Friday, February 26, 2010

බනීට රජකම ලැබුනොත් !

         

ඔන් ඉතින් මේක අමුතු තාලේ මාතෘකාවක් වේවි. මේ කියන්ට යන්නෙ බනියාට හිතිච්ච තවත් සිතුවිල්ලක් ගැන.
             බනියා කැරට් අලයක් හප හප ඉන්නකොට නිකමට හිතුනා රජකම ලැබුනොත් මොකැ කරන්නෙ කියලා. මඩ හොදා ගත් කල ගොවියා රජකමට සුදුසුයි කියනවනම් හාවෙක් කැලෙන් එලියට ඇවිත් රජ කමට එන්ටර් වෙන එක කජ්ජක්ද කියලා හිතුනා.
අප්පා... මේන් එනවා අයිඩියාස්. ඔන්න මට හිතුන දේවල්...


1. මුලින්ම කරන්නෙ වල් හාවෝ අල්ලලා දානවා හිරේ. (ඔය අහිංසක සිල්වා වගේ ඉන්න හාවෝ)
2. හොද වැඩක් කරන හාවෝ මගේ ඇමතිමණ්ඩලය කරගන්නවා. (ඇමතිලා 20ක් පමනි!)

ඔන්න දැන් වැඩ පටා....න් ගන්නවා..

3. සියලුම පාරවල් අයිනෙන් තියෙන නිවාස, පේමන්ට් කඩ, කැතයි කියලා හිතෙන ඔනම දෙයක් පාරෙන් 100m වෙන්න ඇතුලට ගෙනියනවා.

4.පාරවල් දෙපැත්තෙ ගස්, වැල්, මල්,  හිටවලා. උද්‍යාන හදලා පිස්සු නටනවා :P

5. මුහුදු අයිනෙ නිදහසේ ඇවිදින්න තැන්, BBQ, කුඩාරම්, රෝද සපත්තු පදින්න තැන්, බොට්‍ටු පදින්න ඔනේනම් බෝට්ටු, නිසි කසල ප්‍රතිචක්රීකරණ වැඩ සටහන් ( Eg: කුණු කුඩ,etc)

6. සියලුම ධිවරයින්ට අදි ආරක්ෂිත විශේෂිත හාබර්.

7. කාර්පට්‍ කර මන්මාවත්.(අදිවේගි මාර්ග අවශ්‍ය නැත.)

8. අදිවේගී දුම්රිය මාර්ග. සියලුම ශිට් එකක් යටම 230V විදුලි සැපයුමක් හා WiFi Zone,
     Coin laptops :D ,  A/C


9. පරිගණක උපාංග රටවල් වලින් ගෙන්වීම තහනම්! සියලුම දෑ ලංකාව තුල සාදා ගත යුතුයි. (පිටරට සමාගම් වල වැඩ කරන ලාංකිකයින් වහාම ලංකාවට පැමිණිය යුතුයි.) අවශ්‍ය  අමු ද්‍රවය සදහා ණය සහන.

10. භාවිතා කල  වාහන ගෙන්වීම තාහනම්! බ්‍රැන්ඩ් නිව් වාහන අවශ්‍යනම් පමණයි! සියලුම වාහන Made In Sri lanka :D

11. අභ්‍යාවකාශ මද්‍යස්ථානයක්. නාසාහි වැඩ කරන සියලුම ශ්‍රි ලාංකිකයින් වහාම පැමින වැඩ පටන් ගත යුතුය.

12. අදි වේගී අන්තර් ජාල සේවාවන් ( ලිමිටඩ් සේවාවන් තහනම්.!  එම අයතන විසින්  ලබා දෙන  වේගය 20Mbps වලට වඩා අඩුනම් වහාම ඉවත් කරගතයුතුය.!)  විශේශයෙන්ම නුවරට :D @Malinthe :P

13. සියලුම ආහාර ලංකාවේ ඒවා පමණි! (කැරට් සදහා මුල් තැන :P )

