Saturday, October 15, 2011

ටුක් ටුක් එක

මාතෘකාව අමුතු වගේ දැක්කට ඔහොම කියන හේතුව මං නම් දන්නැ ඕං.. !
මේ වගේ මාතෘකාවක් ගැන කතා කරන්න හිතුනේ මාරයා අයියා ගිය පාර පොස්ට් එකේ අහපු ප්‍රශ්ණෙට උත්තර අහන්න ගිහින් :P

මාරයා අහපු ප්‍රශ්ණෙ තමා ඉදිරියට මෙන්ම පිටි පස්සටත් ඒ හා සමානව ගියර් තියෙන වාහනේ ගැන.. ඉතිං එක එක ජාතියෙ උත්තර දුන්නා.. මං කිවේ යුද්ද ටැංකිය කියලා :P
බැලින් නම් හනේ හරිම සරල වාහනයක්.. ඒ තමා ත්‍රීවිල් එක.. මොකද එව්වාගෙ රිවස් එකට වෙනම ගියර් එකක්නෙ එන්නෙ.. ඉතිං ඒ ගියර් එකට අනික් ඉදිරියට යන ගියර් 4 ම අදාලයි.. :D මං නම් ඒකෙ සාර්ථකත්වයක් දකින්නැහැ.. අන්තිම සරල වාහනයක් නිසා එහෙම එවන්න ඇත්තෙ.. 4 වැනි ගියර් එකෙ පස්සට යන්නෙ කොහොමද කියලා නිකමට හරි වාහනයක් පැදපු කෙනෙක්ට නම් තෙරෙන්න ඔනි.. :D

කොහොම නමුත් මං කියන්න හදන්නෙ ත්‍රිවිල් වල නරක පැති හා මට එපාම කරපු වාහනය ගැන.
ගොඩක් අය තරහා වේවි.. බනිවී.. (මොකද මේක මිනිස්සු සලකගෙන ඉන්නෙ දුප්පතාගෙ හිතවතා කියලා) ඉස්සර නම් ඔය පෝස්ට් එක තිබ්බෙ පුට්සයිකලෙට..

මුලින්ම කියන්න ඔනි ත්‍රිවිල් එකක් කියන්නෙ කිසිම ආරක්ශාවක් නැති වාහනයක්.
හේතූ

01. රෝද තුනක් පමනක් වීම..

02. බ්‍රේක් වල ගැටලු
 යාන්ත්‍රික ක්‍රමයකට බ්‍රේක් එන නිසා තෙල් නිසි පාලනයක් වෙන්නැහැ, ඒ වගෙම තෙල් බ්ලොක් එකක් ඇවිත් පිටි පස්සෙ එක රෝදයකට තෙල් යන්නැතිව ඉදිරි පස රෝදයට හා පසු පස 1ක කට ගියොත් තියෙන අවදානම.. අනිවා එතැනදි වාහනේ පෙරලෙන්න බලනවාමයි..!! දැන් කියන්න එපා ඉස්සර වාහන ආවෙත් එහෙමයි කියලා, මතක තියා ගන්න ඒවාට රෝද 5 ක් තිබ්බා (ස්පෙයාවීල් එකත් එක්ක :P)


ඔය බ්‍රේක් වල ගැටලුවෙදි මං අදුරන කෙනෙක්ට මේ ලගදි ඔය සිද්දිය සිද්ද උනා..  එ මනුස්සයා අද ත්‍රීවිල් එක ගත්තා නම් හෙට ගිහින් උදේ 11 ට ඉන්ශුවරන්ස් කලා.. කරලා ගෙදර ගේද්දි වංගුවේදි වාහනේ පෙරලුනා.. හොද වෙලාවට ඉන්ශුවරන්ස් කලේ.. :D පස්සෙ බලද්දි බ්‍රේක් වල තමා ගැටලුව
 පවු ඉතිං ලක්ශ 2 ක් විතර දීලා වාහනයක් අරන් පස්සෙ දුක් විදිනවා.. 

 මේ හැම හේතුවකටම ඒ වාහනේට බනින්න බැහැ.. මොකද අඩු වියදමිකින් හදන වාහනයක් නිසා.. ඔය හැම දෙයක්ම හරියටම නීට් එකටම එවන්න බැහැ.. මොකද ත්‍රීවිල් එකක් = BMW එකක් නෙවෙන නිසා..
ලොකුම වැරැද්ද ඩ්‍රයිවර් උන්දැලාගේ..
මට නම් පාරෙ යද්දි එපාම කරපු දේ තමා ඔය ත්‍රීවිල් වම් පැත්තෙන් ඉස්සර කරන එක, ඒක ලංකාවෙ නිතියට පටහැනි උනාට.. උන්ට කිසිම ගානක් නැහැ.. වැරදිලා හරි පාරෙ හරියට යන කෙනා අනතුරක් වලක්වන්න  වම් පැත්තට වාහනේ ගත්තොත් අර ත්‍රීවිල් එකෙ වදිනවානේ ? පොලිසියෙන් ඇවිල්ලා වැරැද්ද පටවන්නෙ අපේ පිටට.. මොකද අරූ කියනවද මං වම්පැත්තෙන් දැම්මා කියලා ? නැනේ.. අපි දකුණෙන් ඉස්සර කරන්න ගිහින් හැප්පුවා කියලා තමා කියන්නෙ.. ඇසින් දුටු සාක්ශි තිබ්බොත් නම් ඔන්න හරි..!! එත් මිනිස්සු දැක්කත් නොදැක්කා ගානට යන කාලයක්නෙ මේක..

 ඒ වගෙම අපි හිතමු කඩුගන්නවා කන්ද නගිනවා කියලා.. ගොඩක් තැන් වල පාර වෙන් කෙරෙන්න තියෙන්නෙ ඩබල් ඉර.. ඔය වගේ තැනකදි ත්‍රීවිල් එකක් කොටන කොට මල පනින්නැද්ද ? බර වාහනයක් නම් කමක් නැහැ..  ඉවසතහැකි.. ඒත් මේ චූටි වාහනයක් නිසා වාහන පෝලිමක්ම දුක් විදිනවා.. උන්ගෙ ආච්චිගෙ සීයාගෙ බූදලේ වගේ පාර මැද්දෙම යන්නෙ.. චුට්ටක් අයිනට අරගෙන ඉඩ දෙනවා නම් හරිනේ..
    තාත්තාගෙ බාසාවෙන් කිවොත් නම් ත්‍රීවිල් පදින 100 කින් 45 ක්ම මදාවි කාරයෝ.. !!  මදාවි කාරයෝ කියලා කියන්නෙ මැරයා කියන අදහසින් නෙවෙ.. අර අනික් මිනිස්සු ගැන හිතන්නැති ආර්ත්මාර්ත කාමින්..

මේ ලගදි මං කොළඹ පාරකින් යද්දි ටිකක් හොදට පාර තිබ්බ නිසා 60 ට වගේ පාගලා අවා.. කොහේදො ඉදන් ත්‍රීවිල් කාරයෙක් දැම්මෙ නැතැ පාර මැද්දට.. 99 න් දන්න සියල්ලම ශිල්ප දාලා බේරුනා..

මේ අතරෙ මට පොඩි ජෝක් කතාවක් මතක් වෙනවා..

ඔන්න එක අත්තම්මා කෙනෙක් වාහනේක හැප්පිලා.. අරන් අවාලු ඉස්පිරිතාලෙකට.. ඉතිං ඩොකා අහනවාලු.. අත්තම්මෙ.. අත්තම්මා මොකේද හැප්පුනේ කියලා..
අත්තම්මා කියනවාලු.. අනේ මං දන්නැ මහත්තයෝ.. මහා සද්දෙන් ආපු වැර්ලස් එකක් මාව යටකරන් ගියා කියලා.. :D

ලංකාවේ ත්‍රීවිල් වැඩි වෙන්න හෙතුව ?

   ලොකුම හේතුව තමා ගොඩක් මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම.. කරන්න කිසිම රස්සාවක් නැති උනාම කොහොම හරි රෝලක් ගහලා,  ගන්නවා ත්‍රීවිල් එකක්.. ඉතිං පාරක් අයිනට වෙලා දවසම කාලකන්නි කරගන්නවා.. හයර් එකක් අවොත් හොදයි.. එත් දැන් තියෙන ත්‍රීවිල් ප්‍රමානේ අනුව ඔච්චරටම හයර් වදිනවද ?
ආයෙ හේතුවක් තමා ඔය ලොතැරයි දිනුම් වලට ත්‍රීවිල් දෙන එක..

