Friday, August 26, 2011

අයියාගෙ මල ගම..


--
එක කුසයක උපන් නැතත්
තිබ්බෙ එක උස මහතක්..
උන්නෙ අයියා මල්ලි වාගේ..
ගාල්ලෙ අපේ ගම හොල්ලං

පල්සර් බයික්කයක් අරන්
දුන්නා උඹේ මහ එකා..
හිතන් නැතිව ඉන්නට ඇති..
ඒ උඹේ අවසන් වාහනේ කියා..

කාල කන්නි දොර දෙකේ බසයේ
මැද්දෙ හිර උන පල්සරෙට
හිතක් තිබ්බෙ නැහැ හිතන්ට...
උඹ අහු වෙයි රෝදෙට කියා..

කකුල උඩිං අතක් උඩිං..
බස් එකෙ රෝදය ගියා..
දොස්තර වරු ඇදක් උඩක
පැය ගානක සටනක් කලා.

කාල කන්නි මාරයා විත්
උඹේ හුස්මත් ගෙන ගියා..
අපිට තිබ්බ එළ බොක්කක්..
නැති වී තුන් මසකුත් ගියා..

තුන් මාසේ බන තිබ්බාලු
අද හැන්දැ වරුවේ හතට..
මං ගියේ නැහැ ඒ පැත්තට..
දුක දරන්න බැරි හින්දම..

මට හැකි නම් මගේ පන කද..
දෙන්නට තිබ්බා උඹ හට..
අපේ අම්මාට මල්ලී ඇත..
ඒක හින්දා අවුලක් නැත..

උඹට උන්නෙ නංගී විතරයි..
අම්මත් දැන් ලෙඩ ගානේය..
නංගීට හැකි වේවිද හෙට..
රැක ගන්නට ඒ පිං කඳ..

මට කල හැකි එකම මගුල..
බැද ගන්නවා නුඹෙ නංගිව..
රැක ගන්නට දෙමා පියං..
මගේ ඇහැක් ලෙසට යසට..!!




තනි ඇහැට අඩන
PirateBunny


.

16 comments:

  1. අන්තිම කවිය තමා ඇල්ලුවේ නැත්තේ.. මොනා වුනත් දුක තමා..!

    ReplyDelete
  2. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි

    ReplyDelete
  3. දුක හිතෙන පෝස්ට් එකක් උනත් අන්තිමට හාවගෙ වල් කම එලියට පැනල... අයියට නිවන් සුව..!!!

    ReplyDelete
  4. ඇයි බන් පල්සර් එකක්ම උදාහරනෙට ගත්තෙ..මාවත් බය කොරා මූ :(

    ReplyDelete
  5. මූ නම් මහම මහ ******නෙ. මළගේකින් හරි ප්‍රයෝජන අරගෙන මඟුලක්කර ගන්නනෙ මූ යන්නෙ..කැත හිත..

    ReplyDelete
  6. ආ........ ආ........ අන්තිමටම පැන්නේ නැද්ද බනියා මල්ලෙන් එළියට........ :)

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්......

    ඔක්කොම හොඳයි අර අන්තිම කවිය නැත්නම්. මොනවා උනත් මල්ලි ඒ අයියා වෙනුවෙන් ඒ පවුල බලාගන්න හිතුව එකත් මදෑ.

    ReplyDelete
  8. අවසානයේ ඇත්තම හාවා හෙලිවිය....

    ReplyDelete
  9. දුක හිතෙන කතාවක් දුක හිතෙන කවියක් වෙලා. නියමයි බනී මලේ..

    ReplyDelete
  10. ඕක නංගී දැක්කොත් තව මලගෙයක්...

    ReplyDelete
  11. නංගිවත් හාවෙක් බැඳගන්නවා කියන්නෙ ඒ දෙමව්පියන්ට දුවත් නැතිවුණා වගේ වැඩක් තමා..

    ReplyDelete
  12. අයියා සිරාවටම මාරයි...
    අයියා හිතපු විදිය හරි....

    ඇඩෙන කවි ටික

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.