Tuesday, April 12, 2011

අපේ තාත්තා අම්මාව හොයාගත්ත හැටි හා දෑවැද්ද..

 ඕං බනියා ආවා පරණ අවුරුද්දෙ අලුත් පොස්ට් එකක් දාලා කියලා යන්න.. ඉතිං මේ සුංදර කතාමාලාව මට අහගන්න ලැබෙන්නෙ ඊයේ අපේ අම්මලාගේ ගමේ යන්න ගියාම.. ඉතිං මගදිගේ යද්දි තාත්තා මේක කියව කියව තමා ගියේ :-D
       අපේ අම්මාගේ ගම හිනිදුම.. සිංහරාජ කැලේ හා කොට්ටව කැලෙ අතර පිහිටි ලස්සන ගමක්.. දන්නවත් ඇති ක්‍රිතියන් බැතිමත්තුන්ගේ පූජනීය තැනක් තියෙනවා කල්වාරිය කියලා.. අං ඒ කිට්ටුව තමා අපේ අම්මලාගේ ගෙදර තියෙන්නෙ..  පුදුම ලස්සන ගමක්.. සීතල දේශගුනයත් එක්ක.. ඒ වගේම අම්මාලා උන්න ගේ පිටිපස්සෙන් ලස්සන ගිංගඟ ගලා බහිනවා.. සුංදර කමනම් කියලා නිම කරන්න බැහැ.. :-)

ඉතිං අපි නෑදැයින් බලන්න යන මේ ගමනට යන්න සුදානම් උනේ

තාත්තයි
අම්මයි
මල්ලියි
මමයි 
තව ගෙවල් කිට්ටුව නැන්දා කෙනෙකුයි
එයාගේ දූයි..

ඕං තාත්තා කතාව පටන් ගන්නවා මෙහෙම

තාත්තා : බලන්න නංගී.. මාත් මෙච්චර දුරකටම අහූ උනානේ, අච්චර නුවර බෝනික්කො වගේ කෙල්ලො ඉද්දි..

නැන්දා : ඒකනේ අයියේ.. අපරාදේ නුවර ඉන්න තිබ්බෙ හික් හික්..

අම්මා : වැඩේමයි.. මාත් මෝඩ කමට රැවටුනානේ..

තාත්තා : අපේ කපුවාට හෙන ගහන්න ඔනේ මට කල අපරාදෙට.. කීවේ නම් කොහොමද ඉඩම් අක්කර ගනන් තියෙන්නෙ දැවැද්ද ඉහටත් උඩිං අනම් මනම්.. බලාන ගියාම  මුකුත්ම අරගෙන නැනේ නංගි.. ?

අම්මා : ඉල්ලන්න තිබ්බානේ නැන්දම්මාගෙන් ඔව්වා..

තාත්තා : අනේ ඉතිං ඔය කුණු කංදල් උස්සන් ඇවිල්ලා මොනාට ගොඩගහගන්නවද ? අනික හරියකට බඩුවක් මුට්ටුවක් තිබ්බ එකක්යැ.. අල්මාරී කැල්ලකුයි, කැබිනට්ටුවකුයි දුන්නා..ඒකත් මේ බාලයි..තව අයිස්ක්‍රිම් කන කප් වගයකුත් ලැබුනද කොහෙද.. ඒකට අයිස්ක්‍රිම් දැම්මොත් එක මේස හැදි පාරෙන් කතෑහැකි..

නැන්දා : ඉතිං අයියේ ඔය දැවැදි මොකටද.. මේ අක්කා ලැබුන එකම මදැයැ.. අහිංසක කම උතුරනවානේ..

තාත්තා : අනේ මං නොදන්න අහිංසක කම.. මං දවසක් මෙයාලාගේ ගෙදර ආවා වැඩවගයකට.. මෙයා චූටි ළමයෙක් වගේ අඹ ගහක ගැටගහලා තිබ්බ ඔංචිල්ලාවේ ඔංචිලිපදිනවා.. අනේ ඒ වදුරු නැටුම් දැකලා මාත් රැවටුන්නැතැ..

අම්මා : ඉතිං වැදිරියක්ව බැදගත්තෙ මොකටද ? හොද රිලවියක් හොයාගන්න තිබ්බානේ රිලවාට..

තාත්තා : මොනා කරන්නද අප්පා කරුමේ කරමේ.. මාත් හිතුවා අනේ මං කෝටිපතියෙක් තමා මේකි බැදැගත්තාම වැදිරයක් වගේ උනත් මොකද කියලා.. බලාන ගියාම මොකක් වත් නැනේ.. ?

නැන්දා : ඉතිං අයියේ අක්කා නම් කිවේ දැවැද්ද එපා කිවා කියලානේ..

තාත්තා : එහෙම තමා නංගි නැන්දාම්මා ශෙප් කරගන්න එපැයැ මොනවා කරන්නත්.. ඉතිං මං දැවැද්ද එපා දූ විතරක් දෙන්න කිවා.. ඕකනේ මේ හරහාට හිටියේ.. මොනා උනත් මාමංඩි නම් අහිංසකම මනුස්සයා.. රටක් වටිනවා ඒ උත්තමයා.. මට අර කබල් ලිබඩු ටික හරි දුන්නා..පුතේ මේවා අරන් යන්න කියලා..

අම්මා : ඉතිං මාමන්ඩිටත් කියන්න තිබ්බානේ කබල් ලී බඩු එපා, හොද ඒවා දෙන්න කියන්න කියලා..

තාත්තා : අනේ ඉතිං දූත් දීලා තව ලී බඩුත් ඉල්ලතැහැකිද ? කොහොම හරි මගේ කරුමේ පලිසං දීලා මට හොද නොනා කෙනෙක් ලැබුනානේ..
(අම්මාගේ මූණ රතුවෙලා ලැජ්ජාවෙන් ඇඹරෙනවා.. ) :D

හික් හික්.. මේ කතාවේ ගොඩක් දේවල් අඩුයි.. ඒත් ඔය මගේ මතකෙ තිබ්බ රසවත් සිදූවිම් තමා ඔය ටික.. මේවා මගේ මතකයේ හැමදාමත් රැදිලා තියේවි..

අපේ තාත්තා ලග අම්මා එවපු ලියුම් මිටියක්ම තියෙනවා..ඒවත් හරි අපුරුයි ( මං ඔන්න හොරෙන් බැලුවේ නැ එව්වා) :D :D

ඉතිං ඕක තමා අපේ අම්මාගෙයි තාත්තාගෙයි ප්‍රේමකතාව :D

ඉතිං දැන් එයාලා අවුරුදු 28 විතර වීවාහ ජීවිතයක් ගෙවලා තියෙන්නෙ.. ඒ ටිකේ ඒ දෙන්නා පොඩ්ඩක් රංඩු වෙවී යාලු වෙවී සතුටින් අපිවත් බලාකියාගෙන ජීවත් වෙනවා.. මෙතෙක් කාලෙකට කවදාවත් අපේ තාත්තා අපේ අම්මට ගහන්න අත උස්සලා නැ.. ඉස්සර ආදරේ තාමත් එහෙම්මයි..
එහෙම දෙන්නෙක්ගේ ළමයි වෙච්චි එකට බනීට වගේ බනිගේ අක්කලා දෙන්නාටයි මලයටත් හරිම සතුටුයි..

