Saturday, June 25, 2011

බනියාගේ අල වුනු හීනය..

මේක මේ නින්දෙදි දැක්ක හීනයක් නෙවේ.. හැබැහින් දැක්ක එකක්..  කතාව කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැහැ .. එත් කියලා දාන්ටොන.. පොඩි හිත් කලකිරිමක් එක්ක තමා මෙක ලියන්නෙ..

ඔන්න බනියා දැක්කා FB එකේ කොකා කොලා සමාගමෙන් කරණ තරගයක්.. ඔකේ දිනුවාම දෙනවා කිවේ සැම්සුං කම්පැණි එකේ ගැලැක්සි ටැබ් කියන අලුත්ම ෆොන් එකක්ද සාක්කු මැසිමක්ද මොකක්ද මංදා තඩි ගැජට් එකක් :D ඔවා ඉතිං බනියාට මැජික් හා හීන නිසා.. ආසාවේ බැරි උනා..

ඉතිං තරගෙත් හරිම ලේසි එකක් වගේ දැක්ක නිසා බනියත් එන්ටර්ද සීං... ඉතිං බනියාට ඔනේ උනේ කවුරුවත් නොකරපු දෙයක් කරන්න.. තරගෙට අනුව ඔනේ කොකාකෝලා එකක් බීවාම Brrrrr වෙන දර්ශණයක් පොඩි කාලයක් ඇතුලත.. ඉතිං හැමෝම කරලා තිබ්බෙ ඇත්ත මිනිස්සු දාලා බර්ර්ර් ගාපු එක..

මං ඉතිං තියෙන පන්ඩිත කමට කල්පනා කරලා කල්පනා කරලා හිතුවා මේක කරන්න ඔනේ ස්ටොප් මොශන් වලින් කියලා.. ඔය ගැන ලිපියක් කලින් අනුරාද අයියා දාලා තිබ්බ නිසා ඔකේ ආශාව තවත් වැඩි වෙලා තිබ්බෙ :D

ඉතිං ඔන්න ඊලගට පොඩි අවුලක්.. ස්ක්‍රිප්ට් එකක් නැ.. ඒ සිංහලෙන් කිවේ කතාවක් නැ කියන එකටමයි :P

ඉතිං අයියන්ඩිට කිවාම ඌ කිවා මෙහෙම කරමු කියලා.. කොහොමද..

ඔන්න කාන්තාරයක් වගේ පැත්තක.. මනුස්සයෙක් යනවා වාහනයක් තල්ලු කරන්.. තල්ලු කරන් යන්නෙ වාහනේ කැඩිලා නිසා නේ.. ඉතිං මැන්ස්ට හරි මහන්සියි.. දැන් මෙකාට පෙනවා ලොරියක් එනවා.. එකට අත දැම්මාට.... බ්ලා බ්ලා බ්ලා.. විඩියෝ එක තියෙනවා කියලා අමතක උනානේ :D එකෙන් බලලා කතාව තිරණය කරන්න...

මං කියන්නම් ඔය මගුල හදපු විදිය..

අවශ්‍ය ද්‍රව්‍ය :

01. කම්බී  (හොදට නැවෙන එවා වෙන්ටොන, ගෙදරට කරන්ට් එක එන වයර් එකේ ඔය කම්බි තියෙනවා.. එහෙම කියලා ඒ වයර් එක ගලවන්න යන්න එපා.. අර හැමෝම බනින "ලංවීමේ" ලොරිය අවාම කැල්ලක් ඉල්ල ගන්න.. :D

02. රෙදි සෙලෝටෙප් (ප්ලාස්ටර්)

03. කතුරක් (කම්බි කතුරෙන් කපලා ගුටි කැවාට මං නම් නැ ඔන්න)

04. අඩුවක් (උල් අඩුවක් නම් වටිනවා)

මෙවා තමා ක්ලේ කියන්නෙ ;)
05. ක්ලේ   (අර මොන්ටිසෝරි යන කාලේ අපි නයි හදන්නෙ :P අන්න එව්වා)

ක්ලේ වලට හඩැ වැඩ දාන්න කුරු කැලි (ඔක ක්ලෙ පෙට්ටියටත් ලැබෙනවා, මං ගත්තෙ ඉස්කුරුප්පු නියනක්)

මෙහෙමයි හදන්නෙ.......

        මුලින්ම කම්බී කැලි අරන් මනුස්සයාගේ ඇටසැකිල්ල හදාගන්න ඔනේ.. ඊ ලගට ඕක සෙලොටෙප් වලින් මහත් වෙන්න ඔතා ගන්නවා.. මං ගත්තෙ ඒකට අර තුවාල උනාම ගොස් තියලා අලවන සෙලොටෙප් ජාතිය.. එව්වා රෙදි නිසා ක්ලේ හොදට අහු වෙනවා.. (කතුරෙන් අර සෙලොට්ප් කැලි කපා ගන්න ;-)

දැන් කටු බොඩි එක හරි



ඊ ලගට කරන්න ඔනේ ක්ලෙ වලින් සියුම්ව අපිට ඔනි කරන මනුස්සයාව ගොඩ නගා ගන්න එක..










