Tuesday, September 27, 2011

දඩයම..

ඇත්ත වශයෙන්ම කිවත් මේක රෙඩියෝ එකෙ ගිය කතාවක්.. මේක දාන කං මාව පොපිය පොපිය උන්නෙ :D කෙලින්ම කතාව කියන්නම්.. වැඩි කැපිලි නැ.. බොරු ටොක්ස් නෑ.. හරියේ..

වන්ස් අපෝන ටයිම් උන්නාලු කින් කෙනෙක්.. එහෙම නැතිනම් කඩ්ඩෙන් කිවොත් රජෙක්.. හරියේ..
මේ රජා තම සෙකට්රි.. එහෙම නැතිනම් පුරොහිත එක්කලා කතා කර කර උන්නාලු..රජා ඉතිං තවුසන් ටෝක්ලු දෙන්නෙ.. හරියේ..


රජා: උඹට කියන්න පුරෝ.. දඩයම් කරන එකත් සෙල්ලම් නැ.. මට ඔය ගැන පුදුම එක්ස්පිරියන්ස් එකක් තියෙන්නෙ..

පුරෝහිත: අම්මපාආආ? ඒ කියන්නෙ රජතුමා දඩයමෙ ගිහින් තියෙනවාද ?

රජා: නැතිව.. උඹ හිතුවද යකො මං මෙකට වෙලා උඩ බලාන ඉන්නවා කියලා ?

පුරෝහිත: නැනැ මං මේ නිකමට කිවෙ ඉතිං.. තරහා ගන්ටොනද ? හැබැටම රජතුමනි කියන්නකො ඔය එක්ස්පිරියන්ස් කැල්ලක්.. කම්මැලි කම යන්නත් එක්කලා..

රජා: ආ ඔන්න මං දවසක් යනවා කැලෙට.. හරියෙ..

පුරෝහිත: ඒ මොකටද රජතුමිනි ? අර අරයා එක්කද ?

රජා: නැ යකො.. දඩයමේ ගියේ තනියෙම..!!

පුරෝහිත: ආ ඉතිං ඉතිං ?


රජා: මං යන කොට.. මෙන්න එනවා...


පුරෝහිත: කොටියා කොටියා ?

රජා: නැ...නැ...

පුරෝහිත: එහෙනම් වලහා වලහා..


රජා: නැනැ මොණරෙක්...


පුරොහිත : ආඅ ඉතිං මොකැ උනෙ ?


රජා: ඉතිං මං ඔහොම යනකොට යන කොට මෙන්න එනවා..


පුරෝහිත: වලහා වලහා..

රජා: නැ...නැ...


පුරෝහිත: කොටියා කොටියා ?

රජා: නැනැ මොණරෙක්...

පුරොහිත : ආආ ඉතිං ඊ ලගට මොකෝ උනෙ ?

රජා: උඹට කියන්න ඉතිං මං ඔහොම යනකොට යන කොට මෙන්න එනවා..

පුරෝහිත: හරි හරි ඒ පාර නම් ශුවර් වලහා වලහා..

රජා: නැ...නැ...

පුරෝහිත: එහෙනම් අනිවා කොටියා ?

රජා: නැනැ මොණරෙක්...

පුරෝහිත: ඒ පාර මොකැ උනේ ඉතිං ?

රජා: මං කොම හරි ඊ ලගට අවෙ පාරක් කිට්ටුවට.. මං පාරට එන කොටම.. මෙන්න ඉන්නවා..



පුරෝහිත: හරි හරි ඒ පාර නම් ශුවර් වලහා වලහා..


රජා: නැනැ තනි අලියෙක්

පුරොහිත: අම්ම ගහයි.. සිරාවට ? ඉතිං මුකුත් කරදරයක් කලේ නැද්ද ?

රජා: නැනැ කිසි අවුලක් කලේ නැ මං ලගටම ගියා.. මොකද ඇත් ගොව්වා ලග උන්නානේ..  :-D


කාලෙ කැවාට සමාවෙත්වා..

අපි කැපුනා හෙනම්.. බයි බායි.. 

PirateBunny෴

....

12 comments:

  1. අඩේ මරු දඩයමකනේ ගිහින් තියෙන්නේ .......:D

    ReplyDelete
  2. ඇයි බං මොණරුම හම්බ වෙලා තියෙන්නේ?

    ReplyDelete
  3. උබට පික්සුද බනියෝ :D

    ReplyDelete
  4. ඒකනම් නියම දඩයම

    ReplyDelete
  5. නොදෝකින් තෝ.... කොටියම කාපිය..

    ReplyDelete
  6. මුල්ම පාරටයි හා හාමිට කමේන්‍ටුවක් කොටන්නේ........

    ඔය රජතුමා බීලද දන් නෑ ඉදල තියෙන්නේ නේ....
    :D :D :D

    ReplyDelete
  7. සක්විති රජුන් හමුවේ - නැත හිස නමා! :D

    ReplyDelete
  8. රජතුමාද බනියද බීලා හිටියේ...

    ReplyDelete
  9. වල් හාවුන්ව වලහාම තමා‍ කන්න ඕනෙ..

    ReplyDelete
  10. කොටියම කාපිය කිව්වලු... හොඳ දඩයම

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.