පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක හිද
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපාවාරු නැත ඔබ හැර යන්නට..//
නිල් තණ පලසේහි ගැටුනු දෙපාවයි
කෝල හැගුම් කෙලි කවට සිනාවයි..//
මල් නැටුමයි කලගෙඩි නැටුමයි
මගේ දැස තුල යලිත් ඇදේවිද..//
පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක හිද
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපාවාරු නැත ඔබ හැර යන්නට..//
නෙත කදුලින් හසකෙමින් මුවාකල
සොදුරු පැතුම් පුරවා මනමත්කල..//
මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි..
මා හැදු පාසල් මවුනි දයාදර..//
පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක හිද
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපාවාරු නැත ඔබ හැර යන්නට..//
ගායනය:- සෝමතිලක ජයමහා -නිලා වික්රමසිංහ
මේ සිංදුව මට ඊයේ ලැබුනෙ. ඇත්තටම මේ සිංදුව මගේ හිතට තදින්ම ඇල්ලුවා ඇත්තම කිව්වෙත් මේක මම දැනට 8 පාරක් විතර ඇහුව දැන්නම් කට පාඩම්. මේ සිංදුවේ තේරුම ඔයාලට හිතා ගන්න පුලුවන්නෙ. කොහොම හරි ඉස්කෝලේ යන කාලේ පිස්සු කෙලිය හැටි මතක් වෙනකොට නම් දැන් ඇත්තටම දුක හිතෙනවා. මම මේ සිංදුව ඊයේ අහන කොට ඇස්දෙකට කදුලු අවා. අයෙමත් මට ඉස්කෝලේ යන්න පුලුවන්නම් කියලා හිතුනා.
ඔයාලටත් මේක අහන්න ඔනේ නම් මෙතනින් බාගන්න පියමන් කෙරුවෙමු
```````````````````````````````````````````````````````
ඇත්තටම මේ සින්දුව අහද්දී ඉස්කොලෙ යන කාලෙ කරපු වැඩ මතක් වෙනවා.... මාර ලස්සන සින්දුවක්. මම දන්නතරමින් ගැහැනූකෙනා නීලා වික්රමසිංහ. සින්දුව පෝස්ට් කලාට තැන්කූ වේවා..... :)
ReplyDeleteතැන්කිව් max අයියේ. මමත් හරියටම දන්නැ ඔය ගැහැනුකෙනා ගැන හරිටම හොයලා බලලා වෙනස්කරමු. කට හඩනම් නීලා වික්රමසිංහ මහත්මියගෙ වගේ තමයි...!
ReplyDeleteඔන්න මම නම දැම්මා !
ReplyDeleteමම හිතාන ඉන්නේ මේ සිංදුව ගැනත් විචාරයක් ලියන්න හාවෝ,
ReplyDeleteස්තුතියි පද ටිකට...
ලිව්වාම කියවන්නකෝ...
හරිම හැඟුම්බර සිංදුවක්
/බිඟුවා...!
එල එල තැන්කිව් හැමෝටම!
ReplyDelete@බිඟුවා-ජය වේවා!