Thursday, November 3, 2011

චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්..

හැමදාම මගේ වාද බයිල අහන නිසා මං මේ නිකමට වගේ සිංදුවක් ගැන ලියන්න හිතුවා.. :D මං මේක තෝර ගත්තෙ මේකෙ තේරුමට වඩා රසවත් වගේම වැදගත් කතාවක් මේක තුල තියෙන නිසා.. ගොඩක්ම සරළ ගීතයක් නිසා ඔනිම කෙනෙක්ට සිංදුව දැක්ක ගමං තේරුම තෙරෙනවානේ..
මේකෙ ඇත්ත කතාව මේකයි..
එක එක විද්‍යාත්මක පරීක්ශණ වලින් ඔප්පු වෙලා තියෙනවා.. පොඩි ළමයින්ට බොරු කියලා නලවන එක අන්තිම නරක ප්‍රතිඵළ ගේන වැඩක් කියලා.. ඒත් අම්මලා තාත්තලා කොහොම හරි බලන්නෙ මර ලතෝනි දීලා අඩන එකා කොහොම හරි නිදිකරව ගන්නනේ :D නමුත් මහින්ද අල්ගම මහත්තයා මේක හරි අපූරු විදියට ගීතයකින් පැහැදිලි කරනවා.. පොඩි ළමයින්ට බොරු කියලා නලවන්න ගන්න මහන්සියට වඩා එක පාරින්ම ඇත්ත කියලා නලවන්න පුලුවන්..
      මට ඕකට ඇසින් දුටු සාක්ශියක් විදියට තියෙන්නෙ අපේ ලොකු අම්මාගෙ ලොකු පුතාගේ පුතා.. අවු 3 දි විතර වගේ මට මතකයි.. බෙහෙත් බොන්න අදි මදි කරනවා.. ලොකු අයියා අවා.. ලගට කතා කරලා කිවා පුතේ.. මේ බෙහෙත් හරිම තිත්තයි.. ඒත් ඔයාට සනීප වෙන්න නම් බොන්නම වෙනවා කියලා හරි ආදරයෙන් කිවා.. මෙන්න කොල්ලා දඩස් ගාලා ගිහින් ඉල්ලගෙන බෙහෙත් ටික බීවේ.. මං උඩ ගියා මේ මොකද උනේ කියලා.. :D
     ඒ වගේම තමා අපේ මල්ලිත්.. ඌට කියලා දෙයක් කරගන්න නම් ආදරෙන්ම කතා කරන්න ඔනි.. මෙහෙ වරෙන් යකෝ කිවොත්.. ජීවිතෙට කරන්නැ.. :D

හැබැයි මට තව අවුලක් තියෙනවා.. මේ සිංදුව ලියලා තියෙන්නෙ 1970 ගනන් වල වගේ.. ඒ කාලේ ඕක විද්‍යාත්මකව ඔප්පු උනා නම්.. ඇයි තාමත් අම්මලා තාත්තලා බොරු කියලා ළමයි නිදිකරවන්නෙ ? 


සිංදුව අහලා බලන්න.. හරි අපූරු සිංදුවක්.. 



චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්
දූ සනහන්නට කතා කියනවලු...
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ...

රන් තැටියට කිරි පැණි පුරවාගෙන
හදහාමී දූ බලන්න එනවලු...
දුවේ එපා ඒ කතා අහන්නට...
හඳහාමී කෙලෙසද මෙහි එන්නේ

කිරි මුට්ටිය නුඹෙ ඟගේ ගියාලූ
ඟගට උඩින් කිරි කොක්කු ගියාලූ...
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරිකර දෙන්නේ...
 
දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු...
ධීර දුවේ මා බිය නොම වන්නේ
සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ...

චන්ද්‍රමඩුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු...
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ...


පද රචනය - මහින්ද අල්ගම.
සංගීතය - නන්දා මාලිනී.

මොකද දන්නැ සිංදුවේ video එක මෙතැන දාන්න බැහැ.. ඒක නිසා මේ link එකෙන් ගිහින් බලන්න...




11 comments:

  1. පොඩි අය නිදිකරවන්න ගන්න වෙහෙස දන්නෙ අම්මලා විතරයි.කරේ තියාගන ඇවිදලා ඇවිදලා එපා වෙනව.ඔයා දවසක මම් කියනවට අක්කගෙ බබා අරන් නිදිකරවන්න ට්‍රයි එකක් දීලා බලන්න.බොරු කියල හරීයාලව නිදි කරවනව ඉතින්.ඒත් හදමාමාගෙ කතා.අම්බිලිමාමාට එයාල ගොඩක් ආසයි,ඒ කතා අහන්න.

    ReplyDelete
  2. ලස්සන සින්දුවක්! කොහොම උනත් දැන් කාලේ පොඩි වුන් මොනා කියලවත් රවට්ටන්න බෑ...

