Monday, January 9, 2012

තාත්තියා.. ඔයාට අද බයෝ ක්ලාස් නේද ?

මිනිස්සු හැටියට අපිට ආදරෙ ඔනිනේ නේද ? ඉතිං ඔය ආදරෙ ප්‍රකාශ කරන්න, පෙන්නන්න මිනිස්සු 1ක 1ක ක්‍රම යොදා ගන්නවානේ.. අද කතා දෙක ඔය ආදරෙ පෙන්නන්න භාවිතා කරන වචන සම්බන්දව..

මම නුවර ඉදං ඇවිල්ලා ගාල්ලට එන්න කොළඹින් බස් එකක් ගන්න යනකොට දැක්කා අකුරැස්ස කොළඹ A/C බස් එකක්.. ලේසියෙන්ම ගේ ගාවින් බැහැ ගන්න පුලුවන් නිසාත්, සෙනග අඩු නිසාත්, බස් දෙකක චාටර් කන්න ඔනි නැති නිසාත්.. ඩික් ගාලා ගිහින් වාඩි උනා..
         බස් එක නම් ඒ හැටි නරකක් නැ.. ටීවි එකකුත් තිබ්බා හැබැයි වැඩ කරන පාටක් නම් නැ.. ඔනි මගුලක් කියලා මාත් හෙඩ් සෙට් එක ගහගෙන සිංදුවක් අහන්න හදන කොටම ස්වීට් කෙල්ලෙක් ඇවිල්ලා වාඩි උනා මගේ ශීට් එකට අල්ලපු ශීට් එකෙ.. (අපි කලුයිනේ)
අෆෝ ටික වෙලාවක් යද්දි තමා මීටර් උනේ.. මෙයා ගිය ආත්මෙ ලවුඩ්ස්පිකර්, බෆල් රෙන්ට් කරපු කෙනෙක් හරි පිනට දීපු කෙනෙක් හරි විත්තිය..
මගේ හෙඩ් සෙට් එක කැලේ.. මරු වොයිස් එක.. අපේ පංසලේ අලි ඝාංඨාරේ පරාදයි.. ටිකක් එහා මෙහා කැරකිලා මගේ පැත්ත බලලා කියනවා..

අයියායායායා.... මේ බස් එක අද්දන්නෙ කීයටද අයියායායායා...?
(අනෙ මගේ යෞවුවන කාලේ.. මගේ කන.. සික්..)

ආ කොමද දන්නැ නංගි, 5.45 වගේ වෙද්දි යාවී..

වෙලාවට ලාවට හිනා වෙලා මොකක්දෝ මල්ලෙන් ඇදලා ගත්තා.. කෙලියා තාප්පෙටම හැන්ඩ් ෆොන් එකක්.. එන පොට නම් හොද නැ.. මල් කැඩිල්ලක් වගේ.. මම තව ටිකක් හෙඩ් සෙට් එක තදකර ගත්තා..

වයධම්මා සංඛාරා කිවාලු, අරකිගේ සුඛිත මුදිත කංකලු මිහිරි ස්වරයෙන් මගේ කන පිනා යන්න වැඩි වෙලා ගියේ නැ..

මං කිවානේ.. මං මේ බස් එකේ ඉන්නෙ..
ඔයාට විශ්වාශ නැත්නම් මට කරන්න දෙයක් නැ..
ආආආ..
බ්ලා බ්ලා බ්ලා... 
අනේ මහත්තයෝ මාව අමාරුවේ නම් දාන්න එපා..
මට බැ තනියෙම එන්න.. අනේ හරියටම ඇවිල්ලා ඉන්න හොදේ..
ආ පොඩ්ඩක් ඉන්නවාකො..

මෙන්න මට කවුද අනිනවා.. මං හැරිලා බැලුවා.. අෆ්ෆට සිරි.. අර ලවුඩ්ස්පීකරේ.. මම් ඔලුවෙන් මොකද ඇහුවා..

අනී අයියායායායා.. මේ ෆොන් එක කොන්දා අයියාට දෙන්නකෝඕඕඔ...

නොදොකිං අම්මපා මෙහෙමත් වදයක්..
මං අරූ බොහොම අමාරුවෙන් හොයලා ෆොන් එක දුන්නා.. සිකේ මෙහෙමත් වදයක්.. ඌත් මොනාදෝ මොනාදෝ කියලා ෆොන් එක දුන්නා. මං ආයෙ අර ලවුඩ්ස්පිකරේට ෆොන් එක දුන්නා..

ආ දැන් හරිනේ ? දැන් විශ්වාශයිනෙ මම් බස් එකේ ඉන්නෙ කියලා ??

