Tuesday, August 9, 2011

හින්ඤංකිතර රස කතාවක්

එක්ස්කියුස්මි.. මාතෘකාව කියවන්න ගිහින් හක්ක පන්න ගන්න එපා...!!!

         වැඩි වල් පල් නැතිව ශොර්ට් කතාවක් කියලා දාන්න අවේ.. මෙව්වාට නම් හිනා යන්නෙ නැහැ තිං.. ඒත් පොඩී ආදර්ශ කෑල්ලක් තියෙනවා ජීවිතෙට ගන්න ඔනි..!!

මේක මට අහන්න ලැබුනේ අද දවාලේ.. කල්හාර මලයයි, ඒකා එක්ක අපු මෙමරි අප්සට් කොල්ලෙක් එක්කයි.. කතා කර කර ඉද්දි..

ඔය වල්හාරයා.. ඌප්ස් සොරි සොරි.. කල්හාර මලයා ඇදන් අපු කොල්ලා ගැන වචන දෙක තුනක් කියන්න ඔනී.. මැන්ස් පොලිසියේ පෙට්ටි කඩලා කියලා මොකක්දෝ ආන්දෝලනාත්මක කතාවක් යනවා (මොකද මං දිහා අමුතු විදියට බලන්නෙ :P) නැ මං කිවේ පොලිස් බයික් එකේ පෙට්ටිය කඩලා කියලා..
ඔක වෙලා තියෙන්නෙ පාරෙ යද්දි ට්‍රැෆික් බයික් එකක අර කිව කොල්ලයි උගේ යාලුවයි හැප්පිලා.. ඉතිං පොරගේ සිහිය විකල් වෙලා..

 පොලිසියෙදි : සර් මාව හැප්පිලාලු
 අයියට : අයියේ මාර සීං එක.. මාව හැප්පිලාලුනේ..
 ඩොක්ටර්ට : අනේ මං දන්නැ ඩොක්ටර් මාව හැප්පිලාලු..
ඔක්කොම ලු ලු ලු... :D

හොදම ආතල් එක තමා.. මුව හැප්පිලා ගෙදර ගිහින් දාපු කල්හාරයාගෙන් අහනවාලු.. මචං උඹ කවුද ?
:D :D

ඉතිං මේ ඔය කොල්ලා කීව කතාව..
මේ ඉන්නෙ කල්හාර උගේ දඩුමොණරයත් එක්ක හා
ලෝක යුද්ද කාලේ භාවිතා කරපු හෙල්මට්ටුවක් සමග..
       ඔය කොල්ලාගේ අයියා බයික් හදන මැන් කෙනෙක්ලු.. ගාල්ලෙ ප්‍රසිද්ද ආයතනයක්.. (මට නම් නම මතක නැහැ :D)  ඉතිං අපේ කල්හාරයා ගේ දඩුමොණරය වගේ තියෙන චැලියෙ (aka හැලිය)  මොකක්දෝ ලෙඩක් ඇවිල්ලා ඕක හදා ගන්න ගියාලු.. බැලින් නම් එන්ජින් එක ඇතුලේ ටයිමින් චේන් එක ඇජෙස් කරන්න තියෙන වීල් එක මිසිං ලු.. දැන් හැම තැනම හොයලා තිබිලාම නැහැ..
       මේන් එක පාරටම අර අයියා ට මල විකසිත වෙලා ශුද්ද හෝඩියේ අකුරු 75 ම කියවගෙන කියව ගෙන බයික් එක කලිං හදපු එකාට බැනන් බැනන් යනවාලු..
පස්සෙ බැනලා බැනලා ඉවර වෙලා....

 අයියා : කවුද මල්ලි මේ බයික් එක කලිං ගලවපු #බලදාරියා විසිං කපා හරින ලදි# ?

 කල්හාර : මං අයියේ...

අර අයියා කටිනුයි පස්ස පැත්තෙනුයි හැම තැනින්ම හිනා වෙනවාලු බඩ අල්ලං :D

ඉතිං ගන්න තියෙන ආදර්සෙ තෙරෙනවානේ ? තැන නොබලා කතා කිරීම තමා..


-------------------------------part 2----------------------------------------

මේක මේ රේඩියොවකදි ඇහිච්චි කතාවක්..

