Wednesday, November 2, 2011

ඔලුව පලා ගැනීම..

 අර නපුරු නදී දන්නවද ? අර ගලායන ජීවිතේ ලියන්නෙ.. අන්න එයාගේ පොස්ට් එකේ මං දැක්කා තිබ්බා කාගෙදෝ අහිංසකයෙක්ගෙ ඔලුවක් පලලා :D ඉතිං ඔය සම්බන්දව මටත් ජිවිතාවර්ජන 3 ක්ම තියෙනවා :D

මං මෙහෙම උන්නාට මගේ ඔලුවේ පැච් 3 ක් තියෙනවා :D ඔය හිටපු ගමන් ගොන් වැඩ කරන්නෙත්.. මෝඩ වැඩ කරන්නෙත් ඕකෙ ප්‍රතිඵලයක් නිසාදෝයි මට නිකමට වගේ හිතෙනවත් එක්ක :D

හාවා පොඩි එකා කාලේ
පළමු පැල්ම ඇති උනේ ඉස්සර මට තාත්තා දීලා තිබ්බා නැවකින් ගෙනාව කප්පියක්.. මං ඕක තල්ලු කර කර තමා සෙල්ලම් කරන්නෙ.. මට ඔනිනනම් අවු 3 2/1 වෙන්ටැති  එච්චර බරකුත් නැති නිසා ඕක මගේ ප්‍රදාණ සෙල්ලම් භාංඩය.. අනික ඒකෙ කෑලි ගලවන්නත් බැරි නිසා තාත්තාට තව සෙල්ලම් බඩු අරන් දෙන්න ඔනි කමක් තිබ්බෙත් නැ.. ඇයි ඉතිං ඒක කැඩෙනවායැ :D.. ඉතිං හැමදාම තල්ලු කර කර ඉන්න බැරි නිසාම මං ඒක එලියට අරන් ගියා වෙන සෙල්ලමක් කරන්න හිතාගෙන.. මෙන්න තියෙනවා අලි කානුවක්.. ඒකෙ  වතුර හෝගාලා ගහං යනවා.. ඉතිං මං කලේ කානුව උඩ තිබ්බ මඩුවේ ලණුවක් ගැට ගහලා වරුවක් විතර දගලලා දගලලා අර කප්පිය උඩට අරං ගැට ගහ ගත්තා.. අර ඇලේ වතුර ගන්න :D  ශිට්..වැඩි වෙලාවක් ගියේ නැ.. දඩෝං.. කප්පිය මගේ ඔලුව උඩ.. රතුපාටට මොනාදෝ එනවා.. හුටා වෙන මොනා එන්නද.. ලේ...!! මං හොරාට අතින් වහ ගත්තා පැලිච්ච තැන.. හෙමීට ගෙට රිංගලා ඇදට වෙලා නිදා ගත්තා.. මෙන්න තාත්තා එනවා දුවගෙන.. අන්තිමෙ මාව උස්සන් ගිහින් බෙහෙත් දාගෙන ආවා.. තාත්තා දැකලා මං ඔලුවට අත තියාගෙන ගෙට රිංගනවා.. පස්සෙ ලේ පාර දිගේ තමා හොයාගෙන ඇවිල්ලා තියෙන්නෙ.. තාත්තා එදා දැක්කෙ නැත්නම් මං ලේ ගිහිල්ලම මැරෙනවා :D

...