ඉතිං ඉදිරි කාලයත් ඒ සතුට රැදිලා තියේවි.. :-)
අපේ අම්මටයි තාත්තටයි බුදු සරණයි..!


bunny...

Wednesday, April 6, 2011

අවාසනාවට ඇත්ත කතාවක්...

     මේක ඇවිල්ලා මරණය හා සම්බන්ද ඉතා ඛේදනීය කතාපුවතක්.. මං කවදාවත් හිතුවේ නැ මේ බ්ලොග් එක තුල මරණයේ ක්‍රැර බව විදහාපාන්න.. මේක අහලා කවුරුවත් හිත්කලබල කරගන්ටෝන නැ..


මේකයි කතාව..


දැන් මාස කීපයකට උඩදි... මායි අයියයි අක්කයි.. අක්කගේ යාලුවෝ සෙට් එකකුයි.. නුවර එළියේ ට්‍රිප් එක්ක යන්න ගත්තා...හරිද ?
ඉතිං කෝම හරි පිරිමි පරාණ 3 යි මුලු වාහනේටම තිබ්බෙ..එකෙක් ඩ්‍රයිවර් උන්නැහේ මං, හා අයියා.. අනික් ඔක්කෝම කෙල්ලො.. ඉකේ මට ලැජ්ජාවේ බැ අක්කලා අස්සේ...(නංගියෙක් උන්නා නම් මූ එපා කියයි) එහෙන් පාලු කපන මූසල සීතලේ හෆොයි.. එවන් දුකක් බව්වෙක්ටවත් අත්නොවේවා..!! ඉතිං කෝම කොම හරි අපි හරි විනෝදෙන් සිංදු කිය කිය ගමනේ යෙදෙනවා..


අනේ මට එතන නවකවදේ..  :-/ එකෙක් එහෙන් අදියි..අනිකා මෙහෙන් අදියි..හයියෝ සංසාරේ භාවේ දුකා.. කිවාලු.. ඕං ඔහොම ඉදිරියටම ඉදිරියටම මං මේ සියලු දුක්කදෝමනස්සයන් විදමිං පාඩුවේ ඉන්නවා..


ඔන්න මං අර ඉහත කී ඛේදනීය අවස්තාව උදාවෙන්න ගන්නවා.. මොටෝ බයික් එකක කොල්ලො දෙන්නෙක්.. අපේ වැන් එකට කිට්ටු කරලා.. පිටිපස්සේ ශීට් එකේ ජනේලේ ගාව උන්න අක්කා කෙනෙක්ට පැණිහිනාවක් දාලා..


කොල්ලා : හලෝ නංගිලා ට්‍රිප් එක්ක යනෝ නේ ?

අර අක්කා : නැ මේ වෙඩිං එකකට යන්නෙ..



කොල්ලා : ආ ඇත්තෙයි ? අනේ සුදූ ඔයා හරි සුදුයිනේ..


අර අක්කා : තැන්ක්ස් මෙයා..


කොල්ලා : මේ නංගි.. ඔයාගේ දුක දෙන්නකෝ...


අර අක්කා : ඇයි ඔයා දුක්ගන්නා රාලද ?


කොල්ලා : නැ නැ පැටියෝ.. ඔයාගේ ටෙලිෆොන් නොම්බර් එක..


අර අක්කා : අනේ මේ මගෙන් මුකුත් නාහා යන දිහාවක යනවා බුරුවෝ.. 


කොල්ලා : අනේ සුදු කෙන්ති ගියාම ඔයා හරි ශොක් ඩාර්ලිං..


අර අක්කා : මේ කුණුහරුප දෙකක් නාහා යනවද පවු නොදී ?


කොල්ලා : අනේ සුදු ඔයා කුණුහරුපත් දන්නවද ? ඒ පැටියෝ අපි ඉස්සරහා හංදියෙන් හැරෙනවා.. ඉක්මනට නම්බර් එක දෙන්ටකෝ.. ඔයා හරි ලස්සනයි වස්තුවේ.. 




අර අක්කට පුල් මල.. දැන් හැමොගෙන්ම අහනවා අනේ බං මොනාද කරන්නෙ මුං යන්නෙම නැනේ කියලා..


මේ අතර අපේ අයියාට මැරෙන්න හිනායි මේක දැකලා.. මූ එක පාරටම කොළ කැල්ලක් අරන් ෆොන් එකෙන් බලලා මොකක්දෝ නම්බර් එකක් ලියලා ආ නංගි.. මෙන්න මේක දෙන්න ශෙප් එකේ කියලා දුන්නා..කොම හරි ජනෙලෙන් අර නම්බර් එක දුන්නාට පස්සේ අර බූතයෝ දෙන්න යන්නගියා.. යන්නම් සුදූ ගාගෙන.. :-D


ඉතිං කෝම හරි මෙව්වට මැරෙනකම්ම හිනා වෙලා හිනා වෙලා ඔක්කොම ඉවර උනාට පස්සෙ තමා මතක් උනේ මොකක්ද අර නම්බර් එක කියලා..
ඔන්න දැන් හැමෝම අයියාගෙන් අහනවා මොකක්ද අර දුන්න නම්බර් එක කියලා..


අයියා කියාපී..
       ආ ඒකද.. ඒක මේ අර මල්ශාලාවේ මල්ලිගේ ටෙලිෆොන් නම්බර් එකනේ කියලා.. :D :D :D


අනේ ඒ කොල්ලො දෙන්නාට
"අනිච්ඡාවත සංඛාරා" තමා :D 


ට්‍රිප් එකේ සතුට 3-4 කරගෙන අපි කෝම හරි ගෙදර ආවා.. :D
එහෙනම් ආයේ මෙහෙම ශෝක නොවන කතාවකිං හමුවෙමූ.. එතකං බායි වේවා..!!












පා:ලී (අතිශයින්ම කොල්ලන්ට පමණයි..)
       උබලා කෙල්ලෙක්ගේ ටෙලිෆොන් නොම්බර් ඉල්ලන්න යනවා නම් අනිවා මචං එතන්දිම මිස්කොල් එකක් ගහලා බලපං හරියේ... :D

හැමදාමත් පික්ශුනටන මං
bunny...


.

