Tuesday, July 10, 2012

දිරච්ච ගස

 හැමදාම උදේට නැගිට්ටාම
ජනෙලෙන් පෙන්නෙ මට
දිරච්ච ගහමයි..
වෙලාවකට මහ මුස්පෙන්තුයි වගෙ හිතුනට
ඒකත් අපෙ ජීවිතේට සමයි නේද කියලත් හිතෙනවා
ඒකෙ සුන්දරත්වය මං විදින ගමන් එක එක දේ කල්පනා කරනවා
කොලයක් ඇහැට දකින්න නැතත් ඒක කුරුල්ලන්ට හෙවන ගේනවා
එයාගෙ පුංචි අත් විහිද ගෙන
කොල නැතත් සෙවන හදන්න අර අදිනවා..
හිතන්න
අපෙ ජීවිතෙත් මේ ගහම නේද..?
අපි ජිවත් වෙන්නෙ ඇයි?
වෙන කෙනෙක් පෝශණය කරන අරමුනෙන් නෙවෙද?
අපිත් ජිවත් වෙනවා තමා..
එත් අපි පිට අයව ජීවත් කරවන්න උත්සාහා ගන්නවා කියලා හිතෙන් නැද්ද?
අනිත් ගස් වලට වඩා කුරුල්ලො කැමති මේ දිරච්ච ගහට
මේ තියෙන්නෙ ඒ ගස
මේක ලියන කොටත් මේ ගහෙ කුරුල්ලො ගොඩක් ඉන්නවා..
මැරෙන්න යන ගහට සලකන කුරුල්ලො එතැන ඇත්ද?
නැත්නම්
ඔන්න උඹ මැරියන් අපිට උඹෙන් හෙවන විතරක් දියන්
කියන කුරුල්ලොත් ඇති නේද?
අපේ ජිවිතෙත් එහෙම නෙවෙද?
මකුළු අම්මා බලන්න
දරුවන්ට ආදරෙන් එයාව විනාශ වෙනකම් බලන් ඉන්නවා..
මේ ගහත් එහෙමයි..
එයා විනාශ වෙනවා..
ඒත් තාම දරුවන් රැක ගන්න හෙවන හදන්න හදනවා..

අපිත් දිරච්ච ගස් වැනිය..
අවශ්‍ය වන්නෙ දිරච්ච බව නොව.. කරන්න හැකි දේ ගැනය!!

13 comments:

  1. කපලා දාලා රඹුටන් ගහක් හිටවපන් :ඩී

    ReplyDelete
  2. හොඳ වෙලාවට ගහ දිරලා තිවුනේ..නැත්තං ඒකත් මෙලාට... නැහ්..එක්කෝ ඕන නැහැ...:D

    ReplyDelete
  3. මකුලිච්චි පැටව් ආවම මැරෙනවද බං??????
    දන්නැති හින්දා අහන්නේ

    ReplyDelete
  4. අවශ්‍ය වන්නේ තත්වය නෙවෙයි ඉන්න තත්වයෙන් කරන්න පුලුවන් දේ........ බොට ඔය ගහ දකිද්දි පහල වෙන්නේ නැද්ද මේ ගහ වට අඩි කීයද? ලෑලි කොච්චර ඉරන්න පුලුවන්ද වගේ අදහස්

    ReplyDelete
  5. බොට ලී මෝල් බිස්නස් එක ගැලපෙන්නෙ නෑ බනියො.

    ReplyDelete
  6. බොහෝම ස්තුතියි බස් රේඩියෝ බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට

    ReplyDelete
  7. මල්ලිගෙන් දැකලා නොතිබුන ආරෙක නිර්මාණයක්.......
    පිස්සු බනියා ඇතුලේ සංවේදී බනියෙකුත් ඉන්නවා නේද.......

    ReplyDelete
  8. එල එල...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. ගස් දිරනව තමයි,
    ඒත් ඒවයින් අලුත් පරම්පරාවකුත් නිර්මානය වෙනව..

    ReplyDelete
  10. ගහ කපමු
    මෝලට ගෙනියමු
    ලී ඉරමු ...

    ReplyDelete
  11. හොඳ අදහසක් සහෝදරයා
    පින්තූරේ නියමයි,කලාත්මකයි

    ReplyDelete
  12. අවශ්‍ය වන්නෙ දිරච්ච බව නොව.. කරන්න හැකි දේ ගැනය!!

    සිරා කතාව

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.