Saturday, April 10, 2010

"හා" නෝනට ගමන් මල්ලක් !!

ඔන්න ඉතින් bunny කොලුවා කාලේකින් අවා මේ පැත්තේ. දැන්නම් මාස 1 1/2 ට විතර කිට්ටු වෙලා ! මොනා කරන්නද අනේ ඉතින් වැඩ වැඩ වැඩ !!

 දැන් ඉතින් කතාවට බහිමු ! මෙකයි කතාව..මම කලින් කිවනේ හා කැල්ලක් සෙට් වෙච්ච කතාව :-P (හාවගේ ගැනු සතා නෙවැ හා කැල්ල කියන්නෙ. :)  අනේ ඉතින් මෙයාව කරේ තියාගෙන ගිහින් දැන්නම් bunny ගේ පිටේ පැත්තක් බකල් ගහලා වගේ ! මොනා කරන්නද ඉතින් බැද ගත්ත බෙරේ ගහන්ටත් එපැයැ :-D අනේ ඉතින් දැන් නුවර එහෙමත් යන්න වෙන කොට බැග් දෙකක් උස්සන් යන්න වෙන නිසා. අපේ කල්හාර මලයා කිවා බැක්පැක් එකක් ගමු කියලා ! එවගෙ ඉතින් හොද හැටි ඇදුම් ටිකටයි නෝනටයි ඉඩ තියෙනවා නෙවැ.. :-)

ඔන්න ඉතින් නිවාඩු දවසක් බලලා මායි කල්හාරයයි ගියා කොළඹ පැත්තෙ පොඩි විසිට් එකක් දාලා බලන්න..
අපිට පොඩි ඉඟියක් දිලා තිබ්බා ඒ කිව්වෙ මේ E-mail එක්ක ඇවිත් තිබ්බා නෝලිමිට් එකේ බැක්පැක් තියේනවා කියලා හරිම ලාබෙට !. අනෙ ඉතින් අපිත් ගියා එකට. නෝදෝකින් විතරක් ගත් කටටම කිවනේ දැන් එවා කරන්නේ නෑ කියලා. කෝකටත් තව ශාඛාවක් තියේ කියලා එකට යන්න කිවා (තැනනම් දන්නෑ මාත් ඔහේ ගියා ;) අනේ නොදෝකින් එතනිනුත් කීවේ  අර කතාවමයි. ඒ මදිවට මොකෙක්ද එකෙක් ඉන්ගිරිසියෙන් කියවන් කියවන් ගියා. මාත් හුම් හුම් ගැවා එච්චරයි අපි ටික් ගාලා එතනින් මාරු උනා :D

ඔන්න ඒපාර අපිට ඩනිශ්ක අයියත් සෙට් උනා බැක්පැක් හොයන වැඩේට. ඔන්න ඉතින් ඔනේ මගුලක් කියලා අපි ගියා මෙවට ප්‍රසිද්ද යුනිටි ෆ්ලාසා එකට. අපි 3 දෙනා බෙදිලා ගියා එක එක කඩ වලට.. අම්මෝ මේවගෙ ගනන් ! ඔන්න අපිට පොඩි බඩ ගින්නක් වගේ අවා නිසා MC එකපැත්තට ගියා කන්න කියලා, කාලා බීලා ඔක්කොම ඉවර කරලා MC එකෙත් පොඩ්ඩක් කැරකිලා බැලුවා. ඔහ් ඔන්න එපාර ඩනිශ්ක අයියට සපත්තු පිස්සුවක් හැදිලා :P සපත්තුවකුත් තේරුවා :-D එකත් අරන් අයේ අවා යුනිටියට. ම්ම් එකේ හිටිය කොල්ලට පොඩි ටොකක් කාරිය දාලා බොහෝම අමාරුවෙන් 6200 කට එකක් ගත්තා :-( මොනා කරන්නද නොනත් පරිස්සම් කර ගන්න එපැයැ :) ඒත් එක්කම තව USB  Hub එකකුත් ගත්තා. ඔක්කොම 7000ක් :-O apoyyy

                                              මෙන්න මෙක තමා මම ගත්ත.

අයේ ඉතින් මම විතරක් බැක්පැක් අරන් හරියනවද ? කල්හාරටත් එකක් ගන්ට එපැයැ. උගෙ බජට් එකට හරියන්න බැග් යුනිටියේ නෑ, ඉතින් දැන් ඩැනී අයියටත් ගෙදර යන්න ඔනේ කිව නිසා එයාට යන්න කියලා අපි ගියා අයේ  මල්වත්ත පාරේ පොඩි විසිට් එකක් දාන්න ! අම්මේ බැග් කඩ වැහි වැහැලා !හිතා ගන්න බෑ අපිටම :-) ඔහොම ඉතින් එකෙන් එක කඩවල් වල ගනන් අහ අහ ගියා..අනේ දැන් අපිටම එපා වෙලා එක එක බැග්  තියෙනවා එකක් තෝර ගන්න බෑ :-)
           කොහොම හරි එක කඩේකින් පැය ගානක් එහා මෙහා කර කව කව බලලා, කතා කරලා එකක් තෝර ගත්තා  ඊට පස්සෙ  කඩේ අයියට් පොඩි දුක හිතෙන ටෝක් එකක් දැම්මා.. :-D  අනෙ ඉතින් ඌ කියාපි ඉස්කොලෙ යන මල්ලිලානේ ඔන්න මල්ලො මෙක මේ *000 ගානට ගන්න කියලා දුන්නා :D එකත් අරන් විගහට ගෙදර එන්න ඔනේ කියලා එන්න හැදුවාම මතක් උනා මගේ පොන් එකට ලැප්ටොප් එකෙන් චාර්ජ් වෙන කෙබල් එක්ක හදා ගන්න ඔනේ නෙද කියලා.

