Tuesday, November 1, 2011

තුන් සරණය..!!


උදේ පාංදරම අපේ ගලායන ජීවිතය ලියන අක්කා එයාගේ fb වෝල් එකේ දාලා තිබ්බා මෙන්න මේ තුන් සරණය වීඩියෝව..  ඕක අහද්දි දකිද්දි මට මතක් උනේ තාත්තා කියපු කතා දෙක තුණක්..
   ඉස්සර මහියංගනය නුවර පාරේ තිබ්බ වංගු ගැන මතක අය දන්නවා ඇති ඒ වංගුවක් ගන්න බස් ඩ්‍රයිවර් කෙනෙක් කොච්චර නම් දුකක් අවදානමක් ගන්නවාද කියලා.. වැරදිලා හරි ක්ලච් බැලැන්සිං අවුලක් උනොත් ඉන්න වෙන්නෙ ඊලග වංගුවේ තමා :D (දැන් නම් වංගු අඩු කරලා පාර ලස්සනට හදලා..)
        අපේ තාත්තා අවු 18 ගෙදරින් පැනලා ගිහින් සූරිය වැව පැත්තෙ පාරක් කපන එකක වැඩකරලා තිබ්බා.. තාත්තාට තිබිලා තියෙන්නෙ පාර කපන කොට අහු වෙන ගස් ටික කපලා අයින් කරලා දෙන එක.. ඉතිං තාත්තා ගෝලය දාගෙන වැඩ කරලා.. පස්සෙ මදුරුවො කන එක ඉවසන්න බැරිම තැන ගෙදර එන්න ඇවිල්ලා.. මැලෙරියාව හැදේවි කියලා..!!
        ඔහොම සල්ලි ටිකකුත් හොයාගෙන ආයෙ ගිහින් නුවරට.. ඊලගට කරලා තියෙන්නෙ නුවර මහියංගන පාරට බස් එකක් දාලා, ඒකෙ වැඩ කරලා තියෙන්නෙ තාත්තයි තව නුවරින් හොයා ගත්ත ඩ්‍රයිවර් කෙනෙකුයි... මේ මනුස්සයා දන්නැහැලු තාත්තාට ලයිශන් තියෙනවා.. වාහන පදින්න පුලුවන් කියලා.. ඒ කාලේදි තාත්තාට අවු 21 වගෙලු.. බරවාහන  ඩ්‍රයිවින් ලයිශන් අරන් තියෙන්නෙත් අලුතමලු.. ඉතිං තාත්තා දවසක් බලාන ඉන්නවාලු ඩ්‍රයිවර් බස් එකේ ක්ලච් එක උඩ කොයි වෙලෙත් කකුල තියාගෙනමලු යන්නෙ.. ඉතිං දැන් කාලෙ වගෙ නෙවෙනෙ.. ඉස්සර ඩ්‍රයිවින් ලයිශන් ගන්න පුරුදු කරද්දි හැම දේම කියා දෙනවානේ.. තාත්තත් ලයිශන් ගත්ත අලුත වගේ නිසාම මතකයිලු ක්ලච් එක උඩ කකුල තියාගෙන යන්න හොද නෑ නේද කියලා.. ඉතිං අර මනුස්සයාට තාත්තා කියලා ක්ලච් එක උඩ කකුල තියාගෙන යන්න එපා.. ක්ලච් ප්ලෙට් එක යාවී.. අනික කන්දක් නගින නිසා ක්ලච් එක අනිවා පරිස්සම් කරගන්න ඔනී කියලා..
මෑත කාලීණ හුන්නස් ගිරිය පාර හරියෙ යන බස් එකක්
     මේ මිනිහත් හා කියලා ඔහොම අවාලු හුන්නස්ගිරිය හරියට.. හුන්නස්ගිරියේ හරි ප්‍රසිද්ද රොටි කඩයක් තියෙනවා.. ඔකේ රෑ ට්‍රිප් එකේ අනිවා නවත්තනවාලු රොටි කන්න.. දැන් ඔක්කොම රොටි කාලා තේ එකක් බීලා හේම අවාම ඩ්‍රයිවර් උන්දැ නැලු..!!   දැන් මිනිස්සුත් බය වෙලා හොදටම හොයනවාලු.. කිසිම හොඩුවාවක් නැහැලු..  ඉස්සර මිනිස්සු හරි නිහතමානී අහිංසකයිනේ.. දැන් වගේ නම් ගොලයාටත් අල්ලගෙන ගහනවානේ.. ඉතිං මිනිස්සු තාත්තාට කියනවාලු  මහත්තයෝ දැන් මොකද කරන්නෙ කියලා.. මිනිස්සු සීතලේ වෙව්ලනවත් එක්කලු.. තාත්තා කිවාලු හරි කමක් නැ ඔක්කොම නගින්නකෝ කියලා නග්ග ගත්තාලු බස් එකට.. දැන් තාත්තා බස් එක අරගෙන එනවාලු.. ඔහොම 18 වංගුවලට කිට්ටු වෙන කොට ඔන්න ඔය උඩ දාලා තියෙන තුන් සරණය එක මනුස්සයෙක් කියන්න අරගෙන.. මුලු බස් එක පුරාම විහිදිලා යන්න සද්දෙට කියනවාලු.. අනික් මිනිස්සුත් ඒකට සහභාගී වෙලා.. කොහොම හරි රෑ වෙන්න කලින් තාත්තා මහියංගනේට බස් එක ගෙනිච්චාලු.. ඒ වගෙම පාරෙ ඉන්න හැම මනුස්සයෙක්ම එක්ක ගියාලු.. සල්ලි අරගන්නෙ නැතිව.. නමුත් ඒ මිනිස්සු බලෙන් සල්ලි දිලාලු බස් එකෙන් බැහැලා තියෙන්නෙ :) අන්තිමේ ආච්චිලා සියලා පවා වදින්න එනවාලු තාත්තාට :-D

