Friday, February 3, 2012

අල වුනු හීන වලට විසදුම්

පොඩි කාලෙ ඉදන්ම අපිට හීන තියෙනවා.. වැසිකිලි බරක් තරම් උසට..ගාල්ලෙ ඉදන් අනුරාදපුරෙ වගෙ දුර ගමනක් යද්ද බස් එකේදි වැසිකිලි බරක් අවොත් දැනෙන සනීපෙ ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නැනෙ..ඉතිං ඔය හැම දේකටම වඩා වැසිකිලි බර උසයි..!! මහ මෙරටත් වඩා :D

මේ ලගදි දවසක මොංටිසෝරි කොන්සර්ට් එකක විඩියො එකක් බැලුවා.. බැලුවා කියන්නෙ PC එකෙ දාලා පෙන්නන්න උනා.. 
ඕක අම්මලා තාත්තලාට හරි වැදගත් උනාට මට නම් නිකං කහනවා වගෙ ඔක බලන්න.. මං ඉතිං අහක බලං උන්නා.. මෙන්න පොඩි එකෙක් කතා කරනවා.. අවසානයෙ කියනවා.. එයාගෙ හීරෝ බැට් මැන් කියලා...
මට බකස් ගාලා හිනා ගියා..  අපෙ ගෙදර ඔක්කොම මට එරෙව්වා.. මං මොනා කරන්නද හිනා ගියාට..
සමහර විට ඒ පොඩි එකා බැට් මැන් කියන්නෙ මොකාද කියලවත් දන්නවද දන්නැ..ටිච කියන දේ කරන්න එපැයැ.. මට මතකයි අපි නම් ඉස්සර මොන්ටිසොරියෙ වැඩ කරන්නෙ ටිච දෙන රයිට් එකට වඩා ටිචගෙ උම්මා එකට :D ඕං ඉතිං කියයි පොඩි කාලෙත් වල් කම කියලා.. ඔවා ඉතිං නොතෙරෙන කමටනෙ.. :D

මාතෘකාවෙ හැටියට මේක නෙවෙ කතාව.. මේක ඇවිල්ලා අපෙ ප්‍රසිඩන්ට් මාමා ලංකාවාසීංට දීපු හීන හා අලවුනු හීන වලට විකල්ප..!!
ඔය අතරින් ටිකක් වැඩිපුර කතා කරපු අපි දැකපු දේවල් ගැන කතා කරමු.


01 හම්බන්තොට වරාය
       ඕකට වරාය කිවාට.. තාම නැවු අවෙ නැනෙ හරියකට.. ඉතිං මං යෝජනා කරන්නෙ ඒ පැත්තෙ කොල්ලො කුරුට්ටන්ට.. බල්ටි ගහලා වතුරට පනින්න.. තව නානාප්‍රකාරයෙ ජල ක්‍රීඩා කරන්න, හංස බොට්ටු පදින්න.. ඔය වගෙ එක එක දෙවල් දාලා ආසියාවෙ ලොකුම ස්විමිං පූල් එක කරමු කියලා.

02 රංමිණිතැන්න ටෙලිසිනමා ගම්මානය
        ඇත්තටම මේකෙ අපෙ ලංකාවෙ නලුනිලියො ටික දැම්මොත් උංගෙ තියෙන සුදත් ගිහිල්ලා අන්තිමට කරන්න වෙන්නෙ අප්‍රිකාවෙ වගේ ගොත්‍රික ජාතින් ඉන්න ෆිල්ම් විතරයි.. ඉතිං මං යෝජනවා කරනවා ඕකෙ ෆිල්ම් කරන එක නවත්තලා.. පිට රට ඉන්න සුද්දො සුද්දියන්ට අවුව තපින්න තැන් හදලා දෙමු කියලා..! ඇයි 7 දෙයියනෙ උං මුහුදු අයිනෙ ඉදන් කොයි තරම් දුකක් විදිනවද හම කලුකරගන්න
පොඩි ටිකට් එකක් කැඩුවාම ඕකට ගිය වියදම කවර් කරගත්තැහැකිනේ..

