Monday, October 31, 2011

කූ..මාර අංකල්ගෙ අලුත්ම වෙස් පෙරලිල්ල..

මේක මේ කලබලේ ලියන්න ගත්තෙ කලින් පොස්ට් එකෙ ඉතිරි කැල්ලත් දාන්න කලින්ම.. මේක මේ මාරයා කරන්න යන ප්ලැන් එකක් හෙලි වෙලා.. බ්ලොග් පාඨකයින් එකෙන් ගලව ගන්න මේක දාන්නෙ..!!

මට මේ ටික වෙලාවකට කලින් දැන ගන්න ලැබුනා මාරයා නොහොත් කූ..මාර අංකල් බ්ලොග් කෙරුවාව 500 න් නවත්තනවා කියලා.. ඒකට හේතු ඇහුවාම මෙන්න මෙව්වා තමා කිවෙ..
ලිවා ඇතිලු
දිගට දිගට ලියන්න ගියාම මෙලො රහක් නැති වෙනවාලු
ඉස්සර වගේ ප්‍රතිචාර නැලු
කෙල්ලො බලන්නෙ නෑලු
කමෙන්ට් කරන හැම කෙල්ලෙක්ම ඉන් අ රිලෙශන් ශිප්ලු..
දැන් වයසත් හරිලු..



 ඉතිං මං කිවා අවුලක් නැ අපි හරි බලනවානේ.. ඔය කොහොම කිවත් බ්ලොග් කෙරුවාව නවත්තන්න බෑ කියලා.. මෙන්න මේකා කියාපි.. ඔව් මල්ලි.. නවත්තන්න නම් බැ.. මාස 2-3 කට සැරයක් වගේ දානවා.. සින්ඩි වලින් රැකගන්නත් එපැයැ කියලා..

ඔන්න ඔතැනදි තමා මට මල්ටි මීටරේට වගේ මිටර් වෙන්නෙ.. කූ..මාර හැරෙන්නෙ පොල් පැලේට කියලා..
මෙකයි මුගෙ ප්ලැන් එක.. ප්ලැන් 2 ක් තියෙනවා..

පළමු ප්ලැන

500 පොස්ට් එකේදි දානවා බ්ලොග් කෙරුවාව නවත්තනවා කියලා.. එතැකොට මොකද වෙන්නෙ ? අනේ අපේ උන්දැලා..

අනේ අයියෙ.. පික්සු කෙලින්න එපා
මාරයා.. මං තෝ මරනවා..
ඇයි අයියෙ එහෙම කරන්නෙ ? අපි අසාවෙන් කියවනවානේ ?
අයියා ලිවෙ නැතොත් අපි ගෙදරට එනවා..
ඇයි මාරයෝ මෙහෙම කරන්නෙ ?
bla bla bla..........

ඔහොම අඩු ගානේ කමෙන්ට් 100 පන්නනවා.. ඉතිං ඔන්න හෙන පබ්ලිසිටි.. ඔක තමා මුල් ප්ලැන් එක..

දෙවැනි ප්ලෑන

මූ හදන්නෙ කොහොම හරි 500 වෙනි පොස්ට් එක ලියලා දාලා කසාදයක් බැද ගන්න.. මට ඔක මිටර් උනේ අර මාස  2-3 කට පස්සෙ පොස්ට් එක්ක දානවා කිවාම.. හේතුව තමා

මුල් මාස වල හොටෙල් ගානේ අනම් මනම් තැන් වල යනවා..
ඊලග මාස වල ෆිල්ම් හොල් වල.. ඔය ලවු කරන්න තියෙන තැන් වල රිංගනවා..
ඊලග මාස වල ක්ලිනික් යනවා..
ඊට පස්සෙ මාස වල ඉස්කැනින් අනම් මනම්..
ඊලගට එන මාසෙ ඉස්පිරි තාලේ..

ආයෙ දරු සුරතල්.. :D :D

ඉතිං ඔය ටයිම් වල කොම බ්ලොග් ලියන්නද නේදැ ? :D :D

ඉතිං අපි යනවා ගෙදරට  මෙන්න මාරයා දරු සුරතල් විදිනවා :D



බ්ලොග් පාඨකයිනි මේ ඔබේ අවදානයටයි.. !!!!

