Tuesday, June 28, 2011

blog එකේ හිට්ස් වැඩිකරගැනීමේ ක්‍රම සහ විධි

මේක මගේ ඔලුවට ආවේ.. අර මලින්තයාගේ කතාවක් එක්ක.. මායි සුදාරක මලයයි (අර චූටි එකා) එක්ක ටිවිටර් එකේ පොඩි සද්දයක් දාගෙන ඉන්න කොට..

වැඩේ උනේ මෙහෙමයි.. සුදාරක ගේ ටිවිට් එකකටයි මගේ ටිවිට් එකකටයි.. මලින්ත දාලා තිබ්බා..
මෙන්න මෙහෙම..
Malinthe Samarakoon

අපි 1ක ඉදන් යං...

01. බ්ලොග් එකක් අටව ගතයුතුය.. ටෙම්ප්ලට් එක බලන එකා අංඤකොරොස් වෙලා යන්න තියෙන්ටොන

02. මෙකේ ඇඩ් 100-200 දැම්මට අවුලක් නැත. (කියක් හරි එනවා නම් මොකද නේද ? ) :D

03. පොස්ට් වල නම් එච්චර ගුණාත්මක බවක් ඇවැසි නැත.. (අලුත්ම ක්‍රමේ ඔය බයිලා ගහපු බ්ලොග් එකකිං සුරුස් ගාලා හොරකම් කරලා දාන්නත් පුලුවන්..නැත්නම් google කරලා, එක්කෝ yahoo සර්ච් පාරක් දාලා මොකක් හරි සොෆ්ට්වෙයාර් කැල්ලක විස්තර එක්ක තඩී පොටො එකක් දැම්මාම මදැ.. ඔන්න පොස්ට්)

(වැදගත්ම ටික)

04. කාගේ හරි බ්ලොග් එකක් අල්ලලා හොදට බැනලා පෝස්ට් එකක් දාන්න..

05. බ්ලොග් ලියන උන්ගේ, අඩුපාඩු, සොශල් මිඩියා වල අඩුපාඩු දාලා පොස්ට් එකක් දාන්න

06. බ්ලොග් ලියන උන්ට ඇනෙන්න පොස්ට් එකක් දාන්න (මෙක නම් සුදාරකයාගේ ප්‍රර්්‍යේශණත්මක වචනයක් :D )

07. තමන්ගේ ආගමේ තියෙන අඩුපාඩුවක්.. හෝ මොකක් හරි ජනප්‍රිය කතාවක වචනයක් දෙකක් සැරට ලියලා.. දාන්න..

08. තමන්ගේ දුක කියලා ඇඩෙන පොස්ට් එකක් දාන්නත් පුලුවන්. Eg: අනේ මට ලියුකේමියාව වගේ ලු මං මැරේලු :'( (අන්න ඒ වගේ)

09. නිලියකගේ මොකක් හරි ඕප දූපයක් හොයලා දාන්න, ඔය කවුරු හරී ජනප්‍රිය නිලියක් ඔඩෙල් බැග් එකක් අරන් පාරේ ගියා කියලා කිවත් ඇති..  (උඩ කියපු සියල්ලට වැඩියෙන් හිට්ස් එනවා ඒකට)

10. වැදගත්ම දේ මාතෘකාව.. මාතෘකා වලට උදාහරණ ටිකක් දෙන්නම් එවාගෙන් ඉගෙන ගන්න

 i  ආදරය   (ඔබමයි මගේ ජීවේ දාලා යන්නැ වස්තුවේ)
 ii  බුට්      (ඔබට හොද නම් මට මොකද)
 iii  රාගය   (ගැනියෙක් සමග සංසර්ගයේ යෙදිනි) 
 iv හැකින්     (ආතල් එකේ හැක් කරමු) (හැක් කිරිල්ල හෙවත් මරාගෙන කෑම)

