Saturday, May 26, 2012

නිවන්සුව..


මේක මේ මට අමතක වෙලා තිබ්බ රසකතාවක්.. අද තාත්තා මතක් කරලා දුන්නෙ.. ඉතිං ලියන්ඩ හිතුනා..

අපෙ අත්තම්මා.. අම්මාගෙ අම්මා.. නැති වෙලා.. අපි ගියා මල ගෙදර.. මං ටිකක් විතර පුංචී.. මට ඒ හැටි ගානකුත් තිබ්බෙ නැහැ.. අපෙ අම්මා නම් අඩාගත්තු ගමන්මයි.. එත් මට නම් ඒක ට්‍රිප් එකක සතුටක් ගෙනාවේ. ඒ ඇයිද මං දන්නැ.. සමහර විට අම්මාගෙ පවුලෙ ඔක්කොම නෑ දැයො එකතු වෙන නිසායි.. ඒ අයගෙ ළමයි එක්ක හොද හැටි නටන්නයි පුලුවන් වෙන නිසා වෙන්ඩැති..

බීම බොන්න.. ගඟේ පීන පීන නටන්න. බෝට්ටු පදින්න.. මාලු අල්ලන්න. තව මං ආසම කරන වැලි පොලවේ බොරු වලවල් හාරලා.. කවුරු හරි චුටි ළමයෙක් ගෙනැල්ලා ඒ වලට දාන්න.. මැංගුස් කඩන්න.. කන්නෙලියෙ යන්න.. කැලේ ඇතුලෙ රවුන් ගහන්න.. කොච්චර සුංදර පරිසරයක්ද ඒක.. ?

අත්තම්මාගේ මරණෙ මුල් දවස් වල වැඩකටයුතු සාමකාමීව උනා.. අපේ ගමේ අයත් අත්තම්මලාගෙ ගමට ඇවිල්ලා තිබ්බා.. ඒ අපෙ තාත්තා වෙනුවෙන්..
ඉතිං ඒ අතරෙ.. වැඩි හිටි කෙනෙක් වෙන.. අපි ආදරෙට කියන රාලහාමි සීයත් ඇවිල්ලා උන්නෙ..
ඒ සීයා තමා පංසලේ දහම්පාසලේ ප්‍රදාණ ආචාර්ය..
            ඔනම වැඩකදි පැනලා දෙන්න සීයා මාර දක්ශයි.. ඉතිං ඒ වෙලා වල හීනියට කොර වෙච්ච වෙලාවලුත් නැත්තෙම නැ..

දවසක් දහම් පාසලේ සමිතිය වෙලාවේ.. සියාට කතාවක් තිබ්බා.. සීයා නොදන්නා සංගීතයක් ගැන කියලා මාර චාටර් එකක් කැවේ.. ගත්තා මයික් එක..


අකුරු මැකි නැ කොල ගැලවී නැ බොද වී නැ සිතුවම්..
ඉස්සර වාගේ.. තාමත් මතකයි හෝඩි පොතේ පාඩම්.. //

මේ ඊරී.. බිම සීරි.. කුන්ඩුමනී හිස පීරි..
දෝසිය පුරාවා දීසි දමා ලා.. හුටා!!

ඊට පස්සෙ මොනාදෝ බයිලා වගයක් කියලා ශේප් උනා..

එත් අද කතාව ඕක නෙවෙ...! මල ගෙදර.. සීයටත් ගමෙන් ගිය අයගෙන් කතා කරන්න කතාවක් දුන්නා.. ශෝකය ප්‍රකාශ කිරීම!

ඇත්තටම අද ඉතා සෝචනීය දවසක්.. අපේ මේ උපාසක මහතාගෙ (අපෙ තාත්තා) ප්‍රිය බිරිද ගේ ආදරණීය මවු තුමිය අද අප දමා යන්නට සැරසී ඇත.. මේ උපාසක මහතා (අපේ තාත්තා) ඉතා අගනා සේවයක් ගමට කරමින් නම දිනාගෙන සිටින මනුස්සයෙක්.. ඔහුට නිතැනින්ම උදව් උපකාර කරන්නෙ ඔහුගේ ප්‍රිය බිරිද.. එවන් දුවෙක් ලබන්න මේ අද අපෙන් සමුගන්න මවු තුමිය වාසනාවන්ත වී ඇත.. ඉතිං ඒ මහතාට (අපෙ තාත්තාට) අපි නිවන්සුව ප්‍රාර්ථණා කරමු..!!

මලා..! අහන් උන්න මිනිස්සු කොහොම හිනාව තදකර ගෙන හිටියද කියන එක මාර ප්‍රශ්ණයක්!!


ද බනී..෴


..

25 comments:

  1. මම බින්දුව ?

    මලගෙවල් පට්ට ආතල් බං...

    ReplyDelete
  2. හරියට කරන්න දන්නැත්තං මළ ගෙවල් නොකර ඉන්න ඕන - HiruTV

    ReplyDelete
    Replies
    1. හිරු ? ඕක බ්ලොග් එකක තිබ්බ කතාවක් නේ.. :D

      Delete
    2. හරියට මළගෙයක් කරන්න බැරි නම් වහලා දාන්න

      http://aagiyakatha.blogspot.com/2011/11/blog-post_17.html

      Delete
  3. හුටා පටස්...
    ගම කාලානේ...
    විනාසයි... :-)

    ReplyDelete
  4. හැක් හැක් හැක්.....

