot කියලා දකිත්දිත් කම්මැලියි අප්පා.. :-/
 මේක නම් නොකියාම බැරි කතාවක් නිසා, තාවකාලිකව කම්මැලි IC එක ගලවලා තියලා ලියන්න පටන් ගත්තා :D

මෙන්න මේකයි කතාව.. කාලේක ඉදංම බනියාට කැමරා ගැන මාරම උණක් තිබ්බා... ඕක මාරම දරුණුයි..! ඉතිං නිකන් එව්වා හරියන්නෙත් නැ DSLR...DSLR... එව්වා විතරයි.. හැහ්.. පොල් ගෙඩියක් රුපියල්ම 60 ක් වෙච්චි කාලේක DSLR එකක් කියන්නෙ ගෙයක් හදන සල්ලි නෙවැ :D

ඉතිං තාවකාලිකව ඔය DSLR උණ සම්බන්දව තිබ්බ IC එකත් ගලවලා පැත්තකින් තිබ්බා..
මොන පික්සුද.. නිතර නිතර කැමරාවක් කෝම හරි මගුලක් වෙලා මතක් වෙනවානේ.. අනේ ඉතිං ඒ වෙලාවට කැමරා වලට මිල ගණන් නියම කරපු එකාගේ දෙමාපියං සිහිපත් කරලා නිකා ඉන්නවා.

ඉස්සර නම් DSLR එකක් දැක්කාම කලන්තේ ස්වභාවයක් එනවා.. මං දන්නවා DSLR එකක් තියෙන කෙනෙක් ඒක පරිස්සම් කරන්නෙ දෙවෙනි ගෑනී පරිස්සම් කරනවා වගේ.. :D ඉතිං හැමෝගෙන්ම අනේ බං දියං මචං ඩිංගක් කියලා ආසාවට ඉල්ලන්නත් බයයි.. එව්වා හරියන්නැ.. මගේම එකකට යන්න ඔනි මතේ තමා බනියා උන්නෙ..
ඉතිං ඔහොම කාලයා බනියාට කොචොක් කර කර ඉදිරියටම යනවා..  (අහුවෙයිනේ ඕකා මට)

මේං ගිය බ්‍රහස්පතින්දා (2011..02.24) අපේ ගයාන් කල්හාර මලයා ලිංක් එකක් එවාපී...
අප්පච්චියේ.. කැමර් එකක්.. :-D අපේ තවත් බ්ලොග් ලියන සහෝදරයෙක්.. කැමර් එකක් ගැන දාලා තිබ්බා.. වෙනකවුරුත් නෙවේ සංහිඳ පාමුළ කියලා බ්ලොග් එකක් ලියන විමුක්ති අයියා..
ඉතිං එයා කියලා තිබ්බා කැමර් එකට 12000.. ත් 15000.. දාහත් අතර ගානක් බිඩ් කරලා කමෙන්ට් කරන්න කියලා..
     ඉතිං බනියත් ඒ අයියට මේල් එකක් දාලා.. මගේ දුක්ගැනවිල්ලත් කිවාම ගානක් කියන්න කිවා.. මං මුලින්ම එයාට කීවේ රු18000.. ක් දෙන්නම් කියලා. මොකද ඒ කැමර් එක ඊට වඩා දෙගුණයක් විතර මිලයි.. මේං බනියාට රිප්ලයි එකක් එනවා.. ඇස්දෙක අදහාගන්නත් බැ.. රුපියල සතේටත් ගහමරා ගන්න කාලේ.. මෙහෙම මිනිස්සුත් ඉන්නවාද කියලා බනියාට හිතෙන්න ගත්තා.. ඇස්දෙක පිහිදැමුනේ නිකන්ම වගේ.. (හීනයක්ද කවුද දන්නෙ :D)
   ඒ අයියා කියලා තියෙනවා.. අනේ මල්ලි මට වැඩිපුර සල්ලි එපා.. ඉතිරි සල්ලි වලින් ඔයා ට්‍රයිපෝඩ් එකක් ගන්න... මට 12-15 අතර ගානක් දෙන්න.. ඔයා ගන්නවා නම් මං ලක්ශෙට ඉල්ලුවත් පොරොන්දුව කඩකරන්නෙ නැතිව ඔයාටම කැමර් එක දෙන්නම් කියලා.. ඉතිං මං හැරුන තැපැලෙන්ම 15 දෙන්නම් කියලා යැව්වා මේල් එකක්.. ඔන්න වැඩේ ඕකේ..
ඒ වෙද්දිත් එයාගේ බ්ලොග් එකේ කමෙන්ට් වැටිලා ... 15000, 18000 , 18500, 20000 ත් අතර ගනන්...