14. CTB බස් (සිලෝන් ටකරන් බස්) ඉවතට. (සියලුම බස් A/C විය යුතුය.)

15. සියලුම පාසල් සදහා එකම සැලකිල්ල. (එකක්වත් ලොකු නැත) අවම සිසුන් ගනන 1500 යි.
      එක එක ගාස්තු එකතු කිරිම තහනම්. ළමයින් පාසලට ගැනිම සදහා කඩදාසි පෝරමයක් පිරවීම සෑහේ. ඇවැසිනම් අන්තර්ජාලයෙන් ඉල්ලුම් කල හැක :D (පගාව ගැනිම සපුරා තහනම්)  :)

16. සියලුම පරිගණක මෘදුකාංග රටවල් වලින් ගෙන්වීම තහනම්. ලංකාවේම නිපදවා ගත යුතුය.
     ( නිල OS  එක ලිනක්ස් පාදක කරගත් එකක් විය යුතුය.) හොර එවා තහනම් !

17. ...................

තව ගොඩා.........ක් තියෙනවා.. එවා ලියාගන්න වෙලාවක් නෑ :( අයේ පස්සෙ දවසක රජ කම ලැබුනොත් ඉතුරුවා දාන්නම් :P

ඉතින් යාලුවනේ මේවා කැරට් එහෙම නෙවේ දෙනවා කිවොත් අනිවා දෙනවා. :)

ඉතින් මගේ මේ විකාර අදහස් කියවලා ඔයාලගෙ වටිනා කාලය කාගත්තට බොහෝම ස්තුතියි! :D
  
කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා හොදේ :D

                                                                                                                    Bunny !

.

33 comments:

  1. එළ අදහස් ටික..
    :D

    ReplyDelete
  2. @Ansh Lucky Sri Jay
    ස්තුතියි අක්කේ!! :D

    ReplyDelete
  3. හප්පා පිස්සු හැදෙනව :D ඔන්න මං ඉන්ටර්නෙට් වැඩේට නම් එක පයින්ම කැමතියි හහා :P

    ReplyDelete
  4. @Malinthe Samarakoon
    එළ මචන්.. දන්නවනෙ මේවා කැරට් නෙවේ :P

    ReplyDelete
  5. බොලේ මේක පුදුම ආණ්ඩු පාලනයක් නේ. මේ බනියා රජ වුණොත් මම යනවා රට(ලංකාවේ මිනිස්සුන්ට රට යන්න එපා කියලා මුකුත් ලියලා නෑනේ :D ) කොහොම හරි හොඳ Idea එකක් මේක :)

    ReplyDelete
  6. @sithija
    අන්න මලේ මට අමතක වෙච්ච එකම එක. එළ එල උබැහැ මතක් කලානේ.

    රට ගියොත් ඉතුරු කරන්නෑ...!! :P (මම සුදු වැන් එකකුත් ගත්තා :D )
    අර පිස්සා ගලෙන් ගැහුවෙ එකටනෙ :P

    ReplyDelete
  7. What is the character allocation table for sinhala and Tamil in bunny's OS

    Donald

    ReplyDelete
  8. @Bunny !: බනියා රජ කෙනෙකු වෙන්න එපා කියා අපි ප්‍රාර්ථනා කරමු. :P

    ReplyDelete
  9. @Donald Gaminitillake

    ambitious vote machan ! :D

    wow...! nice word "Bunny'oS :P

    thanks your comment bro !!

    ReplyDelete
  10. @sithija
    කොල්ලෝ පරිස්සම් වෙයන්. අනිවා එවනවා සුදු වැන් එකක්. මේවා දේශක්දෞරොහී වැඩ :P
    Bunny යා රජ වේවා!!!!

    ReplyDelete
  11. (පිටරට සමාගම් වල වැඩ කරන ලාංකිකයින් වහාම ලංකාවට පැමිණිය යුතුයි.)

    ඔය හේතුව නිසා බනියට ජන්දෙ දෙන්න වෙන්නෙ නෑ

    ReplyDelete
  12. @änthräX

    ඇ උබැහැත් පිටරට සමාගමකද වැඩ කරන්නෙ ?