    මළ ගෙදරක ගියත් නිකං වෙලාවටත් හිනා වෙවී ඉන්න අපේ අය ඉන්න තැනක ඔහොම කිවුව නම් ඉතිං ආයේ වෙන්නේ මොන වගේ සීන් එකක් ද කියලා හිතාගන්න පුළුවන් නේ.. මුළු ගමම දෙවනත් වෙන්න හිනා වෙයි.... :D

    ReplyDelete
  5. මලගෙවල් හොය හොය ගිහින් කතා කරන පොරක් අපේ පැත්තෙත් ඉන්නවා ,මිනිහා මල ගෙවල් හැම එකකම කරන්නේ එකම කතාව අපි මැන් මල ගෙදරට එනකොටම කතාව මොකක්ද කියලා හොදට දන්නවා ඉතින් .....

    ReplyDelete
  6. ඔය කියල තියෙන්නේ ලොකු උන්නැහැ කතාවක්... ලොලේ ලොල් හැබැයි...

    ReplyDelete
  7. පට්ටම චරිතයක් නේ :ඩ්

    ReplyDelete
  8. බඩු ද අමුවෙන්ද? ඔය කතාව කිව්වෙ...

    ReplyDelete
  9. හිනා වෙන එක හරිමදි වගේ නේද මක්ක උනත් වැඩිහිටියෙක් නොවැ. හිනා වෙන්ට එපා බොලල්ලා.හෙහ්...හෙහ්...! ජය...!

    ReplyDelete
  10. සීයා හොද මොල කාරයෙක් වගෙයි..:D

    ReplyDelete
  11. ඔය වගේ චාටර් උන අයනම් කොච්චර ඉන්නවද?

    ReplyDelete
  12. හෆ්ෆා තාත්තාට පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති

    ReplyDelete
  13. අපෙත් ඉන්නවා ඔය වගේ බුවෙක් මයික් එකක් තිබ්බොත් උන්දැ එතන.. දවසක් මඟුල් ගෙදරක කිව්වා "අවමංගල සභාවෙන් අවසරයි" කියලා...

    ReplyDelete
  14. මාත් අහලා තියෙනෝ මේ වගේ කතාවක්...

    මැතිවරණ කාලෙදී අපේක්ෂකයෝ මළ ගෙවල් හොය හොය යනවනේ මූණ පෙන්නලා එන්න. දවසක් එහෙම ගියපු වෙලාව ක අපේක්ෂකයෙක් ට කතාවක් කරන්න දීලා. හැබැයි මේ මැරිලා ඉන්නේ කාගේ කවුද, කින්ද මන්ද මුකුත් දන්නේ නැතුවලු කතා කරන්න පටන් ගත්තේ. අවසර එහෙම ගන්න අතරෙදි වටපිට බලනකොට දැක්කලු මරණ දැන්වීමේ තියෙනවා "වෛද්‍ය" කියලා. ඔන්න ඒක දැක්කා විතරයි මේ අපේක්ෂකයා මැරුණු කෙනා ගැන මහා ගුණ වරුණාවක් පටන් ගත්තලු.

    "මේ මියගිය වෛද්‍යතුමා මගේ හොඳ හිතවතෙක්. එතුමා මේ සමාජෙ ට ගොඩක් සේවය කරපු කෙනෙක්. සල්ලි බලාගෙන වැඩ කරපු කෙනෙක් නෙවෙයි. කොටින් ම මමත් මෙතුමාගෙන් බෙහෙත් අරන් තියෙනවා මගේ........."

    වටින් පිටින් සිනා හඬ නැගෙද්දී, කෙනෙක් එතුමගේ කනට කරලා කිව්වලු මැරිලා ඉන්නේ පශු වෛද්‍යවරයෙක් කියලා.... :D :D :D :D

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
  15. එහෙනම් ප්‍රධාන ආචාර්යතුමා ගහක ගලක් වගේ ඉන්න උඹලගේ තාත්තත් මැරුව :-/
    අයියෝ සල්ලි කිව්වලු!:D

    ReplyDelete
  16. තව කි දෙනෙක් ඔය විදියට චාටර් වෙලා තියේද? මරුනේ ආච්චි කෙනෙක් එත් ගුණ කියන්නේ සියා ගැන.

    ReplyDelete
  17. මම මේ ලඟදි පත්තරේක කියෙව්වා මළ ගෙදරක මගුල් කතාවක් කරපු කේස් එකක්... ෂොට් එක වැදුනාම තමා මෙහෙම වෙනවා ඇත්තේ

    ReplyDelete
  18. වයර් මාරු වෙලා උත්කෘෂ්ට විදිහට කතාව කරන්න ගියාම අග මුල පැටලේනවනේ....පව් අප්පා රාලහාමි සීය. ඉවසීම නැති අය හෙම හිටියනම් තව පොඩ්ඩෙන් රාලහාමි සීයාගේ මළගෙදර කරන්න තමයි වෙන්නේ.

    ReplyDelete
  19. උඹට තිබ්බේ කොහොම හරි තාත්තගේ මුණ බලාගන්න ඔය වෙලේ.

    ReplyDelete
  20. අපෙත් නෑදැයෙක් ඉන්නවා ඔය වගේ මැන්ට දැන් පිස්සු

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.