පටන් ගන්නෙ කොහෙන්ද මංදා.. දවස් 3 ක් කරපු හරිය මේකෙ ලියන්නත් බැ.. කෙටියෙන් ලියලා දාන්නම්..
හුගක් කාලෙකට පස්සෙ අපේ ගෙදර කට්ටිය සමඟ පිට බස් එකක ට්‍රිප් එකක් යන්න දාගත්තා.. අපෙ ගෙවල් කිට්ටුව අදුරන ඇන්ටි කෙනෙක් තමා මේක සංවිදාණය කරලා තිබ්බෙ.. ඉතිං අපේ තාත්තත් යං කියලා අපිත් ලැස්තිකරව ගත්තා.. අපේ බාප්පලයි ගෙදර අයත් සෙට් උනා.. ගමන තිබ්බෙ මෙහෙම..
කන්දෙවිහාරය > කළුතර බෝධිය > කැළණිය විහාරය > මහනුවර දළදාමාලිගාව > සිරිපාදය..
ඉතිං උදේ පාන්දර 4 ට විතර ගමන පිටත් වෙලා කන්දෙවිහාරෙත් වැදගත්තා.. උදෙම්ම නැගිට්ටාම පැයක් ඇතුලත කන්න බඩගිනි වෙන ලෙඩක් මට තියෙන නිසා මං තිං කැ ගහන්න ගත්තා බඩ ගිනී කියලා :D අනේ ඉතිං මං නිසා මුලු නඩේම උදෙපාන්දර කනවා :P
කන්දෙවිහාරෙ ඒවට පහසුකම් හදලා තියෙනවා කිසි කරදරයක් නැ..
එතැන වැඩකටයුතු ඉවර කරලා අපි ආවෙ කළුතර බෝදියට.. නමුත් එතැන නවතින්නෙ නැතිව දිගටම යන්න යෝජනා උන නිසා, පඬුරු දාලා කෙලින්ම කැළණියට ගීයා.. කෙලින්ම කීවට ඉතිං වංගුත් තිබ්බා :D
අපේ ඩ්‍රයිවර් උන්නැහෙත් ට්‍රිප් වලට කියාපු උංදැ.. ගෝලයත් ඒ හා සමානයි.. ගෝලයා කිවට ඒ මනුස්සයාටත් ඩ්‍රයිවින් හැකි.. ඔන්න ගාල්ලෙ අය ට්‍රිප් යනවා නම් කියන්න එ බස් එක සෙට් කරලා දෙන්නම්.. ගානත් අඩුයි.. ගාල්ල මහනගර සභාවේ ඉන්ජිනෙරු ඒකකයේ බස් එක :D අපේ බාප්පාලාගෙ වර්ක්ශොප් එකෙ බස් එක නිසා තමා අරන් ආවේ ඒක..හැබැයි ඉදිරියට නම් ගනන් වැඩි කරන කතාවක් කිවා..!
එව්වා වැඩක් නැ.. ට්‍රිප් එකෙ රසමුසු තැන් හා දුක හිතෙන දේවල් තමා මට මේකෙ ලියන්න ඔනේ උනේ..
අපි 3 වැනියට ආවේ කැළණියට, එතැන ගිහින් බාප්පත් එක්ක තර්ක කර කර වටේ ඇවිද්දා.. තර්කය තිබ්බෙ කැළනිය විහාරය වටේ තියෙන අමුතු කහපාට පාශාණය හා ඒක කරපු කාලසීමා.. ඉතිං ඇවිදලා කරලා අපි ගියා විහාරය ඇතුලට.. ඇතුලට ගියාම මගේ කැමරාව දැක්ක හාමුදුරු නමක් පැනලා කියාපි හාහා පුතා පොටොස් නම් ගන්න එපා කියලා.. මං එහෙමයි හාමුදුරුවනේ කියලා මාරු උනා.. අහන්නත් තිබ්බා පොටොස් දිය වෙනවද ෆ්ලැශර් එලියට කියලා.. එත් මයේ මොකො කියලා මං ඇතුල බලලා එලියට එන්න ආවා..