Sunday, April 3, 2011

Buzz + FB + bloger = GTG / හා ගෙම්බන් පැනීම..

                 හ්ම්හ්ම්..කාලෙකිං ආවා ඕං මේ පැත්ත බලලා යන්න.. ගිය සැරේ පොස්ට් එකට රිප්ලයි දැම්මෙත් නැ :D (කම්මැලිකම)

ඉතිං මාතෘකාවෙන්ම පටන් ගමු..
             මේ සම්බන්දයෙන් හුගක් දෙනෙක් පොස්ට් දාලා තිබ්බා ඊයේ රැම.. අපි ඉතිං හද්ද දොටේ ටවුමක නිසා.. එන්න ටිකක් රැ උනා :D ඉතිං ආපු ගමං පොටොස් අප්ලොඩ් වෙන්න දාලා නිදා ගත්තා.. දැන් තමා බ්ලොග් පොස්ට් එකක් ලියන්න ඔනී කියලා මතක් උනේ....
           ඉතිං ඊයේ පැවැත්වුනා සිහින බක්මහා උළෙලක්.. හෙන්ඩ්රිපෙදිරිස් ක්‍රීඩාමංඩපයේ.. ඉතිං ඕකට එන්න ඇගිලි ගැන ගැන තමා අපිත් උන්නේ.. ඉතිං ඊයේ උදේ පාංදරම කුකුලා කරේ තියාන  6 විතර ගාල්ලට ආවා.. ඒ ඇවිල්ලා අපේ කල්හාර මලයත් දාගෙන මොරටුවට ඇවිත් එතනින් චේතන හා අයේශ් (aka සීතලස්) දාගෙන.. ක්‍රිඩාගාරයට එන්ටර් උනා.. එන කොට ඉතිං තරග 2-3 ක් පටන් ගෙනත් ඉවරයි..
විලි ලැජ්ජාවයි නුවර ඉදං ආපු උනුත් වේලාසනම ඇවිල්ලා.. :D (උං ඉතිං පල්ලම් වලින් නේ එන්නෙ.. නෙද ? :D කඩුගන්නාවෙදි නිව්ටල් කරාම කොළඹ නවතිතැහැකි ;-)
             කොම කොම හරි පංකාදු 5 ට වැඩේ කෙරුනා.. ඉතිං ඕකෙදි බනියා තොප්පිය දැමීමේ තරගෙන් අතිවිශිෂ්ඨ ජයක් ලබාගත්තා.. දැන් කියන්න එපා ඕකා කරන තරමක් කරන්නෙ අනුන්ට තොප්පි දාන එක කියලා හරිය...!! :-D


බනිස් කැමේ තරගයට මං ඉතිං ගියේ නැ  අනික් අය පරදින නිසා.. :D


ඉතින් එව්වා වැඩක් නැ.. හොදම හරිය සිද්ද උනේ ගෙදර එන්න ආපු බශ් එකේ..


කොම හරි මායි, කුප්පයා aka ඉරුවා, කල්හාරයා, හා තාරක අයියයි කතරගම කොළඹ බශ් එකකට නැග්ගා ඉක්මනට එන්න ඔනී කම නිසා.. ඉතිං පොඩ්ඩ දුරක් හිටන් එන කොට ශීට් හම්බුනා (එව්වාගේ වාඩි වෙනවාට වඩා හොදයි හිටන් යන එක..)


කොම කොම හරි නින්දෙයි සැප නින්දෙයි වෙනස වටහා ගනිමින් පොඩි ඇලට් එකක් දාගෙන උන්නා..
බුදු අම්මෝ.. කවුදෝ අක්කා කෙනෙක් ක්‍රැස් ගාලා කැ ගහනවා.. ගෙම්බේක් කියාගෙන.. :D
මගුලයි.. බස් එකේ තඩි ගෙම්බෙක්.. ඒකා එක පාරටම එතන උන්න ශිට් එකකට පැනලා.. කොහාටද ආයේ පැන්න.. බුදු අම්මෝ.. මේ බුරුවා ආයේ කොහෙන්දෝ පහත් වෙලා මගේ බඩට පැනලා.. එතන හිටපු කෙල්ල ගාවට පැන්නානේ.. :D


මරු.. මං එතන උන්නා නම් කෙල්ල අනිවා මගේ බෙල්ල මිරිකනවා :D (බයට)  කොම කොම හරි ගෙම්බා මිසිං..
හුටා.. මෙන්න තව ගෙම්බෙක් .??


ගෙබි ජෝඩුවක්.. කතරගම යන්න ඇවිල්ලා :D


මෙන්න මට බස් එකේදි ගෙම්බන්ට මිනිස්සු කිව කතා ටිකක්..


1.  අනිවා මේ ගෙම්බා ටිකට් අරන් නැ..
2. කොන්දොස්තර මාමේ.. නයෙක් නයෙක්...
3. අඩේ අර බලපංකෝ අර ගෙම්බා අතේ කොස්සක්.. අනිවා ගෑනි මිනිහා පස්සෙ එලවනවා..
4. මුං දෙන්නා ගෙදරට හොරා පැණලා යනවද දන්නැ..
5. බුදු අම්මෝ ගෙම්බෝ 2 යි...
6. මෙන්නෝ ගැරඩියෙකුත් ඉන්නවා...
7. කවුද යකෝ බස් එකට ගෙම්බො ගෙනවේ ?


etc etc.. ඉතිං ෆන් එකෙත් උපරිම ෆන් එක.. :-D

මං ඌව චායාරූප කරණයට ලක් කරා ... :D
මේ පොටො එකේ ඉන්නේ 1ක යි.. අනිකා මිසිං.. :D
හුගක් දෙනෙක් කිවේ නම්.. මේක අර කුප්පයාගේ වැඩක් කියලා.. අපිනම් දන්නැ ඕං.. ඕවා..


එහෙනත් තාරක අයියාට ඇන්ටිකෙනෙක් හම්බුවෙලා.. එයාගේ දූට Tp No එකත් දුන්නා කියලා තමා ආරංචිය...කවුද අෆ්ෆේ ඔව්වා දන්නේ නේද ? :D


තව මෙතන තියෙනවා ඊයේ උත්සවයේ වැදගත් අංග ටිකක්..


නව යුවල හදුනා ගැනීම..
 
අනේ මංදා ඉතිං සමහරු නම් කීවේ පුල් sexy කියලා :P


 
තවත් දාවන ඉසව්වක්..



