මහ ලොකු දෙයක් කියන්න නැති උනත් සුනාමියෙන් මට තියෙන අත්දැකීම කියලා දාන්න හිතුනා.. ඒ ඔක්කොටම හේතුව පොඩි මෑන්ගෙ ලිපිය දැකලා ආපු අදහසට..
ඊයෙ ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වැනිදා තිබ්බ "ඊයේ" .. අපේ පවුලේ අයයි, අයියාගෙ පවුලේ අයයි ගොඩක් සතුටෙන් උන්න දවසක්.. නැදැයෝ රොත්තක් එක්කාසු උනාම එන සතුට කියන්න ඔනි නැනේ..
ඉතිං අපි ඔක්කෝමලා එදා රෑ සාකච්ජා කරලා තිබ්බෙ අද වගේ දවසක ඒ කියන්නෙ 2004 දෙසැම්බර් 26 වෙනිදට යන්න හිතාගෙන උන්නු ගමන ගැන, ඒ කොහෙවත් නෙවේ කලුතර බෝධිය වදින්න,
අයියා ගවයින් නිදහස් කරගැනීමේ පිංකමකට ආදාර කරලා තිබ්බා ඉතිං ඒ ආදාර කල අයට එදාට එන්න කියලා ලියුම් ඇවිල්ලා තිබ්බා.. ඉතිං ඔන්න ඕකට තමා අපි යන්න ලැස්ති උනේ..
කතා කරගත්තා වගේම පාංදර 4 ට විතර නැගිට්ටෙ 5 ට වත් ගෙදරින් පිටත් වෙන්න ඔනී කියලා හිතා ගෙන.. කවුරු කවුරුත් ලකලැහැස්ති වෙද්දි 5 කෑලිවත් නැ ඔක්කොම සෙට් කරගත්තාම 6.30 විතර වෙලා.. පරක්කු උණ එක පරක්කු උණානේ කියලා අපේ තාත්තත් ගිහිල්ලා පංසලට.. තාත්තාගේ මොන දේ කලේ නැතත් ලොකුම රාජකාරිය පෝය දාට ගිහිං පංසලේ අඩු පාඩු බලන එක.. ප්‍රදාණ දායක මහත්තයා විදියට තාත්තට ලොකු වගකීමක් බැදිලා තිබ්බා.. තාත්තා ඒක දේව කාරියක් විදියට සැලකුවේ.. කවුරු කවුරුත් තාත්තට බනින්න උන්නා ප්‍රමාදය නිසා.. කොහොම කොහොම හරි ගොඩක්ම පරක්කුයි..
මේං එනවා තාත්තා ඇවිල්ලා විස්තරේ කියන්නත් තව පැය භාගයක් විතර ගත්තා.. හයියෝ මාර කට්ටක් කාලා..
එදා සිල් ඇත්තන්ට උදේ දානේ නැහැලු, දෙන්න නියම වෙලා තිබ්බ කටටියටත් මොකක්දෝ කරදරයක් වෙලා.. ඉතිං තාත්තා කඩේට ගිහින් අඩුම කුඩුම ගෙනැල්ලා, අයේ උයන්න අය හොයාගෙන ගිහින්, ගමේ ඔය උයන පිහන වැඩ වලට දක්ශ කට්ටියක් උන්නා ගමේ කෙලවරටම.. ඒ අය හොයන්න ගියාම කුකුලෙක් කොටන්න ඇවිල්ල තාත්තට, එතැන තිබ්බ කූඩයකින් තාත්තා කුකුලා වහලා තමා අර ගෙදරට ගිහින් ඒ කට්ටිය එක්කාසු කරගෙන ඇවිල්ලා උයලා දානේ දෙන්න කියලා ඔක්කෝම හදලා තමා තාත්තා ගෙදර ඇවිල්ලා තියෙන්නෙ..
ඉතිං දැන් ඔක්කෝම හරි, ඔන්න මමයි අයියයි ලොකු අක්කයි, අයියාගෙ තව යාලුවෙකුයි 4 දෙනා කාර් එකට නැගලා ඉස්සර වෙලා ආවා, අනික් කට්ටිය වෑන් එකේ එන්න හිටියේ.. අපි කොහොම හරි ගෙදර ඉදං 3km විතර ආවා.. පාර අයිනේ ලොකූ බෝගහක් තියෙනවා, එතැනදිම මාතර බස් එකක් ලයිට් ගහලා අපිව නවත්තලා කැ ගැහුවා යන්න එපා යන්න එපා මුහුද ගොඩ ගලනවා කියලා..
