Saturday, January 23, 2010

FireFox සමග අලුත් වෙන්න -foxtab

මේක මට අහම්බෙන් වගේ හම්බ වෙච්ච FireFox Add-ons එකක්. ඉතින් ඔයාලටත් කියලා දෙන්න ඔන නිසා මේක ලියන්න හිතුවා.

මේ Add-ons එකෙන් අපිට පුලුවන් අපි දැනට FireFox Browser එකේ open කරගෙන තියෙන tab සියල්ලම ත්‍රිමාණ අකාරයකට බලා ගන්න.




අපි බලමු කොහොමද මේකෙන් වැඩ ගන්නෙ කියලා. මුලින්ම මෙන්න මෙතනින් ගිහිල්ලා මේක install කරගන්න.

ඊටපස්සෙ browser එක restart කරගන්න.

ඔන්න දැන් හරි. දැන් බලමු අපි කොහොමද මේකෙන් වැඩ ගන්නෙ කියලා.

මුලින්ම ඔයා ctrl + tab බට්න්ස් තදකරන්න එතකොට tab ටික ඉස්සරහට ඒවී
ctrl +Shift+tab බට්න්ස් තදකරලා බලන්න එතකොට tab ටික පිටි පස්සට යාවී.

කොහොමද ලස්සනද ?

මේකේ ඔයාට වෙනස්කම් කරගන්න ඔනනම් F12 ඔබන්න.එතකොට මේකේ setting වෙනස් කරන්න එකක් ඒවී. මේකෙන් ඔයාට කැමති කැමති විදියට ටැබ් ගමන් කරන්න හදා ගන්න පුලුවන්.




ඇත්තටම මේක හරිම අපුරුයි නේද ?
ඉතින් ඔයාට වැඩි විස්තර දැන ගන්න ඔනනම් මේක හදපු අයගෙ වෙබ් අඩවියට ගිහින් බලන්න
http://www.foxtab.com/gettingstarted/

ඉතින් අයෙ මේ වගේ එකක් හම්බුනොත් කියන්නම් කෝ.... (කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා!)
                                                          එතකන් අයුබෝවේවා....!



.

11 comments:

  1. මම ගිනි හිවලා 3.6 හා 4 හි සිත්ගන්නා ලෙස වෙනස් වේ. "App බොත්තම" http://mahasinhalaya.blogspot.com/2009/12/3.html

    ReplyDelete
  2. එළ ගැජට් එකක්නේ.
    බොහොම ස්තුතියි මේක අපිටත් දැන්වුවට

    ReplyDelete
  3. නියමයි. ස්තුතියි අපට දැන්වුවාට.

    ReplyDelete
  4. @Madhuka කියලා තියෙන දේනම් අපහැදිලියි.

    ඒත් හැමෝගෙම ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි.!

    ReplyDelete
  5. you was writting on fire fox and I think you lover of Firefox, If so FireFox new Version 4 is on the way.. There are lot UI and Back processes of Development has chage a lot,
    So I tell You to be ready for It,
    Did you understand, Brother ?

    ReplyDelete
  6. @Madhuka
    yea. I understand. thanxs you comments !

    ReplyDelete
  7. මෙමෙ ගැජටය ඔබා ගැනීමෙන් මගේ අසරණ කොම්පියුටරේට අකරතැබ්සයක් වේදෝ? 512 රැම් එකක ඕක රන් කරන්න පුලුවන්ද?
    :(

    ReplyDelete
  8. @Ansh Lucky Sri Jay
    එහෙම අවුලක් නම් නෑ. එහෙම වෙන්න හේතුවකුද නැත
    (අත් හදා බලා නැත මගේ රැම් එක 2GB ය.) :D

    ReplyDelete
  9. එළ එළ ස්තූතියි අපිට මේවා සරළව කියාදුන්නාට. හැබැයි මම නම් දැන් ගිණිහිවලා හා Chrome දෙකම පාවිච්චි කරනවා. Chrome පාවිච්චි කරනවා මුණු පොතට යනකොට. ගිණිහිවලා පාවිච්චි කරනවා අනිත් වැඩ වලට :) ගිණිහිවලාගෙන් දැන් මූණුපොතට යන්න බෑ කම්පීටරේ හිර වෙනවා ඒකට කර උපක්‍රමයක් තමයි මේක.

    ReplyDelete
  10. @sithija

    එළ කිරි.. මටත් ඔය අවුල තියෙනවා. මමනම් FB චැට් වලට කැමතිම නෑ :)

    ReplyDelete
  11. ස්තුතියි...උත්සාහ කරලා බලමු....

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.