ලොකුම හේතුව.. ඔය ත්‍රීවිල් ගෙන්වන එකෙන් කාගෙ හරි මන්තිරි මහත්තයෙක්ගෙ සාක්කුවට ලොකූ ගානක් යන එක..

මං නම් ලයිශන් එක වත් ගත්තෙ නැහැ ත්‍රීවිල් පදනින්.. මට ඒ තරම්ම අපුල වාහනයක් තමා ත්‍රීවිල් කියන්නෙ.. නමුත් හදිස්සියකදි තැනක් හොයාගන්න බැරි උනාම ත්‍රීවිල් එකකට නගින එක වෙනම කතාවක් :D

ඔය ඇති.. නැත්නම් මේක කියවන ත්‍රීවිල් තියෙන මහත්වරු මට බනීවි.. :D


මට කියන්න ඕන උනේ අඩු මුදලකට තමන්ගෙ ජිවිතෙයි අනුන්ගෙ ජීවිතෙයි දෙකම බිල්ලට දෙන්න එපා කියන එක.. ආර්ත්මාර්ත කාමි වෙන්නත් එපා..

තව දෙයක් තමා.. ත්‍රීවිල් එක්ක පැද්ද කෙනෙක්ට බස් එකක් හරි 10 වීල් ලොරියක් හරි දුන්නොත් මොනවායින් මොනවා වේවිද ? :D

ත්‍රීවිල් වලට විසදුමක් විදියට මං දකිනවා අලුතින් එන tata nano කාර් එක.. මොනා උනත් ඒක කාර් එකක්නෙ ? ලස්සනයි.. ලංකාව කැත වෙන්නෙත් නැහැ.. මං නම් කැමති නැහැ පාරෙ එහාට මෙහාට කිසි නීතියක් නැතිව යන චාටර් ත්‍රීවිල් වලට..!!

අවසානෙ මට මෙන්න මේ සිංදු දෙකත් දකින්න ලැබුනා.. :D

 
 

2 Stroke හී 145.45 cc
4 Stroke හී 173 cc

Bunny෴

Wednesday, October 5, 2011

gear වර්ග..

ඇත්තටම අපි වාහනයක් ගත්තාම.. අපිට ඔනි ඔනි විදියට පදින්න බැනෙ නෙද ? එක දන්නවානෙ..
එව්වායෙ ගියර් තියෙනවා.. ඒ ඒ වාහනෙට නියම රිතියක් තියෙනවා ඒකට අනුව වැඩ කරන්න ඔනි..
ඉතිං ගියර් ජාති දෙකක් තියෙනවා..

01 Manual gear   (ශ්‍රමික ගියර)
02 Auto gear  (සව්‍යංක්‍රීය ගියර)

01 Manual gear   (ශ්‍රමික ගියර)

 
මුල් අවදියේ පටන්. මේවනතෙක්ම පැමිණෙන තාක්ශණයක් තමා මේ මැනුවල් ගියර ක්‍රමය.. මේකෙදි වාහනයට බ්‍රෙක් එක හා ඇක්සලෙටරය ට අමතරව තව ක්ලච් එකක් එනවා.. ගියරයක් මාරු කරද්දි මේ ක්ලච් එක පාගන්න ඔනි.. ක්ලච් එකෙන් කරන්නෙ එන්ජිම හා ගියර් බොක්ස් එක අතර සම්බන්දය ඇති කිරිම හා විසන්දි කිරිම.. ක්ලච් එක පාගද්දි එන්ජිම එක්ක සම්බන්දය නැති වෙනවා.. ඇතැරියාම නැවත සම්බන්ද වෙලා එන්ජිම හා ගියර් බොක්ස් එක තුල දැතිරෝද කැරකෙන්න ගන්නවා..
මේ ක්ලච් එක පාගන්නෙ නැතිව ගියර් දාන්න පුලුවන්.. නමුත් ඉතාවෙගයෙන් කැරකෙන දැතිරෝදයක් අතරට තවත් දැතිරෝදයක් රින්ගවන්න ගියොත් මොකද සිද්ද වෙන්නෙ ? ඒවා සීරිමකට ලක් වෙන එක මෙන්ම.. කරාරාරාරාස්ස්ස්ස් ගාලා මහ ශබ්දයක් එන එක.. සාමාන්‍යයෙන් මට එහෙම උනොත් අපෙ තාත්තා නම් කියන්නෙ බලහං පුතෙ ගියර් බොක්ස් එක බිමදැයි කියා..!!

මේ ක්‍රමයෙදි ගියර් වර්ග 1 සිට 4 දක්වාත් 1 සිට 5 දක්වාත් 1 සිට 6 දක්වාත් .. විවිද විවිද ක්‍රම වලින් එන වාහන තියෙනවා..
1සිට4 එන වාහනක් විදියට ඩීමෝ බට්ටා වාහනය සලකන්න පුලුවන්..
ගොඩක්ම වාහන වල එන්නෙ 1 සිට 5 දක්වා...
ඔය පාරෙ යන බවුසර්.. කන්ටෙනර් පෙට්ටි ගෙනියන ප්‍රයිම්මුවර්.. (long vehicles) වල නම් 1සිට6 දක්වාම ගියර් ආපුවා මං දැකලා තියෙනවා.. මීට අමතරව සෑම වාහනයක පාසාම මේ ගියර් වලට අමතරනවා R එකක් එනවා.. ඒ කියන්නෙ රිවස් එකනේ..? නැතිනම් ඉතිං වාහනෙ N එකට දාලා (නිවුටල්) පිටිපස්සට තල්ලු කරන්න උනත් ඇහැකි.. !!

වාසි අවාසී

වාසි විදියට ගත්තොත් තියෙන්නෙ.. අපිට අවශ්‍ය තැනදි අපිට ඔනි ඔනි ආකාරයට ගියර් මාරුකරගන්න පුලුවන් කම..

ආයේ තල්ලු කරලා ස්ටාට් කරන්න පුලුවන් වීම.. මොකද මේවා වැඩකරන්නෙ කේබල් හෝ ලිවර් මගින්.. සියල්ලම යාන්ත්‍රික ක්‍රමෙකට.. ඉතිං 2 ගියරයට වගේ දාලා.. හොද තල්ලුවක් දැම්මොත්.. ඩික් ගාලා ස්ටාට් කරගන්න පුලුවන්.. හැබැයි ඉතිං එන්ජිමෙ දොශයක් නැත්නම් තමා..!

අවාසි විදියට තියෙන්නෙ ක්ලච් එක පාග පාග ගියර් මාරු කරන එක මල කරදරයක් වගෙම කකුල රිදෙන එක..!!

-මැනුවල් ගියර් තුල ගියර් වර්ග-
මෙතැනදි අපි සලකලා බලන්න ඔනේ දෙයක් තමා.. වාහනේ තියෙන තත්වය අපි හිතමු තැනිතලාවක 60kmh වෙගයකින් පාගලා යනවා.. අපි එහෙනම් අනිවා 5 ගියරයට දාගන්න ඔනිනේ ?

අපි හිතමු ලොකු පල්ලමක් කියලා.. අපි ඔය පල්ලමේ 5 ගියර් එකෙ අවොත් මොකද වෙන්නෙ ? අනිවා අපි දැඩිසත්කාරෙ.. එහෙම නැතිනම් හදීසි අනතුරු ඒකකයේ නේද ?

 ඉතිං අපි සාමාන්‍යයෙන් පල්ලමක වගේ කරන්නෙ.. පල්ලම දරුණු නම් first gear එකෙ (1 ගියරය) දාගෙන තමා පල්ලම බහින්ටෝන.. එතකොට එන්ජිම ස්ලෝ වෙලා.. වාහනය අමුතුම හිර ගතියකට එනවා.. හරියට බ්‍රෙක් එක පාගගෙන කන්ද බහිනවා වගේ.. එතකොට බ්‍රෙක් එකට කිසි අමාරුවක් නැතිව ආරක්ශාකාරීව කන්ද බැහැ ගන්න පුලුවන්..