 
පවු ඉතිං අහිසංකයෙක් තලා ආතල් ගැනීම තමා මේ :P


සාදාරණම තරග ඉසව්ව.. (එහා පැත්තෙ පොටෝ එක නොදාසිටමි)
රටිං විනිශ්්‍ය කරුවන් ගෙන්වීම නොහොත් දුකාගේ ආගමනය :D
මෙව්වාට නම් මං මුකුත් නොකියමි.. සමහරු නම් කීවේ "ඇන්කර් නිව්ඩෙල් වලට බලල්ලුත් සාක්කී කියලාලු"
අවසාණයේ DJ මැසිම අබියා විසිං කඩන ලදි..
දරු සුරතල්..
පණුවා අඹේපාල මාමාගේ කට වැඩියැයි මොල් ගසෙන් ගැසීම..
බොරු කියන එකෙත් සීමාවක් තියෙන්ටොන අප්පා.. :P

සෙට් එක..


ඉතිං අදට මේ ඇති.. නැත්නම් බනියාට තවත් කාර්ඩ් වදිනු නිසැකය..


තව මාසෙකින් 2 කින් හමුවෙමූ.. එතකං ආයිබොවන්.. ටටා බායි..!!

Sunday, March 20, 2011

Hanthana Linux zzzz :-D

         මේක මේ කාලෙක ඉදන්ම දාන්න උන්න පොස්ට් එකක්.. කොහෙද ඉතිං අර වඩුවාගේ ගෙදර පුටුව නැ.. බාලගිරි දෝසේ අද නෙවේ හෙට වගේ කල් දම දමා උන්න එකක්.. (වෙන මුකුත් නෙවේ කම්මැලිකම)


ඉතිං අවසරයි.. මා මෙතනට පැමිණියේ හන්තාන ලිනක්ස් සම්බන්දයෙන් වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි..

         මෙහෙමයි මේකත් ලිනක්ස් පාදක කරගත්තු මෙහෙයුම් පද්දතියක්..
මේකේ බේස් එක කරගත්තෙ අපි fedora කියන මෙහෙයුම් පද්දතිය.. විශේෂයෙන්ම මේක ගන්න හේතු උනේ ආරක්ශාව අතින් ටිකක් තදේට ඉන්න නිසා :-D   ඊලගට අපි මේක තව චූටි කරලා හැදුවා හන්තාන CD එකක්.. චූටි කරා කිවේ CD එකට කොම හරි ඔබාගන්නත් එපැයැ.. ඉතිං කලේ XFCE කියන අතුරු මුහුනත දාලා.. අද්‍යාපණික මෘදුකාංග දාලා..
           විශේෂයෙන්ම මේක වැදගත් වෙන්නෙ ඉස්කෝල වලට.. මොකද ඉතිං ඉස්කොල වල තියෙන මැශින් ගැන දන්නවානේ..(මහන මැශින් නෙවේ මේ කොම්පීතර් :D ) අන්තර්ජාල පහසුකම් නැ.. වෙන ලිනක්ස් OS එකක් දැම්මට Mp3 බලන්න බැ.. ඔය යාලුවෝ එක්ක අනම් මනම් Video බලන්න බැ ;-) නේද ? :P        අනික ඉතිං ඉස්කොලේ මැසිමකින් මොනා හරි ඉගෙන ගන්නවා නම් ඉතිං අඩුගානේ පිරියඩ් 8 ම කට්කරගන්න බලාපොරොත්තු වෙන්ටෝන...මොකද මැශිම ලෝඩ් කරගන්න පිරියඩ් එකයි.. මෘදුකාංගේ ලොඩ් වෙන්න පිරියඩ් එකයි.. චිත්‍රයක් ඇන්දා කියමු.. ඒක අදින්න පිරියඩ් 4 දාමු.. ඔන්න ඇදලා සෙව් කරන්න පිරියඩ් එකයි.. ක්ලොස් කරන්න පිරියඩ් එකයි.. ශට්ඩවුන් කරන්න නම් තිං ;-) තත්පරයයි.. (බිත්තියෙන් ඔෆ්කරන්න බැරියැ :P හිහ් හිහ් හිහ් )
       මොනා උනත් ලංකාවේ ආර්තිකේ හැටියට හැම පාසලකටම ලොකු ලොකු මැශින් දෙන්න බැහැනෙවැ.. අනික ඉතිං එව්වාට දාන මෘදුකාංග වලට ඊට වඩා වියදම් දරන්ට එපැයැ ;-)
ඉතිං ඔය IT (Itin Takaran) කරද්දි බනියලත් ඔය දුක්ක දෝමනස්සයන්ට මූන දුන්නා... ඒ වගෙමයි අපි පිහිටවා ගත්තු SLUG (දක්ශිණ ලිනක්ස් සංසදය) එකෙන් කල ලිනක්ස් වැඩමුලු වලටයි ගියාම අන්තර්ජාල පහසුකම් නැති උනාම එන කට්ටයි නිසා..  අපිටම කියලා මෙහෙයුම් පද්දතියක අවශ්‍යතාවය අපිට ආවා.. ඉතිං ඒක නිසා ඩනිශ්ක අයියාගේ අදහසකට අනුව අපි හන්තාන ලිනක්ස් LiveCD එකක් විදියට දොරට වැඩම්මව්වෙ..

දැන් මේ ඔක්කොම තව තවත් දියුනු කරලා Live DVD එකක් නිකුත් කලා..
එකෙනම් තියෙන්නෙ Gnome කියන අතුරු මුහුනතයි KDE කියන එකයි.. තව අලුතින්ම ආව Gnome Shell කියන එකයි.. (මං නම් පුද්ගලිකව කැමති Gnome වලට :)

ඉතිං මේකේ හිතාගන්න බැරි තරම් මෘදුකාංග දාලා තියෙනවා..  ඔයාලත් උස්තාහා කරලා බලන්න... මෙන්න මෙතනින් බාගන්න පුලුවන්..
මේක පිලිබද
වැඩිවිස්තර දැන ගන්න ඔනි නම් මෙතන බලන්න

ඉතිං රු 60000/= විතර මිල කරන පොඩි මැශිමකට.. තව රු50000/= ක් විතර මෘදුකාංග වලට වියදම් කරලා රජයේ පාසල් වලට දෙන මැශින් වලින්.. ඔය මෘදුකාංග වලට යන වියදම අඩු කරන්න ලිනක්ස් දැම්මොතිං තව එක පාසලකට හරි IT ලැබ් එකක් දෙන්න පුලුවන් නේද ?


බලාබලාලාබලාලබාබලා.....

මේ ගැන වැඩි විස්තර දැන ගන්න ඔන්නම් මෙන්න මෙතනින් ගිහිල්ලා ඩනිශ්ක නවින් අයියාගේ බ්ලොග් එකේ බලන්න..ඩනිශ්ක අයියා තමා මෙකේ මුලසුන අරගෙන වැඩ කරන්නෙ.. බනියත් හන්තාන එකට සම්බන්දයිලු.. මොනා කරනවද කියලා බනියා නම් දන්නැ..

