Thursday, November 10, 2011

පොඩි උනාට දඟ නෑ පැටියෝ..

මේකත් මේ ඉස්කොලෙ යන කාලේ ගත්ත ෆන් එකක් තමා.. :D කතාවක් කිවාට 2 ක්ම.. 

මුලින්ම මේක උනේ අපි 6 වසරෙදි විතර.. අපේ ඉස්කොලෙට කොහෙදො ඉදන් ආවා එකෙක් දිනුක කියලා.. මූ ටිකක් අර ලැජ්ජා අදික අමුතුම ඩයල් එකක්.. බයිට් වෙන එකෙත් සීමාවක් නැ.. හැබැයි මියුසික් වලට නම් උපං හපනෙක්.. ඒ කාලෙ iraj ගේ සිංදු එහෙම ගෙදරදි පුරුදු වෙලා ඇවිල්ලා ඉස්කොලෙද මූ ප්ලේ කරනවා.. මං හිතන්නෙ අපේ සංගීත මිස්ටවත් බෑ ඒ හැටි හොදට ඕගන් ප්ලේ කරන්න.. මුල්ම සීං එක උනේ ස්පොර්ට් මීට් දවස්වල..
  ඔන්න අපි ඉතිං අනම් මනම් ක්‍රීඩා ප්‍රැක්ටිස් කරන්න කියලා යනවා පිට්ටනියට.. ඔය කිවට මං නම් එක තරගයකටවත් යන්නැ :D මොකද මන් මිඩියා යුනිට් එකේ හිටපු එකෙක් නිසා.. ඔය දවසක් අපි පිට්ටනියෙ කැලේ පැත්තට වෙන්න එක එක හට් ගහගෙන ඉන්නවා පංති පංති.. ඒකත් හරි අපුරු කාලයක්. ඉතිං ඔන්න අපේ එකෙක් ඉන්නවා චතුරංග කියලා.. නාහෙට අහන්නැති එකෙක්.. ඌයි මායි තව 10 විතර සෙට් එකක් උන්නා.. ඔය දිනුකයා හිටියේ B එකේ.. අපි A එකෙනෙ.. අපි වටවෙලා ඉද්දි දිනුකයා අවා අපි ලගට.. ආ මචංලා ගාගෙන.. කවුරුත් නැති අතරෙ දෙන්නම් ජම්බු කියලා අපිත් ඌව සෙට් කරගත්තා.. මේං චතුරංගයා කියාපි අඩොව්.. මං අලුත් මැජික් එක්ක ඉගෙන ගත්තා බං.. පට්ට ආතල් හොදේ.. සිරාවට ? කියහංකො ඒ දිනුකයා.. හිටහං කියලා මූ පොතකිං කාඩ්බොඩ් කැල්ලක් වගේ මොකක්ද මගුලක් අරන් එකෙන් හැදුවා පුනිලයක්.. ඒ පාර කාගෙන්දො එකෙක්ගෙන් රු 2 කේ කාසියක් ඉල්ලගෙන.. කාටද පුලුවන් මේ ගොට්ට කලිසමේ ගහගෙන රු 2 නලලේ තියලා හරියටම ගොට්ටට දාන්න පුලුවන් ? එක එකා දැන් කරන්න දඟලනවා.. එකෙක්ට වත් බැ.. ඔන්න ඊලග වාරේ දිනුකයාගෙ..

ගත්තා ගොට්ට.. කලිසමේ සිපර් එකට උඩිං ගැහැව්වා දැන් ඔන්න නලල උඩින් තිබ්බා රු 2.. අෆොයි.. කොහෙන්දෝ දන්නැ පාත් උනා වතුර බෝතලයක්.. ඔක්කොම වතුර අර ගොට්ට ඇතුලේ.. :DDD

මට පවු කියලත් හිතුනා අරු අඬ අඬා අරුගෙ පස්සෙන් එලවනවා :D කෙල්ලො අතින් කට තදකරගෙන බක බක ගාලා හිනා වෙනවා :P

...

මේක උනෙත් 7 වසරෙදි ස්පොර්ට් මිට් එක දවසකමයි.. අරූට කොච්චර බයිට් කලත් මතක නැති එකා.. ඔහොම දවසක් ආයෙ ඌව අපි ඉන්න තැනකට අපු වෙලාවෙ.. එකෙක් කලිසමෙන් ඇදලා ගැලෙව්වෙ නැතැ මුගේ.. අර ඉලස්ටික් කලිසම් නිසා සිරිස් ගාලා ගැලවිලා ආවා :D ආයෙ ඔන්නැ සුවක් අවා ඒ වගෙම විලාපයක්.. මල මගුලයි.. මූ යටට මුකුත් ඇදලා නැනේ.. ඉස්සරහා කෙල්ලො සෙට් එකක් :D

මූ කෙලින්ම කලිසම උස්සගෙන ගිහින් නැවතුනේ විනය බාර සර් ගාව.. හැබැයි අපි එදා මදිනොකියන්න කැවා :-/

පාලි: මෙව්වා කියවලා ඉස්කොලෙ ගිහින් කරනවා එහෙම නෙවේ ඕං..!! (අනික දැන් කාලෙ උන් ඔව්වාට අහුවෙන්නෙත් නැ) :D

.. එහෙනම් අපි කැපුනා..
Pirate Bunny෴

..