03 වීරවිල ගුවන් තොටුපොල
       ඔය හියිවෙ එකෙ රේස් පදින ලොකු මහත්තුරුයි සාමාන්‍ය පාරෙ බෙල්ල කඩා ගන්න දගලන අපි වගේ හිච්චි කොල්ලන්ටයි තියෙන ලොකු අඩුපාඩුවක් තමා, තියෙන විසෙ ඇරගන්න කාර් ට්‍රැක් එකක් නැති වෙච්චි එක.. ඉතිං මං කියන්නෙ ප්ලේන් පාර්ක් කරන්න කටුනායක තියෙන නිසා.. ඕකෙ කාර් ට්‍රැක් එකක් හැදුවා නම් හරිනෙ පොඩි පොඩි වැඩ කැලි දාලා අතල් එකක් ගන්න.. එතැකොට පාරෙ වෙන අනතුරුත් අඩු වෙලා අනික් මිනිස්සුන්ටත් කරදරයක් නැනෙ.. ඔය නාමල් අංකල්ගෙ රෙස් වලට කොළඹ ටවුම හිරකරන්න ඔනෙත් නැනෙ..

04 ක්‍රිකට් ක්‍රීඩාංගනය
      ඕකෙ ක්‍රිකට් ගැහැව්වොත් අපෙ ක්‍රිකට් ටීම් එක එතැනම කරවල වෙනවා.. එක නිසා මම යොජනා කරන්නෙ මහා පරිමාන කරවලා වේළනා ගාරයක් හදමු කියලා.
"kingපක්ශ පිරිසිදු කරවල"

05 නොරොච්චොල් ගල් අගුරු බලාගාරය
     (මුලින්ම මේකට දෙයක් හිතුනෙ නැ.. ඔන්න ආයෙ කල්පනා කරාම හරිනේ..)
මෙකෙන් කරන්න තියෙන්නෙ රටෙ ඔක්කොම කුණු ටික ගිහින් දානවා ඔතැනට.. පස්සෙ ගල් අගුරු වෙනුවට ප්ලාස්ටික් කැලි කඩ දාසි හැම මගුලම දාලා ගිනිතියනවා. අනික් පැත්තෙන් විදුලිය ගන්නවා.. කුණුත් පිච්චෙනවා.. විදුලියත් ලැබෙනවා.. සිම්පල් ප්ලැන් එකක්

06 මිහිං ලංකා
    මේකෙන් කරන්න වෙන්නෙ ලංකාවෙ හරි පිට රට හරි උංට රටවටෙ ට්‍රිප් එකක් දාලා එන්න චැන්ස් එකක් දෙන එක තමා.. තව මේකට හෙලිකොප්ටර් 2-3 ක් අරං සුදු පාට කරලා.. සුදු වැන් වෙනුවට රෙන්ට් කරන්නත් හැකිනෙ ? නැද්ද මං අහන්නෙ?

අනේ මංදා තව එව්වා ඇති මතක් වෙන්නෙත් නැ.. ඔය කමෙන්ට් එකකිං ලියලා යන්නකො එහෙම මතක් උනොත්.. මං මේක අප්ඩෙට් කරන්නම්..

ඉතිං මං කියන්නෙ.. ජනාදිපති මාමට ආයෙ ඔහොම හීන දෙන්න කලිං.. ඕක හරියටම ප්ලැන් කරලා.. ගන්න පුලුවන් තරම් හැම තැනින්ම ආදාර අරං ඔය කරන මගුලක් කරන්න.. ඊලගට හදලා ඉවර වෙලා අපිව සර්ප්‍රයිස් කරන්න වගේ "ටරා" ගාලා ඔපන් කරන්න.. 
අපිට උනත් එතැකොට තමා කික් එකක් එන්නෙ.. නැද්ද මං අහන්නෙ ?


