Friday, May 1, 2009

නිදහසෙ වැඩකරන්න නිදහස් මෘදුකාංග


මම අද ඉදන් පොඩි වැඩක් කරන්න යන්නෙ

මුලින්ම බලන්න මෙම මිල සටහන


පොඩ්ඩක් අපැහැදිලියි වගේද ?
එහෙනම් මෙන්න මේක
Download කරගෙනම බලන්න


මෙවා ගන්න ඔයාට සල්ලි තියෙනවද ?
ප්‍රශ්නයක් නැහැ අවුලක් කරගන්න...

එකට තමයි ඔය නිදහස් මෘදුකාංග නිර්මාණය කරල තියෙන්නෙ.

අපි පොඩ්ක් Linux ගේ ඉතිහාසය ගැන බලමු

1991 පමන වන විට ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයෙ විශාල පෙරලියක් ඇති කළ ට්‍රාන්සිස්ටර හා සංගෘහිත පරිපථ වලින් උපරිම ප්‍රයෝජන ගැනිමට පටන් ගත් කාලයකි. මේ කාලයේ දි පරිගණක ක්ෂේත්‍රයේ ද විශාල පෙරලියක් ඇති කරමින් විවිධාකාර දියුනු දෘඞාංග කොටස් එලිදැක්විනි.

නමුත් යමක අඩුවක් දකින්නට ලැබුණි.

එය අනෙකක් නොව හොද පළක මෘදුකාංගයකි

කෙසේවෙතත් මේ වන විට DOS ඉතා හොදින් පරිගණක මත ක්‍රියාකරමින් තිබුනි. මෙය බිල් ගේට්ස් වසින් Hacker වරයකුගෙන් ඩොලර් 50,000 කට මිලදි ගත් එකකි. මෙම හදිසියේ ඇතිවුනු පළක මෘදුකාංගයක කූට අලෙවිකරන උපක්‍රම හා අඩු මිල මගින් සැමට නොදැනීම ලොකයේ සියඵ පරිගණක ආක්‍රමණය කරන ලදී. පරිගණක භවිතා කරන්නන්ට වෙනත්‍ විකල්පයක් නොතිබිණි. Apple MAC කොතරම් හොද වුවත් එය මිලෙන් ඉතා අධික වීම එහට හේතූව විය.

තවත් විකල්පයක් විය. එය UNIX නම් විය. එයද ඉතා අධික මිලකට අලෙවි විය. එසේ කරන ලද්දේ එය සාමාන්‍ය පරිගණක වලට නොයන පරිදි රැක ගැනිමටය. එසෙම එය හදුන්වා දුන් Bell Lab එහි Source Code පිටතට නොයන ලෙස දැඩි ලෙස ආරක්ෂා කරන ලදි. ඒ නිසාම UNIX මතට මෘදුකාංග නිපදවිමක් නොමැති තරම් විය.

එසේම තවත් විකල්පයක් විය. මෙය MINIX . මෙම පලක වැඩසටහන Andrew S. Tanenbaum නම් මහාචාර්ය වරය විසින තම ශිෂ්‍යයන්ට පාළක වැඩසටහනක ක්‍රියාකාරිත්වය පැහැදිලි කිරිම සදහා නිපද වුවකි. එසේම මෙය Intel 8086 Microprocessorයට ගැලපෙන ලෙස සකස් කරන ලද්දකි. MINIX ඉතා අගනා පාලක වැඩසටහනක් නොවිය. නමුත් එහි Source Code ඕනැම කෙනෙකුට නොමිලේ ලබාගත හැකි විය. MINIX, C හා Assembly පරිගණක භාෂා වලින් නිපදවා ඇත.

එසේම "Operating Systems: Design and Implementation” නම් පොත මගින් MINIX හි ඇති 12000 වන Code පිළිබද වෙන වෙනම හදුන්වා දෙන ලදි. එම නිසා ඉතා පහසුවෙන්ම Hackers වරැන්ට ප්‍රථම වතාවට පාළක මෘදුකාංගයක් කියවිය හැකි විය. එසේම ලොව පුරා පරිගණක භාවිතා කරන සිසුන්ට මෙම පොත මගින් තම පරිගණකයේ පාළක වැඩසටහන කෙසේ ක්‍රියාකරන්නේ දැයි හොද වැටහීමක් ලබාගත හැකි විය. මෙයින් එක් අයෙකු වුයේ Linus Torvalds .