ඒත් මට ප්‍රශ්ණ කොටියයි.. විහාර ගෙයි මැද චිත්‍ර හරිම සරලයි.. වටේ ඒවා සංකීර්ණයි..
මං බාප්පාගෙ කනට කරලා ඇහුවා.. මොකක්ද මෙහෙම වෙන්න හේතුව කියලා.. බාප්පා.. මං දන්නෙ කොහොමද දරුවො ඔව්වා.. අන්න අර හාමුදුරුවන්ගෙන් අහන්න..
මල සේකයි.. අර මට ෆොටො ගන්න එපා කිව හාමුදුරුවො.. ඒත් ඉතිං ප්‍රශ්ණයක් තියාගෙන එතැනින් යන්න හොද නැති නිසා මං ගියා අහන්ඩ.. හෆ්ෆෙ කියන්න දෙයක් නැ හරිම හොද හාමුදුරු නමක්..
මහත්තයෝ මේක කොටස් දෙකකට හදලා තියෙන්නෙ.. එකක් නුවර යුගයේ චිත්‍ර.. ඒවා අවුරුදු 1800 ගානක් පරණයි.. මේ එළියෙ තියෙන ඒවා ඊට අවුරුදු 100 කට පස්සෙ කරපුවා.. ඒකයි ඒවා සංකිර්ණ හා කලාත්මක අතින් උසස්..
කිවත් වගේ කතාව ඇත්ත..
ඔන්න කොහෙන්දෝ ඉදන් අපෙ බාප්පත් පාත් වෙලා.. මගේ කතාවට බාදා කරලා..
බාප්පා: හාමුදුරුවනේ අර ටිවි එකෙ රෙඩියෝ එකේ එහෙම කිව අර අලුතින් කරපු මැණික් පුටුව කොයි?
හාමුදුරුවො: මැණික් පුටුව ? හොහ්.. ඒක හොද මැණික් පුටුව.. අනේ මහත්තයෝ මහත්තයාලත් මේ මාධ්‍යයෙන් ලොකුවට පෙන්නන දේවල් වලට රැවටෙනවානේ.. එකත් අතකින් මහත්තයා සාදාරණයි.. ඕකෙ පෙන්නන්නෙ ඇත්ත වගේනෙ.. ඒක මහත්තයෝ කොන්ක්‍රට් පුටුවක්.. මේ ඉමිටෙශන් ගල් වගයක් අල්ලලා.. මං කිවා ඒක ගෙනාපු හාමුදුරුවන්ට.. වහාම අරන් යන්න කියලා.. මහත්තයෝ මේක පූජනීය තැනක්.. බුදුන් වැඩිය තැනක්.. මෙතැන්ට ඔනි කොන්ක්‍රිට් පුටෘවක් නෙවේ.. එක්කො ඔන්න ඕක හදපං කලුවර ලීයෙන්.. එක්කො මොනා හරි වටින දේකින්.. එහෙමනෙ වෙන්න ඔනි.. කොන්ක්‍රිට් කියන්නෙ වටින දෙයක් නෙවෙ..
බාප්පා: ඒක ඇත්ත හාමුදුරුවනේ.. සමාජේ දැන් මිනිස්සුන්ව මුලා කරලා.. පුජනීය දේවල් විකුණලා.. රට මොන පැත්තට යනවද මංදා..
හාමුදුරුවො: මහත්තයෝ මේක අපේ රටේ ප්‍රදාණ උන්ගෙ වැරදි.. උන් කියන්නෙ මොකක්ද අපෙ උන් කරනවා.. දැන් මේ පුතා හැදුනේ පන්සලේ.. ගුණ ධර්ම දන්නවා.. හොදට හැදිලා තියෙනවා.. මූ දන්නවා සමාජේ ඉන්න ඔනි හැටි.. මූට පෙනවා සමාජෙ වැරදි .. ඒත් නරකට හැදිච්ච එකා නරකමයි.. ඌට බලය ලැබුනු තැන .. ඒක විනාස කරලා.. රටත් විනාස කරලා.. තමනුත් විනාස වෙනවා..
බාප්පා: එහෙයි.. එතකොට හාමුදුරුවනේ තියෙනවා කියන ඇත්ත මැණික් පුටුව ?
