Wednesday, August 17, 2011

හාවාගේ අප්සට් ආදරෙ.. x5

හලෝ ළමායිස්....!! ආවා හාවා :D 
                මේක මේ හිට් වැඩි කරගන්න ලියන කතාවක් හේම නෙවේ ඕං.. මගේ කුලුදුල් ප්‍රේමයේ ඇත්ත තතු කියන්න හදන්නෙ.. කුලුදුල් කිවාට කුලුදුල්ම නැ :D අර කටට බ්‍රේක් නැති ඔහේ දොඩවන රත්තා (aka රත්ගගමයා/ඉරුවා) කියන්න වගේ.. කොච්චර බොලද උණත් ආදරෙ මාර විදියට මාර්කට් කරන්න පුලුවන් (මාර්කට් = හිට්ස්)

සෝ  මාත්  මේ හදන්නෙ මගේ ආදර කතාව කියලා දාන්න.. :-D

ඇත්තම කිවෝත් ගැණු ළමයි 5 දෙනෙක්ට මං කැමැත්තෙන් උන්නා :D (එක වර නෙවේ)
එක්කෙනෙක් ඉන්දියං.. අනික් 4 දෙනාම ශ්‍රී ලාංකීය..
සැයූ : මේ හැමොගෙන්ම මං කැමැත්ත ඇහුවා :D

 මුලින්ම ඉන්දියං ළමයා.. යාලු වෙලා මල් කඩ කඩ ඉදලා.. එක පාරටම කැමති නැ කියලා නිකා උන්නා.. (boot නියමය)

දෙවැනි ළමයා.. මල් කඩ කඩ ඉදලා.. වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා තිබ්බා..

තුන් වෙනි කෙනා.. සිංගල්ව ඉන්න ඔනි කිවා..

හතර වෙනි කෙනා.. මොකක්දෝ හීනයක පැටලිලා.. ඇහුවා විතරයි බැ කිවා.. :D

පස් වැන්නා හා ලාස්ට් කෙනා.. එයා නම් අලුත්.. :D පොරොන්දුවක් නිසා.. එයත් බැ කිවා.. :D

සෝ...හාවා සතුටිං වාසය කලා..!!! :D


මේක කියවලා.. අහිංසක හාවාගේ හිත තැලෙන ආකාරයේ කොමෙන්ට‍ වැටිලා තිබ්බොත්.. මං නරක හාවා කියන්න එපා හරියේ..!! :D

පාලී: ඇබැර්තු ඇත..!!!


නැ:පා:ලි: මේ දවස් වල හාවා ග්‍රීස් ගාගෙන රට පුරා යනවායැයි අසත්‍ය කතාවක් පැතිරිලා යමින් පවතී.. ඒ මං නොවන බව කරුණාවෙන් සලකන්න.. මා දුටු තැන මට නොගසන්න..!

හෙනම් මං කැපුනා.. :D ටටා

හැමදාම පික්සු නටන මං
piratebunny

..

23 comments:

  1. මේ නිකමටයි අහන්නෙ.. ඔය ඇබෑර්තු ඇත තැනින් මගේ නමත් පොඩියට දාගන්න බැරිවෙයිද බොලේ :D

    ReplyDelete
  2. හාවා ග්‍රීස් ගාගෙන ගෙවල් වලට පනිනා කතාව සහතික ඇත්තය කෙල්ලන් 5 දෙනෙක්ම මේකාට කැමති නෑ කියා ඇත්තේ මූ ග්‍රීස් යකෙකු බව දැන‍ගැනීමෙන් පසුවය හාවාගෙන් ප්‍රවේසම් වන්න

    කෙල්ලන්ගේ අවදානය සදහා :
    මේ වල් හාවා අහිංසක කෙල්ලන් දැලේ දමා ගැනීම සදහා සහෝදර ප්‍රේමය යැයි පවසමින් මුලින් බටර් ගානු ලැබේ පසුව සහෝදර කෑල්ල ඉබේම හැලී යයි මේකාගේ මෙවැනි උගුල් වලට හසු නොවන්න

    ReplyDelete
  3. හික්ස්...ඇබෑර්තු ඇත කියලා මුලින්ම දාන්න තිබුනේ.

    මටනං පේන්නෙ හිට්ස් වැඩි කරගැනීම නොවුණත් වෙනත් කුපාඩි යටි අරමුණක් හාවාගේ හිතේ තියෙනවා. හික් හික්!!