පාලී: මාව උස්සන්න සුදු වැන් නම් එවන්න එපා.. මැරෙන්න කලිං ආසාවක් තියෙනවා හෙලිකොප්ටරෙක යන්න.. එක නිසා අරමිහිං ලංකා සුදු හෙලිකොප්ටර් ප්‍රජෙක්ට් එක පටන් ගෙන ඒකෙ මුල්ම මගියා විදියට මාව ගන්න..

එහෙනම් ජය  වේවා..!!

 ද බනී..

19 comments:

  1. හක් හක් අලේ අප්පේ මේ බනියටත් හිතෙන දේවල්.... එහෙනම් නිදහස් දවස දෙයියනේ කියලා සුදු ඔය මොකක් හරි එකක ගියැහැකි

    ReplyDelete
  2. ඇත්තටම අර නොරොච්චෝලෙයි බලා‍ගාරෙං මොකක්ද කරන්න පුලුවං.

    ReplyDelete
  3. ද බනී
    මේක දැක්කම හිතුනේ ද කුණු කකුල පෙරට තිබ්බා වගේ
    ද බනිනවා කියලා :p

    හැබෑටම උඹව පත් කලානම් හරි ජාතික සම්පත් කළමණාකරන අමාත්‍ය විදියට.. සුපිරි රටක් කොල්ලන්ට දෙන්න තිබ්බා..

    4WD කරන්න තැනක් නැද්ද ඕකේ..

    කදු නගින අයට කුළුණු හදල දෙන්නත් අදහස් තියේනේ.

    අනිත අර මොන්ටිසෝරි කොන්සෙට් එක නෙළුම් පොකුනෙ තියතෑකි
    රටේ සියළුම ප්‍රසංග ඒකේ තියන්න කියල නීතියක් දැම්මනම් ඇති.. හිමින්ද අදායම..

    තව... දැනට ඔය ඇති බං

    ReplyDelete
  4. ඇයි තව තියනවා. හදන්න ඉන්න නෙළුම් කුළුණ (නම ඒකද කොහෙද හරියට මතන නෑ). ඕකේ ඔය කියන තරම් දේවල් හදන කොට නම් බනියාගේ දරුවොත් ආච්චිලා සීයලා වෙලා ඉඳියි. ඒත් ෂුවර් නෑනෙ. ඒක හින්දා ඕකෙ උඩටම යන්න පඩිපෙලක් විතරක් හදලා. දකුණු ආසියාවේ ලොකුම කුළුණ කලානම් හරි. උඩට යන්න ඕනි අයට ටිකට් එකකුත් ගැහුවනම් කීයක් හරි හොයාගන්නත් පුළුවන්නෙ.

    ReplyDelete
    Replies
    1. කියන්ඩ අමතක වුණා. ඕනිම නම් ඉතින් දිවි නහගන්නත් බැරියැ, රටේ සංවර්ධනේ දරාගන්න බැරුව.

      Delete
  5. අද නිදහස් දවසේ මූ කියන කතා...

    ReplyDelete
  6. නෙදකින් මූ වගේ දේශ්ද්‍රෝහී ජඩ බනියෙක්.. අපි නම් දන්නෙ නෑ දේශ්ප්‍රේමීන්ට ඔහොම හිතුනොත්..

    රන්මිණිතැන්න කියලා එකක් නෑ බං..ඒක රන්මිහිතැන්න..මිහි කෑල්ල කොහෙට හරි ඔබ්බන්න ඕනනෙ..

    නෝරොච්චෝලෙ ගැහුවෙත් ගොන්ම ප්ලේස් එකක..ත්‍රිකුණාමලයට ගේන ගල් අඟුරු ඇදපන්කො පුත්තලමට විදුලිය ගන්න..ඊට වඩා හොඳ නැද්ද ඕක නැගෙනහිරම ගැහුවනම්..