(අතුරු කතා)
  මේක සිද්ද උනේ ගාල්ලෙ ඉන්ජිනේරු පැකල්ටිය ඇතුලේ පල්ලම බහිද්දි.. එදා ප්‍රදර්ශණයක් තිබ්බා.. අපිත් ඉතිං ඔකේ සහභාගිවෙලා උන්නෙ.. ඉතිං මායි සර්කෙනුකුයි ආවා පල්ලෙහාට එන්න.. මෝට බයික් එකක සර් කිවා මට පදින්න කියලා.. ඉතිං මාත් නැගලා.. සරුත් දාගෙන කන්ද බහිනවා... ඉතිං ගෙට්ටුවෙන් මිනිස්සු හෝගාලා එනවා.. කොකටත් කියලා බ්‍රෙක් ගහන්න බලද්දි.. අම්මට සිරි වෙන්න මෙන්න යකෝ බයික් එකේ බ්‍රෙක් නැහැ.. ඉස්සරහා බ්‍රෙක් බැලුවා.. ඒක නිකං ක්‍රි:පු 4 වන සියවසේ කේබල් එකක් වගේ.. දිරලා ගිහින්.. බ්‍රෙක් කියලා නාමයක් නැ.. මට ඉබේටම සර් කියවුනා.. සර්ට ගානක් වත් නැ.. අම්මපා මැරෙන්න බය නැද්දමද මංදා.. මට නම් ඉතිං අවසානය කියලා තමා එදා හිතුනේ.. මොනා කරන්නද.. දඩස් ගාලා දැම්මා ප්‍රස්ට‍ එකට.. බයික් එක ගැස්සිලා වගේ ගියා.. වෙන කරන්න දෙයක් නැ.. නවත්ත ගන්නත් එපැයැ.. හෙමින් හෙමින් කන්ද බැස්සුවා.. බ්‍රෙක් එක නැතිව.. ආපු වෙගෙට පාගලා ගිහින් තව දෙතුන් දෙනෙක් යට කරගෙනත් ගිහින්.. දඩෝන් ගාලා ගෙට්ටුවෙ වැදුනා නම්.. අනේ අම්මෙ.. මැරෙන එක සැපයි.. කෙල්ලො ඉස්සරහා එහෙම නොවී :D..  සෝ කිසි අවුලක් උනේ නම් නැහැ..

එත් අපේ සමහර උදැවිය.. නිසි තැනට ගියර් මාරුකරගන්න බැරිව තමා අඩුකඩාගන්නෙ..


02 Auto gear  (සව්‍යංක්‍රිය ගියර) 


මේ ජාතිය ගත්තාම ටිකක් අලුත් තාක්ශණයක්.. මුල් කාලෙ වාහන වල නොතිබ්බත්.. මං 14 ශ්‍රී කාර් එකක දැකලා තියෙනවා.. ඒ කාර් එකේ රවුමක් ගිහින් තියෙනවා..ඔයාලට උනත් එහෙම රවුමක් යන්න පුලුවන්.. පාරෙ යන කොට වාහනයක් නවත්තලා තිබ්බොත් වටෙ කැරකිලා රවුමක් ගහන්න පුලවන්නෙ නෙද ? ...කෝම හරි ටිකක් මෙලො රහක් නැති ගතියක් තමා දැනෙන්නෙ..  තත්පර කීපයක් ඇතුලත සැලකිය යුතු වේගයකට (පික්අප්) එන්න බැරි උනත් නරකම නැ.. ඊලගට නිකරුණේ තෙල් පිච්චිලා යන ගතියක් මට නම් දැනුනා..
            නමුත් එන්න එන්න තාක්ශණේ දියුනු කරලා.. දැන් නම් මැක්සා.. විශේෂයෙන්ම මේ ලගදි ජනප්‍රිය උන දෙමුහුන් (hybrid) වාහන වල නම් පික්අප් ගැන කියලා වැඩක් නැ සුපිරියි.. හේතුව තමා එන්ජිමට අමතරව බැටරියෙන් ක්‍රියාත්මක වෙන විදුලි මෝටරයක් අන්තර් ගත වීම... ඇක්සලෙටරය.. එහෙම නැතිනම් ගෑස් එක පෑගීම සන්වේදක (sensors) මගින් ගණනය කරලා.. ඒ වගෙම වාහනය තියෙන තත්වය (eg; කන්දක,තැනිතලාවක) බලලා..  වාහනය දාවනය විය යුත්තෙ, එන්ජිමෙන්ද, බැටරියෙන්, නැතිනම් ඔය දෙකෙන්මද කියලා තීරණය කරනවා.. එතකොට පික්අප් එකත් සිරා මෙන්ම.. ඉන්දන පිරිමැස්ම අතිනුත් ඉහලයි..! කොටින්ම කිවොත් මේ ගියර් ක්‍රියාත්මක වෙන්නෙ පරිගනකයක් ආදාරයෙන්..
     Auto gear ලිවරය අපිට එහා මෙහා හොලවන්න පුලුවන් උනත්.. රථය දාවනයේදි එහෙම කරන්න අවශ්‍ය නැහැ.. ඒ වගෙම වාහනයට ක්ලච් එකක්ද නැ.. හේතුව ඒවා සිදුවෙන්නෙ Auto නිසා.. auto ගියර් ලිවරය දිහා අපි බැලුවාම එක එක විදියේ සංකේතයන් වගයක් තියෙනවා..

P
R
N
D
L or B
S

P කියන්නෙ Parking
R කියන්නෙ Reverse
N කියන්නෙ Neutral/No gear
D කියන්නෙ Drive
L or B කියන්නෙ Low or Brake
S කියන්නෙ Sport 


Auto Gear වල වාසි අවාසි..

ප්‍රදානතම අවාසිය තමා.. මේ වාහන තල්ලු කරලා ස්ටාට් කරන්න බැරි කම.. හේතුව මේ ගියර ක්‍රියාත්මක වෙන්නෙ පරිගණකයක් අදාරයෙන් නිසා.. ඒ පරිගනකය ක්‍රියාත්මක වෙන්න විදුලිය අත්‍යාවශ්‍ය විම..
තව දෝශයක් හට ගැනුනොත්.. ලංකාවෙ ඉන්න මජං හූරන බාස්ලා ඕක කන එක.. මං මෙකෙන් කනවා කියලා අදහස් කලේ.. ලිවර් එක ගලවලා බඩගින්නට කනවා වගෙ දෙයක් නෙවෙ.. ඔව්වා ගලවලා දාලා ලෙඩෙ වැඩි කරන එක.. හොදම උදාහරණයක් තමා.. අපි වැරදි විදියට වාහනෙ බැටරි වයර් එක ගැලෙව්වොත්.. එහෙම නැතිනම් යම් විදියකින් ශෝට් උනොත්.. අනිවාර්යයෙන්ම අර පරිගනක මෘදුකාංගය අවුල් වෙනවා.. නැතිනම් දෝශ හටගන්නවා.. ඒ වෙලාවට කරන්නෙ.. ගියර් පද්දතිය ගලවලා සුද්ද කරන එක නෙවේ.. ඊට අදාල විසදුම හොයා ගන්න ස්කැන් එකක් කරන එක.. ඒකට සාමාන්‍ය මජං බාස්ලා හරියන්නෙ නැනෙ නේද ?...  හොදම දේ රථයට අදාල නියොජිත ආයතනයටම බාර දෙන එක..
තව දෙයක් මෙව්වායෙ ගියර් ඔයිල් හැම 30000km වලින් හෝ අවුරුදු 2 කට සැරයක් අනිවා මාරු කරන්න ඔනි...!! වාහනයට අදාල නියම තෙල් වර්ග තියෙන නිසා.. ටිකක් මිලෙන් අදිකයි..! 

වාසි විදයට ගත්තොත්  තියෙන්නෙ.. අපිට කරදරයක් නැති කම තමා.. මොකද අවශ්‍ය තැනට ක්ලච් එක පාග පාග ගියර් දාන්ටොන නැහැනෙ..!



මේක ලියන්න හිතුනු හේතුව ගැන තවමත් කල්පනා කරන මම
PirateBunny


..

Friday, September 30, 2011

+ත්මක චිංතණය තුලිං, පොහොසත් වීම..