දෙවැනි පැල්ම ඇති උනේ අර නදී අක්කා වගේ නපුරු කෙල්ලෙක් නෙවේ කොල්ලෙක් ගහපු ගල් පාරකට.. මං 2ක වසරෙදි.. අපේ පංතිය තිබ්බෙ A අනික් පංතිය B.. B එක එක්ක අපි හෙනම ෆිට්.. C එකේ උන් මහ වසවර්ති රැලක්..! ඉතිං හැමදාම C එකත් එක්ක ගහ ගන්නවා :D අපිට විදෙශාදාර වගේ B එකෙන් සහයෝගය ලැබෙනවා..  :D අනේ මං නම් හැබැයි කවදාවත් ඔය වලියකට ගිහින් තිබ්බෙ නැ.. අන්තිම අහිංසකයි බොරු නම් අහලා බලන්න ඔනි කෙනෙක්ගෙන් :P
ඉතිං ඔය වලියක් අන්තිමේ පංති කාඹරෙන් එළියට ගියා.. ඒ ගිහින් පිට්ටනියට යන කම් ගියා.. මාත් ඉතිං ඕක බලන්න පස්සෙන් ගියා...
ශෘශෘශෘශෘශෘශෘශඌඌඌඋ උඩිං ආපු රොකට් ලොංචර් එකක් වගේ අලි කලුගලක් ටොකොස් යන ශබ්දය නිකුත් කරමින් මගේ ඔලුව උඩට පත බෑ උනා.. හුටා.. මට තරු විසික්කා උනා.. ඔලුව හිරි වැටිලා ගියා :D මට මොනා උනාද මංදා.. රිදෙන්නෙත් නැහැ.. එකෙක් ඇවිත්.. අඩේ ඔන්න යකෝ ලේ බේරෙනවා කිවා.. ඔන්න එතැකොට නම් මං අම්බානෙක බය උනා..  ඉතිං මං මිස්ටවත් කියන්න ගියේ නැ.. අපේ පංතියේ එකෙක්මයි ගහලා තියෙන්නෙ වැරදිලා ගහලා තියෙන්නෙ.. මිස්ට කිවොත් අපි දීර්ඝකාලීනව ගෙනාව සටනට Dot එක තියන්න වෙන නිසා..
      පඩිපෙලෙන් වැටුනා කියලා ඇගේ දූවිලි ටිකකුත් ගාගෙන ගොඩින් ශේප් කරගත්තා :D මිස් ඒපාර බෙහෙත් දම්මවලා ගෙදරට කොල් කරලා තාත්තා ඇවිත් මාව එක්කගෙන ගියා.. :D කෝම කෝම හරි අපි 8 වසරට විතර එන කම් ඔය වලි තිබ්බා.. ගහගෙන ඉවර වෙලා අන්තිමේ ගැණ ළමයි ගේන වතුර වලිනුත් ගහ ගන්නවා.. :D ඔන්න ඒක තමා අපේ හෙන හුරාට තිබ්බෙ.. ගැණු ළමයි අන්තිමේ අර ගඩාෆි අංකල් පාවා දුන්නා වගේ අපිව පාවලා දුන්නා :-/

..

තුන්වැනි පැල්ම ඇති උනේ අපේ ගේ පිටිපස්සෙ කාණුවක් තිබ්බා. මං කුස්සියේ ඉදන් වේගෙන් ඇවිල්ලා දොර ලගින් පැන්නා පෙව්මන්ට් එකට.. හුටා.. දියසෙවෙල් කාපු පෙව්මන්ට් එකේ මං ලිස්සලා ගිහින් දඩෝං කානුවේ.. මට දැන් කරකියා ගන්න දෙයක් නැ.. කොච්චර දැගලුවත් එළියට එන්න බෑ මං හිර වෙලා කාණුවේ.. ඒ පාර කෑ ගැහැව්වාම අපේ මාමා කෙනෙකුයි තාත්තයි ඇවිල්ලා බොහොම අමාරුවෙන් උඩට ගත්තා.. කාණුවේ වැටිලා තිබ්බ කොන්ක්‍රීට් වලට හයි වෙච්ච ගල් වගේක ඔලුව ඇනිලා පැලිලා තිබ්බා.. කොම හරි බෙහෙත් දාගෙන අවා..

හැබැයි කවදාවත් මට තාත්තා ඔලුව පලාගන්නවා කියලා බැනලා නම් නැ.. මට මතකයි අම්මාට කියනවා මේකා ඔලුව තලා ගන්නැතිව පලා ගත්ත එකම මදෑ කියලා.. :D

21 comments:

  1. ආහ් අද අහු උනා හොරේ ඒක තමා මෙච්චර මාන්දම් ගතියකින් පෙළෙන්නේ

    //දියසෙවෙල් කාපු පෙව්මන්ට් එකේ මං ලිස්සලා ගිහින් දඩෝං කානුවේ.. මට දැන් කරකියා ගන්න දෙයක් නැ.. කොච්චර දැගලුවත් එළියට එන්න බෑ මං හිර වෙලා කාණුවේ..//

    මොනා උනත් ඇත්ත කියනවා

    ReplyDelete
  2. ඔලුව පැලීම කියන්නෙත් සුලභ අත්දැකීමක්නෙ!