11. තියෙන හැම බ්ලොග් එකකම කමෙන්ට් එකකිං ඔයාගේ බ්ලොග් එකේ URL එක දාගෙන යන්න (මරා ගන්නවා බලන්න මේ පැත්තට එන්න) අන්න ඒ වගේ

12. අල්ලපු ගෙදර එකා හරි කමක් නැ සුරුට්ටුවක්, බීඩියක්, ගන්ජා etc.. බොනවා දැක්කොත්.. සුරුස් ගාලා ඔයා කැරැක්ටර් එක මාරු කර ගන්න......
ඒ කියන්නෙ           අල්ලපු ගෙදර "මිනිහා = ඔයා" වෙන්න ඔනේ... ඔන්න දාන්න පොස්ට් එකක්.. මේක බීවා.. අරක බීවා කියලා.. හිට්ස් ඒවි නාන්න...

13. මංත්‍රී මාමා කෙනෙක් හරි රටේ ලොක්කෙක් හරි කරපු හොද දෙයක් ගැන දාන්නත්

14. කුණුහරුපෙන් තමන් හරි ඇනෝනිමස් කමෙන්ට් එකක් දාගන්න..


ඉතිං මේ ටික මදැ.. මේවා කරලා බලන්න.. ආයේ කියන්න දෙයක් නැ.. අවුරුදු ගානක පලපුරුද්ද මත ලියපුවා මෙවා..  හිට්ස් ඒවි එපා කියන්න..  :D


මේවා ලිවා වගේ නෙවේ.. බනියාට මරණ තර්ජනත් එන්න තියෙන මෙව්වා එක වැඩියි.. මොකද මං දැක්කා සුදාරක මලයා අර මලින්තගේ ටීවිට් එකෙන් පස්සෙ මෙන්න මෙහෙම දාලා තිබ්බා.. :D


Supun Sudaraka
අම්මටහුඩු වෙනව. මගේ ඊළඟ පෝස්ට් 10 ඇතුළත ඒ වගේ එකකුත් ලියනව. ;)
 
 
PirateBunny..෴ 
 
.

36 comments:

  1. මම නං මේ වෙනකල් හිට්ස් තියෙනවද අරක ද මේකද බලන්නේ නෑ.... වෙලාවක් ලැබුණොත් ලියනවා.... නැත්නම් නිකන් ඉන්නවා (පහුගිය කාලෙම නිකම්ම තමයි ඉඳලා තියෙන්නේ...) කෝහොමටත් උඹේ ලිපිය ගොඩක් අයට වැදගත් වේවි.... (අනේ පල මැට්ටා යන්ඩ...)

    ReplyDelete
  2. ඇති යන්තං වැදගත් දෙයක් ලියන්න හිතුනා..දැන් මේක නිසා හිට්ස් කීයක්‌ වැඩි වුනාද? :P

    ReplyDelete
  3. බොහොම වටිනා ලිපියක්.මේ සම්බන්දව අපිව දැනුවත් කිරීම ගැන බොහොමත්ම ස්තූතියි!

    ReplyDelete
  4. බනියා හොඳම එක ලියලා නැහැනේ.. ඒකත් දාන්න.. "හිට්ස් වැඩි කර ගැනීමේ ක්‍රම" කියලා පෝස්ට් එකක් දාන්න කියලා :D :D අන්තිමට කියන්න අපිටත් හිට්ස් කීයක් වැඩි උනාද කියලා :P

    ReplyDelete
  5. මේවට අහුවුන කාලේ පහු වුනේ නැද්ද බනියෝ?? දැන් මීට වඩා දියුනු ක්‍රම ඕනෑ

    ReplyDelete
  6. එල එල එල.... සුපිරි වැඩ සෙට් එක.. ලොල්ය....

    ReplyDelete
  7. යකෝ උඹේ අනික් පෝස්ට් වලට මීට වඩා කමෙන්ට්ස් තියෙනව නේ :-D

    ReplyDelete
  8. ඔන්න එහෙනන් බනියගෙ මාර්ගයේ යන්න මමත් තැත් කරනවා!