ඒ වගේමයි හෙන සෙටාර් එකක් මෙක වටේ ඉන්නවා.. :-D දැනට ඉස්කෝල 3-4 ක්ම සම්පුර්ණයෙන්ම පාවිච්චි කරන්නෙ හන්තාන.. ඒ වගේම  ඉන්ටර්නෙට් කැෆේ 2 ක් විතර තනිකරම හන්තාන :-)

ඉතිං ඒ ආඩම්බරයත් හිතේ තියාගෙන මං සමුගන්නවා.. ඉතිං ඔයත් උත්සාහ කරලා බලන්න.. මොනා හරි ගැටලුවක් තියෙනවා නම් ඩනිශ්ක අයියාම අල්ල ගන්න හොදේ :P මං නම් ඉතිං බිසි නෙවැ :P

ආ අමතකම උනා.. මේක ඩවුන්ලොඩ් කලා කියලා සතයක්වත් ඔනේ නැ හොදේ  :D පුලුවන් නම් යාලුවන්ටත් බෙදලා දෙන්න.. ඉස්කොලේ ගිහිල්ලා හොරාට ඉස්කොලේ මැශිමකටත් දාන්න.. සර් හො මිස් කවදාවත් බනින එකක් නැ :-)
(බැන්නත් මටයැ :P :P :P )

පා:ලි: ඉදිරියට හන්තාන මත ඉදන් වැඩ කරගන්න විදියේ පොඩි පොඩි බ්ලොග් පොස්ට් ටිකක් දාන්නයි කල්පනාවා.. ඔය අලංකාර කටයූතුවලට කැමතියි නෙවැ.. හෙනම් රැදී ඉන්න බනී එක්ක.. අපි කැපුනා

හෙනම් ටටා..!!

Thursday, March 10, 2011

මරණ පෝස්ටර්..

            හලෝ  ළමයි.. ඕං කාලෙකිං මේ පැත්තෙ හාවා ආවා .. :D අද නම් වැල් වටාරම් කියන්නැ.. මේක මට වැටිච්චි  බකට් එකක් ගැන කතා පිංචක්..

  මේක උනේ මං වැරදිලා ඉස්කොලේ ගිය දවසක.. එදා අනේ මගේ කරුමෙටද මංදා ෆිරියඩ් දෙකක් තියෙනවා ඒ දෙකටම ටිචර්ස්ලා නැති දවසක්...
    ඉතිං කලාස් එක දෙවන ලෝක යුද්දෙ වගේ.. එහාට මිසයිල යනවා මෙහාට යනවා.. එක එක ජාතියේ හෙලිකොප්ටර් කෆිර්.. හැබැටම දෙවන ලොක යුද්ද කාලේ එච්චර තාක්සනේ දියුනු වෙලා තිබ්බා නම්.. අනිවා ඔව්වා කරපු උං මේ ලොකේ පලුවයි ඉතිරි කොරන්නෙ.. ඒකත් අර කාන්තාර කොටස් ටික වෙන්ටෝන..!! 
         ඉතිං මේ විගඩම් බලන් ඉන්න බැරි තැන බනියායි බනියාගේ ගැන්සියේ උන්න නුවන් කොලුයි සෙට් වෙලා පොඩි පහේ මඩ වියාපාරයක් දියත් කොලා.. ඒ තමා අපිට ගේම දෙන්න උන්න එකෙක්ට මරණ පොස්ටර්  ගහන්න :D (කොච්චර කිවත් ඇහැව්වෙ නැ කාඹරයක් ඇති කියලා මේකා ගේමමනේ දෙන්න හදන්නෙ)
කෝමත් අපේ සැටැර් එකෙන් ගුටි කනවා කියන්නෙ.. ඌට මරණපොස්ටර් අනිවාර්යයි නෙවැ.. හිහ් හිහ් හිහ් :D  (අනේ මං නම් නැ ඔව්වාට මං හෙනම අහිසංකයා.. ඊටත් පොඩ්ඩක් එහා අහිංසකද කොහෙද)

 මට තියෙන්නෙ තිං ඔය කලා කටයුතු බාරව වැඩ කොරන්න තමා.. කොඩි වැල්, තොරන්, බැනර්, තව සැරසිලි හා මරණපොස්ටර්.. ඔව්වාට තිං ගමේ ගොඩේත් බනියාව ඕනිමයි.. බනියා නැති මලගෙදර හරියට මල ගෙයක් වගේ :D :D

ඉතිං මේ ගමෙන් ලැබුනු ආභාශය බනියා උපරිමෙන්ම ඉස්කොලෙදිත් පාචිච්චි කොලා..

ඉතිං ඕං දැන් බනියයි බනියාගේ යාලුවායි උපරිමෙන්ම හො ගාලා වැඩ.. පොටෝ එක අදිනවා.. ඒකේ දිනේ දානවා.. අනම් මනම් වැඩ..

හනේ ඔය අතරෙ තමා බනියාටයි නුවන් කොලූටයි කණ කොකා අඩන්නෙ..

ඕං බනියාට දැනෙනවා.. මගේ මේ සියුමැලි දිග කන් දෙක අපාය සයිඩ් එකටම ඇදෙන ගතියක්.. අනේ අපායේ නිල රථයේ යතුර ස්විච් එක කැරකැවෙනවා..

හෆොයි.. ප්‍රින්සිපල්... O_O

ආයේ හන්ගන්න දෙයක් නැ.. වැඩේ අතේ මාට්ටු..

ප්‍රින්සිපල්. : නැගිටපියව්..

B-N      : නැගිටියි.

ප්‍රින්සිපල් : මොකක්ද තොපිලා මේ අදින්නෙ ?

බනී      : සැ සැ සැ සෑර්.. ම ම ම මරණ පොස්ටරයක් (මුගෙ කන් පොට්ටද කොහෙද. අච්චර   ලස්සනට ඇන්ද එක පෙන්නැත්තෙ අනිවා මෙකාගෙ කන් පොට්ටයි..)

ප්‍රින්සිපල් : කාටද තොපිලා මේක ඇන්දෙ ?

නුවන්    : සර් ඩස්පියාට.. නැනැනැ මේ චතුරන්ගට..

ප්‍රින්සිපල් : ශා.. උබලාට හොදට චිත්‍ර අදින්ට පුලුවන් නේද ?

(අප්පට බොල මූ මොකාටද එන්නෙ ?)

B.N      : (කුප්ප හිනාව මිශ්‍රව..) ඔව් සැර්.. අපි චිත්‍ර කොරන්නෙ :D

ප්‍රීන්සිපල් : ආ එහෙමද ? යමල්ලා ඔෆිස් එකට.. උබලාට වැඩක් තියෙනවා දෙන්න..