1991 දි Linus Benedict Torvalds, Helsinki විශ්ව විද්‍යාලයයේ පරිගණක විද්‍ය අංශයේ දෙවන වසරේ සිසුවෙකි. මෙම කාලයේදිම Richard Stallman විසින් GNU නමින් සම්පුර්ණයෙන්ම නොමිලයේ (GPL - General Public License) වු පාළක වැඩසටහනක් ඉදිරිපත් කිරිය. මේ පිළිබද උනන්දුවක් ඇති වු ලිනස් හට MINIX මගින් GNU ආකාරයේ පාළක වැඩසටහනක් ඉදිරිපත් කිරිමේ දැඩි ආශාවක් ඇති විය . වසර 1991 සැප්තැම්බර් හිදි ඔහු විසින් ප්‍රථම වතාවට Linux 0.01 ලෙස ප්‍රථමයෙන්ම එලිදැක් විය. එතැන් සිට සියඵ අභියෝග ජයගනිමින් දියුනු වු Linux දැන් පරිගණක ලොව ජයග්‍රහනය තමන් සතු කරගනිමින් දිනෙන් දින ඉදිරිය වෙත පියමන් කරමින් සිටි.

සම්පුර්ණයෙන්ම නොමිලයේ භාවිතා කරිමට හැකි වු Linux හි Source Code ද ඕනැම කෙනෙකුට වෙනස් කළ හැකි ලෙසද ඉදිරිපත් වි තිබුනි. එමනිසා විවිධ ආයතන හා විශ්ව විද්‍්‍යාල මගින් Iinux වෙනස් කරමින් නවතම පාලක වැඩසටහනක් ඉදිරිපත් කරන ලදි. Caldera, red Hat, SuSE, Mandrake, Debian Fedora හා Ubuntu වැනි විවිධ පාළක වැඩසටහන් කිහිපයකි. දැනට ලොව හොදම Linux මත නිමැවුනු පාලක වැඩසටහන ලෙස මෙම Ubuntu පළිගැනේ. Ubnutu (උබුන්ටු) යනු අප්‍රිකානු වචනයකි. එය මනුෂ්‍යත්වය හා ප්‍රජාව යන අරුත් ගෙන දෙන්නකි.


(මෙම ලිපිය සඳහා තොරතුරු Ray සඟරාව මගින් ලබාගන්නා ලදි)





ඉතිරි ටික පසුව ලියමි


5 comments:

  1. නියමයි මල්ලි. දිගටම ලියන්න.
    මගෙන් සුභ පැතුම් !

    ReplyDelete
  2. මුලින්ම කියන්න ඕන බිල් ගේට්ස් DOS කියන OS එක ගත්තෙ හැකර් කෙනෙක් ගෙන් නෙවෙයි, Seattle Computer Products කියන සමාගමෙන්. අනික එතැන් සිට ඒක සංවර්ධනය කරෙත් හැකර්ලාද කියන එකයි පුරස්නෙ :D
    මේව ඉතිං වින්‍ඩෝස් වෙනම පාට්ශන් එකක තියන් ලිනක්ස් වලට සුපර් මාකට් ගානෙ යන අයගෙ කතා. :D

    ReplyDelete
  3. Pirates of Silicon Valley බලන්න ඊට පස්සේ මේ පොස්ට් එක ආයෙ පාරක් ලියන්න :D

    ReplyDelete
  4. පයිරේට්ස් ඔෆ් ද සිලිකන් වලී බලල මේ පෝස්ට් එක ආයෙ පාරක් ලියන්න කලින් පුලුවන් නම් රෙවලූශන් ඕ එස් බලන්න.
    ඊට පස්සෙ ඔයා ලියන ලිපියේ රිචඩ් ස්ටෝල්මන් ගැන එහෙම ගොඩාක් පාරක් ලියවෙයි. සමහර විට බිල් අයිය ගැන එහෙම නොලියවෙයි. :D
    Linux Rox

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.