    එහෙනම් පුතෝ උබැයැලගෙ ගෙදරටත් සුදු වැන් එකක් ඒවී !!

    ReplyDelete
  13. අපිට ලව් කරන්න පාර්ක් එහෙම හදල දෙනවනම් මාත් ඡන්දේ දෙනව, ආ තව එකක්, හීරලුවන්ට වෙනම අමාත්‍යාංශයක් හරි දෙපාර්තමේන්තුවක් හරි පටන් අරන් මාව ඒකෙ ඇමති හරි සභාපති හරි කරන්නත් ඕනෙ

    ReplyDelete
  14. "5. මුහුදු අයිනෙ නිදහසේ ඇවිදින්න තැන්, BBQ, කුඩාරම්, රෝද සපත්තු පදින්න තැන්, බොට්‍ටු පදින්න ඔනේනම් බෝට්ටු, නිසි කසල ප්‍රතිචක්රීකරණ වැඩ සටහන් ( Eg: කුණු කුඩ,etc)"
    BBQ වල "හා මස්" තියෙයිද ?

    ReplyDelete
  15. @ත‍රිඳු
    වැඩිය ඇමති කම් දෙන්ට බෑ :P

    @ති​​ලා​න්
    ඈ බොලන් හා මස් BBQ කලොත්. කෝ රට පාලනයට හාවෝ ? රටින් ගෙන්වන්නයැ :P
    (රට හා කැලි අවොත් අපේ සංකෘතියට කෙල වෙන්න පුලුවන් :P)

    ReplyDelete
  16. දැන් මේවට සල්ලි හොයන්නෙ කැරට් පාත්ති දාලද?

    ReplyDelete
  17. @තමීර | Thameera
    මම මහ ජනතාවගෙ සල්ලි වලින් පොස්ටර් ගහන් නෑ
    බිත්ති කැත වෙනවනෙ :)
    මෘද්‍රනයෙන් තොර ලොවක්. ! :D
    කැරට් පාත්ති ටික වැඩි කරන්න ඔනේ දැන්ම ;)

    ReplyDelete
  18. හික්ස්....
    මම හිතපු එක තමීර මලයා කියල තියනවා.

    ReplyDelete
  19. මරු

    උඹට රජකම් අකැපයි හාවෝ.

    16. සියලුම පරිගණක මෘදුකාංග රටවල් වලින් ගෙන්වීම තහනම්. ලංකාවේම නිපදවා ගත යුතුය.
    ( නිල OS එක ලිනක්ස් පාදක කරගත් එකක් විය යුතුය.) හොර එවා තහනම්

    හා ඕඒස් එකේ නම අමතක වෙලානේ වැඩෙන්අයින් උනාද?.

    ReplyDelete
  20. සිලෝන් ටකරන් බස් තහනමට දැඩි විරෝධය. එව්වට ඒසී හයිකරල ගනිං. CTB එක නැති කලොත් බනියට රජකං නෙවෙයි. ටකරමකිං බෙල්ල කපනවා. දැන ගනිං.

    ReplyDelete
  21. @ගයාන් තාරක
    ඒක ඇත්ත මචන් :(

    @ToyotaEE100
    නෑ මචන් පොඩි අවුලක්.
    "සියලුම CTB බස් A/C කරනවා" කියලා එක වෙනස් වෙන්න ඔනේ :D

    මචන් ඔය toyota කාර් වල තිරින්ග වල අවුලක් ආවා නේද ? අන්න එක හදා ගන්න ඉස්සෙල්ලා :P
    මම මේ bus ටික ගැන බලා ගන්නම් :P :P

    ReplyDelete
  22. මම හොඳ හාව බන්. මොකක් හරි ඇමති කමක්, සංස්ථා සභාපති කමක්වත් දීපන්. වනිතා කටයුතු අමාත්‍යාංශය වගේ එකක් නම් වඩා හොඳයි. මම එයාලව හොඳට බලා ගන්නම් :D

    ReplyDelete
  23. @ත‍රිඳු
    කතාවෙන් තෙරෙන අකාරයට උබ වල් හාවෙකි. එවැනි තන තුරක් ලබාදිමට සුදුසු නැත :)
    ඒවා ගැන මමම බලා ගන්නම් :P

