Monday, June 11, 2012

විවාහය

ඇගේ අතින් අල්ලා මා වෙරල තීරයේ පිය නගන්නට විය.. මිනිසුන් අපදෙස ඔනැකමින් බලනවායැයි මට විටක සිතෙ.. මගේ සුරතලියගේ හුරතලය, ලස්සන, මේ සියල්ලටම මිනිසුන්ගෙ හිත මෙන්ම ඇසත් යොමුවෙනවායැයි මට හැගේ.. මට මහත් හිසරදයක් මෙන්ම ඉරිසියා ගෙන එන්න එයමය..
කාලකන්නි!!
මුංට කරන්න වැඩ නැතිවද මංදා අපි දිහා බලන්නෙ..
වාසනාවට අද බංකුවක් තියෙනවා.. අපේ රාජදාණිය අටවාගැනිමට බංකුව වෙතට විගස පියනගන්න උනෙමි..
හෝව් අයියෙ හොව් වාඩිවෙන්න එපා.. ඒ ඇගෙ කට හඩයි..
ඇයි ඇයි නංගි ?
නැ මේ කාක්බෙට්ටක්..
ඇක්කා.. මම කඩදාසිකැබැල්ලක් ගෙන පිසදමන්න විය.. මා ඉන්නෙ වෙන ලොවකමදැයි මට නැවත සිතෙන්නට විය.. ඈ මට අනතුරු නොඈගෙව්වා නම්, එම නැවුම් වසුරපිඬ මාගෙ පස්චාත්භාගයේ ගැවෙනවා නොවනුමානය!! ඇගේ දෙනෙත් තීක්ශණය, වට පිටාවෙහි අවඳාණය ඇ කිසිවිටෙක අතනොහරිති..!

අයියෙ මට බඩගිනී.. ගෙනාපුවා කමුද ? හා කමු.. මම බැගයෙන් ගත් රෝල්ස් එක ටිශූ එකක ඔතා ඇ වෙත දුන්නෙ පුල් ඩීසල් ලුක් එකකිනි.. ඈද සිනහවක් දමා එය උදුරා ගත්තෙ, පාරෙ ඉස්ටිකර් වෙච්ච පුසෙක් දුටු කපුටෙක් මෙනි.. සොරි කපුටියක් මෙනි.. වල් පල් දොඩමින් එය ගිල දමන්නට විය.. අවසාන කැල්ලට ලං ඌ කල කලින් තිබූ පිරිසිදු ඩීසන් බව පහව ගොස් ඌරන්ට මොන සෞඛ්‍යදැයි රොල්ස් කැබැල්ල අතට ගෙන කන්නට විය.. නැතිනම් මාගෙ සිහිවිකල් භව නිසා ටිශූ එක නොදැනුවත්ම බඩට යාමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිවිය හැක..

කතා කරන්න බොහෝ දේ ඇත.. ඇගෙ වතුර බෝතලයෙන් වතුර බොන ගමන්..
නංගී ඉතිං මොනා හරි කියන්නකො..
ඔයාම කියන්න අයියේ..
මට බැහැ නංගි.. ඔයා කියන්න..
ම්ම්ම්ම්.. අපි ගැන කවද්ද අයියෙ ගෙදරට කියන්නෙ..?
ම්ම්ම්ම් ඒක නම් ලොකු ප්‍රශ්ණයක් තමා නංගි.. අපි තව ටිකක් ඉවසමුද?
හා අයියෙ.. කොහොමත් තාම ශිෂ්‍යත්වෙත් ඉවර නැහැනෙ..
හ්ම්ම්..
මේ නංගි.. අපි බදිමුද?
පිස්සුද අයියෙ.. තාම මගෙ චූටි මගුල ගත්තෙත් නැහැනේ..
හ්ම්ම්ම්ම්ම්ම්...


..................................................................
හම්බානෙක මනංකල්පිතයි..!
කතා දෙකක එකතුවකි.. අන්තිම කතාවෙ කෘතු මම නොදනිති..


ද බනී...


..

29 comments:

  1. ඇඬෙනවා ආසාවෙන් කියෝගෙන කියෝගෙන පල්ලෙහාට ආවාම ඇස් දෙක ගිහින් නලලේ හිට්ටා.... ආයේ කියෙව්වා වැරදිලා නෑ බොලේ මේකා ලියලා තියෙන්නේ හිච්චි ලව් එකක් ගැනනේ....

    නියමයි බනියෝ එලමකිරි

    තව අවුරුදු 10ක් යන්නත් කලින් මෙව්වා මෙසේම වෙන්නද බැරි නැත

    ReplyDelete
  2. මනංකල්පිත කියපු නිසාම උබව ශුවර් නෑ මට :D

    ReplyDelete
  3. යකෝ පොඩි කාලේ ඔහොම ඇවිදින්න යනවද බං.. අපිවනම් ඔය කාලෙ එක්ක එන්න ආවා අම්මා හරි තාත්තා හරි... මුන්ට තියන නිදහස බලාපල්ලකෝ

    ReplyDelete
  4. hi hi:) :) maara kathawak :)

    ReplyDelete
  5. "මේ නංගි.. අපි බදිමුද?
    පිස්සුද අයියෙ.. තාම මගෙ චූටි මගුල ගත්තෙත් නැහැනේ..
    හ්ම්ම්ම්ම්ම්ම්...