1: අර පොතත් තියෙනව
1: මේ මල @!#$@#$ අරගෙන පලකො හෙට ඇවිත්
2: උඹ හෙට නැනෙ
2: මේ බං
2: මට ඉදිරියෙ හෙන අවාසනාවන්ත කාල වකවානුවක් පේනවා..
1: නෑ ගෙදර ඇවිත් අරගෙන පල
2: මට එන්න ක්‍රමයක් නැ මහත්තයා
1: ඒ කියන්නෙ උඹට පොත දෙන්න මං රු 100ක පෙට්‍රල් ගහගෙන ජීවිතේ අවදානමක් අරගෙන එන්න ඕන?
1: පල යන්න
1: මයෙ ගෑණි නිසාවත් ආපු නැති ගමන් තොපිල නිසා එන්ට බෑ
1: ඕන්නං ඇවිත් අරගෙන පල
1: අරූ කීවෙ උබෙ අතට දෙන්නය කියල
2: රු 100 ද වටින්නෙ
2: ඒ දරුවාගෙ ආසාවද ?
1: රු100 වටිනවා
2: තන්හාව
2: ඔව්වා මැරුනාම අරගෙන යන්නැහැ
1: නෑ දුප්පත්කම
2: මං රු 00 දෙන්නම්
1: උඹ දන්නවද අද පර්ස් එකේ තියෙන්නෙ රු 22කයි
1: ඒකත් ඒ කොලේ ඉරිලා නිසා
2: ඒ 22 උනත් ඇති පොහොසතෙක් වෙන්ට..!
1: හෙට පැච් එකක්වත් ගියොත් සිගරට් එකකටවත් සල්ලි නැහැ
1: කතාවනං ලස්සනයි, අඩුගානෙ උඹවත් ප්‍රයෝජනයක් ගන්නවනං ඔය නාස්තිවෙන වචන වලින්
2: නැනැ
2: මං නම් මං හිතපු ක්‍රමේ කරන්න යන්නැහැ
2: ඔය රු 20 අරන් යන්න කඩෙකට
2: රුපියලේ
2: දෙකෙ කාසි වලට මාරු කර ගන්න
2: ටිං එකක් හොයා ගන්න
2: ඔන්න සල්ලි හොයන ආදායම් මාර්ග
1: කොහෙද බං කඩ වල ඕවා මාරු කරන්නෙ?
1: නෙදකින්
1: ලේන්සුවක් ගන්නෙ අණ්ඩකෝශ දෙක උගස්තියලද?
2: මං ඒක දන්නැ
2: යට ඇදුම හරි උගස් කරපං
2: ආ
2: උගස් කරන්න ඔන්නැ
2: ඒක බිම එලා ගන්න බැරියැ ?
1: ඒකෙ හිල් දෙකක් තියෙනව
1: එකක් කාවො කාලා
1: අනික දිරලා
2: නොදොකිං..
2: උඹට 2 යිද තියෙන්නෙ
2: පිරිසිදුව ඉදිං
2: වල් ඌරා

PirateBunny෴



පා:ලී: ටෙම්ප්ලට් එක අල වගේ නම් කියන්ඩෝ...!!

Tuesday, September 27, 2011

දඩයම..

ඇත්ත වශයෙන්ම කිවත් මේක රෙඩියෝ එකෙ ගිය කතාවක්.. මේක දාන කං මාව පොපිය පොපිය උන්නෙ :D කෙලින්ම කතාව කියන්නම්.. වැඩි කැපිලි නැ.. බොරු ටොක්ස් නෑ.. හරියේ..

වන්ස් අපෝන ටයිම් උන්නාලු කින් කෙනෙක්.. එහෙම නැතිනම් කඩ්ඩෙන් කිවොත් රජෙක්.. හරියේ..
මේ රජා තම සෙකට්රි.. එහෙම නැතිනම් පුරොහිත එක්කලා කතා කර කර උන්නාලු..රජා ඉතිං තවුසන් ටෝක්ලු දෙන්නෙ.. හරියේ..


රජා: උඹට කියන්න පුරෝ.. දඩයම් කරන එකත් සෙල්ලම් නැ.. මට ඔය ගැන පුදුම එක්ස්පිරියන්ස් එකක් තියෙන්නෙ..

පුරෝහිත: අම්මපාආආ? ඒ කියන්නෙ රජතුමා දඩයමෙ ගිහින් තියෙනවාද ?

රජා: නැතිව.. උඹ හිතුවද යකො මං මෙකට වෙලා උඩ බලාන ඉන්නවා කියලා ?

පුරෝහිත: නැනැ මං මේ නිකමට කිවෙ ඉතිං.. තරහා ගන්ටොනද ? හැබැටම රජතුමනි කියන්නකො ඔය එක්ස්පිරියන්ස් කැල්ලක්.. කම්මැලි කම යන්නත් එක්කලා..

රජා: ආ ඔන්න මං දවසක් යනවා කැලෙට.. හරියෙ..

පුරෝහිත: ඒ මොකටද රජතුමිනි ? අර අරයා එක්කද ?

රජා: නැ යකො.. දඩයමේ ගියේ තනියෙම..!!

පුරෝහිත: ආ ඉතිං ඉතිං ?


රජා: මං යන කොට.. මෙන්න එනවා...


පුරෝහිත: කොටියා කොටියා ?

රජා: නැ...නැ...

පුරෝහිත: එහෙනම් වලහා වලහා..


රජා: නැනැ මොණරෙක්...


පුරොහිත : ආඅ ඉතිං මොකැ උනෙ ?


රජා: ඉතිං මං ඔහොම යනකොට යන කොට මෙන්න එනවා..


පුරෝහිත: වලහා වලහා..

රජා: නැ...නැ...


පුරෝහිත: කොටියා කොටියා ?

රජා: නැනැ මොණරෙක්...

පුරොහිත : ආආ ඉතිං ඊ ලගට මොකෝ උනෙ ?

රජා: උඹට කියන්න ඉතිං මං ඔහොම යනකොට යන කොට මෙන්න එනවා..

පුරෝහිත: හරි හරි ඒ පාර නම් ශුවර් වලහා වලහා..

රජා: නැ...නැ...

පුරෝහිත: එහෙනම් අනිවා කොටියා ?

රජා: නැනැ මොණරෙක්...

පුරෝහිත: ඒ පාර මොකැ උනේ ඉතිං ?

රජා: මං කොම හරි ඊ ලගට අවෙ පාරක් කිට්ටුවට.. මං පාරට එන කොටම.. මෙන්න ඉන්නවා..



පුරෝහිත: හරි හරි ඒ පාර නම් ශුවර් වලහා වලහා..


රජා: නැනැ තනි අලියෙක්

පුරොහිත: අම්ම ගහයි.. සිරාවට ? ඉතිං මුකුත් කරදරයක් කලේ නැද්ද ?

රජා: නැනැ කිසි අවුලක් කලේ නැ මං ලගටම ගියා.. මොකද ඇත් ගොව්වා ලග උන්නානේ..  :-D


කාලෙ කැවාට සමාවෙත්වා..

අපි කැපුනා හෙනම්.. බයි බායි.. 

PirateBunny෴

....

Monday, September 26, 2011

BMICH නාලා මාටකය..

 ඔන්න අද ලියන්න හදන්නෙ මටම මඩ ගහගන්න පොස්ට් එකක්...... ;-)
  
         රටෙ තොටේ හැම මනුස්සයෙක්ම යනවා වගේ මාත් ගියා BMICH වන්දනවේ.. ඒ සාහිත්‍ය මාසය වෙනුවෙන් තිබ්බ බුක්ෆෙයාර් 2011 ට.. හැබැටම ඉතිං ඕකට ගියපු නැති එකෙක් ඉන්නවා නම් මගෙන් ගුටි නොකා ලබන අවුරුද්දෙවත් යන්න කියලා කාරුණිකව ඉල්ලනවා... හැබැයි ඔන්න මේ මං ගියා වගෙ නෙවෙ ඕං..!!

මං ගත්තු පොත්..
මං bmich එකට දවස් 2 ක්ම ගියා.. මුල්ම ගමන ගියේ අක්ෂරය  බ්ලොග් එකේ ලියන සෙට් එකෙ උන්දැලා එක්ක.. උන්දැලා කිවාට බවලත් උදවිය ඔක්කොම අවෙ නැහැ.. ඕකට අප්සට් එකෙ එක මහත්තයයෙක් ඇඩුවත් එක්ක.. :D
        එදා නම් හරි අෆූරු දවසක් විය.. කෙසේ නමුත් සෙට් එකේ මහතුන් හා නොනාවරුන් පොත් ගන්න එක ගැන නම් ඒ හැටි උනන්දුවක් පෙන්නව්වෙ නොමැත..  අරූට මඩ ගහනවා .. මූට මඩ ගහනවා.. මඩ නාගෙන කියාගෙන එව්වා හෝද ගන්න ගියේ "ගෝල්පේස් හෝගාන පොකුන" පැත්තටය.. ඔය හෝගාන පොකුන දැක්කෙ නැ කිව නුවර පැත්තෙ මහත්තුරු දෙන්නෙක් පැමිණ සිටියෝහ...එවුන්ගෙ දැඩි ඉල්ලිම මත අපි 101 මොරටුව කොටපිටුව බසයකට එල්ලිනි..