    ReplyDelete
  24. "සියලුම ශිට් එකක් යටම 230V විදුලි සැපයුමක්"
    මචන් ඕක අපි ගලවමු නේද ? නැත්නම් කොචිච් වල යන අපි වගේ පොඩි උන් ඕකට ඇගිලි ගහලා කප් ගැහුවම කොචිච් ඇමතිටත් ,අපේ සෞඛය ඇමති වහේ නිදහස් අදහස් පහල වෙයි. වැඩි නිදහස හොද නැලු නේ ...

    ReplyDelete
  25. @Shehan
    එක හැබැව මචන්. ඒත් බන් ලැප්ටොප්,කැමරා එහෙම තියෙන ඇවුන්ට ඒක අසාධාරනයිනේද ?

    ඔහොම නිකන් කරන්ට්‍ එක දෙනවා කිවොතින් අපේ මිනිස්සු අනිවා කොච්චියේම තමා ගමන් කරන්නෙ. :)ඉතින් කෝච්චියෙන් රටට ලැබෙන ආදායම වැඩි වෙනවා ! :D

    ඔකට එකම විසදුම තමා කෝච්චි හාවෙක් පත් නොකිරිම :D පොඩි ඇවුන්ට ඇගිලි ගහ්න බැරිවෙන්න අපි මේවා උඩින් හයි කරමු. මොකද පේන් නැතිවෙන්න හයිකලොත් අපේ අයියලා ඒවට චාර්ජ් උනාම පුපුරන වර්ගෙ බෝම්මත් හදාවි :P

    ReplyDelete
  26. @Bunny: ආ ඉතින් බනියා රජ වුනොත් අපිටත් සළකනාවනේ. (සුදු වෑන් නැතුව)

    ReplyDelete
  27. බීම ගැන උඹේ කිසි ප්‍රතිපත්තියක් නැහැ මන් දෙන්නේ විරුද්ධ අපේක්ෂකයට

    ReplyDelete
  28. @sithija
    අනිවා අනිවා මලේ එළටම සලකනවා. (පොඩි ළමයින්ට මුල් තැන! )

    @මා
    අනේ මචන් සමාවෙයන් මට ඔය ගැන දාන්න උනේ නෑ.
    හරි හරි මෙහෙම කරමු.
    කන පැලෙන්න බීලා බීලා ගෙදර යාගන්න බැරි ඇවුන්ට පොළිසියෙන් විශේශ පහසුකම් දෙනවා ! ගෙදර ඇරලවන්න.
    දැන් හරි නේද ? :P

    ReplyDelete
  29. @Bunny: එළ එළ අපිට සළකනව නම් ඒ ඇති :)

    ReplyDelete
  30. අහ් අදහස නම් හොදයි..... ඔයා වැටුප ගැන මොනාද කරන්නේ,,, හැමොටම පස්නයක් නැති වෙන්න හැමොටම එකම වැටුපක් දෙන්න.. නැත්නම් සාදාරන වැටුපක් ඔනා... නැත්නම් බැ.. ඔයගෙ ..ඇමති මණ්ඩලෙටත් පොද්යි ඔන්න එක... nimsha.. (hituwakkari)

    ReplyDelete
  31. නියම අදහස් ටික :D .සත්තු මරන එකත් තහනම් කරානම් හොඳයි නේද?

    ReplyDelete
  32. හ්ම්ම්ම්.. කමන්ට් එකකුත් දාන්නලු නේද...?? ලොල්ය කිවුවමත් බොට මල පනිනව නොවැ.. අම්මප කියන්නෙ මම ජනාදිපති උනොත් (උනොත් නෙවේ වෙනවා) මගේ පෝස්ට් එක උබට දෙනව.. සිරා.. :D :D :D ඔය 17ට දාන්න ඔනි එක මම බොට පස්සෙ කියන්නම්... :D :D :D මතක් කරහන් හොදේ...




    නායකයා දිනේවා........................

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.