තව මොනාදෝ මොනාදෝ කිවා මට මතකත් නැ..පුදුම කටේ සද්දයක්.. එතැන හිටපු ආච්චිටත් බකස් ගාලා හිනා ගියා.. මම් බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් උන්නෙ..
        මං හිතන්නෙ ඒ කෙල්ලගෙ අයියා කතා කලේ.. කෙල්ල කිවාට ඇන්ටි ටයිප්.. ගාල්ල කිට්ටු වෙද්දි එතැන හිටිය කොල්ලො දෙන්නත් එක්ක කදේ දාගෙන උන්නෙ.. අනේ මංදා මේ කෙල්ලන්ට මොනා වෙලාදෝ කියලා..

ඒ කරදරෙන් ඉවර වෙලා ආයෙ මගේ සිංදුව අහන්න හද්දි මට ලාවට ඇහෙනවා පිටි පස්සෙන්.. මෙහෙම

නෝනේ..
පාලුයි ?
මං කතාකරනවානෙ අම්මා..
වැඩි කල් ඔහොම ඉන්න දෙන්නැ රත්තරං..
...
ඉතිං කියන්න අම්මා
මේකෙ සල්ලිත් කැපෙනවානේ..
ආ තමුසෙ හිතන්නෙ මං කොළඹ ඉදං වෙන ගෑණු එක්ක යනවා කියලද ?
තමුසෙ හිතන්න එපා මං එහෙම මිනිහෙක් කියලා..
නැ අම්මා මං තමුසෙ ගැන විතරයි හිතන්නෙ. . .
ඉතිං මොනා හරි කියන්න අම්මා..
කතා කරන්න බැරි නම් තියන්න
...
ටික වෙලාවක් යන කම් සද්ද නැ.. මං හිතන්නෙ කට් කරන්න ඇති..
ආයෙ සිංදුව අහන්න හදනකොටම..

තරහද අම්මා ?
මං හිතුවා තරහ උනයි කියලා
මට තමුසෙ ගැන විතරමයි හිතෙන්නෙ..
මං ඉක්මනට තමුසෙ ලගට එන්න වැඩ පිලිවෙලක් යොදලයි තියෙන්නෙ
ලොක්කා කිවා එහෙම හදලා දෙන්නම් කියලා.. බය නැතිව ඉන්න අම්මා..
මං තියන්නම් එහෙනම්.. ජේසු පිහිටයි..

ඕක මේ km බර ගානක් දුර කතාවක්.. කෙටියෙන්ම කීවේ..

තව අපි ගොඩක් කට්ටිය අහලා තියෙන කතාවක් තමා මේක
............
ඔන්න පිටිසර ගමක කොල්ලෙකුයි, තවත් පිටිසර ගමක කොල්ලෙකුයි දැකලා දැන හදුන ගත්තාලු.. ටිකක් වෙලා යද්දි කෙල්ලත් කතා නැලු..කොල්ලත් කතා නෑලු
බැරිම තැන කෙල්ලා ඇහුවාලු..

ඇයි අයියා දොඩං නැත්තෙ ?

කොල්ලා කියාපි..

අවාරෙනේ නංගී.. කියලා
.............

මේක වෙලා තිබ්බෙ නුවර පැත්තෙ ක්ලාස් එකක.. මේ ගැණු ළමයට හොදට සිංහල ලියන්න පුලුවන් උනාට බ්ලොග් එකක් ලියන්න පුදුම කම්මැලි කමක් තියෙන්නෙ.. :D
ඉතිං මට කිවා මේක මගේ බ්ලොග් එකේ ලියන්න කියලා..

ඒ විශන් එකේ ක්ලාස්
ඔන්න අපි පහලට ගියා අත හෝදන්න
ඉතිං
ගර්ල් කෙනෙක් ෆෝන් එකෙන් කතාව
හයියෙන්
ආහ් තාත්ති කොහෙද ඉන්නේ
නෑ නෑ මම ක්ලාස් එකේ
විශන් එකේ අනේ...

ඔව් මේ කෑවා
"තාත්තියා ඔයාට අද බයෝ ක්ලාස් නේද"
හා පන හා මීට් වෙමු හවසට


...

එහෙනම් අද ඉදං මේ පොස්ට් එක ආදර්ශයට අරගෙන තමංගෙ ආදරණීය නෝනට, වෙන්ඩ වයිෆ්ට, ගැණුළමයට.. ආදරෙන් කතා කරන්න ඔනි හරිද :D

පාලී: කෙල්ලො නම් කොල්ලාට තාත්තී නොකීවට කමක් නැ :D



....