    ReplyDelete
  3. "මං මෙහෙම උන්නාට මගේ ඔලුවේ පැච් 3 ක් තියෙනවා :D ඔය හිටපු ගමන් ගොන් වැඩ කරන්නෙත්.. මෝඩ වැඩ කරන්නෙත් ඕකෙ ප්‍රතිඵලයක් නිසාදෝයි මට නිකමට වගේ හිතෙනවත් එක්ක"-මල්ලී වගේ නිහතමානී කෙනෙක් මං මගේ දෑහැට දැක්කමයි :P :P

    මොනා වුනත් චූටි කාලෙ නම් හරි හුරතල් පාටයි..දැන් ඉන්න වල් හාවා කියලා හිතන්නවත් බෑ

    ReplyDelete
  4. ෂික් අපරාදෙ. එකෙක් ලෝකෙට බරක් වෙන එක නැති වෙන්න තිබ්බ චාන්ස් තුන :(

    ReplyDelete
  5. මගෙනම් ඔලුව පැලිලා නෑ.හැබැයි තලාගෙන නම් තියෙනවා.ඉතිං පොඩි කාලෙ ඔලුව කැක්කුමක් ඇවිත් අපේ අම්මලා බය වුනා ඒක නිසා වෙන්න ඇති කියලා. බෙහෙත් කරන්න කොලඹත් එක්කන් ආවා.පස්සෙ බැලින්නම් මට තිබිලා තියෙන්නෙ ගැස්ට්‍රයිටීස්.ඒකටයි ඔලුවෙ කැක්කුම ඇවිත් තියෙන්නෙ.

    ReplyDelete
  6. ඔන්න මම ආයෙමත් අතින් කට වහගෙන හිනාවෙනවා,.. මොකද කියලා දන්නවනේ,..
    "කොච්චර දැගලුවත් එළියට එන්න බෑ මං හිර වෙලා කාණුවේ.."
    :D :D :D

    ReplyDelete
  7. උඹේ වර්ථමාන මානසික තත්වයට හේතුව මේකයි එහෙනම්! :D

    ReplyDelete
  8. දැන් ඊළඟ පාර ඔලුව පැලෙන්නේ නදීගේ කොසුපාරකින් කියලා හිතෙන්නේ නැද්ද බං....

    ReplyDelete
  9. ඉදල හිටල ගොං වැඩ කරනව..... ???

    ReplyDelete
  10. සතු‍ටු වෙයන්. උඹට පැලෙන්න හරි ඔලුවක් තියනව කියල.