    ඕයි බනී කොල්ලො උබ දැන් මේ පැත්තෙ ගැවසෙනවා අඩුයි, අපිත් නාකයි හොදේ!

    අඩෝ මට ලියුකේමියාව නෑ හරිය! මමත් කොළඹ හරිය!

    අඩේ මම දැක්කා බනියා ඔඩෙල් බෑග් එකක් අරගෙන යනවා!

    (බනියො එහා ගෙදර එකා බලු බෙට්ටක් කනවා වගේ දැක්කා මට ඒක දාන්න ලැජ්ජයි ලැජ්ජ්යි වගේ බං)

    අපේ තාත්තා ජන්දෙටත් කලියෙන් හොද සමාජ සේවකයෙක් තාමත් එහෙමයි!

    *කුණුහරුපයක්* එන්ට එපා බනී ඔව්වට!

    බූට් කාපු කොල්ලෙක් මරාගෙන මැරෙන හැටි බලන්න! (www.goldzone-tc.blogspot.com)

    හොදයිද බං මගේ පොරොග්රස් එක??

    ReplyDelete
  9. ගොඩක් වටින ලිපියක්. මාත් අනුගමනය කරලා බලන්නඕනේ වැඩේ කොහොමද කියලා.

    හරි ගියොත් තුති නැත්නම් ගුටි !!!!!

    බනියත් ඉදලා ඉදලා දාන්නේ මාරම පෝස්ට් නේ.

    ReplyDelete
  10. " ii බුට් (ඔබට හොද නම් මට මොකද)"

    මේක ලාමක වැඩිනෙ බන්. මේක දාපන් මෙන්න මෙහෙම.

    "තොට හොඳනම් මට මොකෝ"

    ReplyDelete
  11. අර යොහාන් කණිෂ්ක කිව්ව කතාවනං මල් මසුරං...
    අදනං කල්ල මරේ වගේ නේද බනී..?

    මොනවා උනත් කමක් නැහැ මාත් මේකේ හෙඩිම දකිනකොටම දන්නවා මොකක්ද අරමුණ කියලා..ඒත් කමක් නැහැ කියලා ආවේ මොනවා උනත් දන්න දවසේ ඉදලා තොගෙ එක ලිපියක්වත් අත නෑර කියවන හින්දා..නැත්තංනං පුතේ ඔය උඩ උඹ කියලා තියෙන ජාතියේ පෝස්ට් එහෙක ඉව වැටුනත් මං නෙවේ එහෙම ඒවට රිංගන්නේ..කොටින්ම උම මේ ලියපු එකේ හෙඩිම දැක්ත් මම වට පාරෙන් යන්න යනවා..ඒත් මේ අපේ වලානේ..අහ් සොරි සොරි..අපේ හාවානේ..

    වලි සහ බලි බලන්න යන්න මූණු පොතේ හාවා හොයාගෙන...

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. උබ ඕවා කරන එවුන්ට බැන බැන, මෙහේ පෝස්ට් දාලා අනුබල දෙනවා මේවා කරපන් කියලා... අනේ අනේ බනියෝ.. :P

    ReplyDelete
  14. හිට්ස් වැඩි කරගන්න නම් හිට්ස් වැඩි කර ගැනීම ගැන ලිපියක් ලියන්න. මේ වගේ..

    ReplyDelete
  15. එල ලිපියක් බනී.වැදෙන තැන්වලට රිදෙන්න වැදිලා තියනවා.
    මම ගැන කියනවා නම් මම කමෙන්ට්ස් එනවා නම් කැමතියි.නාවා කියල අවුලකුත් නෑ.හිට්ස් එනවා නම් කැමති.නාවා කියල විශේෂ අවුලක් නෑ.මම බ්ලොග් ලියන්නේ විනෝදෙට.ඒ හින්දා බොලොග්ගෙ ෆේමස් කරගැනීමේ උණකුත් නෑ..