කාලයක් යනකම්ම මිනිස්සු 18 වංගුව කිට්ටු වෙද්දි හා බහිද්දි තුංසරණය කියන්න පුරුදු උනාලු..

පස්සෙ උදේ තාත්තා අවාලු නුවරට.. නුවර ගිහින් බලන කොට අර ඩ්‍රයිවර් ඉන්නවාලු කඩයක තේ එකක් බිබි..
තාත්තා ඌ අල්ලලා දෙකක් ඇනලා කිවාලු..
   යකෝ අපේ තාත්තා මට දෙයක් කියලා දීලා තිබ්බා..ඒ තමා දෙයක් කරන්න පටන් ගන්නවා නම් ඒ ගැන පොඩි හරි දැනුමක් ඇතිව කරන්න කියලා.. අරු දහ අතෙ වැදලා සමාව අරගෙන..
පස්සෙ මිනිහා ගැන කිසිම අරංචියක් හොයා ගන්න බැරි වෙලා.. මිනිස්සු කිවේ පිස්සු හැදිලා මලා කියලාලු..!!
...

දැන් ඔහොම පටන් ගත්ත රස්සාව කරන්න ඔනේ නිසා තාවකාලිකව ගෝලයෙක් හොයා ගත්තාලු ටිකට් කඩන්න.. පළමු දවසෙම හුන්නස්ගිරිය හරියට අවාලු.. ඔකේ අර රොටි කඩේ ලග බස් එක රිවස්කරන නිසා පස්ස බලන්න කියලා.. මූත් හා කියලා බැහැලා ඇවිත්.. හරි හරි අයියා ගන්න ගන්න කිවාලු.. තාත්තාත් රිවස් කරනවාලු.. දඩෝං ගාලා සද්දයක් ඇහිලා.. අරූ උඩ පනිනවාලු හුරේ හැප්පුනා හැප්පුනා කියලා :D

තාත්තාට කොහොම කොහොම හරි හෙන අකරතැබ්බ තොගයක් වෙලා තියෙනවා.. පස්සෙ වික්ටෝරියා ප්‍රොජෙක්ට් එකේ ලී සම්බන්ද වැඩ ලැබුනු නිසා ඔය බස් දිවිල්ලත් නවත්තලා දාලා.. .

........