     මේ යන අතර තුරේ අහිංසක හාවාට 101 බස් රිය තුලදී දරුණු අතවරයකට ලක් වෙන්න සිදු උනි..
එනම් කෙල්ලන් 10-15 අතරේ තනී වී සිටීමට සිදුවීමයි.. මෙය දුටු අප සමග ආ සටකපටි කුප්පයෙක් මාගෙ ජන්ගම දුක අංකය අර මා වටා උන් කැකුළු මල් අතර බෙදා හරින්න ගත්තාය.. එතැන සිටී තනි සිංහල ගැණු ළමයින්ට සබ්ටයිට්ල් නැතිව ඒක තෙරුණාදැයි මට හරියාකාරව නොතෙරේ..
       කෙසේ නමුත් බස් එකේ තහඩුව ලෑලි නොවේ නම්  එතැන ගැස් ලාම්පුවකිං කපා හාරාගෙන යන්න තරම් මාගේ හිරි ඕතප් බිදීගියෝය..!!

වැරදිලාවත් එසේ උවහොත් අර කැකුළු මලක් බසයෙන් වැටී රොදයට අහු ඌ ටොනික් පියනක් සේ හෝ එඩ්නා චොකලට් එකට පැමිණි දුස්රාව අත ගත් මුත්තයියා මුරලිදරන්ගෙ රුව ඇති ස්ටිකරයක් වෙනවා නොවනු මානය..!!

     කෙසේ නමුත් අපි ගොල්පෙස් පැමිනියෙමි.. ගෝල්පෙස් හෝගාන පොකුණ ලගදි අපේ මහත්තයෙක් තම 27 වෙනි කුළුදුල් පෙම්වතී සමග අති බිහිසුණු රොමැන්ටික් නර්තණයක් ඉදිරිපත් කරමිං අප සිත් එකාලොකමත් කලෝය...

මේ නර්තණ දැක බලා තම උප්පැත්තියෙන්ම මනාව පිහිටී තිබූ අතිශය කුරිරු කුප්ප කට ඇරගන්නෙ නැතිව ඉන්න අවශ්‍ය නිසා අපි සමග ආ මහතෙක් තම පළමු පෙම්වතී සමග වේලාසනම පැන ගත්හ..

කතාව පටන් ගන්නෙ දැන්ය.. ඉහත සඳහන් කැකුළියන්ට දුක අංකය දී හෝරා කාලක් යන්නට මත්තෙන් ඇස් ඇම් ඇස් පනිවිඩයක් මාගෙ ජන්ගම දුකට එන්න විය..  මා අතර සිටි කුප්පයන්ගෙ හැටි දන්නා නිසා මා දුව ගොස් එම පණිවිඩය හොර රහසේ කියවීමට සිත් විය.. අහෝ කරුමයක මහත.. ඒ පණිවිඩිය අතුරු දහන් වී ඇත.. ලෙසටම පටි රෝල්ය.. කෙලෙසක හෝ  අපි සියල්ලොම විසිරී ගියෝය..!

ඌ සියල්ල මට ලියා ගන්නට වස කම්මැලිය.. එය වෙනම කතාවකි..




දෙවැනි දවස

       දෙවැනි දවසේ කිසි සෙත්ම BMICH පැමිණිමට සිතක් නොතිබිනි..මා උන්නෙ නුවර ගොස්ය.. කෙසෙ නමුත් කල්හාර මලයාගෙ දැඩි ඉල්ලිම මත කොළඹට පැමිණියේ මොකක්දෝ මගුලක තිබූ හයිබ්‍රිඩ් කාර් රෙපෙයාර් කරගැනිමේ මුලික දැනුම සෙමිනා එකකට හා ඒ කලැ සියට සෙට් වීමට හිතාගෙනය.. ඒක තිබ්බෙ නුගේගොඩ පැත්තෙ නිසා නිකන් ගිහින් චා කරගන්නෙ මොකටදැ සිති කල්හාරයා ගාල්ලෙ සිට එන ගමන් බසයෙන් බැස ගොස් විසතර ගෙන තිබිනි..ඇත්ත වශයෙන් එම කලැසියට ඉල්ලා තිබූ මුදල පික්ස් ඩිපොසිට් එකක් දමා තිබ්බා නම් අවුරුදු 5 ක් තුල තව හයිබ්‍රිඩ් කාර් එකක් ගන්නට හැකි මුදලකි. එම නිසා ඒ ගැන හිතින් අත් ඇර ගත්තෙමි..  කෙසේ හෝ කොළඹ ආ එකෙන් පරයෝජනයක් ගතයුතු චින්තනයෙන් මා සිට බැවින් BMICH එකට යන්න තීරණය කලෙමි.. කල්හාරයාට එන්නටයැයි කියා මා තනියෙම පැමිණියෙමි.. ගෙට්ටුව ලගටම පැමිනෙන විටම නොදන්නා අංකයකින් කොල් පැමිණියුහය.. සැකෙන් මෙන් අරන් බැලුවෙමි..
  හුරු පුරුදු කට හඩකි.. හෙන ස්වීට්ය.. කෙල්ලෙකි :D
අයියා ඔයාට මාව මතකදැයි මාගෙන් විමසුවෙමි.. හරි මගුලකි.. මාගෙ ඇන්ඩ්‍රයිඩේ 3G නැත.. තිබුනිනේ නම් මූන බලලා ඔව් නංගි මතකයි කියන්න තිබිනි.. අයියා එදා අර බස් එකේදි නම්බර් එක දුන්නෙ.. ඒ ඔයාද ? ආ හුටා.. සොරි නංගි ඒ මං නෙවෙ.. මගේ යාලුවෙක්..
ආ ඇත්තද අයියා.. එහෙනම් ඔයා කවුද ? ආ මං අර අරුනේ.. ආ ඒ ඔයාද.. හරි අයියා කොහෙද ඉන්නෙ ? මං ඉන්නෙ bmich එක ඉස්සරහා ෆොන්ඩ් එක ලග..  ආ අයියා එහෙනම් ෆුඩ් කොට් එකට එන්නකො.. මං හා හරි නංගි කියා කියන විට බිප් බිප් හඩක් ඇසිනි.. ආ ඒකි ෆොන් එක තියලා..

කෙසේ නමුත් තනියෙම ෆුඩ් කොට් එකට රිංගීම එතරම් සුභ නැත..නොදන්නා පලාතක එම කෙල්ලගේ වැඩිහිටියන් හෝ සිටි යේ නම් මං අද මේක ලියන්න වෙන්නෙ දැඩිසත්කාර ඒකකයේ සිටි හො හදිසි අනතුරු ඒකකයෙ විය යුතුය.. එබැවින් මම කල්හාරයාත් ඇදගෙන එන අදිඨනින් ගාල්ලෙ සිට පැමිණි සෙට් එක සොයා ඉදිරියට ගියෙමි..