    ReplyDelete
  16. තෝ අපේ රෙදි ගලවන්නද බොල හදන්නේ?

    ReplyDelete
  17. ලිපියනම් එල නියමයි. මේ වගේ ලිපි ලියන උන්ට අය නොලියන්න ලියලා තියෙනවා එල කිරි නියමයි ආ

    ReplyDelete
  18. ඔය ලිපියේ තියෙන හැම වැඩක්ම මම කරනවා මටම වගේ ලියලා තියෙනෙත් :D

    එන්න මගේ වැඩ බලන්න.
    http://sadaru-world.blogspot.com

    ReplyDelete
  19. දැන් ඕවා කරලා අයියට හිට්ස් වැඩි වුනාද අයියා :D

    ReplyDelete
  20. දැං එතකොට හිට්ස් කිලෝ එකක් උපරිම කීයකටද දෙතහැකිද?

    ReplyDelete
  21. බනියා හෙන හින්ට් පාරක් ගහුවා වගේ මටනං පේනනේ.... බනියාගේ තියරිය එදත් පාවිච්චි කලේ නෑ ඉස්සරහට පාවිච්චි කරන්නෙත් නෑ... ඒක නිසා මට හිට්ස්සුත් නෑ හි හි

    ReplyDelete
  22. අම්මපා මසුරන් ක්‍රම සහ විධි ටික! ඇයි ඉතිං තව තියෙන්නේ පෝස්ට් එකක යටින් හරි උඩින් හරි "මෙන්න මේක තමයි අරක.. මාරයි ඈ..." වගේ වාක්‍යයකින් බ්ලොග් එකේ පරණ පෝස්ට් එකකට ලින්ක් එකක් දාන එක?

    ReplyDelete
  23. "blog එකේ හිට්ස් වැඩිකරගැනීමේ ක්‍රම සහ විධි " කියල පෝස්ට් එකක් දාන එක ඉහත කරුණු ඔක්කොටම වඩා Powerful වගේ.. :D

    ReplyDelete
  24. ඔය කියන ඒවා කරලා මහ පොලවේ පය ගහලා වැඩි කල් ඉන්න පුළුවන් වෙයිද මන්ද. එක නෙමෙයි බනියෝ උඹෙත් මූණුපොතේ ලයික් බට්න් එක වැඩ නෑ. පොඩ්ඩක් බලපන්. මමත් අප්ඩේට් කරාට පස්සේ ඔහොම උනා.

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. හිකිස්.. කියලා දුන්නට බොහෝම ස්තූතියි.. කරලා බලලම ප්‍රථිඵල කියන්නම්..

    ReplyDelete
  27. ඔක්කොටම වඩා හොඳයි අනුන්ගෙ ඇද හොය හොය ඉන්නවාට වඩා තමන්ට වැඩක් කරගත්තා නම්. මොකද අරම බ්ලොග් ලියන්න ඕන මෙහෙම බ්ලොග් ලියන්න ඕන කියලා නීතියන් නෑනේ. අනිත් එක උබලට ඕන ඕන විදියට බ්ලොග් ලියන්න කියලා කොහෙද තියෙන්නෙ.

    උබලාට ඕන නම් කියවපල්ලා. නැත්තං අ* පාරක් ගහලා නිදාගනිල්ලා...

    "කිරිල්ල හෙවත් මරාගෙන කෑම)"

    ලොල්...

    ReplyDelete
  28. පලවෙනිඑක මට නේද බොල කිව්වේ හාවෝ..!!!
    අනිත් ටිකත් කරන්ඤ බලන්ඤම්..D

    ReplyDelete
  29. අනේ මන්තරකාරි ලඟදි මැරෙයි... හිකිස්...
    මේ ටික කරලවත් හිට්ස් වැඩි කර ගන්න බලන්න ඕනෙ...

