Friday, September 9, 2011

සැම්සං අයියා..

අනේ මංදන්නැ.. ලියනවාට වඩා අමාරු කමෙන්ට් වලට රිප්ලයි කරන එක (කම්මැලිකම) :D

අදත් අවා ඔපයක් උස්සගෙන :DD මේක මේ නුවර අපේ අයියාලාගෙ ගමේ ඉන්න පොරක් ගැන.. අයියා කිව කතාවක් :D

අයියාගෙ වර්ක්ශොප් එක තියෙන්නෙ නුවර අහවල් ටවුන් එකේ තැනක.. ඒක ඉස්සරහාම ඉන්නවා අයියලා මල්ලිලා 3 දෙනෙක්.. කඩ කාඹර 3 ක එක එක දෙවල් විකුණනවා..

ලොකුම අයියා මොටර් ස්පෙයාර් පාට්ස්  (සිංහලෙන් කීවොත් වාහන අමතර කොටස්.)
දෙවැනියා වාහන බැට්රි..
තුන් වැන්නා ටයර්/ටියුබ්..

ඔතැන මොලෙ තියෙන එකම එකා තමා ලොකු අයියා.. ඒත් හැමදාම බයිට් වෙන්නෙත් පොරමයි :D

ඔන්න අපේ අයියයි තව යාලුවො සෙට් එකකුයි අර අංකල් එක්ක කතා කර කර ඉන්නවාලු.. ඔතැනට එනවාලු අර සැම්සං අයියා.. සැම්සං අයියා කවුද කියලා අපෙ අයියා අදුරනවාලු.. එත් අර කඩේ අංකල්ට මීටර් නෑලු මේ කවුද කියලා.. (එයා අයියලා ඉන්න ටවුමේ කඩෙ දාන උන්නාට ඉන්නෙ පිට පලාතක)

 මේ සැම්සං කියන්නෙ ලොකේ කාලා කෙල ගහපු බුවෙක්ලු.. දැන් අයියලා ටිකත් ඉන්න නිසා අංකල්ව බයිට් කරන්නත් එක්ක ගොලුවෙක් වගෙ කතා කරන්න ගත්තාලු..

අංකල්: මොනාද මහත්තයා ඔනි ?

සැම්සං: ලොලාලාලිඕලාලඕලාලා

අංකල්: මොනා ?

සැම්සං: ලාලලිඕලාලාලිඕ ඕ ඕ (හස්ත මෘද්‍රාවෙන් පෙන්වනවාලු ඔනි දේ)

අංකල්: ස්ටීරිං විල් එකක්ද ?

සැම්සං: ලාලාලලිඕඕලාලිඕලා..

අංකල්: ස්ටිරින් වීල් නම් නැ මහත්තයා..

සැම්සං: ලාලාලිඕඕලාලිලෝඔලා..

අංකල්: බලහල්ලාකො පුතේ මේ #### මොනවා ඉල්ලනවාද මංදා.. මට තෙරෙන්නැනේ :-/ (මේක මහ හයියෙන් කියලා.. ගොලුවන්ට ඇහෙන්නෙ නැ කියලානෙ හිතන්නෙ) :D

අපේ අයියලාට මැරෙන්න හිනාලු :D

සැම්සං: ලාලාලිලොලලාලිසලාලාලොලා..

අංකල්: ආ ස්ටිරිං වීල් කවරයක්ද ඔනි ?

සැම්සං: ලාලාලාලාලිලාලාඕඕ :D

අංකල්: ආ මෙන්න (අංකල්ට හෙන හැපීලු ඉතිං.. ගොලුවෙක් එක්කත් කතා කරනේ) :D

සැම්සං: ලාලාඕඔලාලිඕඔලා ? (අරකේ ගාන ඇහුවාලු)

අංකල්: රු:0.00/= දෙන්නකො..


සැම්සං: මොකක් ? බුදු අම්මො...!!! ගනන් වැඩි නැද්ද ?



අංකල් බනිනවාලු සැම්සංට පලු යන්න :D

............................................................................................................................................................

ඔන්න දවසක් සැම්සං ගියාලු කතරගම.. තනියෙම ගිහින් තියෙන්නෙ මොකක්ද වැඩ වගයකටත් එක්ක..

ඉතිං මූට යන ගමන් අවාලු කක්කා බරක් (කක්කා කියන්නෙ කැත කතාවක් නෙවෙනෙ :D)

ඉතිං ඔන්න මෙයාගෙ වෙලාවටම කැම කඩේක නැවැත්තුවාලු  බස් එක.. ඉතිං මේ පොර දුවලා ගිහින්
වැසිකිලියක පැලපදියම් උනාලු.. දැන් නිදහසේ වැඩෙ කරගෙන එළියට අවාලු (හෝදගෙන) :D

ආච්චි ගහයි ෆුට් බොලෙන් කිවාලු.. බස් එක ගිහින්..!!

දැන් මුට හෙන අප්ස්ට්ලු.. කක්කා බර නිසා කලබලෙට බැග් එකත් බස් එකෙ දාලා ඇවිත් තියෙන්නෙ.. දැන් අතේ සල්ලිත් නැලු.. කරකියා ගන්න දෙයක් නැතිව ඉන්න කොට පයින්ම ගිහින් බස්ටැන්ඩ් එකට.. ගිහින් කල්පනා කර කර ඉන්න කොට.. ලොකු බැග් එකක් එහෙම එල්ල ගෙන.. අවුරුදු 26 විතර කොල්ලෙක් ඉන්නවාලු..  ඔන්න මූට හෙන පොයින්ට් එකක් පැදිලා.. කොළඹට පැන ගන්න..