මා යන විට හුරතල් දියනිය තම ඇකයේ හොවාගෙන අප්පච්චී කෙනෙක් සිටියෝය.. බැලින් නම් ඒ අයිස් නගාය.. ඒ සමගම තව ලවුඩ්ස්පීකරයක හඩ ඇති චාපා කෙල්ලද.. නගා කෙල්ලද සිටියෝය..
මා ආ පමණින් අනේ සුදු මල්ලියේ යැයි නගා කෙල්ල මාගෙ ඇග පුරා බටර් තට්ටුවක් ගැවෙ 7 අවුරුද්දක් කාන්තාරෙ කන්න නැතිව චාටර් වෙච්ච ඔටුවෙක් පාන් පෙත්තක් දුටු සේයකිනි.. බුදුන් ඉදිරියේ දමණය ඌ නාලාගිරි ඇත් කොල්ලා සේ මා දනින් නඔවැටී ලාවට ඇයි අක්කෙ යැයි ඇසුවෙමි.. මල්ලි අපිට බඩගිනියැයි කිවොය.. නොදොකිං මෙහෙමත් අක්කලා.. නුවර සිට පාන්දර ආපු එකාගෙන් බඩගිනිදැයි විමසන්නට මත්තෙන් තම ඔටු බඩ පුරවා ගන්න කෙල හලන මෙවන් අක්කලා නොපතන්.. !!
කෙසේ හො හාවාගෙ දුප්පත් පර්ස් එකේ ලොකු මුදලකට තට්ටු ඌයේය.. දණ්ත ඩොකෙක් ගාවට පැමිණ දත් සියල්ල ගලවා ගත් හාවෙක්ගෙ අසරණ දැසක් මා පෙන්නුම් කලද.. තව තවත් කෑම ජාති ඉල්ලා මා හිරිවට්ටන්නෙම නැතිව දත් ඇන්දම ගැලෙව්වොය.. කෙසේවුද මේ බඩගිනි ඔටු රැලට කන්න අරන් දී පොත් ගන්නට ඇදන් ගියෙමි.. අයිස් නගා හා කල්හාර මලයා සමග මම පොත් තෝරන අතර තුර නගා කෙල්ල හා ලවුඩ්ස්පිකර් චාපා තව සෙට් එක් පැමිණි ඇතයි කියා එළියට පැමිණියෝය..
         ස්ටෝල් අතර ඒ මේ අත කරකැවෙද්දි නැවතත් අර ස්විට් වොයිස් නොම්බරෙන් දුක ඇමතුමක් එන්නට විය.. අයියා අපි ගෙදර යන්න යදන්නෙ.. අයියා එනවද පොඩ්ඩක් එළියටයැයි ඇ විමසුවොය..
කෙසේ නමුත් කෙල්ලෙක් ගේ ඉල්ලිමක් අහක දාන්න මෙ හාවා සූදානම් නැත.. ඒලෙසේම වේලෙමින් උන් කල්හාරයාට මේ පොල් කැල්ල හපන්න සෙට් කරන අදිඨණින් මා ඌවත් ඇදගෙන එළියට පැමිණියෙමි මනුස්ස කමටමය.. නැවතත් අර කෙල්ල කොල් එකක් දුන්නෙමි.. අයියා කොතැනද ඉන්නෙ.. මං අහවල් තැන නංගි .. අපි යනවා අයියෙ යන්න.. තෝ මරනවා මං මොකක්ද යකෝ බයිට් කරන්නෙ.. ඈතින්  නගා කෙල්ලගෙ හා ලවුඩ්ස්පිකර් චාපාගෙ සිරික්කිය මාගෙ දැස මානයෙ පෙනෙන්නට විය..

කෙසේ හෝ පොත් 12 විතර අරගත්තෙමි.. ලවුඩ්ස්පිකර් චාපා මාගෙ තවත් දතක් ගලවා පොතක් ගත්තෙමි.. ඌට ඒක ගත්නිසා අහිසංක කෙල්ලෙක්ට ඉට්ටිකර් කාඩ් එකක් අරන් දෙන්න මට නොහැකි විය. . :-(

තව තවත් හෙන හෙන සීන් සිදුවිය.. යකඩ ඌණතාවයකින් පෙලෙන බැවින් මට එක දිගට ලිවීමට නොහැකිය.. එම නිසා මා මඩ වලින් ගැලවීමට මෙසේ ලියා තැබුවෙමි.. නගා කෙල්ල මඩක් ගහලා තිබ්බොත්.. බී කෙයාර්ෆුල් හරියෙ.. ඒලෙසින්ම මඩ ගැසු අයිස් හංසී ගේ බෙල්ල මිරීකීමට ඇත..

දැන් මං කැපෙමි.. සැමට මඩ තොර ජිවිතාන්තයක්...!!

Piratebunny෴


..

Thursday, September 22, 2011

කැමරා අංකල්

මේ කතාවට පවුන්ඩේශන් එක වැටෙන්නෙ (සිමෙන්ති මිල කාලේ නෙවේ) මගේ අර දුප්පත් කැමරාව ගත්තු කාලේ.. ඒකෙන් ගත්තුවා බලන්න ඔනි නම් මෙතැනට යන්න (not for sale "ණයට") :D

ඉතිං අපේ අක්කලාගෙ ගෙදර තිබුනා පිරිතක්.. ඔකේ ඡායාරූප වැඩ බාර දුන්නෙ මට.. පොටෝ ටික අල වෙලා තිබ්බොත් බෙල්ල මිරිකන සයිස් එකට තමා අපේ අක්කා උන්නෙ.. ඉතිං මාත් ගානට වැඩේ කරලා දුන්නා..! අල උනත් ඉතිං edit  කරන්නෙ මං නේ... (සැයූ: edit = delete) හික් හික් :P

 ඉතිං ඔන්න මං කැමරාව එල්ලගෙන ඒකට මේකට හරව හරව කර කව කව පොටෝ ගන්නවා.. මෙන්න එනවා අංකල් කෙනෙකුයි එයාගෙ අල්ලපු ගෙදර කොල්ලයි හති දදා.. අංකල් එක්සසයිසස් කරන්න ගිහින්..
         හෆ්ෆච්චියේ අපේ තාත්තාගෙ යාලුවෙක්ලු.. දැක්ක කල්ලු.. අවුරුදු 18 විතර පස්සෙලු දැක්කෙත්.. ඇදිලා ගිහින්ලු.. අදුර ගන්නත් බැරි උනාලු.. ඉවෙන් වගෙලු අල්ල ගත්තෙ.. (අම්මපා ඒ අංකල් පිටරට බලු කම්පැණියකද දන්නැ උන්නෙ)

ඉතිං මං ඔය වැඩිහිටයන්ගෙ කතාවලට හොට දාලා හොට කොට කර ගන්නෙ මොකටද නේද ? ඔයාලා දන්නාවනේ මං කොච්චර හොද අහිංසක හාවෙක්ද කියලා නෙද ? (මොකො නිකං) :D
    මං ඉතිං ගියා වත්ත පහලට.. මල් ගස් වල පිංටූල ටිකක් ගන්න.. අර ඉතිං හාවාට වදුරා අහු උනා වගේ තමා.. කැමරාව ලැබුනාම :D

මෙන්න ටිකක් වෙලා යද්දි අර අංකල් එනවා වත්ත පහලට.. අම්මියෝ... මගේ හාට් පල්ස් එක ඩබ්ලබ් සවුන්ඩ් එක වෙනුවට ටක ටකස්... ටක ටකස්... වොයිස් එකකට ශිෆ්ට් වෙලා වගේ..   අංකල්ට ටිකක් ප්‍රොපෙශනල් ලුක් එකක් තිබ්බෙ.. කවුද දන්නෙ අතවරයක් කරාවිද කියලා.. හම්මෙහ්.. කෝකටත් කියල මං උඩ පැත්තට ආවා.. දැන් මල් වල පොටෝ ගන්නවා හෝ ගාලා..


ඕං අංකල් කතාවට ආවා.. 



අංකල්: පුතාට මතකද මාව ? 

මං:  නෑ අංකල් (අනේ මගේ කට.. මූ මං ඉපදුනු දවස් වල සූප්පුවක් ගෙනැල්ලා දීලා එකෙන් කුක්කු බීවාද ඇහුවා වගේ කතාවක්නේ)

අංකල්: ආ ඒක තමා.. මං තාත්තා දැක්කෙත් අවුරුදු 18 විතර පස්සෙනේ..

මං: ඒකනෙ අංකල්.. මං ඉතිං ඉපදිලත් අවුරුදු 2 යිනේ..!!

අංකල්: අෆ්ෆච්චියේ චූටි කොල්ලෙක් නෙවැ..

මං: කොහෙන්ද අංකල් ?

අංකල්:
ඒක නෙවෙ පුතා.. ඔය කැමරාව කීයක් උනාද ?

මං: ලොකු ගානක් උනා අංකල්.. අහවල් රටේ අයියා ගෙනාපු කැමරාවක්නෙ.. මට නිකං වගේ දුන්නෙ.. පොඩි ගානකට.. :D


අංකල්: ශහ්.. උඩින්ම ලාබයි නෙවැ..


මං: ඔව් ඔව්..

අංකල්: මටත් තියෙනවා පුතා කැමරාවක්.. හැබැයි මේකට වඩා ලොකුයි..

මං: DSLR එකක්ද අංකල් ?

අංකල්:
නැනැ පුතා.. විඩියෝ කැමරාවක්.. බෙස්ට් කොලිටි.. ආයෙ උපරිමේටම තියෙනවා..

මං: ආ අංකල් මේක විඩියෝ කැමරාවක් නෙවෙ හැබැයි (අම්මපා මං මූව මරණවා)

අංකල්: ඒ උනාට පුතා අරකේ විඩීයෝ නම් මරු ඇ.. මං අහවල් රටේ ඉන්න කාලේ කැමරා ගැන අහවල් ඩිප්ලෝමා එකත් කලා.. අහවල් ක්ලාස් එකටත් ගියා.. අපිට ඒවා ඔක්කොම free ඉගැන්නුවේ..