    ReplyDelete
  4. අදාල කෙනා දකිත්වා...අර විදේශයේ කෙනා...
    :))

    දැක්කෙ නැතත් මම ලින්න්ක් එක යවන්නම්...
    ග්‍රීස් හාවා...
    කොල්ලෙක් දෙන්නද උඹට?

    ReplyDelete
  5. ethakota ara pakisthan kellata mokai wenne hawo

    ReplyDelete
  6. කොමත් ඉතින් වල් හාවානේ.. තව 15ක් විතර කතා ලියන්න ලැබේවා!!

    ReplyDelete
  7. අනේ මන්දා ඉතින් බනියෝ මොනා කියන්නද ඉතින්...හෙහේ...

    ආහ් ඔයාත් ග්‍රිස් ගාන් යනවද හතර වටේ..අනේ සංසාරේ...

    ReplyDelete
  8. අම්බෝ.........පහක්! පෙනේද මුගෙ _ල් කම

    ReplyDelete
  9. http://tlr.thelastrow.net/2011/08/10/%E0%B6%9A%E0%B7%9A%E0%B7%80%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-4/ මේකෙ ඉන්න තරුණ හාව මේකම වෙන්න ඇති.

    ReplyDelete
  10. බෝල බනියෝ, ආදර කතා මෙහෙම කෙටියෙන් ලියන්නේ නෑ..දැන් එක එක අරං උදාහරණ සහිතව පැහැදිලි කරන්න!

    ReplyDelete
  11. අනේ පව් අප්පා, හිටහං මමවත් එක්කෙනෙක් හොයල දෙන්න.(මේ තියන විදියට ඒ පිනම ඇතිවෙයි මට නිවං යන්න)

    ReplyDelete
  12. හාවො මටත් ඕනි ඔතන ඇඩ් එක දාන්න. කීයක් ගන්නවැයි?

    ReplyDelete
  13. උඹේ ලවු ගැන අපි කතා නොකර ඉන්න තරමට උඹේ ඇඟට ගුණයි. මේ බං හාවෝ.. කොම්පූටරේ රිංගගෙන කෙල්ලෝ හොයන්නෙ නැතිව ගෙදරින් එලි බැහැලා කෙල්ලෙක් හොයා ගනිං.. :D

    අනික.. ග්‍රීස් හාවාට මොකටද දැන් කෙල්ලෝ......... :P :P

    ReplyDelete
  14. දැන් අර ගාල්ලෙ කොටුවෙදි හම්බ උන කෙනාද 5වෙනිය... ආ බං ග්‍රීස් හාවො ??

    ReplyDelete
  15. පස්වැනියානං ඉන්නෙ බයේලු ඈත අතීතෙ උඹවගේ ග්‍රීස් හාවෙක් ගෙං උන කරදර නිසා.

    (උඹට අහන්න තිබ්බෙ හා නං හා කියන්න, බැරිනං ඒත් හා කියන්න වගේ දෙයක්, එතකොට කොහොමත් හා නෙ?)

    වර්ණපාල තියරිය වැඩ නොකල තවත් එක් අවස්ථාවක්***

    ---------------------------------

    @පොඩිමෑනෙ

    අපි පව් කියලා නිකා හිටියට මුංම මඩ අරගෙන ගාගන්නවානෙ. ඔන්න ඔහෙ අර ප්ලෑන් කරපු මට ටිකත් ගහලා දාමු බං.

    ReplyDelete
  16. හාවා මල්ලි ඔය ඇබෑර්තු තියෙනවා කියන තැනින් මගේ නමත් හිමිහිට දාගන්න බැයිද ? මට පහක් ඕනේ නෑ එකක් තිබ්බම හොදටෝම ඇති. හික්ස් :)

    ReplyDelete
  17. 5ක් වැඩි නැද්ද හාවෝ?හාවා මුස්ලිම් එහෙම් නෙමෙයි නේ ?

    ReplyDelete
  18. යකෝ බලං යද්දි මූ හා තාත්තෙක්නෙ.. =))

    ReplyDelete
  19. අනේ අම්මප මට මේ C#, .net දාන්න කියන හාවා දාන පොස්ට් නේ

    ReplyDelete
  20. හිකිස්.. හපෝ ඔයා හය දෙනාටද හලෝ ට්‍රයි කරේ.. මට නම් සුවර් නෑ,..

    ReplyDelete
  21. try and try one day you (we) can fly :D

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.