19 comments:

  1. kata byta! :D

    paw bhn!

    kamak naa, podi kaalene! ela ela!
    mage sinhala valata keliya
    heta anidda hadaaganna oon!

    jaya veva!

    PiXZU MALiYA!

    ReplyDelete
  2. අෆොයි චතුරංග... :D

    ඔය වගේ බයිට් වෙන් උපන් හපන් එවුන් ඉන්නවා බං.. උදාහරණයක් විදියට ගමුකෝ උඹව.. උඹත් ‍ඒමනේ... බයිට් වෙනවා ඉවරයක් නැතිව..! :P

    ReplyDelete
  3. කර්මය සහ විපාකය...

    තෝ කල සහ අනුන්කරනවා බලං ඉදලා සතුටු උන එකට විපාකේ දැන් හම්බු වෙනවා නේද ලෙසටම..?

    තෝ බයිට් වෙනවා ඉවරයකුත් නැහැ... අහ් ඒ මදිවට අර කලිසමට වතුර දැම්ම එකේ රිටන් එකට තමා තොගේ අර ඇඳ තෙමිච්ච කේස් එක හැමෝම දැන ගත්තේ කියලත් මතක තියා ගනින් හරිද කොළුවෝ...

    ReplyDelete
  4. @චතුවා & මාරයා
    මං නම් ඕවා පිං පවු විදියට ගන්නැ.. ඔය වයසෙදි ගන්න ආතල් එකක් ගත්තෙ නැත්නම්.. ආයෙ කවදා ගන්නද.. අනික අපිට ලැබුන අත්දැකීම් ? එව්වා නැත්නම් අපිට අද මෙහෙම සමාජෙ ජිවත් වෙන්න වෙන්නැ.. !!
    අනික අද කාලේ ඉස්කොල වල වෙන දේවල් අහද්දි දකිද්දි.. අපි කරපු වැඩ කොච්චර නම් සුංදරද ඒ වගේම අහිංසක විහිලුද කියලා හිතෙන්නෙ..

    ReplyDelete
  5. පවු අප්ප අසරණය! :D

    ReplyDelete
  6. පුනීලෙ සීන් එක තමා සිරාම... කූල්වෙලා යන්න ඇති නේ...

    ReplyDelete
  7. හෆොයි පව් අප්පා...

    ReplyDelete
  8. හායි බනී...මොනාද අනේ සුං දර කියන්නෙ?

    ReplyDelete
  9. දිනුක= අනුශ්කද මංදා...

    ReplyDelete
  10. අර කොල්ල ඉතින් අලූතින් ආපු එකා හන්දා කට්ටිය බයිට් එකට අරං..

    ReplyDelete
  11. හික්ස්!වල් බනියටද දන්නේ නෑ සීන් එක උනේ වෙන එකෙක් ගේ එකවුන්ට එකකට බැර කලාට!

    ReplyDelete
  12. ඔය කිවට මං නම් එක තරගයකටවත් යන්නැ :D

    මොකෝ උඹට ක්‍රීඩා කරන්න ඔය ඉස්කෝල වල සූමෝ එහෙම තියෙන එකක්යැ නේ බන්.....................:D:D

    ReplyDelete
  13. පව් අප්පා... අර කෙල්ලො ටික තුෂ්නිම්භූත වෙලා බලා ඉන්න ඇති නේද?? කෑ ගහපු නිසා කොහොමත් බලන්න ඇති නේ.

    ReplyDelete
  14. ඕවාගෙ ප්‍රතිවිපාක තමා අද බනියා බුකියෙ උන්ට බයිට් වෙමින් විඳවන්නේ

    ReplyDelete
  15. මගෙ කලිසම ඉස්කෝලෙදි එකෙක් ඔය වගේ ඇදල ගැලෙවුව . . මම ඌම ඇවිල්ල අන්දනකං උගෙ නම කිය කිය . . මේං මූ මගෙ කලිසම ගැලෙවුවෝ කියල කෑ ගහ ගහ හිටිය . .

    ReplyDelete
  16. පව් හලෝ..... පව් එ කොල්ලා...

    ReplyDelete
  17. මෙච්චර කල් බැලුවට යකඩො අදනෙ මම මෙකට join උනෙ

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.