    ඒත් මෙන්න මේකයි නියම මනුස්ස කම කියන්නෙ.. එයත් මං වගේම කැමරාවකට හීන මවපු කෙනෙක්.. දැන් එයාට කැමරා දෙක්ක තියෙන නිසා තමා මේක විකුනන්න දාලා තිබ්බෙ.. ඉතිං එයත් මගේ දුක දන්නවා හොදටම.. :-)

ඉට දවසකට පස්සෙ මට රත්නපුරේ ඉදන් ගාල්ලටම කැමර් එක එවලා තිබ්බා.. අංකල් කෙනෙක් අතේ.. ඉතිං මට රත්නපුරේ යනවාට වඩා ඒ අංකල්ට බස් වියදම දුන්නාම ලාබ නිසා මාත් කැමති කියලා එහෙම ගෙන්න ගත්තා..

ඉතිං මේ පොස්ට් එක ඒ මනුස්සකම දන්න විමුක්ති අයියටයි..
මං කවදාවත් නොදැක්ක මේ බ්ලොග් එකේ ලිංක් එක මට පෙන්නපු අපේ කල්හාර මලයාටයි ගොඩාක්ම පිං.. :-)

මේං මේක තමා කැමරාව
කැමර් එක ගැන නම් මං වැඩියමක් ලියන්න යන්නෙ නැ.. ඒ ගැන විස්තර ඔනි තරම් Google Search පාරක් දැම්මාම විස්තර ඒවි...


මාත් කැමරා ගැන වැඩිවිස්තර බලාගන්නෙ මෙන්න මෙතනින්...




ඉතිං ආයේ දවසක හමුවෙමූ .. 
මට ජය වේවා.. :-D

කැමරාවක් ලැබුණ මම
Bunny

20 comments:

  1. කැමර් එක අතටගත්ත වෙලාවෙ උඹේ මූණෙ ෆොටෝ එකක් ගන්න තිබ්බනං..... ඒක දැක්කනං ඒ අයිය කැමර් එක නිකං දෙනවා බං ......

    අපිට කණක් ඇහිලා ඉන්න දුන් ඒ 'මනුස්ස' අයියාට පින්!!!

    අඩෝ තෝ ඕක යන යන තැන නොගෙනාවොත් හරි, හොඳ ෆොටෝ ටිකක් හැමදාම නොදැම්මොත් හරි.


    මරණවා......!

    ReplyDelete
  2. @රත්ගමයා.. නැ බං UNP

    ReplyDelete
  3. ෂික්.. මම දැක්කෙ නෑනෙ මේක :D

    ReplyDelete
  4. @Gayan Kalhara ආ උබ මුලින්ම ඒක උදුරලා ගත්ත වෙලාවෙ මං අර බයවෙච්චි වෙලාවේ ගැනද ඔය කියන්නෙ ? :P

    ReplyDelete
  5. හප්පා දැන්නං හාවාට නින්ද යයි..
    අපිට කණක් ඇහිලා ඉන්න ලැබෙයි..
    හැබැයි ඉතිං දැන් මේකා යන පාරකටත් යන්න හොඳ නැහැ..පොටෝ ගැනිල්ල කෙසේ වෙතත් කැමරාවෙන් දවලා හරි ගැහැවුවොත්..