වික්ටොරියා ප්‍රොජෙක්ට‍ එක ඉවර උනාම ආයෙ තාත්තා වෑන් එකක් අරගෙන හයර් කරන්න ගත්තාලු ගොඩක්ම හයර් ගිහින් තියෙන්නෙ සිරීපාදේ තමා.. සිරිපාදේ යද්දිත් මිනිස්සු කියන්නෙම ඔය තුන් සරණය කවි ටිකලු.. තාත්තාට ඕක දැන් කට පාඩම්.. දැනටත් මහියංගනය පැත්තෙ යන්න ගියාම ඔය
කවි තාත්තා අතින් කියවුන් නැත්නම් හරිම පුදුමයි :D
ඒ වගෙම ඕවා හරු බලගතු හිත මෝහණය කරන කවි.. කිසිම දවසක වාහනේ යද්දි කරදරයක් වෙලා නැහැ.. ලොකුම කරදරය තිබිලා තියෙන්නෙ පොලිසියෙන් ඒ වැඩිපුර මිනිස්සු දාගෙන දාවණය කිරීම  කියලා රු 20 දඩය දෙන නිසා.. :D

තාත්තාගෙ ජිවිත කතාවේ පුදුම රස කතා තොගයක් තියෙන්නෙ.. පුලු පුලුවන් වෙලාවට ලියලා දාන්නම්..
මං මාර අඩම්බර වෙනවා එයා මගේ තාත්තා වෙච්ච එක ගැන..!! :)


..

16 comments:

  1. අපි ඒ වගේ අතීතයක් ලබන්න තරම් පින් කරලා නෑ

    ReplyDelete
  2. :) බනියො උඹෙ ජීවිතෙත් රසකතා ගොඩකිං පුරෝගනිං. එතකොට උඹෙ පොඩි උනුතු උඹ ගැන ඒ විදියටම ආඩම්බර වෙයි නොවැ

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මොනව උනත් හුන්නස්ගිරියෙ රොටී කඩේ නම් කියල වැඩක් නෑ. අවුරුදු 24 කට කලින් තමයි ඕකෙන් රොටී කෑවෙ. එතකොට මට අවුරුදු 5යි. කෑවෙත් නෑ එහෙමත් රොටියක් ඊට පස්සෙ නම්. ඒත් ඉතින් ඒ දවස් වල පොඩි නිසා කඩේ ගැන එච්චර මතකයක් නෑ. දැනට් අවුරුදු 2 කට විතර කලින් හුන්නස්ගිරියෙ ගිය වෙලාවක මම ඔය කඩේ හෙව්ව හැම තැනම. එකක් හම්බ වෙලා රොටීත් කෑව. හැබැයි ඒ කඩේමද කියල හරියටම දන්නෙ නෑ.

    ReplyDelete
  5. වැඩ ගොඩාරියක් මැද ඉසිඹුවක් ගන්නට ආසාවෙන් කියවීමි.
    අපේ තාත්තලා වින්ද දුක් වලින් දසමයක් වත් අපි විඳිනවද කියලා හිතෙන්නේ නැද්ද මලේ?

    ReplyDelete
  6. රජ මාවත(රන්දෙනිගල පාර,නුවර-බදුල්ල)වැස්ස කාලෙට සමහර වෙලාවට ගස් ගල් පෙරලිලා බස් යන එක නැවතෙනව.එතකොට යන්න වෙන්නෙ එක්කො නුවර එළි පාරේ නැත්තම් මයියංගන පාරේ.අප්පේ මමත් සමහර දවස් වලට ගිහින් තියනව ඔය පාරේ.ගොඩක් අමාරුයි වංගු නිසා.සෑහෙන් හුරුවක් තියෙන්නෙ ඔනේ ඒ පාරෙ බස් පදවන්න නම්.වංගු තියන හැටිත් එක ලග ලග.අනික සෑහෙන දුරක් තියනව.

    ReplyDelete
  7. බලං යද්දි හාවගෙ තාත්තත් මාර ගොයියෙක්නෙ.
    අරූ බයටද හොරෙන් ගිහිල්ලා ගිහිල්ලා තියෙන්නෙ?

    ReplyDelete
  8. අපේ තාත්තා ඔය මයියංගන පාරේ යන්නේ ගඩොල් ගෙන්න..නිවාඩුවක් තිබ්බොත් මාත් යනවා ඒ දවසට. මමත් හරි ආසයි වට පිට බල බල මග දිගට කෑම කකා යන්න...යනකොට නම් කරුවලේ යන්නේ...එත් එනකොට ගඩොල් ලෝඩ් එකකුත් පටෝගෙන හෙමිට කන්ද අදිනකොට ඇති වෙනකන් වට පිට බල බල එන්න පුළුවන්.මල්ලි කියන කඩය මොකක්ද දන්නේ නෑනේ හරියටම. අපේ තාත්තත් යනකොට කඩේකින් කනවා මාර රහයි..

