Sunday, August 21, 2011

දානේ ගෙදරකදි කල යුතු හා නොකල යුතු දැ..

මේක මේ මං හුග කාලයක් තිස්සෙ ලියන්න උන්න එකක්.. අපි අහිංසක.. හැදියාවක් තියෙන.. තරුණ මහලු ළමයි විදියට.. දානේ ගෙයක් තුලදී.. සංවරව හා.. විනීතව හැසිරෙන්නෙ, ඒ වගේම දානෙ ගෙයක් තුලදි කල යුතු හා නොකල යුතු දේවල් තියෙනවා.. අපි බලමු ඒ මොනාද කියලා.. ..!!



කල යුතු දෑ..

01. දානෙ ගෙදරට යැමට පෙර සීනි 1kg හො ඒ වගේ දෙයක් කඩෙන් ගත යුතුය.
02. බෙර සද්දය ඇසෙන දිසාවට හො.. දානය පැවැත් වෙන තැනට යා යුතුය..
03. ගෙනාපු දේ (සීනි කිලෝ එක etc) දානේ දෙන ගෙදර කෙනෙක්ට දෙන්ටොන..
04. අනිවා දානය වැලදිය යුතුය..!
05. ඩෙසට් එකට බඩේ ඉඩ තියා ගතයුතුමය..!
06. වහාම.. ගෙදර පැමිණිය යුතුය (කාපු බීපු තැන් වල මැස්සෙක් වත් ඉන්නැ)


නොකල යුතු දෑ..

01. සීනි 500g ට වඩා අඩු ප්‍රමාණයක් ගෙන නොයා යුතුය..
02. හාමුදුරුවන් වැලදීමට ප්‍රථම දානය අපි නොවැලදිය යුතුය..!
03. සුප් කියා, හාමුදුරුවෝ අත හේදූ කොප්පයේ ඇති දෑ නොබිය යුතුය..!
04. කන්ද වගේ බත් පිගාන නැති විය යුතුය..
05. ඩෙසට් ජාති 3-4 ක් නොකා සිටිය යුතුය..
06. ශබ්ද පුජාව කරන නලා කරු ඉදිරියේ.. දෙහි වැනි දෑ නොහපා සිටිය යුතුය..!
07. ශබ්ද නගා කතා නොකර යුතුයි..
08. කුස්සිය පලාතෙවත් නොයා යුතුය..!
09. කිසිදා වාහනයකිං දානෙ ගෙදරට නොයා යුතුය.. (වෑන් වගේ)


අනේ මංදා.. ඔන්න ඔව්වා පිලිපදින්ටකො.. සමාජෙ ඉන්න වැදගත්ම පුද්ගලයෙක් වෙන්න හැකි.. :D
මං යනවා ටටා..!
Pirate Bunny

13 comments:

  1. හි හි :P අනිත්වා තේරුනත් නොකල යුතු 6 වෙනි එකනං තේරුනේ නෑ

    ReplyDelete
  2. අම්මප.. ඊළග පාර ඉදල අකුරටම කරනව!

    අහ්.. මේ..තවඑකක්.. ඇහැට කනට පේන ගෑනු ලමයි එහෙම හිටියොත් මොකද බන් කරන්නෙ? :D

    ReplyDelete
  3. හය වෙනි එක තේරෙන්නේ නැහැනේ

    ReplyDelete
  4. දානයේ ආනිසංස කියා දේශනා කරන බණ නොඇසිය යුතුය.

    ReplyDelete
  5. තොපේ ගෙදර ආයේ දානයක් ද?

    ReplyDelete
  6. මූ දාන මරුවෙකි..අවට අය මුගෙන් දාන ප්‍රෙව්ශම් කරගන්න...

    ReplyDelete
  7. සුප් කියා, හාමුදුරුවෝ අත හේදූ කොප්පයේ ඇති දෑ නොබිය යුතුය..!හිකිස්...බනිය සිරාවටම එක පාරක් හරි වැරදිලා ඕක බිව්ව නේද..?? හිකිස්...

    ReplyDelete
  8. හැබෑට හයවෙනි එක තේරුනේ නෑ නේ......?????

    ReplyDelete
  9. මම නම් දන්නවා හයවෙනි එක මොකක්ද කියලා....

    අපිට කවුරුහරි ඇඹුල් කනවා දකිනකොට මොකද වෙන්නෙ...

    කටට කෙල උනනව නේද එතකොට නලා කාරයා කොහොමද නලා ගහන්නෙ......

    අපේ මාමාලා පොඩිකාලෙ මලගෙදරකදී බැනලා එලවලා තිබ්බා... ට්‍රම්පට් ගහන එවුන් ඉස්සරහා සියඹලා කන්න ගිහින්....

    ඔය වැඩෙත් හරියට අර බල්ලො ජරා කරන්න යද්දී කරනවා වගේ වැඩක්...

    ReplyDelete
  10. ඒ මල්ලි මේ නොදන්න දානේ ගෙවල් වල සීනි අරන් යන්නැතුව ඉන්න. අනික සියල්ල අත්දැකීමෙන් කියපුව වෙන්ටෝන.......

    @ පොඩ්ඩා

    අහක බලන් එන්න. දානේ කන්න ගියා මිසක් මනමාලියෝ බලන්න ගියේ නැහැනේ..... පී....

    ReplyDelete
  11. මේකෙ කතෘගේ ගෙදර දානෙට ලිටර් 4 අයිස්ක්‍රීම් එකක් ගෙනියනවා නම් රැට පිරිතට බල්බ් වැල් 10කුත් දාල දීල එන්න වෙනවා ගුටි නොකා එනවා නම්.

    හැකි තරම් කතුවරයා සමඟ කතා නොකරන්න. කන දේ හැකි ඉක්මනින් කන්න මොකද බලන් ඉන්නදෙද්දි කැම කතුවරයා විසින්ම අරන් යාවි.

    ReplyDelete
  12. අර ඩනිෂ්ක අයියා කියලා තියෙන දේ තමයි මං හිතන්නෙ කළ යුත්තේ :D

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.