    ReplyDelete
  30. @jeew :D :D කෑවා නේද ලනුව ලස්සනට ? :D

    @Deeps ගණනය කරමිං ඉන්නෙ තාම :P

    @නදී. ස්තූතියි.. යමක් ගත්තා නම් මට සතුටුයි :P :D

    @ලේන් කණී: හික් හික්.. ලොකු හිට් ගානක් තියෙනවා මචං :P :D

    @bckurera: නැනැ තාම මෙවාට අහු වෙනවා.. කරලා බලන්ට :D

    @ADK කොලුවා එළ එළ :D :D

    @ම: යකෝ 7 වෙනි කමෙන්ට් එක උඹ දාලා තියෙන්නෙ.. බෙරිහන් දෙන් නැතිව බලං ඉදිකු :D

    ReplyDelete
  31. @මලියා : ඇත්තටම අද සතුටු දවසක්.. පාටී දීලා මදි මල්ලි.. පොරොග්රස් එක නම් සිරාවටම වෙලා තියෙනවා.. :D :D

    @මධුරංග : හික් හික් ඉට්ටූටියි.. කරලා බලලා අර මලියා වගේ ප්‍රෝග්‍රස් එක කියන්න අපිට :D

    @අනුරාධ: ආ හැබැව :D ඒක නම් යසට ගැල පෙනවා :D

    @අනුරාධ: ගියා ගියා :P

    ReplyDelete
  32. @මාරයාගේ හෝරාව: අනේ පල මාරයියයේ යන්න.. උබ තියෙන හිට් ටික වැඩි කරගන්න මේක දැකලා අවා මිස.. මේ මට ආදරෙකට ආපු එකක්යැ.. මං නොදන්න මල්වාරයා :D :D

    @maduonline කටද ඩෝ අනුබල දුන්නෙ ? :D :D

    @පිණිබිඳු... ඔව්වොව් අනිවා :D

    @තීර්ථ යාත්‍රිකයා: උබ විතරයි මචං මේක තෙරුම් අරන් තියෙන්නෙ.. :D

    @prasanna86k : ඉකේ මං එහෙම ලැජ්ජ නැති වැඩ කරනවද ? :D

    ReplyDelete
  33. @Nadun Ranaweera ස්තූතියි මචං..

    @දේවා: හික් හික්.. ඉතිං හිට් වැඩි උනයි ? :D

    @පූසා: පික්සුද මල්ලි.. මොන හිට්ද.. :D

    @budhajeewa ම්ම්ම්ම් දැන් වෙළද පොලේ මිල නම් දන්නැ මචං :D

    @කිඩෝ: හින්ට්? පික්සුද මල්ලි.. මං එහෙම කරනවද ? :D

    ReplyDelete
  34. @hare :-) අයියා.. අම්මපා මට ඒක අමතක උනානෙවැ :D

    @ගයන්ත: ඒ හැට ලාබයක්ම නැ මචං :P :D

    @චාම්: අපේ මලේ මහපොලවේ බැරි නම් හදේ හරි ඉන්න මං ඉඩ හදලා දෙන්නම්කො :D (ලයික් බටැන් එක වැඩ නෙවැ..)

    @චතුර: එළ එළ අපිටත් ප්‍රැග්‍රැස් එක කියන්ටකො :D

    @-HacKrisH- | -හැක්ක්‍රිෂ්- ඉතිං මහත්තෝ තොප්පිය දාගත්තාට මං මක්කා කොරන්ටද ? ඇහ් ? නරක වචන නම් පාවිච්චි කරන එක එච්චර හොද නෑ නේද ? නේ ?

    @හිරු එළිය.. අපෝ ෆික්සුවක් ඇතැ..? :D

    @මන්තරකාරි ශහ්.. දානයක් :D :D කරලා බලන්ටකො :P

    ReplyDelete
  35. bunnyath hits wadi karagena thiyenne me post eken :P

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.