    ReplyDelete
  6. අඩේ බනයිටත් වදින චෑන්ස් කිව්වලු... එළ එළ...මගේත් ආසාවක් තියෙනව කැමරාවක් ගන්ට. DSLR ගන්ට කොයින්ද අපිට. බලමුකො නිකං ඩිජිටල් කැමරාවක් වත් ගන්ට

    ReplyDelete
  7. ඊළඟ ට්‍රිප් එකට නිල ඡායාරූප ශිල්පියෝ දෙන්නයිලු.. එල එල...

    ReplyDelete
  8. වල් හාවෝ එල එල..... එහෙනම් ඊලග චාරිකාවට උබේ කැමරාව අරන් වර.... මගේ කැමරාව අරන් තියලා එන්නම්...........

    ReplyDelete
  9. හික් හික්... මෙ ඕකින් වෙන්නෙත් සාමන්‍යකැමරාවකින් වනදෙම දෑ???

    ReplyDelete
  10. DSR නම් සුපිරි.
    ගනන් ඇහුවහමනෙ තරු විසි වෙන්නෙ.

    ReplyDelete
  11. ස්තූතී මල්ලි, ඔයාට ජය.

    ReplyDelete
  12. අඩෝ සිරා බන්..

    ReplyDelete
  13. දැන් ඉතින් අපිටත් පේන්න දාපිය පොටෝ කෑලි. ඕක දුම් අල්ල අල්ල තියාගන්නවා නෙවෙයි :D

    ReplyDelete
  14. අනේ බං දියං මචං ඩිංගක් ආසාවට.මමත් DSLR එකක් අතපත ගාල නැහැ
    ඒක නෙවේ කැමරාවෙ ෆොටෝ එක ගත්තෙ මොකෙන්ද ?

    ReplyDelete
  15. දැං ඉතිං අපි ඉවරයි මු ෆොටෝ දාන්න පටන් ගත්තහම අපිට බලලා එපා වෙනවා

    ReplyDelete
  16. හා දැන් ඉතින් බනියා කොයි වෙලාවෙත් ඕක බෙල්ලේ එල්ලන්ම ඉදී....

    ReplyDelete
  17. @Kanishka හොද වැඩේ :D

    @මාරයා පික්සුද මාරයියේ..මං හේම කරනවද :D

    @Prabhath එළ එළ ගනින්කෝ... :D

    @චතුවා අනිවා :D

    @ඔයයිමමයි. උබ කෝමත් ගෙනාවට වැරදිලාවත් පොටෝ එකක් ගන්න එකක්යැ :D අර දැක්කාම හිනා යන බැග් එකේ ඔබාගත්ත ගමන්නේ :P

    ReplyDelete
  18. @සුළඟිල්ල. ඔව්වොව් .මෙකෙත් වෙන්නෙ පොටෝ වදින එක තමා :D

    @තාරක.. ඒක හෑබව මචං.. DSLR එක් මෙහේ 80 පැනලානේ.. :-/

    @සංහිඳ පාමුළ.. ස්තූතියි අයියා ඔයාටත්.. :-)

    @හසිත..තැන්ක්ස් මචං :D

    ReplyDelete
  19. @පූවෝ.. හෙහෙහෙ... දාන්නම් දාන්නම් :D

    @Chanaka.. හාහා මකරන්ට කැමරා අකැපයි :D
    පොටෝ එක ගත්තෙ අර උඩ දාලා තියෙන ලිංක් එක තියෙන තැනෙන් :D

    @රසික.. ඉතිං නොබලා ඉදිං..!

    @හසී අක්කෙ.. හෙහෙහෙ එව්වා කියන්න බැ තිං :D

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.