    උඹට මොරගහකන්ද අමතක වෙලා..ඒකටත් මොකක් හරි සෙට් කරපන් නැත්නම් අපරාදෙනෙ..

    නෙළුම් කුළුණ නම් ප්‍රයෝජනයට ගන්න පුලුවන් ආශ්චර්‍යෙන් මත්වෙලා උඩින් පැනලා සියදිවි හානිකරගන්න..

    හයිවේ එකේ නම් අවුලක් නෑ මට පේන හැටියට නම්..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් හයිවේ එක නම් ගොඩේ ගොඩ. ලංකාවට සල්ලි එන්නෙ පොට්ටනි පිටින්ලු. හයිවේ එකෙන්ම සිරි ලංකාව රන් කරන්නලු අයිඩියා එක. බැරි නෑ. මොකද හයිවේ එකෙන් ගොඩක්ම එන්නේ චීනෙ සල්ලි හින්දා.

      Delete
  7. මරු විකල්ප ටික.

    ඔය පොඩි කාලෙ ටීචර්ල උම්ම දෙන්නෙ වසවර්තියන්ට. උම්ම එක නැත්තං උන් මෙලෝ වැඩක් කරන්නෙ නෑනෙ. ඒ අතිං ටීචර්ලත් අණ්ඩපාලයො. හැබැයි ඔය උම්ම දීමෙ රියල් තේරුම ඉගෙනගන්නෙ දේසපාලුවො විතරයි...

    ReplyDelete
  8. අඩේ බනියෝ මේ වගේ කතා කියලා.....රාජපස්ස ආණ්ඩුවෙන් උඹව අතුරුදහන් කොරයි.....

    ReplyDelete
  9. නෙළුම් පොකුණ සහ නෙළුම් කුළුන ගැන කියන්න තව කල් වැඩි වගේ... :PP
    100% ක් එකඟයි බනියගේ විකල්ප සමග.. ;)

    ReplyDelete
  10. බනීගේ දවසේ මෙව්වා එක.

    ReplyDelete
  11. අදමයි ආවේ. මම හිතන් හිටියේ bunny කියන්නේ කෙල්ලෙක් කියලනේ.
    යෝජනා ටික නියමයි. හොඳ පබ්ලිසිටියක් දුන්නනම් අර අන්තිම ආසාව ඉක්මනින් ඉෂ්ට කරගන්න පුළුවන්.

    ReplyDelete
  12. පට්ට විකල්ප ටික . . . මොරගහකන්ද අමතක උනාද ???

    ReplyDelete
  13. මේ වගේ නව සංකල්ප කාරයෝ ඉන්නවනං මොනාද කරන්න බැරි.

    මගේ යාලුවෙක් මේ ලගදි විසිට් වීසා හදාගෙන සිංගප්පුරු ගියා හොරෙන් රස්සාවක් කරන්න. පස්සෙ මාසෙන් ආවා කේස් වෙලා. පොර මාව හම්බෙලා මුලින්ම කිව්වෙ මේක සිංගප්පුරුවක් කරනවා කියලා නේද බං කිව්වෙ කියලා.......

    ReplyDelete
  14. උඔ ඡන්දෙ ඉල්ලුවෙත් නරකද බං?
    ජෙරම්

    ReplyDelete
  15. හික් හික්....දවසේ කතාව...!!! අල නෙමේ එල !!!

    ReplyDelete
  16. හිකිස්...පස්ටයි ඈ...නෙළුම් පොකුනත් ඔය කොහෙටහරි ඔබන්න...:D

    ReplyDelete
  17. ඔබතුමා මෙතන බ්ලොග් ලිය ලිය මොනවා කරනවාද මන්දා. ඔබතුමා ඉන්න ඕනේ ජනාධිපති උපදේශක මණ්ඩලයේ :))

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.