    හිකිස්. පට්ට ටෝක් එක බං.. :D :D

    ReplyDelete
  6. හෝප්ලස්! :( එන්න එන්නම වලපල්ලට! :( (මං කිව්වෙ ළමයි!)

    ReplyDelete
  7. ඈ බං උබට කොයිල්ද නැත්තන් මට කොයිල්ද? :)

    ReplyDelete
  8. බී.ඒ එකක් කරන්න යනවා වගේ :D

    ReplyDelete
  9. යකෝ!!! බාල අපරාධ කරන්න එපා :P

    ReplyDelete
  10. උඹ මොකද යකෝ සෙල්ලං ගෙදරක රිංගං කරන්නේ... පුංචි එවුන් හරි අමාරුවෙන් අටව ගන්න සෙල්ලං ගෙවල් තෝ රිංගලා කඩලා දාන්න එපා බං.. ඒ නංගිට පාඩුවේ චූටි මගුල ගන්න දියං..උඹ කෝටු කෑලි වලින් සෙල්ලං කරලා නංගිව තුවාල කරනවා එහෙම නෙමේ..

    ReplyDelete
  11. පට්ට ලව් ස්ටෝරිය මචං! ට්වලයිට් එකට වැඩිය කොහොමත් හොඳයි! :D

    ReplyDelete
  12. සීවරං දෙයි හාමුදුරුවනේ...! බනිය බාලාපරාධ කාරයෙක්නෙ... ෂිහ්.. දන්නවනම් මේකට කෝල් එකක්වත් දෙන්නෙ නෑ...

    ReplyDelete
  13. මෙව්වනං මංදා..හැබැයි ඊයේ දහවලේ බනී මල්ලි පිළියන්දල හරියේ ගෑණු ගමෙක්ගේ අතින් අල්ලං ගිය වගට ඇසින් දුටු සාක්ෂි තියෙනවා..හැබැයි දෙන්නා සිස්සත්තේ බස් හෝල්ට් එකේ කලාද..ඕ ලෙවල් ෆිල්ම් හෝල් එහෙක කලාද..අවසානයේ උසස් පෙලට තව කොහේ හරි ගියාද කියලනං මං දන්නේ නැහැ ඕං..:D:D:D

    (දැන් අහන්න එපා කවුද තොට කිව්වේ ඔය වග කියලා...)

    ReplyDelete
  14. ශිකේ බාල අපරාද :ඩ්
    මෙව්වත් අනාගතේදී සිද්ද වෙන්න බැරි නෑ..

    ReplyDelete
  15. අපොයි...සිස්සත්තෙටත් කලින්.... :O

    ReplyDelete
  16. තාම මගෙ චූටි මගුල ගත්තෙත් නැහැනේ..

    හික් හික් හිකිස්....

    ReplyDelete
  17. මදැයි විවාහය ගැන මොනවා හරි ඉගෙන ගන්න ආවා :D

    ReplyDelete
  18. මූ 21ට අල්ලාගෙන තියෙන්නේ 9ක පොඩි ළමයෙක්ද ?

    ReplyDelete
  19. බනියගේ චූටී මගූල ගත්තද, නැත්තං දෙහි මගූලවත්

    ReplyDelete
  20. බාල අපරාදයක්නේ බනියෝ....

    ReplyDelete
  21. හපොයි චුටි මගුලත් අරන් නැතිවද ලොකු එක ගන්න කතා කරේ.. අම්මෝ මෙන්න බාල අපරාද... :D

    ReplyDelete
  22. මෙන්න බාල අපචාරයක්... වහාම දැනුම් දෙන්න ඕන අර ළමා හා කාන්තා මෙව්වා එකට..

    ReplyDelete
  23. චූටි මගුල ගත්තෙ නැතිනං බයවෙන්න දෙයක් නෑ... හනිමුන් පලයන්...

    ReplyDelete
  24. බනියා BA කාරයෙක් වූ වගයි

    ReplyDelete
  25. හැබටම බනී මේක ඉස්සරහට වෙන්ඩ බැරි නෑ... අද මීට වඩා අම්බානක චාටර් සීන් news වල යන්නේ..

    ReplyDelete
  26. ෆුල් සිරා විදියට යන ප්‍රේම කතාවක් අවසානයේ කෙළ විය

    ReplyDelete
  27. චූටි මගුල :D
    හොකෑස් :D
    හතර පස් පොලකින් හිනා. :D
    හැක් හැක්

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.