ඕං තිං බනියයි නුවනුයි ඔලුව කශ කශ ඔෆිස් එකට ගියා.. අපි නම් පශ්ශාත් භාගයේ උපතිං ආ නිමාව ගැන අදහස අතැරගෙනයි ගියේ... හුට්ටප්පරයයි, වේවැල නෑ.. ඒ වෙනුවට මේං ප්‍රින්සිපං ගේනවා A4 කොල මිටියක්..

ප්‍රින්සිපල්.. : මෙතනින් ගන්නවා ගනන් කරලා කොළ 100 ක්.. අරන් දෙන්නා 50 - 50 බෙදා ගන්නවා.. දැන් මෙතන පුටු දෙකෙන් වාඩි වෙලා,  බනියාගේ මූන නුවන්.. නුවන්ගේ මූන බනියා ඇදපිය මේ කොළ වල.. ඇදලා බොලාලාගේ "විපත" කොටසට ඉඩ තියලා හදාපිය මරණ පොස්ටර්..!! උබලා අදින අදින පොස්ටර් මට ගෙනැල්ලා බාර දෙන්න ඔනි..! ආයේ උබලා ඉස්කොලෙන් අස් වෙන දවසට මං මෙව්වා බොලාලාගේ දෙමාපියන්ට බාර දෙන්නම්..!!

"අනිච්චාවත සංඛාරා" .. මෙවන් විපතක් කිසිවෙක්ටත් අත් නොවේවා..! 

අනේ අම්මෙ ගුටි කැවා නම් මීට වඩා සතුටුයි.. මොන කරුමයක්ද දෙයියනේ චිත්‍ර අදිනවා කියන්නෙ මරන් කැවා හා = වැඩක් නේ :-/

ඉතිං කෝම කෝම හරි ඉස්කොලේ ඇරෙන්න මත්තෙන් අපි පොස්ටර් ටික බාර දුන්නා..
ඉතිං ප්‍රින්සිපල් සර් හිනා වෙලා කාරිය අපිට හොද ඔවදන් මාලාවක්ම දීලා අපි ගෙවල් වල පිටත් කෙරුවා..
එදා සර් අපිට ගහලා එලවලා දැම්මා නම්.. මීට වඩා දෙයක් ආයේ කරන්න ඉඩ තිබ්බා.. නමුත් මේ දඩුවම මතක් වෙද්දි නම් ඇග හිරි වැටිලා යන තරම් මට...

අද අපේ ප්‍රින්සිපල් සර් මොකක්දෝ වැඩක් තාත්තා එක්ක කතාකරන්න අපේ ගෙදර ආවා.. මට සර් දැක්කාම ඕක තමා මතක් උනේ.. ඉතිං මං තකහනියක්ම බ්ලොග් එකේ ලියලා දැම්මා.. නැතිව ඉතිං තව මාස 2-3 කිං නෙවැ බ්ලොග් එක පැත්තෙ පශ් පාගන්නෙ :D

ඉතිං කැම ඔතන් එන කොලේ පොලිතින් උණ පලියට ඒක ගිල්ලවන ප්‍රිංසිපල්ලා ඉන්න රටක.. අපේ සර් නම් ....... ?
මට වචන නැ සර්.. 
සර්ට දිර්ගායුශ..! 

හැමදාමත් පික්ශු නටන මං
Bunny

.

Sunday, February 27, 2011

කැමරා ජීවිතයක ඇරඹුම.. හා නියම මනුස්ස කම..

      හම්මේ.. සති 3-4 ක් ගිහින්ද කොහෙද.. blogspot කියලා දකිත්දිත් කම්මැලියි අප්පා.. :-/
 මේක නම් නොකියාම බැරි කතාවක් නිසා, තාවකාලිකව කම්මැලි IC එක ගලවලා තියලා ලියන්න පටන් ගත්තා :D

මෙන්න මේකයි කතාව.. කාලේක ඉදංම බනියාට කැමරා ගැන මාරම උණක් තිබ්බා... ඕක මාරම දරුණුයි..! ඉතිං නිකන් එව්වා හරියන්නෙත් නැ DSLR...DSLR... එව්වා විතරයි.. හැහ්.. පොල් ගෙඩියක් රුපියල්ම 60 ක් වෙච්චි කාලේක DSLR එකක් කියන්නෙ ගෙයක් හදන සල්ලි නෙවැ :D

ඉතිං තාවකාලිකව ඔය DSLR උණ සම්බන්දව තිබ්බ IC එකත් ගලවලා පැත්තකින් තිබ්බා..
මොන පික්සුද.. නිතර නිතර කැමරාවක් කෝම හරි මගුලක් වෙලා මතක් වෙනවානේ.. අනේ ඉතිං ඒ වෙලාවට කැමරා වලට මිල ගණන් නියම කරපු එකාගේ දෙමාපියං සිහිපත් කරලා නිකා ඉන්නවා.

ඉස්සර නම් DSLR එකක් දැක්කාම කලන්තේ ස්වභාවයක් එනවා.. මං දන්නවා DSLR එකක් තියෙන කෙනෙක් ඒක පරිස්සම් කරන්නෙ දෙවෙනි ගෑනී පරිස්සම් කරනවා වගේ.. :D ඉතිං හැමෝගෙන්ම අනේ බං දියං මචං ඩිංගක් කියලා ආසාවට ඉල්ලන්නත් බයයි.. එව්වා හරියන්නැ.. මගේම එකකට යන්න ඔනි මතේ තමා බනියා උන්නෙ..
ඉතිං ඔහොම කාලයා බනියාට කොචොක් කර කර ඉදිරියටම යනවා..  (අහුවෙයිනේ ඕකා මට)

මේං ගිය බ්‍රහස්පතින්දා (2011..02.24) අපේ ගයාන් කල්හාර මලයා ලිංක් එකක් එවාපී...
අප්පච්චියේ.. කැමර් එකක්.. :-D අපේ තවත් බ්ලොග් ලියන සහෝදරයෙක්.. කැමර් එකක් ගැන දාලා තිබ්බා.. වෙනකවුරුත් නෙවේ සංහිඳ පාමුළ කියලා බ්ලොග් එකක් ලියන විමුක්ති අයියා..
ඉතිං එයා කියලා තිබ්බා කැමර් එකට 12000.. ත් 15000.. දාහත් අතර ගානක් බිඩ් කරලා කමෙන්ට් කරන්න කියලා..
     ඉතිං බනියත් ඒ අයියට මේල් එකක් දාලා.. මගේ දුක්ගැනවිල්ලත් කිවාම ගානක් කියන්න කිවා.. මං මුලින්ම එයාට කීවේ රු18000.. ක් දෙන්නම් කියලා. මොකද ඒ කැමර් එක ඊට වඩා දෙගුණයක් විතර මිලයි.. මේං බනියාට රිප්ලයි එකක් එනවා.. ඇස්දෙක අදහාගන්නත් බැ.. රුපියල සතේටත් ගහමරා ගන්න කාලේ.. මෙහෙම මිනිස්සුත් ඉන්නවාද කියලා බනියාට හිතෙන්න ගත්තා.. ඇස්දෙක පිහිදැමුනේ නිකන්ම වගේ.. (හීනයක්ද කවුද දන්නෙ :D)
   ඒ අයියා කියලා තියෙනවා.. අනේ මල්ලි මට වැඩිපුර සල්ලි එපා.. ඉතිරි සල්ලි වලින් ඔයා ට්‍රයිපෝඩ් එකක් ගන්න... මට 12-15 අතර ගානක් දෙන්න.. ඔයා ගන්නවා නම් මං ලක්ශෙට ඉල්ලුවත් පොරොන්දුව කඩකරන්නෙ නැතිව ඔයාටම කැමර් එක දෙන්නම් කියලා.. ඉතිං මං හැරුන තැපැලෙන්ම 15 දෙන්නම් කියලා යැව්වා මේල් එකක්.. ඔන්න වැඩේ ඕකේ..
ඒ වෙද්දිත් එයාගේ බ්ලොග් එකේ කමෙන්ට් වැටිලා ... 15000, 18000 , 18500, 20000 ත් අතර ගනන්...