කුමංත්‍රණ කාරී.. යටි අදහස් ඇති මෙවන් බ්ලොග් කරුවන් ගෙන් ඔබත් ගැලවෙන්න.!! :P :P :P

33 comments:

  1. හික් මාරයා බනියට මගුල් සෙට් කරනවා බනියා මාරයාට මගුල් සෙට් කරනවා හොදා හොදා දෙන්නම ගොඩ ;)

    ReplyDelete
  2. නරකම නෑ එහෙනම් මාරේ අයියෑ වැඩේ. මාත් එහෙනම් ඉක්මනටම පන්සීය ලියන්න ඕනා. ඒත් ඉක්මනටම එච්චර ගොඩක්ලියන්නේ කෝමෑ.

    ReplyDelete
  3. හිකිස්‌ බනියා දන්නා දේවල්...

    ReplyDelete
  4. ෂා ෂා මං ඉවරයි... මොකටද බං ඔය අපි කතා කල ඒවා මෙතන දැම්මේ..අනික මං උඹට තරහා වෙන්න දෙයක් කිව්වද..? කිව්වේ උඹට මගේ වෙඩිමේ පොටෝ ගැහිල්ල ඇර වෙන ඕන දෙයක් දෙන්නං කියලනේ.. ඒත් බලහං උඹ ඒකට හිත අමනාප කරගෙනනේ..ඇයි බං හිතේ විස්වාසෙන් උඹට පොටෝ ගැහිල්ල දුන්නැකිද මනුස්සයෙකුට...ඊට වඩා හොදයි පාරෙ යන වයසක සීයා කෙනෙකුට කතා කරලා කැමරාවක් දෙන එක "ගහපං ආතේ හතර අතටම" කියලා.. අඩුම ගානේ උන්දෑ ඒකෙන් දමලවත් ගහයි.. ඒත් උඹ..?

    ReplyDelete
  5. ද්වන්ධ සටන ඇරඹේ.....!

    ReplyDelete
  6. "මුල් මාස වල හොටෙල් ගානේ අනම් මනම් තැන් වල යනවා..
    ඊලග මාස වල ෆිල්ම් හොල් වල.. ඔය ලවු කරන්න තියෙන තැන් වල රිංගනවා..
    ඊලග මාස වල ක්ලිනික් යනවා..
    ඊට පස්සෙ මාස වල ඉස්කැනින් අනම් මනම්..
    ඊලගට එන මාසෙ ඉස්පිරි තාලේ..

    ආයෙ දරු සුරතල්.. :D :D"

    යකෝ අර කීවත් වගේ මූ ඒ ගැනනං හොඳටම දන්නවා...අත්දැකීම් බහුලයි වගේ.. එහෙමත් නැත්තං දැන්ම තියාම පියෙක් වෙන හැටි පුරුදු වෙනවා..:D:D:D

    ReplyDelete
  7. @මාරයා: හෑ ? පොටො ගහන වැඩෙට අමතර ඔනි වැඩක් දෙනවා ? මැක්සා මැක්සා.. එහෙනම් මට අර අර අර වැඩේ ඔනි :D :D

    ReplyDelete
  8. සිම්පල්නේ මල්ලි.. වෙන කාටවත් වගේ නෙවෙයි උඹට ඒක දෙන්න දෙපාරක් හිතන්න ඕන නැහැ.. ඉස්සර රජවරුත් අන්තඃපුර මුර කරන්න දැම්මේ එහෙමත් කට්ටියනේ.. උඹට මං දෙඤ්ඤං ආයේ එකේ සැකයක් නැහැ..මතකනේ උඹට නැති දේ..හැක්

    ReplyDelete
  9. අඩෝ මාරයා.. උඹ මගේ හැකියාව ගැන දන්නැ බොල.. හාකො හාකො අන්තඃපුරේ මුර කරන්න දවසක් දියංකො.. හා පැටවු හැදෙන හැටි පෙන්වන්ට :D

    ReplyDelete
  10. අයියෝ බනියා....