හාමුදුරුවෝ.. ඒක මහත්තයො බලන්න ඔන්නම් වෙහෙර වහන්සෙ කඩාගෙන ඇතුලට යන්න.. එක්කො ඒක ඉස්කැන් කරලා බලන්න..
අපි ටක් ගාලා හාමුදුරුවන්ට වැදලා එතැනින් මාරු උනා..
බාප්පා: එයාගෙ පුතාලා දෙන්නා පැත්තට හැරිලා ඔන්න තෙරුනානෙ.. කොමද එදා මතකද.. අම්මා ටිවි එක දාගෙන.. අපිට මැච් එක බලන්න දුන්නෙත් නැනෙ? ලොකුවට අහන් හිටියා පුටුව බලන්න.. ඔය කරලා තියෙන්නෙ.. අම්මපා මේක හාමුදුරුවො ලව්වම පැහැදිලි කරන්න ඔනි.. අන්න ගිහින් කියන්න අම්මට පුටුව පෙන්නනවා කියලා හාමුදුරුවන්ට කිවාම..
ඉතිං අපේ බාප්පාගෙ පුතා මේක කිවාම ඇඹරෙනවා.. ඌට යන්න කම්මැලි කමට.. නඩෙ ගාව ඕක කියන්නත් එපැයැ.. ඉතිං මං වැඩෙ බාර ගත්තා.. මං හෙමිට ගිහින් පුංචි අම්මටයි අපේ අම්මටයි කිවා. අන්න ගිහින් බලන්න මැණික් පුටුව පෙන්නනවා කියලා.. මේක ඇහුනා විතරයි නඩේ හිටය ඔක්කොම ගෑණු කට්ටිය .. මෙන්න යනවා පුටුව බලන්න.. මං හෙන ගේමක් දීලා හිනාව තද කර ගත්තෙ.. කට්ටියම ගිහින් මූන පුම්බගෙන ඔරව ඔරව එනවා..
මැණික් පුටුව දැක්කයි?
පැය 2-3 ක් යනකන් මාත් එක්ක කවුරුවත් කතා කලේ නම් නැ :D
සත්‍ය අවබෝද කරන්න පුජා භුමියේ ඉදන් බොරුවක් කිවට ඒක පවක් නෙවෙ කියලයි මගේ මතය නම්..!!
................
එතැනින් ඇවිල්ලා අපි නුවරත් ගිහින්.. කෙලින්ම සිරිපාදෙට ගියා..
ඔතැන ඉදන් තමා මට කලකිරෙන දේවල් ටික වෙන්න ගත්තෙ..
නඩේ කට්ටිය එකි නෙකාගෙ අදහස් වලට විරුද්ද වෙමින් හිතෙ හැටියට වැඩ කරන්න ගත්තා.. නඩේ ගුරාට කැ ගහලා කන්ඩායම සෙට් කරගන්න ඒ හැටි හැකියාවක් තිබ්බෙ නැ.. උන්දැත් වයසයි..
ඉතිං තාත්තා කිවා.. අපේ ගෙදර අයයි.. බාප්පලාගෙ ගෙදර අයයි.. එකට යමු කියලා.. එහෙම කියලා අපි 4 ට විතර නගින්න ගත්තා..
අපි එක්ක ඔය ට්‍රිප් එකට කට්ටිය එකතු කරපු අත්තම්මාගෙ පොඩි දුවයි.. එයාගෙ දුවයි ආවා.. ඉතිං අපි කට්ටිය හෙමින් හෙමින් කරුනාකරනවා.. මොකද අපේ අම්මට හා පුංචි අම්මට ඒ හැටි ඉක්මනට යන්න අමාරුනිසා... කොහොම කොහොම හරි කරුණාකරා..
ටිකක් දුර ගියාම.. පාර 2ට බෙදෙන තැනක් හම්බෙනවා.. එතැන එක මිනිහෙක් ඉදන් කියනවා.. මේ පැත්තෙන් යන්න.. සමන් දෙවියන්ගෙන් ආරක්ශාව අරගෙන යන්න කියලා.. අපේ අම්මලා තාත්තලත් යන නිසා.. මාත් ගියා ඒ පැත්තෙන්.. පාට පාට රෙදි වලින් හදාපු පොඩි පංසලක්..
