Friday, March 9, 2012

ඇල්බට් මංත්‍රී තුමා..

ඔන්න අද හවස අපේ ගෙදරට මනුස්සයෙක් ආවා.. ව්‍යාපාර සම්බන්ද වැඩකට.. ඉතිං මේ මනුස්සයා මොනාදෝ මොනාදෝ කියවලා කියවලා අන්තිමෙ කිවා.. පුතා දන්නැ.. අහවල් මනුස්සයා මගේ යාලුවා.. තාත්තා හිටියා නම් හොදට අදුරනවා.. ඔහොම අනම් මනම් කියලා මාව අන්දන්න හැදුවෙ.. මං තිං හා අංකල් එහෙමනම් තාත්තා ඉන්න වෙලාවක එන්නකො කියලා ශෙප් එකෙ කැපුනා..
     ඉතිං උන්දැ ගියාට පස්සෙ අපේ මැණිකා.. මැණිකා කිවෙ මයේ ගෑනී නෙවෙ.. අපේ ගෙදර වැඩ කරන මනුස්සයෙක්.. (ඔය උන්දා ගැන කතා 2-3 කුත් මං ලියලා ඇති..)   ඉතිං මිනිහා මං ලගට කිට්ටු වෙලා කිවා.. පුතා දන්නැ.. අරූ අර රටබයිලා ගැහුවට ඔය ඇල්බට් කියන පොර මහ මෝඩ ගහක්.. කියලා කතාව පටන් ගත්තා..

 කතාව:-
    මේ ඇල්බට් කියන මනුස්සයා ඡංදෙ ඉල්ලන්න ගිහින්.. ඉතිං ගමේ මිනිස්සුන්ට හොදට සලකලා.. අනේ ගමේ හැම වයසක මනුස්සයෙක්ම එයාගෙ අම්මා තාත්තා වගේලු ඒ දවස් වල.. කෙල්ලො කොල්ලො තමන්ගෙ ළමයි වගේලු.. තවත් සමහරු සහෝදරියො වගේලු.. නැදැයෝ ගොඩාආආඅයි ලු..
 ඉතිං ඉතිං ඔන්න ඡංදෙ දවසත් කිට්ටු වෙලා.. හැමොම ඡංදෙ දාල ඇවිත් වෙන්ඩ මංත්‍රිතුමාගෙ ගෙදරට සෙට් උනාලු.. එදා ඉතින් රජ පාටිලු.. අනම් මනම් බයිට් ජාතිද.. ලොකු ලොකු බීම ජාතිද.. අත පය දෙකම දිග ඇරලා වියදම් කරලා.. හැටක් විතර සෙනගත් ඉන්නවාලු ගෙදර.. වෙන මොකටද ? සතුටට සතුටට..
ඉතිං ඔහොම  කකා බිබි ඉන්න කොට ඡංද ප්‍රතිෆලත් ඇවිල්ලා.. දැන් ඔන්න වෙන්ඩ මංත්‍රිතුමාගෙ කකුල වෙව්ලනවාලු.. බිම හාරනවාලු.. ලගින් ඉන්න උන් හයියෙන් මිරිකනවාලු..
         ඔව් අහවල් ආසනයේ අහවල් මංත්‍රී.. මංත්‍රී ඇල්බට් මහතා.. ඡංද 14 ක් ළබාගෙන ඇත...
වෙන්ඩ මංත්‍රීට හීන් දාඩිය දාලා.. අර කකා බිබි උන්නු සෙනගටත් මොකදෝ උනාලු..

විනාඩි පහක් විතර නිශ්ශබ්දව  හිටිය මංත්‍රි තුමා..

සිකේ.. දවල්ට කන්න දෙන්න ගෙනාපු බත් පාර්සල් 50...?


පස්සෙ ඇහිකුංඨකයා මැරිච්ච නයා වගේ ගෙදරටම වෙලා උන්නාලු මේ මනුස්සයා.. කාලයක් පිස්සු වගෙත් තිබ්බාලු.. පවු ඉතිං..


පාලි: සාමාන්‍යයෙන් මගේ පොස්ට් එකකට කමෙන්ට් වැටෙන්නෙ 20 කට අඩු සංඛ්‍යාවක්.. ඒත් විවෙචන හා ආගම වගේ දේවල් වලදි කමෙන්ට් වැඩි මොකද? කවදාවත් දැකලා නැති අයත් කමෙන්ට් කරනවා.. මරු :D

20 comments:

  1. හිකිස්....
    බොරුවට මරාගන්න, කෑගහන්න, රණ්ඩු වෙන්න, නැති ප්‍රශ්ණ මවාපාන්න බහුතරයක් මිනිස්සු කැමතී අයියෝ....ඒක වෙන්න ඇති...
    ඊටත් වඩා ඒවයින් ලබන පහත් වින්දනය....

    ReplyDelete
  2. සිනි ගොනියක් දැම්මත් රහාක් නැහැ.. :P

    ReplyDelete
  3. "අර කකා බිබි උන්නු සෙනගටත් මොකදෝ උනාලු.."