    ReplyDelete
  9. ඇත්ත තමා ඔය 18 වංගුව පාරෙ දැනට වුණත් බස් එකක් (54 ලේලන්ඩ්) එහෙම ගන්න සමහර ඩ්‍රයිවර් මහත්තරු සෑහෙන්න මහන්සි වෙනවා....
    නියමයි බනියෝ බොලාගේ අප්පොච්චි...බනියට කියන්න මටත් නම් ඔහොම අතීතයක් නෑ..අපිට තියෙන්නේ ඉතිං මූද එක්ක/කුඹුරු එක්ක බැඳිච්චි අතීතයක්..ඒත් ඒකත් රසවත් (වගේම දුක්බරයි.)
    අර හුන්නස්ගිරියේ රොටි කඩෙන් මම කාලා නෑනේ..ඒකත් අර සිරීපාදේ කරුණා කරන කොට මගදී හම්බුවෙන ඒවා වගේ ඇති කියලා හිතනවා..ඒවා නම් මාර රස්යි හැබැයි....
    අප්පොච්චිගෙ රස කතා තවත් අහන්න ආසයි...
    මංගල කොමෙන්‍ටුව මෙසේ පල කරමි.....පස්සෙනුත් එල්ලුණෙමි....
    බෝම අමාරුවෙන් බනියාගේ සිත් කැටපත් පවුර සොයා ගත්තෙමි...

    ReplyDelete
  10. අඩේ එල මචං... මං නම් මාර දුක් වෙනවා එච්චර රටක් වටින තාත්ත කෙනෙකුට උඹ වගේ නොසන්ඩාල පුතෙක් ලැබුන එක ගැන... හික්...

    අනිත් ටිකත් ලියපං මචං... මාර ගති...

    ReplyDelete
  11. කියන්න කතා ගොඩයි... මුලින්ම කියහං මේ "දාවණය" කරන්නේ කොහොමද කියලා..?:P

    ඊ ළග දේ තමා මං හිතුවේ පුතාව ආස්සරේ කරන උන්ට විතරයි පිස්සු හැදෙන්නේ කියලා... දැන් බැලින්නං ඒක තාත්තා ආස්සරේ කල අයටත් වෙලා තියෙනවා...:P

    බනී මලේ.. උඹ බ්ලොග් ලියන එක නවත්තලා තාත්තට දීහං මේක එක මාසයක් ලියන්න කියලා... අපිටත් ආසාවෙන් මේක කියවන්න..:D:D:D

    ආ හරි හරි එහෙනං ඒ කාලේ ඉඳලම තාත්තගෙන් කැලෑවලට අපලයි...:P

    (කෝ යකෝ ලී මෝල..?)

    ReplyDelete
  12. බනියා හා මාර අයියාගෙන් කරන ඉල්ලීමයි... බුකියේ පෙනී හිටින නම හැකිනම් දෙන්න...

    ReplyDelete
  13. ඉස්සර අපේ අම්මලාත් දහ අට වංගුවේ යනකොට ආගම එහෙම සිහි කරගෙන යනවා කියලා මට කියලා තිබුනා. :)

    ReplyDelete
  14. හැමෝටම ස්තූතියි ප්‍රතිචාර වලට :)

    ReplyDelete
  15. http://freeanushka.blogspot.com/2011/05/blog-post.html

    තාත්තගෙ ජීවිතේ බේරගන්න උදවු වුන එකට කළගුණ සලකන හැටි!

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔය කළගුණ ගැන දන්න මහත්තයාට උප්පැන්නෙ නමක් නැද්ද ? ඇයි නමෙන් කමෙන්ට‍ කරන්න මාර බයයිනෙ ? මම පොඩි කොල්ලෙක් මචං.. උඹ සමහර විට වයසක එකෙක් වෙන්නත් ඇති.. කෙලින්ම නම කියලා කමෙන්ට් කරානම්.. කොන්දක් තියෙනවා කියලා පිලිගන්න පුලුවන්.. මේක මගේ බ්ලොග් එක.. මට ඔනි දේ මම ලියන්නෙ.. :)

      Delete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.