හාමුදුරුවො 3 නමක්.. ඒ හාමුදුරුවෝද නැත්නම් නිකං සිවුර පෙරව ගත්ත උන්ද මංදන්නැ.. එකෙක්ගෙ මූනෙන් කපටි කම වැහෙනවා.. ඒ කතාකරපු විලාසෙට මට දෙන්න තිබ්බා දත් ඇන්ද ගැලවෙන්න..
"පිංවතුනී.. මෙතැන අපි කරන්න යන්නෙ සිරිපාදේ වාර කාලයට හා අවාර කාලය කියන දෙකටම විවෘතව තිබෙන පංසලක් හදන්න.. ඒකට ඔබලාගේ ආදාරය අවශ්‍යයි.. ඒ සඳහා මේ ජිවන් කරපු නූලක් ගැට ගසා ගන්න.."
අම්මපා ඉතිං මගේ ඇගේ මාලු නටනවා.. මුං සමන් දෙවියන්ගෙ ආරක්ශාව කියලා මොකක්දො මගුලක් ගැටගහන්න හදනවා.. ඒකත් නිකං කඩේ රු 20 නූල.. මුං ලග රු 100 යි..
ඒකත් හා කියමුකො තව එකෙක් නිකං කිංඩියට වගේ කියනවා.. ඔය පඩුරු දැම්මා නොදැම්මාට කා එක්කවත් අපේ අමනාපයක් නැ කියලා.. අනේ මංදා මට යක්ශ කෙන්තියි..
ඇත්ටම ඒක පංසල් කඩයක්.. පංසලුත් තියෙනවා පංසල් කඩත් තියෙනවා.. මිනිස්සු සල්ලි මත්තෙ නැහෙනවා.. තමන් දෙන ආදාරයක් ගන්නවා මිස.. ඉල්ලන සිරිතක් බුදුහාමුදුරුවොවත් දේශණාකරලා නැහැ.. අනික සිරිපාදෙ කියන්නෙ ලංකාවේ උසම පූජනීය ස්ථාණය.. ඕකට රජයෙන් ආදාර දෙන්න බැරිද පංසලක් හදන්න ?
ඉතිං එතැනටත් බැන බැන ආවා ඉස්සරහාට... සිරිපාදේ හරියටම නගින්න පටන් ගන්නෙ මකර තොරණ ගාවින්.. එතැන ටිකක් ඉස්සරහාට ගියාම සැතපෙන පිලිමෙ.. එතැනට තමා හැමෝම බාරහාර වෙලා යන්නෙ.. මෙන්න එතැනත් හාමුදුරුවො කෙනෙක්.. හැමෝටම අඩගහල වැදගන්න කිවා.. ඒ වගේම හැමොටම බිම වාඩි වෙන්නත් කිවා.. දැන් ගාතාවගයකුත් කියලා කියලා දේශණ වගේකුත් දීලා.. එක පාරට කියාපි.. මේ සමන්දෙවියන්ගෙ අඩවිය.. බාරහාර වෙලා ගියෙ නැති 11 දෙනෙක් මේ වාරෙ බිලිගත්තා.. ඒක නිසා හැමොම බාර වෙලා යන්න කියලා.. මිනිස්සුත් සූ ගානවා..
ඒක කිව විදියට හිත පොඩ්ඩක් හරි ගැස්සෙන් නැත්නම් ඒක පුදුමයක්.. මට දැන් හරිම අමාරුයි දණගහගෙන ඉදලා.. කකුල් දෙක රිදෙනවා.. ඒ අස්සෙ හාමුදුරුවො කැ ගහනවා නැගිටින්න එපා එක්කෙන්ක් වත් කියලා.. අපි බන අහන්න හරි ගාතා කියන්න හරි තමන්ට පහසු ඉරියව්වකින් ඉන්න ඔනි.. නැතිව හාමුදුරවන්ට ඔනි ඉරියව්වෙන් නෙවෙ.. එහෙම එක විදියකට ඉන්න ඔනි කියලා නීතියක් නැ කොහෙවත්.. අනික තමන්ට ඉන්න විදිය අපහසු නම් ඒ ගාතා වලට හිත යන්නෙත් නැ.. හිතන්නෙ නැගිටින්නෙ කොයි වෙලෙද කියලා.. මටත් උනේ ඒ ටකමයි.. ඔනි මගුලක් කියලා දඩස් ගාලා මං නගිට්ටා.. මිනිස්සු මගේ දිහා බලනවා.. මටත් ලැජ්ජයි.. මං එහෙන්ම නැගිටලා වැද ගත්තා.. මෙන්න 2-3 දෙනා නැගිටිනවා..