    ReplyDelete
  11. අඩේ බනියෝ,උඹට නං ඒ අත්දැකීම කොහොම වෙන්ට ඇත් ද....මට නං බඩක් නෑ හිනා වෙලා.....
    පොඩි කාලේ නං සුවීටි කොලු පැට්ටා....අෆරාදේ දැන් සුවීටි එකකුත් දාන්ට තිබ්බේ ඒක ලඟින්ම....
    කොල්ලා හිච්චි කාලේ මරු මල්ලව පොර රසිකයෙක් නේ...ඔලු ගෙඩියටත් වඩා පොර වටිනවා....
    හි හී...අර කිව්වත් වගේ නදී දැකලා නෑ...මේ පෝස්ට් එක තාම...ගාඩ් දාං හිටහං හොඳ කොහු පාරක් පාත් වෙයි....
    (මා මාගේ බ්ලොගයට පෝස්‍ටුවක් ටයිප් කරමින් යතුරු පුවරුවට ඔලු ගෙඩිය ඔබාගෙන නෙත සිත එහි යොමාගෙන සිටියෙමි...ඒ සැනයකින් හෙන පහරක ශබ්දයක් ඇසුණු අතර යතුරු පුවරුවට මොනවාදෝ වැටෙමින් තිබිණි.....අහ්! රතුම රතු පාට ලේ මාගේ නාහය දිගේ විත් යතුරු පුවරුවට වැටෙමින් තිබිණි....මා හිස ඔසවා බැලූ විට මාදු‍ටු දර්ශනයෙන් මා බියෙන් ඇලලී ගියේය....කෝපයෙන් දිලිසෙන දෑසින් හා අවුල් වූ කෙස් වැටියක් ඇතුව අඩක් කැඩී ගිය කොසු මිටක්ද සහිතව මා දෙස බලා සිටින නදීය.....අනෙත් කොසු කෑල්ල මාගේ ඔලුව හා මාගේ පරිගනකයේ තිරය බිඳ දමා තිබින..
    එකෙණිහමා මා හට මා අවට ලෝකය බොඳ වන්නා පෙනින..අතරින් පතර "‍තෝ මම නපුරු යි කියලා පෝස්ට් ලියලා දැම්මා නේ..."මදුර මනෝහර කට හඬක් ඇසිණ....
    සිහි එනවිට විශාල පෙති තුනක් මා හිසට ඉහලින් කැරකෙනුද මාගේ අසරණ අම්මා පියා සමග මාගේ ඔලු පලා ගැනීම පිලිඹද කතා වෙනුද දක්නට ලැබිනි.......)
    ඊළඟ පොස්ට් එකෙන් කොටසක් බනියගේ.....

    ReplyDelete
  12. කන සාක්කුවෙ දාගෙන ගිහිල්ලනෙ කාණුවෙ වැටුනෙ. ඉතිං කොහේ නැගිටින්නද.

    ReplyDelete
  13. " ගහගෙන ඉවර වෙලා අන්තිමේ ගැණ ළමයි ගේන වතුර වලිනුත් ගහ ගන්නවා.."

    8 පන්තියේදිද වතුරෙනුත් ගහගත්තේ?? කෙල්ලෝ උඹලව පාවා දෙන එක අහන්නත් දෙයක්ද??

    ReplyDelete
  14. බනියෝ ඊ මෙල් ලිපිනයවත් .... දුන්නානම්... මෙන්න මාගේ ඊය..
    sandun4205@gmail.com
    කොහොම උනත් 4වෙනි පැච් එක දාන්න නොලැබේවා...!

    ReplyDelete
  15. ඔයා චූටි කාලෙ කියූට් බබෙක්.මදැයි 3 පාරකින් බේරුනා :)

    ReplyDelete
  16. බොරු කියන්ඩ එපා බනියා.... ඔළුව වැදුනා කියලා උඹට මොංගල් වෙන්ඩ විදිහක් නැහැනේ.... උඹේ ඔළුව වැදුනහම කොහොමද ඒක මොලේට බලපාන්නේ.... අන්න "පස්ස පැත්ත වැදුනු නිසා" කියලා දාලා තිබුණා නම් අපිට පිළිගත්තහැකි....

    ReplyDelete
  17. යකඩෝ 3න් පාරක්. උඹ ෂෝට් පිට හරි ඔහොම ඉන්න එකම මදැයි ලොල්ස්....

    ReplyDelete
  18. මට ඒත් නිකමට හිතුනා . . මම හිතුවේ පොඩි කාලේ ඔලුවට කුරුම්බැට්ටියක් වැටිලා වෙන්ටෑ කියලා . . අද නොවැ වැඩ තේරුනේ . . .

    ReplyDelete
  19. හිකි හිකි හෆ්ෆේ කාණුවේ හිර උනාම දෙන්නෙක් ඇවිත් ගොඩ ගත්තා මදැයි
    මොනා උනත් පොඩි කාලෙනම් හරි හුරතල් පාටයි ;)

    ReplyDelete
  20. " මට ඔනිනනම් අවු 3 2/1 වෙන්ටැති" ඔය කියන්නේ අවුරුදු 32 ක් වෙන්න ඇති කියල නේද බං.. එහෙම බැලුවොත් උබ මාරයා මාමට වඩා වයසයිනේ... අනේ මන්දා

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.