    ReplyDelete
  11. උඹේ හැකියාව ගැන අර අල්ලපු ගෙදර නංගි දවසක් බුකියේ කොමෙන්ට් එකක් දාලා තිබුනා නේද..මතකද..?

    "අපෝ හාවා අයියද..? ඒ ගැන කතා නොකර ඉමු...වැට පනින්න බැරි එකා කොහේද වෙන මොනවත් පනින්නේ..?"

    අපි ඒ ගැන කතා නොකර ඉමු නේද මලේ.. ඒත් ඕනමනං රට හාවියෝ දෙන්නෙක් ගෙනත් දෙන්නං උඹ දන්න සිල්පයක් දාලා පැටවු හදහං..:D:D:D

    ReplyDelete
  12. ෂා...
    මාරයා තුමාගේ පටි 7ම රෝල්.. ඇදන් ඉන්න සරමෙන් මූණ වහත්තා වගේ....

    (කෝලන් ඩී - පැලෙන්න හිනා)

    ReplyDelete
  13. අපෝ මාර තුමො.. ඒකි එහෙම කිවාද ? මං නම් ඔකුන්ගෙ වැට පනින්න යන්නෙ නැත්තෙ උන් අපයොජනය වෙන්ට කලින් මට ඒක වෙන නිසා :D :D

    ReplyDelete
  14. "මං නම් ඔකුන්ගෙ වැට පනින්න යන්නෙ නැත්තෙ උන් අපයොජනය වෙන්ට කලින් මට ඒක වෙන නිසා "

    අනේ මංදා බං.. මං මේකට මෙයිට වඩා මුකුත් කියන්න ඕනද..?

    ReplyDelete
  15. නැ මුකුත් කියන්ටොන නැ.. මං කියන්නෙ උන්ගෙ තත්වෙ ගැන.. :D

    ReplyDelete
  16. කොහොම උනත් මාරයා මාතෘකාව පිට පන්වන්න හදන්නෙ..
    *බ්ලොග් පාඨකයිනි ඔව්වාට අහු නොවන්න..!!!*

    ReplyDelete
  17. දෙන්නට දෙන්න....මරේ මරු....

    ReplyDelete
  18. ගූ හට්ටි පෙරලා ගැනේ... ගදට කැනහිල්ලු පිරේ..

    පුල් ආතල්....

    ReplyDelete
  19. තව දවස් දෙක තුනකින් අපිට බලන්න පුලුවං . . ."නැටි දෙකක්" උඩ පැන පැන කාගන්නව . . . .

    ReplyDelete
  20. හාවගෙයි මාරයාගෙයි රේස් එකක් පටන් අරගෙන වගේ... අපිට ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ....

    ReplyDelete
  21. මෙන්න ගල් මුල් සහ හූ..හූ..හූඌඌඌ..

    ReplyDelete
  22. හුරෙ... නියමයි දෙන්නා දෙන්නාගෙම රෙදි ගලවනෝ...

    කියලා වැඩක් නෑ.මාරයා සරමක් ඇදලා ඒකෙන් ඔලුව වහගත්තා වගේ වැඩක් මේක.

    ReplyDelete
  23. අඩෝ උඹ අපයෝජනයට පත් වුනාට ඒවා පුරසිද්දියේ කියන්න එපා බං. උඹටමයි නෝංඩිය...

    ReplyDelete
  24. විසේසෙන් කෙල්ලෙක්ගෙන්

    ReplyDelete
  25. හරි සෝක් අනේ ඔය දෙන්නා... ඔය දෙන්නා ඔය දෙන්නට කොච්චර ආදරේද කියලා මේකෙන් පේනවා... :))

    ReplyDelete
  26. මම මේක කියෙව්වෙ දැන් නොවැ.... ලේසි නෑ මාර අයියා පැටලුනාම.මොනරා චැනල් එකේ.. රතු ඉර හොදයි වගේ.\\\

    ReplyDelete
  27. මරැ අයියා මලෝ .............

    ReplyDelete
  28. හැමෝටම ස්තූතියි ප්‍රතිචාර වලට :)

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.