ඊට පස්සෙ හාමුදුරුවො කියාපි .ඔය හැමොම පඩුරු දාලා යන්න කියලා.. රු 20 ට වඩා පඩුරු දාන හැමොටම සමන්දෙවියන්ගෙ මුද්‍රත වර්ණ ඡායාරූපයක් නොමිලේ කියලත් මට කියනවා ඇහුනා.. අනේ ඉතිං මිනිස්සු ඒකත් අරගත්තා..
සාසනේට ගිය කලක්..!!
(අනේ දෙයියනේ කියලා මට හීරිම් තුවාලයක් වත් නැතිව මං ශ්‍රීපාදෙ වැදගෙන ගෙදර ආවා.. පලවෙනි පාර ගියා වගේ කකුල් රිදෙන්න ගත්තෙත් නෑ..)
එතැනිනුත් ගැලවිලා
සීත ගඟුලේ කෝඩු කාරයෝ ටික බස්වලා.. එතැන කරන්න ඔනි දේවල් කරලා.. අපි උඩට එන්න ආවා.. ටිකක් දුර ඇවිත් මහන්සි නිසා කඩේකින් තේ එකක් බොන්න ගියා.. තේ බීලා ඉවර උනාම අපේ ගෙදර අයට විතරක් රු 250 තේ 5 ට.. 1ක් 50 යි..
ඒක හරිම අසාදාරණ මිලක්.. හේතුව ඇහුවාම කිවේ වතුර අදින්න අමාරුයි සීනි තේ කොල ගෙන්න අමාරුයි කියලා.. ඒත් එක කොප්පෙකට වැටෙන වතුර සීනි තේ කොල ප්‍රමාණෙ අනුව.. රු 50 කියන්නෙ අන්තිම අසාදාරණ මිලක්.. දැන් බීප දේ දෙන්න බැරි නිසා අපි සල්ලි දීලා ආවා.. ටිකක් දුර ඇවිල්ලා බලද්දි බාප්පලා කට්ටිය මිසින්.. ඒක කොහොම උනාද කියලා කියන්න අපිට තෙරෙන්නෙත් නැ..
ඒකට විද්‍යාත්මක හේතුවක් ඇති.. මිනිස්සු නම් කියන්නෙ සමන් දෙවියො තම තමන්ගෙ කට්ටිය එහෙම වෙන් කරනවා කියලා.. ඇත්තටම ඒක ගමනටත් පහසුයි.. මං හිතන විදියට නම් එතැන වෙන්නෙ අපි වැඩිපුරුම හොයන්නෙ අපේ ලඟම අය ගැන නිසා.. මට අම්මා තාත්තා යද්දි බාප්පලා එක්ක යන්න බැහැනේ.. අන්න ඒ වගේ.. මං වැඩි පුර බලන්නෙ අම්මා තාත්තා හා අක්කයි මල්ලියි ගැන.. ඉතිං අපි ඒ කට්ටිය එක්ක යනවා.. අනික් අයත් එහෙම හිතනවා.. ඉතින් කන්ඩායම 2 ට කැඩෙනවා..
ඔහොම තවත් ටිකක් දුර නැග්ගාම අර අපි එක්ක ආපු නැන්දයි එයාගෙ දූයිත් අපෙන් වෙන් වෙලා.. දැන් කොහෙන් කියලා හොයන්නද.. අපි 5 දෙනා ආවා උඩටම.. එතැනට ආවාම තව තැනක මල් විකුණනවා..