අපි හිතුවේ බොරු කියලා.. මාතර බස් එකක් අපේ පාරේ යන්න විදියකුත් නැ, බස් එකේ මිනිස්සුත් කියනවා යන්න එපා යන්න එපා කියලා, කාර් එකේ A/C අඩු උනාද මංදා.. මට ඉහෙන් කනෙන් දාඩිය දාන්න ගත්තා.. කවදාවත් අහලා දැකලා තිබ්බ දෙයක්ද.. ? අපි දඩස් ගාලා බෝ ගහ ගාවින්ම හරවගෙන ආයෙ ගෙදර යන්න අවා.. අපි එන කොට ගෙදර අය අඩ අඩා ඉන්නවා, කෝල් ගන්නත් බෑ සිග්නල් නැති නිසා,
ඒ අයත් වාහනේ එළියට ගන්න හදන කොටම CEB එකේ කැබ් එකේ කට්ටියක් ඇවිල්ලා ගෙට්ටුව හරස් කරලා නවත්තලා කියලා යන්න එපා මුහුද ගොඩ ගලනවා කියලා, ඒ අයගේ කැබ් එකක් අතුරුදහන් වෙලා.. අර වොල්කි ටොල්කි එකට පනිවිඩ හෝ ගාලා එනවා.. මෙහෙන් ගහගෙන ගිහිල්ලයි අරහෙන් ගහගෙන ගිහිල්ලයි.. පනිවිඩ කෝටියියි..
කොහොම හරි අපි ඒ විදියට බේරුනා.. අර පාන්දර 5 ට ගමන යන්න පිටත් උනා නම්. අද මේක ලියන්න මම නැති වෙන්න පුලුවන්.. එදා දවසේ හරි අමුතු බාදක තොගයක් ආවා අපේ ගමනට..
මම් නම් හිතන්නෙ ඒ හැම දෙයක්ම ආගමානුකූලව ජීවත් වුනු නිසා වෙන්න ඇති..
එදා හවස අපේ ගමනට යන්න ආපු මාමලාගේ ගෙදර නැන්දයි එයාගෙ පුතයි ගිහින් දාන්න අපි ආවා උඩුගම තිබ්බ ගමකට.. එයාලා දාලා එන කොටම ලයිට් ගහගෙන ආපු වෑන් එකක් නවත්තලා තිබ්බ බස් එක අස්සෙන් ඉස්සර කලා.. ආපු වේගෙට අපේ වාහනේ දොරත් ගලවගෙන දඩෝං ගාලා හැප්පුනා.. ඒ වාහනේ පැත්තම ඉවරයි.. අපේ ඉස්සරහා මූණයි දොරයි තැලිලා ගිහින් තිබ්බා.. තාත්තාගෙ අතෙන් ලේ ගලනවා හෝ ගාලා.. අපේ මල්ලි ගොඩක් චූටියි.. එයා විලාප තියලා අඩනවා..
බැහැලා ගිහින් අපි කතා කලා.. මොකක්ද මනුස්සයෝ කලේ වැරැද්ද තමුන්ගේ නේද ? අපේ මාමා පොලීසියේ කියලා මතක් උනේ ඒ වෙලාවේ.. ඒ මනුස්සයා වෙව්ලනවා..
තාත්තා ලේ බෙරෙන අතත් එහෙන්ම තියාගෙන කතා කලා.. ඇයි කලබලෙන් දැම්මෙ ?
අනේ මහත්තයෝ අපේ නංගිගේ දරුවා නැති වෙලා.. වතුර පාරට අහු වෙලා.. මේ හිනිදුම ඉස්පිරිතාලේ ඉන්නවා කියලා ආරංචියක් ආවා ඒ හොයන්න යන ගමං..
ඉතිං මනුස්සයෝ තමංගේ නංගිගේ දරුවා වෙනුවෙන් තමන්ගෙ ජිවිතෙත් නැති කරගෙන අනුන්ගෙ ජිවිතත් නැති කරන්නද හදන්නෙ ? අපේ තාත්තා පුදුම අනුකම්පාවකිං කතා කලේ..
එදා හැමෝටම විපතක් වෙලා තිබ්බ නිසාත්,, ජීවිත ගොඩක් නැති උන නිසත් තාත්තා කැ ගහන්න බනින්න ගියේ නැහැ..