    ඒත් මෙන්න මේකයි නියම මනුස්ස කම කියන්නෙ.. එයත් මං වගේම කැමරාවකට හීන මවපු කෙනෙක්.. දැන් එයාට කැමරා දෙක්ක තියෙන නිසා තමා මේක විකුනන්න දාලා තිබ්බෙ.. ඉතිං එයත් මගේ දුක දන්නවා හොදටම.. :-)

ඉට දවසකට පස්සෙ මට රත්නපුරේ ඉදන් ගාල්ලටම කැමර් එක එවලා තිබ්බා.. අංකල් කෙනෙක් අතේ.. ඉතිං මට රත්නපුරේ යනවාට වඩා ඒ අංකල්ට බස් වියදම දුන්නාම ලාබ නිසා මාත් කැමති කියලා එහෙම ගෙන්න ගත්තා..

ඉතිං මේ පොස්ට් එක ඒ මනුස්සකම දන්න විමුක්ති අයියටයි..
මං කවදාවත් නොදැක්ක මේ බ්ලොග් එකේ ලිංක් එක මට පෙන්නපු අපේ කල්හාර මලයාටයි ගොඩාක්ම පිං.. :-)

මේං මේක තමා කැමරාව
කැමර් එක ගැන නම් මං වැඩියමක් ලියන්න යන්නෙ නැ.. ඒ ගැන විස්තර ඔනි තරම් Google Search පාරක් දැම්මාම විස්තර ඒවි...


මාත් කැමරා ගැන වැඩිවිස්තර බලාගන්නෙ මෙන්න මෙතනින්...




ඉතිං ආයේ දවසක හමුවෙමූ .. 
මට ජය වේවා.. :-D

කැමරාවක් ලැබුණ මම
Bunny

Wednesday, February 2, 2011

උබට මොකටද යකෝ ඒක ?

    හලෝව්.. හරිම කම්මැලයි අප්පා.. බ්ලොග් එක දකින කොට මරන්න වගේ... දවසට මට බ්ලොග් පොස්ට්‍ 100- 200 උනත් ලියතැහැකි කිසි ගින්නක් නැතිව.. කොස්සකට කියලා තියෙන්නෙ කතාවට මුල පුරන හැටි, ඒක නැතිව කෝමද අප්පා පොස්ට් එකක් ලියන්නෙ.. (නෝදෝකිං මේකාගේ පංපෝරිය) මොකාද මංදා කතාවට මුල පුරන්න ඔනී කියලා හොයා ගත්ත එකා.. ඔය අයිස්ටයිං වගේ පංඩිතයෙක් වෙන්න ඇති.. හිහ්.. ඉගෙන ගන්ටම ඔනීද අයිස්ටයිංලා වෙන්න.. අයිස් ගැහුවාම බැරියැ අයිස්ටයිංලා වෙන්න.... :-D
 (මේ කතා අහලා බොලාලා අයිස්ගහනවා හේම නෙවේ ඕං...)

තව මොනා හරි මෙතන පුරවන්ට ඔනී නැත්නම් අද කතාව සූටිම සූටි එකක්  :-D

එක්කො ඔන්න ඔහේ කියලා දානවා..

හ්ම්හ්ම්හ්ම්.. ආ කියන්න බැරි උනා.. බ්ලොග් පොස්ට් ලියනවාට වඩා කම්මැලයි අප්පා කමෙන්ට් වලට රිප්ලයි කරන්න :( මෙව්වා අහලා ඕං කමෙන්ට්‍ නොකර ඉන්නවා හේම නෙවේ..)
(මේකාට යකට ඌණ තාවයද කොහෙද..මෙච්චරටම කම්මැලි කම)

දැන් මං බලාගෙන එක දිගටම බනියා දාපු පොස්ට් වල කමෙන්ට්‍ වලට රිප්ලයි කරලා නැ.. නොදෝකිං මේ ගොන් හාවා..

හරි හරි,.. ඔන්න මට ඔනී විදියට කතාවට මුල පුරව ගත්තා... හිහ් හිහ් හිහ්.. :-D

මේං මේකයි කතාව..

අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් උන්නා.. අමිත්ත කියලා.. මගේ ක්ලාස් මේට්‍ වගේ තමා මැන්ස්.. බට් මම මැන්ස්ට වඩා අවුරුදු 2 අඩුමල්..  (අඩුමල් = බාල)
හේතුව බනියා කවදාවත් තමන්ගේ ක්ලාස් එකේ පැයකට වඩා ඉන්නේ නැ.. යන්නෙම ඔය සයන්ස් ක්ලාස් පැත්තෙ.. මැට්ස් ක්ලාස් පැත්තෙ.. (ඔය කිවාට ඕකා මෙලෝ මගුලක් ඉගෙන ගත්තෙ නෑ)