ආ ගන්න ගන්න මල්.. මෙතැන තමා අවසාන කඩේ.. මෙතැනින් අරන් යන්න.. අර මැලවිච්ච මල් වගයක් විකුණනවා.. මලක් රු 20 ද කොහෙද.. අපිත් ඉතිං අවසන් කඩේනෙ.. මල් අරගෙන ගියා.. මෙන්න තව ටිකක් උඩට යද්දි ඔනි තරම් මල් කඩ තියෙනවා.. අරු කියලා තියෙන්නෙ අමූලික බොරු..
ඔච්චර පූජනීය තැනක ඉදන්.. එහෙම කරන්න තරම් ඒ මිනිස්සු පිරිහිලා..
ඉතිං අපි මල් තියලා වැදලා කියලා ආවා.. එතැන උඩ ඉන්න දෙන්නැ මිනිස්සුන්ට බහින්න කියනවා.. සෙනග වැඩි නිසා.. අපි ශ්‍රීපාද පද්මයට නමස්කාර කරන්න ගියාම පොලිසියෙන් කිවා අනික් පැත්තෙන් යන්න කියලා.. ඒ කියන්නෙ පිට පස්ස පැත්තෙන් ගිහින් නමස්කාර කරන්න.. මාත් ඉතිං කලින් ගියෙ ඉස්සරහින් නිසා වෙනසකට කියලා අනික් පැත්තෙන් ගියා.. පිරිමි අයට විතරයි එන්න දෙන්නෙ.. මමයි මල්ලිය තාත්තයි.. එතැනින් ගිහින් වදින්න හදන කොට බහින්න තියෙන පැත්තෙන් මිනිස්සු කලබලේ ඇවිල්ලා වදිනවා.. අපිට වදින්නත් නැ බහින්නත් නැ.. ඒ අස්සෙ ගෑනු අයත් ඇවිත්.. මිනිස්සු හරිම ආර්ත්මාර්තකාමි වෙලා..
අනික් මිනිස්සු දුක් විදගෙන පෝලිමෙ ඇවිත් වදින්න හදනවා.. මේ මිනිස්සු ලෙසිවට බහින පැත්තෙන් නගිනවා..
ඒකෙන් මං බලන්නම හිටපු දෙයක් මට අමතක උනා.. ශ්‍රීපාද පද්මය ඉස්සරහින් ගිහින් එතැන බිත්තියේ තියෙනවාලු වීදුරු කැල්ලක් දාලා හදාපු පොඩි සිදුරක්.. එකෙන් ඇහැ තියලා බැලුවාම මැණික් ගල් වගයක් පේනවා.. බාප්පා නම් කීවේ ඒක තමා ඇත්ත ශ්‍රීපාදය කියලා.. මීට අවු 20 කට විතර කලින් බාප්පා එතැන බැලුවාම මැණික් ගල් 6 කට වඩා තිබිලා තියෙනවා..
නමුත් මේ පාර බලද්දි 1කම 1ක මැණිකයිලු පෙනුනේ.. ලාවට LED බල්බ් එකක් වගේ.. එළියක්..
අපේ දේශප්‍රේමී මහත්හොරු ටික ඒ මැණික් ගල් ටිකත් අරගෙනද දන්නෙ නැහැ.. :)
ශ්‍රීපාදයේ යන්න ඉන්න කෙනෙක් නොවරදාවම එතැන බලන්න.. ඒක හරි වටිනවා.. මට 2පාරක් ගිහිල්ලත් බලා ගන්න බැරි උන එක නම් හරිම අපරාදයක් :-/
ඉතිං එතැනින් පහලට ඇවිත් අපි නැවතත් පල්ලම් බහින්න උනා.. යනවා යනවා යනවා.. හරිම හෙමින්.. එක අතකින් හෙමින් යන එකත් හොදයි.. මොකද අපෙ අම්මට පඩි බහින්න හරියට අමාරු උනා.. ටිකක් පහලට බැහැලා බලද්දි තමා වැඩෙ තෙරුනේ..