කොහොම කොහොම හරි ගොඩක් පරක්කු වෙලා ඉන්ශුවරන්ස් එකෙනුත් ඇවිත් පොලිසියෙනුත් ඇවිත් මනින වැඩ එහෙම කරලා අපි එන්න ආවා.. රෑ වෙලා. පොලිසියේ ටිවී එකේ සුනාමියේ විඩියෝ පෙන්නනවා.. අර ගාල්ලෙ මනුස්සයා වීඩියෝ කල එක ITN එකේ පතුරු ගහනවා..
අන්තිමේ පොලිසියෙන් අර මනුස්සයාට කිවා අපේ වාහනේ හදා ගන්න සල්ලි දෙන්න කියලා.. එහෙම දෙන්න උනා නම් පනස්දාහක් වත් දෙන්න වෙන වෙනවා.. තාත්තා කිවා.. හරි මේ කලබල ඉවර උනාම අපි ඒක මොනා හරි කරගම්මු.. ඔයා අපේ ගෙදර ඇවිල්ලා යන්න කියලා ඇඩ්රස් එක දුන්නා.. හැමොටම කරදරයක් උණ වෙලාව නිසා තාත්තා අනුකම්පා කරලා කියන්න ඇති..
ඒත් ගොඩක් කල් බැලුවා ඒ මනුස්සයා පලාතකවත් ආවෙ නෑ.. සල්ලි ගන්න බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ.. ආයෙ පොලිසී ගිහින් ඒ මනුස්සයා හොයන්න උනන්දු උනෙත් නැ.. ඉන්ශුවරන්ස් එකෙන් සල්ලි දීලා තිබ්බා වාහනෙ හදන්න..
27 වෙනිදා තමා එපාම කරපු දවස.. මිනිස්සු හෝ ගාලා එනවා ලෑලි හොයන්න
අනේ මහත්තෝ අපේ නෝනා නැති වෙලා.. බොඩි එක දෙන්න පෙට්ටියක් ඉල්ලනවා.. පෙට්ටි නෑ කොහෙවත්. ලෑලි ගෙනියන්න ආවා පෙට්ටියක් හදාගන්න..
ඔහොම 20 කට වැඩි පිරිසක් ආවා ලෑලි ගෙනියන්න.. ඒ එක්කෙනෙක්ගෙන් වත් සල්ලි ගන්නෙ නැතිව තාත්තා තිබ්බ තිබ්බ හැම ලෑලිකැලි හොය හොය දුන්නා..
ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ගෙ හිත් වල තිබ්බ දුක නැති කරන්න ගොඩක් වෙලා එක එක දේවල් කියලා හිත් හදන්න ගත්තා..
චූටි ළමයින්ට.. වයසක අයට.. තරුණ අයට.. එක එක සයිස් වලිං ලෑලි.. බොහොම කලකිරීමකිං දුකකිං අපි කරන්න පුලුවන් උදව් කලා..
පෙට්ටි නැති, අදුර ගන්න බැරි ගොඩක් අයගේ මිනී බැකෝ වලිං ලොකු වලවල් හාරලා සමූහ මිනී වලවල් වලට දාලා වහලා දාලා තිබ්බා...
දවස් ගානක් යන කම් කරන්ට් එක තිබ්බෙ නැ.. අයියලාගෙ ගෙදර අය පිටත් කෙරෙව්වා.. අයියයි අක්කයි දවස් 2-3 ක් ඉන්න නැවතුනා අපේ ගෙදර.. ඒ අයත් කොළඹ පාරින් යන්න බැරි නිසා ගොඩක් ලොකු රවුමක් ගහගෙන ගිහින් තිබුනේ.. යන කොට පංසලක් තිබිලා ඒකෙ අනාත වෙච්චි අය හුගක් උන්නාලු.. අක්කාගෙයි අයියාගෙයි බෑග් වල තිබ්බ හැම ඇදුමක්ම ඒ අයට බෙදලා දීලා තිබ්බා...
ඉතිං ඔන්න ඕවා තමා මගේ මතක සටහං.. ගොඩක් අයට සුනාමිය අමතක වෙලා ගිහින් ඇති.. ඒත් මගේ හිතේ තාමත් ඒවා චිත්‍රයක් වගේ ඇදිලා තියෙනවා...
bunny.෴