මං: ශහ්.. මරුනෙ අංකල්.. මං නම් ක්ලාස් වලට ගිහින් නැ. හිතෙන විදියට තමා පින්තූර ගන්නෙ..


අංකල්: කමක් නැ පුතා.. තනියෙම තමා ඉගෙන ගන්ටොන.. කෝ පොඩ්ඩක් දෙන්න බලන්න ඔය කැමරාව..

මං ඉතිං කැමරාව දුන්නා.. අංකල් කැමරාව එහාට හරවනවා මෙහාට හරවනවා.. හැඩ බලනවද මංදා..

ටිකක් වෙලා ගිහින් අහනවා..

පුතා.. මේක කොතැනින්ද ON කරන්නෙ ? 


පාලි:
     මේ උඩ කතාව මතක් උනේ.. මගේ අහිංසක කැමරාවෙ චූටි අවුලක් ඇවිල්ලා.. ගන්න පොටෝ සුදු වෙනවා.. තව රොසුලොශන් අඩුයි වගේ හැම තැනම ඩොට් ඩොට්..  ඉතිං දන්න සියල්ල සිල්ප සතර දාලා බැලුවා බැලුවා.. හදා ගන්නම බැහැ.. අෆ්ෆච්චියේ නිකමට වගෙ බැලින් නම් ලෙන්ස් එක පුරාවට ඇගිලි පාරවල් :D :D


PirateBunny෴


.

Friday, September 16, 2011

අල්ලපු ගෙදර නගා..

  අල්ලපු ගෙදර නගා කීවේ අර දත් සුදුම සුදු කෙනා නෙවෙ.. අපේ ගේ ඉස්සරහා ඉන්න නංගිට.. මේක මේ fb එකේ ඉන්න හුගක් අයට ප්‍රශ්ණක් වෙච්ච මාතෘකාවක් නේ.. ඇත්තටම අල්ලපු ගෙදර නගා කුතුහලය දනවන සුලු මාතෘකාවක්.. :D
    ගොඩක් මේක කියවන අයගේ ගෙවල් ලඟ අල්ලපු ගෙදර නගාලා ඇති.. උන් එක්ක සෙල්ලම් කරලා ඇති.. කතා කරනවා ඇති.. අනම් මනම් නේ.. ඒත් මට මේ ලොකේ පේන්නම බැරි චරිතේ ඔය අල්ලපු ගෙදර නගා වෙන්ටැති..!!


ඉතිහාසය..
     ඇත්තටම මෙයා ඉපදුනේ කොහෙද අනම් මනම් මට මතකයක් නැ.. අපේ ගේ ඉස්සරහා ලස්සන ගෙයක් තිබ්බා.. කටු මැටි ගහපු.. හැමදාම අක්කලා දෙන්නයි මමයි පිටි පස්සෙ ගෙදර අක්කයි නංගියි ඔය ගෙදරට යනවා.. ඒ ගෙදර උන්නෙ දිග රැවුලක් තියෙන සීයා කෙනෙක්..
           ඒ සීයාගෙ නම මහතුන්. ගමේ අය කිවේ මහතුන් මාමා කියලා.. ඉතිං සීයා අඩියක් මඩියක් ගැහුවාම ලස්සනට සිංදු කියනවා.. ඒ වගේම අපිට මාරම ආදරෙයි.. ඔය සීයාගෙ තව යාලූ සීයා කෙනෙක් එනවා හැන්දැවට.. බට නලා ගහන්න පුලුවන් හෙන ලස්සනට.. ඉතිං අපි හැන්දැවට කරන්නෙ අර සීයලාගෙ ගේ ඉස්සරහා තියෙන ඇදේ වාඩි වෙලා සිංදු කියන එක..!
           දවසක් මං ඉස්කොලේ ඇරිලා එන කොට.. (ඉස්කොලේද, මොන්ටීසෝරිද මංදා) අනේ අර ගේ ඉස්සරහා ඩෝසර් කරලා දාලා.. ගෙදරත් බාගෙට කඩලා.. :'(

     මට දැන් ලොකූ ප්‍රශ්ණයක් මේක.. ඇයි එහෙම කලේ අනම් මනම්.. අපි හැමෝටම මාරම දුකයි.. අර සීයා පේන්න උන්නෙත් නැහැ.. ටික දවසක් යද්දි ඒ කඩපු ගෙට පස්සට වෙන්න අලුතින් ගෙයක් හැදෙන්න ගත්තා.. ඒක නම් මහ මෙලෝරහක් නැති ගෙයක්.. මූසල පාටයි.. අර මැටි ගහපු ගෙදර තිබ්බා ඊට වඩා ලස්සනක්..! කොහොම කොහොම හරි ගේ හදලා ඉවර උනා.. දැන් ගෙදර අය පදින්චිත් උනා.. අඩේ මෙන්න අර සීයා ඉන්නවා..
      ඒ එක්කම තව මට වඩා පුංචි කෙල්ලො දෙන්නෙක් ඉන්නවා..! අෆොයි.. සීයාගෙ ළමයින් වත්ද ? මට තව ඉරිසියා හිතුනා.. ඇයි යකෝ.. මෙච්චර කල් සීයා අපි එක්ක උන්නෙ.. තව දෙන්නෙක් ආවොත් අපිට ආදරෙ නැති වෙනවානේ..!! එහෙම වෙන්න දෙන්න පුලුවන්ද..!! ඉතිං ඕක දැන ගන්න මං ලොකු ප්ලැන් එකක් ගැහුවා..! ඔය ගේ ඉස්සරහා තිබ්බා ජම්බු ගහක්.. තාමත් ඕක තියෙනවා.. ඉතිං ඔය ගෙදරට පැන ගත්තා ජම්බු කඩන්න කියලා.. සීයා ගේ ඉස්සරහාට එන කොට ජම්බු ගහට නැගලා ඒක මහ හයියෙන් හොලවලා.. ජම්බු ටික බිමට කඩලා දැම්මා.. කාටවත් නැනේ :-D

 ඔන්න සීයා දුවගෙන ඇවිත්.. හා හා පුතේ ඔය මොනාද කරන්නෙ කියලා ඇහුවාම.. ඔන්න මගේ ප්‍රශ්ණය අහන්න වෙලාව.. කවුද සීයේ අර ආපු ගැණු දෙන්නා ? සීයාගෙ ළමයිද ?  සීයා මහ හයියෙන් හිනා වෙනවා.. ඇයි යකෝ අවුරුදු 80 විතර සීයා කෙනෙක් ගෙන් අවුරුදු 7-8 විතර කෙල්ලො දෙන්නෙක් ඉන්නවාද ඇහුවාම මොන මෝඩයාට හිනා යන්නෙ නැත්තෙ :D අපි ඉතිං ඔය කාලෙ දන්නෙ බබාලා ගෙන්නෙ රෝස කැලෙන් කියලානේ :D :D

ඔන්න සීයා ස්ටෝරිය දිග ඇරියා.. ඒ සියාගෙ පුතාගේ බබාලා දෙන්නාලු.. ඔය ගේ හදලා තියෙන්නෙ සීයාගෙ පුතාට.. කලින් ඉදලා තියෙන්නෙ මහ ගෙදර.. සීයා තමා අර මං කීව කටු මැටි ගහපු ගෙදර තනියෙම උන්නෙ.. සීයාත් අර ගේ කඩපු එකට හුගක් අප්සට් එකේ ඉදලා තියෙන්නෙ.. කොහොම කොහොම හරි මහ මූසල දවසක අල්ලපු ගෙදර නගාගේ ගෙට අල්ලපු ගෙදරින් මහ සද්දයක් ඇහුනා.. බැලින් නම් මහතුන් සීයා ළිදට වැටිලා කියලා කෑ ගහනවා.. කොහොම කොහොම හරි අපේ තාත්තයි අර නංගිලාගෙ තාත්තයි කට්ටිය එකතු වෙලා සීයා උඩට ගත්තා.. සීයාට හොදටම වතුර පෙවිලා.. ප්‍රථමාදාර දුන්නා ඒත් කිසිම වැඩක් උනේ නැහැ.. සීයා නැති උනා..!  මං ඇඩුවත් එක්ක.. මරණේ තියෙන්නෙ අර අලුත් ගෙදර නිසා මරණේ බලන්නවත් ගියේ නැ..
   