ඉතින් අදටත් ඔය ලොකු අයියලා සෙට්‍ එක තමා බනියලාගේ යාලුවෝ.. අපේ ක්ලාස් එකේ කියලා එකෙක්ගෙවත් කන්ටැක්ස් නැ... කතා කලත් ඔය පාරකදි අහු උනොත් තමා..
ඉතිං දුකේදී සැපේදී හැම මගුලෙදිම අපි ඔය A/L ක්ලාස් වල අයියලා එක්ක තමා ජිවත් උනේ... ඒක හරි විනෝදයි... විසේසෙන්ම බනියා තමන්ගේ පංති වලින් වෙන් උනේ හේතු ඇතුව..
 එකක් තමා අපේ ක්ලාස් වල උන් කම්පියුටර් කියන වචනේ තහනම් වචනේ කලා..
අනික බනියාව හැමදෙනාම කොන් කලා.. :-( ක්‍රිකට් ගහන්න ගියත් පන යනකම් පිල්ඩිං කරනවා..  බැට්‍ එක අතින් ඇල්ලුවත්, ඒ අල්ලන්නේ පිට්ටනියට අරං යනකම් විතරයි..  වොලිබෝල් ගහන්න ගියත් බලන් ඉන්න තමා වෙන්නෙ. හැම දේකදිම බනියා කොන් උනා.. අදටත් බනියාට හිතා ගන්න බැරි මොකදෝ මෙච්චරටම බනියාව කොන් උනේ කියලා.. ඔය කොන් කිරිලි තාඩන පීඩන අස්සේ බනියා අඩපු වාර ගාන එමටයි.. (දැනටත් මේක ලියද්දි ඇස්දෙක නොදැනීම තෙත්වෙනවා වගේ.) ඒත්  බනියා නෙවේ ඔව්වාට සැලෙන්නෙ.. බනියා ගත්තා තීරණයක්.. 
       ඉන්නේ නැ ක්ලාස් එකේ.. යනවා A/L පංතිවලට.. ඉතිං ඔව්වාගෙන් හිත ගත්තු තැනක් උනේ සයන්ස් ක්ලාස් එක.. ඒකේ අයියලා අක්කලා කවදාවත් බනියාට හිත රිදෙන්න දෙයක් කියලා නැ.. උං මොනා හරි දෙයක් බනියාට කියලා දුන්නා.. ඉතිං මගේ හොදම යාලුවෝ උනේ ඒ අයියලා අක්කලා.. අදටත් මචං බං කියලා කතා කරන්නේ උං එක්ක.. ඉතිං ඔහොම හොදටම පිට් වෙච්ච කෙනෙක් තමා අමිත්ත අයියා කියන්නෙ.. එයාලාගේ ගෙදර අයත් බනියා හොදටම අදුරනවා...
 ඉතිං මේ ලගදි තමා අමිත්ත අයියලාගේ ගෙදර හදලා, ගෙට පෙදිංචියට යන්න දිනයත් ආවේ... ඉතිං ඒ වෙනුවෙන් දානෙකුයි පිරිතකුයි තිබ්බා.. බනියත් ඕය වැඩ කටයුතු වලට උදව් පදව් කරලා.. (මොන උදව්ද, කාපු එකම තමා කල ලොකුම උදව්ව) ඔන්න දැන් පිරිතුත් ඇහුවා නිදිමරාගෙන..

හුටා..එළිවෙන කොට ඉන්න බැ නිදිමතේ වැක්කෙරෙනවා.. හෆොයි..මෙහෙම කොහෙමද දානේ කන්නෙ.. අනික එන මිනිස්සුන්ට කෝමද මූන දෙන්නෙ... හරියන්නැ.. බනියා ගියා ගෙදර... හැහ්... ගියා විතරයි ඇදට වැටුනා.. වැටුනා නෙවේ ඇද හොයාගෙන පාවෙලා ගියදා කොහෙද... කොම හරි 8 ට එලාර්ම් එකත් තියාගෙන පැයක් හරි නිදියනවා කියලා ඕං දොයි...

හැහ් මොන කරුමෙකට එලාර්ම් හැදුවාද මංදා නිදාගන්න නැ.. ආයෙ වැඩි කලා පැයක්.. 9 යට.. හෆොයි නිදාගත්තෙ නැද්ද කොහෙද,,, ආයේ වදිනවා එලාර්ම් එක.. මේ මගුල හරියන්නෙ නැ.. දැන්ම දානෙ ගෙදර ගියේ නැතොත් නොන්ඩිය.. දඩ බඩ ගාලා මූන හෝදගෙන ඕං පාරට බැස්සා.. කොහෙද.. නිදිමතතතතතතතතතායි..... හැහ්.. යනවා යනවා බස් හොල්ට්‍ එක ලගට එන්නෙත් නැ.. අපෝ යනවා නෙවේ ගාටනවා..

ඔන්න දැන් තමා එන්ටර්ද මිශන් කිවාලු

මේං එනවා ඉන්ග්ලිශ් නම්බර් තියෙන වැන් කට්ටක් ඉස්සරහාට, හුටා මේ අදුරන එකෙක්නේ.. මේං මේකා අහපි..

මැන්ස් : හලෝ බනී... කොහෙද මේ යන්නෙ ?

(මොන කරුමයක්ද..මල ජම්ප් වෙච්චි වෙලාවට අහන එව්වාද මේ)

බනී : ඈ යකෝ. තොට මම යන හැම මගුලම කිය කිය යන්ට ඔනීද ?...

(සැ:යූ: මා කල ප්‍රකාශයේ "යකෝ" යන්නට වෙනත් සිංහල වචනයක් යොදාගෙන තිබිනි.. වල් හාවා යන කාර්ඩ් එක තවත් ඉස්තීර වන නිසා.. එය නොදා "යකෝ" යන්න ආදේශ කලෙමි..)

අරයකාගේ ඩීසල් වාහනේට මම හරියට ලංකා සුපර් පෙට්‍රල් දැම්මා වගේ.. අරූ ආ වේගෙටත් වඩා පාගලා යනවා...
හුටා.. ටින්ටඩ් කරපු වීදුරු අස්සෙන් මට තැඹිලි පාටට රෙදි වගයක් පේනවා... හෆොයි..
           ජිවිතේ කරගත්ත ලොකුම ගොන් කම.. මෙවන් විපතක් සතුරෙක්ටවත් නොවේවා... දැන් නම් ගමේ ජීවත් වී වැඩක් නැත.. වහබෝතලයක් ගන්න අතේ සතේ නැත..

පිටි පස්සෙ ඉදලා තියෙන්නෙ ගමේ පංසලේ ලොකු හාමුදුරුවෝ බොලව්.... :-(

අනේ අම්මපා.. අරයකාට හාමුදුරුවෝ ඉස්සරහින් තියාගෙන යන්න බැරි උනේ මොන මගුලක් නිසාද මංදා.. :-/ ඒත් කමක් නැ.. පොඩි හිනාවක් දාගෙන පලයල්ලාකෝ යන ගමනක්.. මොන මගුලකටද මම යන දිහා ඇහුවේ...

ලංකාවේ වාහන වල වීදුරු ටිංටඩ් කරන එක තහනම් කියන, නීතියට නම් මම එක පයින්ම කැමතියි..!!

පා:ලී: ඔය වාහන වල යන අයට බනිද්දි. පොඩ්ඩක් පිටිපස්සෙ ඉන් වුද කියලා බලන්න අමතක කරන්න එපා ඕං...!!

මොනා හරි බකට් එකක් පෙරල ගන්න මම 
Bunny...

..