ඔන්න කොල්ලෙක් කඩේකට ගිහින් මුදලාලිට කියනවාලු.. මුදලාලි.. මට හූනු බිත්තර සත 5 දෙන්න කියලා.. ඉතිං ඔය හූනුබිත්තර තියෙන බෝතලේ රාක්කෙ උඩමලු තියෙන්නෙ.. ඔතන්ට මුදලාලි උස නැලු.. ඉතිං මුදලාලි ගේ ඇතුලට ගිහින් ස්ටුල් එකක් අරන් ඇවිල්ලා.. ඒක උඩට නැගලා බෝතලේ අරන් හූනු බිත්තර සත 5 ක දුන්නාලු.. දීලා ස්ටුල් එක තිබ්බ තැනම තියලා ඇවිත් ඉන්න කොට.. 
           ඔන්න අර වගේම ආයේ කොල්ලෙක් ඇවිල්ලා අර විදියටම හූනු බිත්තර සත 5 ක ඉල්ලුවාලු.. මුදලාලිත් ඉතිං ආයෙමත් ස්ටුල් එක ගෙනැල්ලා.. කලිං විදියටම හූනු බිත්තර සත 5ක දීලා කොල්ලාව යැව්වාලු..
         ඔන්න ආයෙත් කොල්ලෙක් ඇවිල්ලා ආයෙම ඉල්ලුවාලු.. ඉතිං අර උඩ විදියටම කරලා.. ඒ කොල්ලාව පිටත් කරලු..
ඉතිං මේක මල කරුමයක් නිසා ස්ටුල් එක තිබ්බ තැනින්ම තියෙන්න ඇරියාලු..

ඔන්න ආයේ කොල්ලෙක් ඇවිල්ලා අහන්නත් කලිං  මුදලාලි අහනවාලු.. ආ පුතාටත් හූනු බිත්තර සත 5ක ඔනිද කියලා.. කොල්ලා කියනවාලු නැ එපා මුදලාලි කියලා.. මුදලාලිටත් හරි සතුටුලු.. ඉතිං අර ස්ටුල් එක ආයෙම තිබ්බ තැනින් ගිහින් තියලා ඇවිල්ලා අහනවාලු.. පුතාට මොනවද ඔනි කියලා..
අර කොල්ලා කියනවාලු..
                මුදලාලි මට හූනු බිත්තර සත 10 ක දෙන්න කියලා..!! :D


ලියන්නට දෙයක් නැති තැන
 කාලය කාල දැම්ම මං
PirateBunny෴.

.

21 comments:

  1. ඔව් ඔව් හාවො ඔය මෙමරි අවුල් යන වැඩේ ඇත්ත. මාත් පොඩි කාලෙ බයිසිකලේ හැඬල් එක ඕනිමද කියල බලන්න ගිහින් පතබෑවිලා ඔලුව වැදිලා සිහිය ඇවිල්ලත් පැය 3-4 ක් යනකන් මෙමරි ලොස්.
    හූනු බිත්තර කතාවත් ෆට්ටයි ඈ...

    ReplyDelete
  2. ඉල ඇදුනා හිනා වෙලා.බනියෝ අර සිහි විකල් කොලුවා උඹවත්දෝ කියල මට හිතෙන්නෙ ඇයි බං.මට එහෙමමයි හිතෙන්නේ :D

    ReplyDelete
  3. monawa unath maru katha deka bunny..pattai...ara aiya kohomada danne na neda ahawal thanen hina une?? :P

    ReplyDelete
  4. සයිබර් අවකාශයේ තවත් මඩ වලියක ආරම්භය මෙසේ සනිටුහන් වූ වගයි... ගයාන් බනියට මඩ ගහයි බනියා ගයාන්ට මඩ ගහයි :P

    ReplyDelete
  5. මගේ යාලුවෙක් කාර් එක බැම්මක හප්පගෙන අර බයික් එක හැප්පුන පොරට වගේ වෙලා තිබුණා. දඩ හැප්පිල්ලක් හැප්පුනත් පොරට කිසි තුවාලයක් නෑ. හැබැයි සතිගානක් යනකම් මූට කිසිදෙයක් මතක නැතිව හොඳ ආතල් දුන්නා. ඉස්පිරිතාලේ ඇදේ ගැට ගහලා තිබුණේ ඌව :D

    ReplyDelete
  6. ඒක නෙවෙයි ප්‍රශ්නෙ. අර ෆොටෝ එකේ තියෙන සිලි කවරෙ කියෙන්නෙ බීම බෝතල්නෙ. වෙන්න බැරි වැඩක් එල්ලන් ඉන්න මනුස්සයගෙ හැටියට.

    හැබැයි කල්හාර අයියත් සාම්ප්‍රදායික යතුරුපැදි ධාවකයෙක් වගෙයි. අපේ උන් හෙල්මට් දාන්නෙ ඔලුව බේරගන්න නෙවෙයි පොලිසියෙන් බේරෙන්නනෙ. මේ පැත්තෙ අර බිල්ඩින් හදද්දි වැඩකරන අය දාන හෙල්මට් දාගෙන බයික් පදින උනුත් ඉන්නව.