40 comments:

  1. හිකිස්,මරු මරු වචනනේ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මීට වඩා තියෙනවා තව :D

      Delete
  2. Replies
    1. මොකද හිනා වෙන්නෙ :D :P:P

      Delete
  3. අර දොඩං කතාවනම් අහල තියෙන්නේ වෙන විදියකට :P
    සිරා
    ආතල් කතා ටික

    ReplyDelete
  4. උඹට මාර සීන් ටිකක් මීටර් වෙලා තියෙනවා...

    ReplyDelete
  5. හි හි මරු ආ හාවන්ගේ කන් දිගායිලුනේ ඉතිං කොහොමෙයි ලවුඩ්ස්පීකරයෙන් වැඩේ ෂේප් කරන්නේ නේදෝ

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ අප්සට් එක. අපේ නයි අපිට ගහයිලු :D :D

      Delete
  6. ඊයා බං!තාත්තියා....වමනි යයි මට කවුරු හරි එහෙම කතා කලොත්!!

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්නෙපා ඕක තමා දැන් ඉට්ටයිල් එක :P

      Delete
  7. බනියත් අනුන්ගේ කතා වලටමනේ මීටරේ දාන්නේ...

    ReplyDelete
    Replies
    1. අනේ අපි නම් ඔය අනුන්ගෙ කතා අහන්නැනෙ.. ඇහුනා විතරනේ :P

      Delete
  8. බනියා උබට අරයා කිවුවේ මොනා කියලද

    ReplyDelete
  9. හපෝ..ටයිටල් එක දැක්කම මම හිතුවේ ඒ ලෙවල් කරන කොල්ලෙක්ට ළමයෙක්වත් හම්බු වෙලාද කියලා....හි හි...නියම කතා ටික

    ReplyDelete
  10. ඇයි අයියා දොඩං නැත්තෙ .....හික් හික් අඩෝ මමත් මාතර හරිය.......

    ReplyDelete
  11. දැන් බනියා කොහොමද කෙල්ලට කතා කරන්නෙ ළමයින්ගෙ අම්මා කියලද

    ReplyDelete
  12. හැක හැක..... තාත්තියා...
    නියම ආමන්ත්‍රනේ....
    අර කොල්ල ඉන්න තැනත් කතා කරන්නෙ එහෙමද දන්නෙ නෑ.

    ReplyDelete
  13. හික් හික් හික්
    අම්මියා තාත්තියා :ඩි

    ReplyDelete
  14. අන්තිම කතාව තමයි පට්ට.
    චිකේයියා.මේ බනියා අනුන්ගේ ඒවට හොම්බ ඔබන කැත.

    ReplyDelete
  15. හාවන්ගේ කන් දිග නිසා වෙන්න ඇති අර මධුර මනෝහර සද්දේ ටකරන් වෙලා ඇහුනේ :)

    ReplyDelete
  16. හිහ් හිහ් මම හිතුවෙ බයෝ උගන්නන ගුරුවරයෙකුට එයාගෙ දරුවෙක් කතා කරනව කියල ... අනෙ අපොයි සංසාරේ .... හිහි

    ReplyDelete
  17. ස්වීට් කෙල්ලෙක් ඇවිල්ලා වාඩි උනා මගේ ශීට් එකට අල්ලපු ශීට් එකෙ..

    ඒකයි මලේ රහස!

    ReplyDelete
  18. කන් දිග වල් හාවට ඕපදූපයක් තියනවා නම් වෙන මොකුත් ඕනෙ නෑ වගේ

    ReplyDelete
  19. හී හී.. උබටත් ආතල් ඉතින්

    ReplyDelete
  20. බනියා තොට අර ලවුස්පීකරේ වගේ ළඳක්ම සෙට් වෙන්න කියල මං ප්‍රාර්ථනා කරන්නෙ.

    ReplyDelete
  21. හක් හක් හක්... තාත්තියා.... පිස්සු කොර ඔයි....

    ReplyDelete
  22. ඔන්න පිටිසර ගමක කොල්ලෙකුයි, තවත් පිටිසර ගමක කොල්ලෙකුයි දැකලා දැන හදුන ගත්තාලු.. ටිකක් වෙලා යද්දි ....

    ඔවෑක් මේ මොන කතාද බොල කොල්ලෝ කොල්ලෝ? :O????

    ReplyDelete
  23. ෆුහ්.. වනේ වාසේ අනේ ‍කාලේ..

    ReplyDelete
  24. මිසිස් බනී කියන්නේ වල් හාවා කියලනේ.. ඉතින් අනිත් උන් ආදරෙන් කතා කර ගනිද්දි මේකට ඉරිසියාව......... :D

    ReplyDelete
  25. "ඩික් ගාලා ගිහින් වාඩි උනා.."
    කොහෙද ගෑවේ? ඇති ගුටි නොකා ආවා :P

    ReplyDelete
  26. ඇඩෙනවා තනි ඇහැට....

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.