මූ දන් ගිහින් ගොලු බාසාවෙන්ම අර කොල්ලාට කියනවාලු වෙච්ච සිද්දිය..
මූ කියලා තියෙන්නෙ.. කොළඹ ඉන්න එයාගෙ නංගිගේ දූට කටයුත්තක් බලන්න ආපු ගමන් මේ අකර තැබ්බෙ උනා කියලා.. ඒ පාර කොල්ලාගෙන් විස්තර එහෙම අහලා.. මු කියනවාලු පුතා හොද කෙනෙක්.. අපෙ දූටම ගැලපෙනවා.. යංද ඇහුවාලු කොළඹ.. දූව පෙන්වන්න..
දැන් කොල්ලාට සෝ හැපිලු.. ආයෙ ඉතිං ඇවිල්ලාම අඩ ගහද්දි කවුද බැ කියන්නෙ.. අනික කොළඹ වැඩට යන්න ඉන්න එකා.. එච්චර අමාරුවකුත් නැනෙ.. ඉතිං ඔන්න දෙන්නා බස් එකකට නැග්ගාලු.. වෙන්ඩ නැයා නිසා.. නොන්ඩි වෙන්නත් බැනෙ.. කොල්ලා කොළඹට ටිකට් දෙක්ක අරං.. සැම්සං ට පට්ට හැපිලු..
දැන් ඔන්න කොළඹට එන කම්ම ගොලුවා වගේ කතා කර කර එනවාලු.. ඔන්න දැන් කොළඹටත් ඇවිත්.. දැන් සැම්සං කියනවාලු.. කොල්ලාට.. මට චූ බරයි.. මං චූ කරලා එන්නම් ඔතැනම ඉන්න කියලා.. කොල්ලත් හා කියලා කිවාලු.. සැම්සං ටොයිලට් එක පැත්තට යනවා වගේ ඇවිල්ලා.. දුවලා ගිහින් නැග්ගාලු නුවර බස් එකකට.. :D

සැම්සං කියන්නෙ හෙන ප්‍රසිද්ද පොරක්.. නුවර ඔනි එකෙක් අදුරන ඩයල් එකක්.. ඉතිං බස් එකෙ උනුත් අදුරනවාලු.. මු සිං එක කිවාම .. නිකන් එක්ක ඇවිල්ලා නුවරට :D

අනේ අර කොල්ලාට අබ සරණයි :D


ඉතිං මෙහෙම පොරවල්ලත් ඉන්නවා සමාජෙ.. සැම්සංට වැරදිලා හරි කතා කෙරුනා නම්.. අර කොල්ලාගෙන් කන්න පුලුවන් හම්බානෙක :D

ඒ වගෙම .. ඔනිම කතාවක් කියන්න පුලුවන්.. චුට්ටක්වත් හිනා වෙන් නැතිව.. ගිය පාර නුවර ගියාම අයියා පොරව මට පෙන්නුවා.. දැක්කාමත් හිනා යනවා.. මාරම ඩයල් එකක් :D

එහෙනම් අපි කැපෙනවා..
PirateBunny

11 comments:

  1. බඩ අල්ලගෙන හිනා උනා මේක කියවලා... අදහන්න වටින පොරක්නේ... :D

    ReplyDelete
  2. සැම්සං කාරය එල බුවෙක්නෙ...

    ReplyDelete
  3. අඩෝ අර උඩු රාවණගෙ වගේ සැම්සන් සීරීස් එකක් දාපන්කො... ෆට්ට නෙ.

    ReplyDelete
  4. සැම්සන් තමා සැම්සන්... බනියා උඹේ නෑයෙක්වත්ද බං පොර?

    ReplyDelete
  5. සැම්සන් = බනියද දන්නෙ නෑනේ?

    ReplyDelete
  6. සැම්සන්ට තියෙන්නේ බනියගේ මොලේද? බනියට තියෙන්නේ සැම්සන් අංකල්ගේ මොලේද? දෙවනි සීන් එකේනං බනියගේ ප්ලෑනක් වගේම තමා.....

    ReplyDelete
  7. අනේ පව් අර කොල්ලා... ඌ තාම මග බලාගෙන ඇති...

    ReplyDelete
  8. නුවර පැත්තේ ඉන්නේ ඔය විදිය රජ මිනිස්සු තමා :D

    ReplyDelete
  9. සැම්සන් කියන්නෙ බනියාය..බනියා කියන්නෙ සැම්සන්ය..මගෙ ෆෝන් එක සැම්සුන්ය..

    ReplyDelete
  10. අබේපාල මාම ට අහු උනොත් සැම්සන් නුයි බනියෞඉ එක්කෙනෙක්ද කියල පෝස්ට් එකක් දාන්න බැරි නෑ... පට්ට කතා ටික.. වෙන නැද්ද බන්

    ReplyDelete
  11. මදෑ ඒ කොල්ලා කෙල්ලෙක් බලන්න යන්න හිතුවා. මෙහෙමත් මෝඩ කොල්ලො. පාරෙදි හම්බුණ මිනිස්සුන්ට වගතුගක් හොයන්නෙ නැතුව දෙන්න කෙල්ලො ඉන්නවද කියලා කල්පනා කරන්න එපැයි මුලින්ම.

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.