    ReplyDelete
  3. හ්ම්.... මං ඔය සින්දුව කොච්චර අහලා තියෙනවද. ඒත් තේරුම ගැන හිතුනේ නෑ නෙ. බනියා දක්ශයානෙ.

    ඇත්තටම ලමයි නලවන එකනම් මහම අමාරුයි.මගේ නෑදෑ නංගිලා මල්ලිලා නලවලා තියෙනවානෙ. අපොයි බෑගිරි දීලා අඩන්න ගත්තාම බොරු කියලා වුනත් නලවගන්න බෑ.

    ReplyDelete
  4. මාත් ආසම සින්දුවක්. අහනකොට කඳුළු එනවා අම්මගේ ආදරේ මතක් වෙන නිසා.

    @නදී & නිසුපා
    මම හිතන්නේ මෙතන සින්දුවේ තියෙන්නේ යටි තේරුමක්. ළමය නළවන්න සුරංගනා කතා කියන්න එපා කියන එකම නෙවෙයි :)

    මන්දා මට මේක ඇහෙනකොට දැනෙන්නේ... සරුව පිත්තල ලෝකෙක, සීනි බෝල වීරයෝ, හීන මාලිගා වල සුරංගනාවියෝ - ඒ ව නෙවෙයි අම්මගේ ආදරේ තමයි තියෙන සත්‍යය. මතුපිටින් ලස්සනට පෙනුනට ඒ දේවල් නෙවෙයි ඇත්ත. තාත්තාගේ දහදිය බින්දුවක, අම්මගේ කඳුළු බින්දුවක ලියවිලා තියෙන දේ තමයි යතාර්ථය. අර සුරංගනා කතා වලට වඩා ඒ ආදරේ සුන්දරයි.
    පොඩි දේශපාලන තීම් එකකුත් දැනෙනවා වගේ...අනේ මන්ද මට මේ සින්දුව දැනෙන්නේ ඔහොමයි!

    ReplyDelete
  5. @අමා ඔයාගෙ කතාව හරි.. මටත් ඕක මුලින්ම දැනුනේ ඔය විදියට.. ගිතයෙන් ඒක තමා කෙලින්ම පේන්නෙ.. නමුත් ඕක ලියපු මහින්ද අල්ගම මහත්තයාට සම්පුර්ණයෙන්ම ඔනි වෙලා තිබිලා තියෙන්නෙ අර මං කිව පැහැදිලි කරිම අපිට පෙන්වන්න.. මිනිස්සු විවිදාකරයි.. හිතන විදිය ඒ ඒ අනුව වෙනස් වෙනවා..
    මේ ගීතය තව ඔනි ඔනි තරම් පැති වලින් බලන්න පුලුවන් :)
    සමහර විට ඔය කියන දූට කොල්ලෙක් try වෙන්නත් පුලුවන්.. ඉතින් අම්මා කියනවා රැවටෙන්න එපා කියලා.. එහෙම අදහසක් ගන්නත් පුලුවන්නෙ.. :)

    ReplyDelete
  6. සින්දුව අහනකොට මගේ හිතට ආවෙත් අර කිව්ව, දරුවට රැවටෙන්න එපා කියන සරල තේරුම විතරයි... බනියයි, අමායි කියල තියෙන විදියෙ තේරුමක් කවදාවත් මගේ ඔලුවට ඇවිත් නෑ... දැන් බැලුවම ඇත්ත නේන්නම්....

    ReplyDelete
  7. yහැමදාම රැවටෙන්නත් බෑ රවට්ටන්නත් බෑ

    ReplyDelete
  8. මගේ මතය නම් සුරංගනා කතා කියන්න ඕන . පොඩි අයගේ පරිකල්පන ශක්තිය දියුණු වෙන්නේ එතකොට . එකපාරටම කොවුර්ගේ කතා වලින් පටන් ගන්න හොඳ නැහැනේ . එයාල ලොකු වෙද්දී ඒවා තේරුම් ගන්නවා . ළමයින්ට සුන්දර හීන දකින්න දෙන්න . බිල්ලෝ ගැන නම් මමත් කියන්නේ නැහැ . හැබැයි චුට්ටක් මට සිලුටු වුනාම ලස්සනයි නේද . බනියලට ළමයි ඉන්න කොට තේරෙයි . බොරු කියල රැවටීම නොවෙයි මා මේ කියන්නේ . සුරංගනා කතා ගැන .

    ඔය සින්දුවට නම් මමත් ආසයි .

    ReplyDelete
  9. මට මතකයි අපේ බාප්පගෙ පොඩි එකා ගේ දෙවනත් වෙන්න අඬනකොට බාප්ප කියනවා.. "ඔය මදි.. තව හයියෙන් ඕනෙ" කියලා.. එතනිංම ඇඬිල්ල ඉවරයි :D

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.