නගින පැත්තෙ එකට 3-4 දෙනා.. බහින පැත්තෙ අයට ඉඩ නැහැ.. ඉතිං උඩ මිනිස්සු බහින්න ප්‍රමාද වෙනවා කියන්නෙ අරගොල්ලා නගින්න හිටගෙන ඉන්න එපැයි.. 3-4 දෙනෙක් මෝඩ වැඩ කලාම.. අනික් අයත් ඒකට පට් ගාලා අනුවර්තණය වෙනවා.. අනේ මංදා ලංකාවෙ උන්දැලාගෙ හැටිය.. කොච්චර කිවත් කවුරුවත් තෙරුම් ගත්තෙ නැ.. එත් ඔය සීතලේ ගුලිවෙලා හිටය කපල් වලට නම් ලොකු පල්ලම ඒක.. හික් හික් .. :D
තව තැනකදි අපි පඩි ටිකක් පලල් තැනක් බලලා එක්කෙනා එක්කෙනා උඩට වෙන්න පඩි පෙලෙ වාඩි උනා අමාරුම නිසා.. කාලකන්න පොලිස්කාරයො දෙන්නෙක් ඇවිල්ලා කැ ගහන්න ගත්තා.. ඔතනින් නැගිටනවා.. ඔතැන හිටියාම අනික් මිනිස්සු යන්නෙ කොහොමද කියලා.. තිරිසන්නු..!!
අපි පාංදර 5.30 ට විතර වගේ ඉරසේවයත් බලාකියා ගත්තා.. අපේ නඩේ අනික් අය උඩට නැගලා .. රෑම බැහැගෙන.. එහෙම යන ගමනේ තෙරුමක් නැ.. කොහොම හරි අපේ ගෙදර අයයි බාප්පලාගෙ ගෙදර අයයි තමා ඉරසේවය දැක්කෙ.. අනික් අය දැකලා තිබ්බෙ නැහැ...
බස් එකට ඇවිල්ලා බැලුවාම අර නැන්දයි දූයි ඉන්නවා.. ඒ නැන්දාගෙ දූට උඩදි බඩගින්නක් ඇවිල්ලා.. ඉතිං අතේ සතයක් වත් තිබිලා නැහැ.. (හරිම දුප්පත මිනිස්සු දළුකඩලා තමා ජිවත් වෙන්නෙ.. මනුස්සයත් දාලා ගිහිල්ලා)
ඉතිං අර දූ අඩනවාලු අනේ මගේ අම්මෙ මට වතුර ටිකක් හරි අරන් දෙන්න කියලා.. ඉතිං මේ නැන්දා කඩේකට ගිහින් වතුර ටිකක් ඉල්ලලා.. කඩේ උන් වතුර දෙන්න බැහැ කියලා.. ඒකටත් සල්ලි ඉල්ලලා..
මේ මිනිස්සුන්ගෙ මනුස්සකම් වලට මොනා වෙලාද?
අර නැන්දා අඩ අඩ දූවත් වඩාගෙන පහලට බැහැලා.. බස් එකට ඇවිල්ලා තමා වතුර දීලා තියෙන්නෙ..
මට ඔය කතාව කියද්දිත් හිත මොකදෝ වෙලා ගියා.. එත් අර තිරිසන් මිනිස්සුන්ට එහෙම හැගීමක් ආපු නැති එක ගැනයි පුදුමේ.. උන්ගෙ හිත් ගල්වෙලා සීතලට..
මේ හැම දේකින්ම මට එක දෙයයි තෙරුනේ.. චූටිම චූටි කඩදාසි කැල්ලක් පස්සෙ මිනිස්සු දුවන දිවිල්ල.. කවදාවත් හතිවැටෙන්නෙ නම් නැ.. අන්තිමේ මැරුනාම අරන් යන්න දේකුත් නැහැ.. !!
................
කතාව දිග වැඩී.. ගන්න යමක් ඇති කියලා හිතනවා...
සිරිපාදෙ ගැන කලින් පාරක් ලියලා ඒකට තාම බැනුම් අහනවා.. මේ පාර කුණුහරුප තිබ්බොත් නම් ඒවා ඩිලිට් කරනවා :)
සසර කලකිරුනු මම
ද බනී...
..