අනෙ ඉතින් එක මම පස්සෙ දවසක විස්තර  ඇතිව  දාන්නම් කොහොමද හදා ගන්නෙ කියලා ! නැත්නම් මෙතන අච්චාරුවක් වෙනවනේ :D

අපොයි දුක හිතෙන කතාව කියන්න බැරි උනානේ :-(

මේ ඔක්කොම අරගෙන ගෙදර එන්න කියලා හිතාගෙන බස් එකක නැග්ගා. අනෙ මගේ අහින්සක පෙන් එක එකේදි හැලිලා :-( මොනවා කරන්නද හිතා හදා ගෙන ගෙදර අවා !

අනෙ ඉතින් මේ කතාව අහන් හිටියට බොහොම ස්තුතියි ඈ :-D
අයේ හමුවෙමුකෝ !!
                                   
                                     සුභ අලුත්වුරුද්දක් වේවා හැමෝටම
                     

                                                                                                 Bunny !

15 comments:

  1. මගේ බ්ලොගේ හැක් කරලා කවුරු හරි, නරක වචනෙන් comment කරලා මගේ යාලුවන්ට. සමා වෙන්න ඔයත් එයින් කෙනෙක් නම්.
    බැක් පැක් එක නම් මරු.
    :)

    ReplyDelete
  2. Bunny ...
    මගේ පුංචි හා පැටියෝ. හාවියෙක් නිසා විදින දුක ඈත්තටම. ​පෙන් එක නැතිකර ගෙන බේරුනා ඈති. හොඳා හොඳා මගේ පුංචි හා පැටියටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අපේ ගෙදරත් ඔහොමම තමයි

    ReplyDelete
  6. හා හා හරි හාවා - පෑන හලන් ආවා

    ReplyDelete
  7. අපොයි හාවට වෙච්චි දෙයක්......!!!!
    බැක් පැක් එක නම් ලස්සනයි :-)

    එහෙනම් ඔයාටත් කිරියෙන් පැණියෙන් ඉතිරුණ සුභ අලුත් අවුරුද්දක්!!!!!

    ReplyDelete
  8. කාලයක් තිස්සේ ට්‍රයි කරලා ට්‍රයි කරලා අද මම හාවගේ කනෙන් අල්ල ගත්තු දවසේම හාවට තව ජරමරයක් . . හෆොයි . . . පවු අනේ . .

    ReplyDelete
  9. @ Ansh Lucky Sri jay
    ඔහොම තමා අක්කේ කවුරු හරි හොද පොස්ට් එකක් දානවා දැක්කොත් ඉරිසියාවේ මැරෙන්න හදනනවා !!

    @ wath
    ඔව් ඇ.. මාර කට්ටක් තමා මම කන්නේ මෙයාව රැක ගන්න :D

    @ Danishka Navin
    මොකද කමෙන්ට් එක අයින් කරේ ? :-(

    @sameerausa
    ඇයි ඔයාගේ නෝනත් ඉල්ලීම් ඉල්ලලා කරදර කරනවද ? :D

    @ තරිදු
    :D තැන්කූ කවි කමෙන්ට් එකට :P

    @punchisamanalee
    ආ පුංචි සමනලියේ උබත් අවද මේ පැත්තේ එළ එළ :D

    @දුකා

    ආවූ කන, අතාරින්නකෝ :P
    ඔව් අප්පා දුකා අයියේ මම දාගත්තොත් බාල්දියක්මයි ! :-D

    ReplyDelete
  10. මේ හාවියොන්ට අපහාස කරන්නෑ හා කෑල්ල කියල..... :(:(

    එකක් පරිස්සම් කරන්න ගිහින් එකක් නැති කරගත්ත ඒකත් මරු systm එක..... :):)

    ReplyDelete
  11. 6000ට පාඩු නෑ හොඳට ඉඩකඩ තියෙන නිසා. මම 2500ට ගත්ත එකක්, ‘කෑල්ල‘ දාලා තව ටීෂර්ට් තුනක් දාතෑකි උපරිම :D

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. හපොයි! ලංකාවේ මලු හරිම ගණන් නොවැ!
    මම මෙහෙ ඇවිත් $15 කට deal එකක් ඇවිත් ගත්තා lenovo බෑග් එකක්. ඒකත් ඔය වගේ තමා.

    $40 කට විතර හොඳම Swiss බෑග් එකක් ගන්නත් පුළුවන්නෙ මෙහෙ.

    ReplyDelete
  14. බර නැති හා පැංචියෙක් හොයාගන්නනේ තිබුණේ මලයෝ...

    එළ එළ..
    සුබ අළුත් අවුරැද්දක් වේවා

    ReplyDelete
  15. @හා පැටික්කි (MS)
    ඉතින් හා පැටික්කියේ, අදරේටනේ හා කැල්ල කියන්නෙ :-D (මම ඔයාට කිවේ නැනේ :P)

    මරුනම් තමා! හැබැයි අර්තීකේට තමා මෙව්වා වෙන්නේ :-)

    @ඉන්දරේ | Indranama
    ඔව් මචන් පාඩුනම් නෑ, මේ ගානට අඩුවෙන් නම් හොදම එකක් ගන්න අමාරුයි. අම්මේ මෙකෙනම් තියෙනවා 2-3 දෙනෙක්ගෙ රෙදි දාන් යන්න තරම් ඉඩ :-D

    @nadeesthoughts
    මීට අඩුවෙන් ගත්තැහැකි ලංකාවේ මහපුවනම්.. ඒවා නම් එතරම් ශුවර් කරන්න බෑ නෙවැ :-)

    @හෙළයා
    වැඩි බරක් නම් නෑ
    2.5 kg :-D

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.