    ReplyDelete
  7. පව් බං අර අහිංසක වල්හාරිය.කෝක උනත් ඌත් උඹ වගේම හිත හොඳ එකා..
    කතා දෙකනම් පට්ට.

    ReplyDelete
  8. හෙහ්...... ෆට්ට පලවෙනි කතාව.
    දෙවනි එකත් හොඳයි නරකම නෑ.... දන්නවද අර මෝඩ හාවගෙ කතාව...ටිකක් ඔය වගේ

    හාවෙක් හාඩ්වෙයා එකකට ගිහින් "මුදලාලි කැරට් තියනවද කියල ඇහුවලු" මුදලාලි කීවලු "අනේ හාවො මේක හාඩ්වෙයා එකක්නෙ මේකෙ කොහින්ද කැරට්" කියල හාව ගිහින් ටික වෙලාවකින් ආපහු ඇවිත් "මුදලාලි කැරට් තියනවද කියල ඇහුවලු" මුදලාලිත් ඉතිං "අනේ හාවො මේක හාඩ්වෙයා එකක්නෙ මේකෙ කොහින්ද කැරට්" කියල හාව ආපහු යැව්වලු. ඔහොම හතරපස් වතාවක්ම ඔහොම වෙලා මුදලාලියට මල පැනල කීවලු "හාවෝ අයේ මේ පැත්ත පලාතෙ ආවොත් එල්ලනවා" කියල.... හාවත් හෙන අප්සට් එකෙන් ගිහින් ආපහු පාරක් ආවලු.. ඇවිත් ඇහුවලු "මුදලාලි මුදලාලි ලනු තියනවද කියල..." දැ මුදලාලිට අවුලක් නෑලු ඇයි මේකා කැරට් නෙමේ නෙ ඉල්ලුවෙ. ඉතින් මුදලාලිත් කීවලු "හාවො ලනුනම් අද ඉවරයි කියල"....හාවත් පොඩ්ඩක් දුරට ගිහින් ආපහු ඇහුවලු "එහෙනං මුදලාලි කැරට් තියනවද කියල"

    ReplyDelete
  9. ලස්සනම ලස්සන පෝස්ටුවක්....බනී ... දිගටම ලියන්න....

    ReplyDelete
  10. මේ ආරම්බවන මඩ වලට නිදාන කතාව ඇත්තෙ... ගාල්ල බ්ලොග් කරුවන්ගෙ එකමුතුවෙදි වෙච්ච පොඩි සින් කෝන් එකක්....

    පොඩි මෑන් තවම මේ දෙස උපේක්ෂා සහගතව බලා සිටියි...

    ReplyDelete
  11. අපේ බනියා හැර තවත් බනියෙක් ඉන්න ව එහෙනම් . අපේ අවුරුදු පහේ බනියටත් මේ දවස් වල කියන්නේ පයිරේට් බනි . මොකද මේ දවස් වල තාත්තත් එක්ක පයිරේට් කතාමයි බලන්නේ . තාමත් හුණු බිත්තර තියෙනවද බනියෝ. අපි පොඩි කාලේ හරි ජනප්‍රිය කෑමක් .

    ReplyDelete
  12. මටත් ආසයි හූනු බිත්තර සත 15 ක කන්න.

    ReplyDelete
  13. හිහ්... මරු කතා ටික බං..අර චැලියේ කතාව නම් පට්ට.

    ReplyDelete
  14. හිකිස්... කල්හාර මලයට වුන වැඩේ නම් මරු... හී හී

    ReplyDelete
  15. ඊට පස්සේ මුදලාලි කොල්ලව හූණු බිත්තරයක් කලා ලූ.

    ReplyDelete
  16. මොනා උනත් ලේ නම් ටිකක් පිරිසිදු උනා. =))

    ReplyDelete
  17. බනියා ඇත්ත කියන්න.. උබට නේද ඕක උනේ :D

    ReplyDelete
  18. මල්ලිටත් ‍වෙන වැඩ කිව්වලු...........හික්ස්.......

    ReplyDelete
  19. මෙහ් මටත් මුදලාලිට කියල හූනු බිත්තර ටිකක් ඉල්ල ගන්න බැරිවෙයිද බන්? :D

    ReplyDelete
  20. ඉල ඇදෙනවා ,, හිනාවෙලා නියමයි ...කොහෙන්ද මේවා හොයාගන්නේ ..

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.