    එතකොට කට්ටිය වැරදියටද දන්නේ නෑ චන්දේ දැම්මේ..

    ReplyDelete
  4. ගොඩක් ඉන්නේ ජාති මාමකලා ඒක නිසා වෙන්ටෑ ඒවගේ ඒවට කොමෙන්ට් වැඩි....

    ReplyDelete
  5. ඔයවගේම සිද්ධියක් මෙහෙත් වෙලා තියනව. එක්දහස් නවසිය හැත්තෑ ගනං වලද කොහේද. ඔය විදියට පාර්ලිමේන්තුවට තරග කලා අපේක්ෂකයෙක්. ඒ දවස්වල දිවා රෑ ඒ ගෙදරින් බත් කාපු මිනිස්සු අනන්තයි අප්‍රමාණයි. ප්‍රතිපලය බැලුවම ඡන්ද ගනනට වඩා තිබිල තියනව එදා රෑ බත්කාපු පිගන් ගනන. :) ඒ කියන්නෙ බත් කෑ එවුන් වත් ඡන්දෙ දීල නෑ.
    මේ අපේක්ෂකය අපි දන්න කියන කෙනෙක්..........
    කිව්වට තරහ වෙන එකක් නෑ "ඩිව් ගුණසේකර" ඇමතිතුමා.

    ReplyDelete
  6. මං නං මේකට කොමෙන්ට් දාන්නෙ නෑ.

    ReplyDelete
  7. අපේ ගමේ උන් සෙට් එකක් හිටියා නාම යෝජනා දුන්නෙ ඔය පෝලිම් බූත් වලට යන්ඩ වගේ ඒවට..උන්ටත් සමහරු චන්ද දීලා තිබුනා දෙතුන් සීය..පස්සෙ ප්‍රථිපල එද්දි උන්ටම පුදුමයි කවුද යකෝ අපිට චන්ද දුන්නෙ කියලා...

    ReplyDelete
  8. අපේ පැත්තේ ස්වාධීන කොල්ලෙක්ට වුනාවගේ සීන් එකක් බොල.. පොරගෙ පෝස්ටර් ගහපු එවුන් දීලත් නැහැ..

    ReplyDelete
  9. අපේ පැත්තෙත්වෙනියා කිව්වා වගේ ප්‍රධාන පක්සෙකින් ස්වාදීන කන්ඩායමක් බස්සනවා ඔය බූත් වලට/ගනන් කිරීමේ මධ්‍යස්ථාන වලට යන එන වැඩ වලට කට්ටිය වැඩි කරගන්න එහෙම! උන් දාගන්නෙත් නෑ! හැබැයි ඔහොම නම දාගත්තු කොල්ලො නම් ආතල් එකක් ගන්නත් එක්ක පෝස්ටර් ගහලා කාඩ් ගහලා ගෙවල් ගෙවල් ගානේ ගිහින්,මීටින් තියලා කෙප්ප ගහලා පට්ට ෆන් එකක් ගන්නවා!

    ReplyDelete
  10. යකෝ මම ඉස්කෝලෙ තිබුන පාසල් පාර්ලිමේන්තුවට ඉල්ලල . . . ලැබුනෙ එක චන්දයයි . . ඒක අනිවා මමම දාගත්ත එක . . . . කැන්ටිමේ පදිංචිවෙලා කට්ටියට කත්ත බොන්න අරංදුන්නෙ . . අයියෝ සල්ලි

    ReplyDelete
    Replies
    1. අනේ යන්ඩ ඕනයා අයියේ යන්ඩ එනවා මෙතන කෙබ්බ කෙලින්න

      Delete
  11. එකෙන්ම පේනවානේ බොරු පොරොන්දු කාරයෝ කියලා ඔය චන්ද කාරයෝ :D

    ReplyDelete
  12. පිස්සු වගේ හැදුන? අමුතුවෙං O.o

    ReplyDelete
  13. කැලණියේ බුවාටත් පළවෙනි ඡන්දෙදි ඕක උනා කියලා බුවාම කිව්වා

    ReplyDelete
  14. අපේ පැත්තෙත් ඔහොම එකක් උනා නෙව... ගෙදරත් ඡන්ද දායකයො හත් දෙනෙක් ඉන්දැද්දි පොරට තිබ්බෙ ඡන්ද තුනයි.... අම්මයි අප්පයි ඌමයි දාගත්තුවා වෙන්නැති කියලයි ගමේ මිනිස්සු කිව්වෙ...

    ReplyDelete
  15. ලන්ඩන් වල ඇල්බට් අංකල්ද දන්නෙ නෑ නේ......

    ReplyDelete
  16. ඔන්න මගෙ කොමෙන්ට් එක 19 වෙනි එකද කොහෙද. තව එකක් ආවා නම් බනියගෙ මතය බොරු කරන්න තිබ්බා.

    චන්ද 14 වුනාට පාටියට 150ක් විතර ඉන්න ඇතිනේ?

    henryblogwalker the Dude

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.