     මගේ මතය.. සීයා නැති උනේ අර අලුත් ගෙදර හදපු එකේ දුකට.. සීයා ළිදට පැන්නා කියලයි මට නම් හිතෙන්නෙ.. මොකද අවුරුදු 80 විතර කෙනෙක් උනොත් මායි පොඩි අක්කයි අත් දෙකට වඩා ගන්න තරම් හයියක් තිබ්බා.. එහෙම කෙනෙක් ලිදට වැටෙන්නෙ කොහොමද ? ඒ වගෙම අඩි 3 ක් විතර උස ලිං ගැට්ටක් තියෙනවා.. ලිස්සලා ගියත් ඔලුව පැලිලා හරි බේරෙනවා ලිදට වැටෙන් නැහැ. ඒ වගෙම ලිදේ මැද හරියට දාපු බටේ කැඩිලත් නැහැ.. එක්කො සීයාව උස්සලා ලිදට දාලා.. එක්කෝ සීයා ලිදට පැනලා..  ඉතිං සීයා දුකෙන් උන්නෙ කියලා මටත් තෙරිච්ච එකේ ඔහොම දෙයක් කර ගන්න එක ගැන හිතන්න දෙයක් නැහැ.. ඒකට හේතුව අර නංගිලා දෙන්න යි එයාගෙ අම්මයි තාත්තයි මෙහාට ආපු එක.. කියලා තමා මගෙ පුංචි මොලේට තෙරුනේ.. ඔන්න මගේ තරහා ජනිත වෙන්නෙ ඔතැනින්.. මොන හේතුවකටද මංදා ඔය ඇන්ටියි අංකලුයි මාත් එක්ක යසට කතා කරනවා.. අර කෙල්ලො දෙන්නා විතරයි මට පේන්න බැරි :D


ඉතිං ඔහොම අපි ටික ටික ලොකු මහලු උනා..  ඉස්කොලේ ලොකු ලොකු පංති වල.. :D

පාඩම් කිරීල්ල
     අම්මියෝ උන් දෙන්නා පාඩම් කරනවා කියන්නෙ.. එක්කො කාඹරේට වෙලා පාඩම් කරහල්ලාකො.. ඔය පාඩම් කරන හැටියට අනිවා ඕකුන් දෙන්නා ලොකු පුටු දෙකකට යනවා..
ඒ වගේම මං කනේ ඇබ ගහන් උන්නෙ නැති නම්.. ඊට ආසන්න පුටුවකට යනවා.. ඒ තරමට සද්දෙ..
මේ ලගදි දවසක සැළලිහිණි සන්දේශයේ කවි වගයක් පාඩම් කලා..  ආයෙ හෝදන්න ඔනී නැ.. රාහුල හිමියි සැළලිහිණියයි දෙන්නාම නඩු දානවා..!


මා වැනි බිලින් දා
වර වර ළඟට කැන් දා
දුක සැප කුමන් දා
අසන නිරිඳෝ වෙන කොයින් දා


අල්ලපු ගෙදර නගාගේ තාත්තා රට යෑම෴

       කොහොම කොහොම හරි ඔය අංකල් රට ගියා.. අවුරුදු කීපයකට.. ඉතිං ඔන්න එක එක ජාතියේ සෙල්ලම් බඩු අනම් මනම්  ගෙනැල්ලා දීලා.. (ඉරිසියාවෙත් බෑ) :D

ඕගන් එක

       එක දවසක් අමුතු අමුතු සද්ද ඇහෙනවා ගේ ඇතුලෙන්.. හොයලා බලද්දි ඕගන් එකක් ගෙනැල්ලා දීලා.. අෆොයි.. දැන් නම් මං ඉරිසියාවෙ පැලෙනවා.. :D 
        මුන් ඕකෙන් පුරුදු වෙනවා නම් කමක් නැහැ ඒකෙ තියෙන මියුසික් කෑල්ලක් දාගෙන.. ඒකට ගැලපෙන්නැති සිංදුවක් මහ හයියෙන් කියනවා..! මට ඉතිං ඔය වෙලාවට මල විකසිත වෙනවා..!  ඕක එක්කො හෙමින් කියාපල්ලාකො.. ගෙදර තියෙන අලි කැසට් එකට මයික් එකක් ගහගෙන ඔකෙන් කියන්නෙත්..! ඒ අස්සෙ ඒක ඕගන් එකටත් අල්ලනවා.. ඒ වෙලාවට නම් මල් පාත්තියක්ම විකසිත වෙනවා..! :D

ඔක්කොම හොදයි මහ හයියෙන් සිංදු කියන එක තරම් අල්ලන් නැති වෙන මුකුත් නැ මට..! එක්කකො කියහල්ලාකො ලස්සනට.. නිකං මේ අහක ඉන්න ගැරඩි අද්දනවා..!

වයලීං එක

      ඔහොම ඉදලා ඉදලා ලොකු නංගි යනවා මියුසික් කලැසියකට.. අලි මදිවට කොටි කිවාලු.. මෙන්න ගෙනැල්ලා වයලීං එකක්.. අෆොයි.. පොඩි නංගි ඔගන් ගහනවා.. ලොකු නංගි "ස" "ප" මදිනවා.. එහෙන් "රී" ගන්නවා.. ආයේ "ග" ගන්නවා. මට එපා වෙලා ගගේ මාලු ඇගේ නටනවා..! අම්මපා.. බෝම්බ ගහලා මදිනේ..!!  කාක් රැලක් ආවා වගේ..! මොන කරුමයක්ද..


දහම් පාසල් මියුසික් ප්‍රැක්ටිස්


    ඔහොම ඉදලා ඉදලා ඔන්න තව සෙල්ලම් පටන් ගත්තා මුන් දෙන්නා.. අනේ අම්මපා පුලුවන් වැඩක් එපැයැ කරන්න.. දහම් පාසලේ තැගිප්‍රදානෝත්සවේට සිංදු කියන්න ළමයින්ට පුරුදු කරනවා..
ඒ වගේ සති 2-3 ක් නම් අනේ කිසිම හතුරෙකුට වෙන්න නාකයි..! මං පුදුම පවක් කරලා තියෙන්ට ඇති ඒ කාලේ..!!


ෆෝන් හැදිල්ල

         තව මට එපාම කරපු එකක් තමා.. ෆොන් එකේ මොකක් හරි මගුලක් කරගෙන උස්සන් එනවා.. ඒ ඇන්ටි..! එක්කො පාස්වර්ඩ් දාලා කියයි.. එක්කො කීපැඩ් ලොක්.. යකෝ කීපැඩ් ලොක් එක වත් ඇරගන්න බැරිද මංදා..! මුන්ට ගේම් ගහන්නයි.. මං ලොක් අරින්නයි..

තව දවසක් ෆෝන් එක උස්සන් එනවා.. පුතේ මේකට මොකදෝ මංදා අකුරු එහෙ මෙහෙ ගිහින්නෙ කියාගෙන.. බැලින් නම් චයිනිස් වලට ලැන්ග්වෙජ් එක මාරු කරගෙන..! අෆොයි ඉතිං මං පැය ගානක් කටු කාලා අන්තිමට කඩ්ඩට මාරු කරලා දුන්නා..!
ඔය ගෑනි ගැන ලියන්න නම් මට බ්ලොග් පිට 3-4 ක් වත් යයි.. අයේ

ජම්බු ගහ

තව මල පනින වැඩක් තමා මං ඉස්සර අත් පත් කරගෙන උන්න ජම්බු ගහ ලොකු නංගි අයිති කරගන්නෙ..!  අනේ අම්මපා ඕකි ජම්බු ගහෙන් වැටිලා අතක් පයක් කඩා ගත්තෙ නැනෙ.. !! (පස්සෙ නම් ජම්බු ගහෙන් වැට්ටා;-)

අම්මේ ඔය සක්කර වට්ටම් දෙක ගැන නම් කියන්න මට මේ බ්ලොග් ලිපි 3-4 ක් වත් ලියන්න වෙනවා.. ඒක නිසා මේ මදැ.. අම්මපා මට සැකයි ඕකුන් දෙන්නා මට අතවරයක් වත් කරයිදෝ කියලා.. ! :D

ඔන්න කිවා.. මට ඔය කෙල්ලො දෙන්නා පේන්න බෑ හරියේ..!!!


කෙල්ලො දෙන්නෙක්ගේ අතවරයට පත් මං
PirateBunny :D



.