මගේ රූම් එක :D



චරිත ටිකේ ඔක්කොම වැඩ අවසං කල පසු..
ආලෝක පද්දතිය


ඊ ලගට අපි හොද බැග්‍රවුන්ඩ් එකක් හදාගන්න ඔනේ.. මං නම් ගත්තෙ ස්ටුල් එකක්.. ඊලගට ක්ලේ වලින්ම ගහක් හැදුවා.. අතු හොලවන්න ලේසි නිසා.. ;-)  තව වලාකුළු දෙකකුත් හැදුවා ක්ලේ වලින්ම..

ආයේ හොද ආලොකයක් ඔනේ නැත්නම් මෙලෝ රහක් නැහැනේ :P මං ඒකට ගත්තෙ පොඩි අක්කාගේ ටෙබල් ලෑම්ප් එක :D (ඔයත් සහොදරයෙක් ගෙන් ඒක දවස් කීපයකට හොරකම් කරලා බලන්න... මං වගේ ගුටි කන එකක් නම් නැහැ :P)

දැන් හරි ඔක්කොම. ඊ ලගට කරන්න තියෙන්නෙ.. අපේ  ත්‍රීපාදෙට කඩ්ඩෙන් කිවොත් ට්‍රයිපොඩ් එකට.. අපේ කැමරාව සෙට් කරගෙන.. සෙට් කරලා.. අර අපි හදා ගත්තු රූකඩ.. පොඩ්ඩ පොඩ්ඩ චලණය කරමින්.. පොටො එක බැගින් ගන්න..

දැන් හරියට කරන්න නම්, ඒ කිවේ තත්පර 30 ක විඩියොවකට නම් පොටොස් 500 ක් වත් ගන්න ඔනේ..  (මම 600 කට වඩා ගත්තා)

ඊ ලගට කරන්න තියෙන්නෙ පොටොස් ටික මැශින් එකට අරගෙන එකට එකතු කරලා විඩියොවක් විදියට හදලා.. අවශ්‍ය නම් සවුන්ඩ් කැලිත් දාලා.. එළට හදා ගන්න එක තමා.. :D
මෙකට මං ගත්තෙ ඇඩෝබී ප්‍රිමියර් කියන එක.. ඔයලාට පුලුවන් ජනෙල් වල එන වින්ඩොස් මුවි මෙකර් උනත් පාවිච්චි කරන්න.. (මට නම් එක දිරවන්නැ වැඩිය)
 නැත්නම් සිනෙරෙල්ලා කියලා නිකං දෙන එකක් තියෙනවා.. 

දැන් ඔක්කොම වැඩ අවසං.. මෙන්න ප්‍රතිඵළය.... ටරා... :D



ඉතිං මං මෙකට සති දෙකක් විතර නැහුනා.. :D කොම හරි අප්ලොඩ් කාරිය කරලා තරගයට තිබ්බා.. අෆොයි.. ජිවිතේ එපා කියවුනා.. මෙල් එකක් එනවා.. මෙක තරගයට ගන්න බැහැ කියලා, මොකද තරගයේ රුල්ස් වලට අනුව මිනිස්සු දාලා කරන්න ඔනිලු,... හෆොයි.. ගිය නුවන ක්‍රෙන් එක්ක දාලා අදින්නයැ..  :-/

මොනා කරන්නද බොම අමාරුවෙන් හිත හදාගෙන නිකං උන්නා.. ඉතිං අද තරගයේ ජයග්‍රාහකයින් තොරලා තිබ්බා.. හොද විඩියෝ එකට මුල් තැන ළැබිලා තිබ්බා.. ඒ ගැන සතුටු වෙනවා මං.. :D

මොනා උනත් කොකාකොලා එකට පිංසිද්ද වෙන්න මට මේක කරන්න ආස හිතුනානේ :D

ඉතිං මට සතුටුයි (ඔය කිවාට පොඩ්ඩක් දුකයි අර ගැජට් එක නැති උන එක ගැන) :P :D

ඉතිං ඔයාලත් කරලා බලන්න.. අමාරුනැ වැඩේ.. :D අවුලක් ගැටලුවක් නම් අමතන්න.. ජය වේවා..!!



BugsBunny..෴

..

51 comments:

  1. මම මූණු පොතේදිත් කිව්වනේ ඕක අපතේ ගියේ නෑ. ඕකෙනෙක් උඹ කොච්චර දේවල් ඉගෙන ගත්තද?

    ReplyDelete
  2. ඒකනේ බන් බොට අර මොකක්ද එක ලැබුනෙ නැති වුනාට හොද අත්දැකීමක් ලැබුනනේ..
    ඊලග පාර පෙප්සි වලින් මොකක් හරි කරොත් ඒකටත් දාපන් කෝක් වලට කෙල වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන....

    ReplyDelete
  3. මේ කොකාකෝල් කවුද බං ගණන් ගන්නේ.. ගහපංකෝ ෆිල්ම් එකක්ම දැන්..

    ReplyDelete
  4. ඒ බනියො මේක නම් සිරාම සිරා බන්..විඩියො එකත් පට්ට..මචන් උඹ මේක ලොකෙ හැම තැනම තියෙන හැම කොකා කොලා එකකම හැම මාකර්ටින් සෙක්ශන් එකකටම මේල් කරපන්,..හැබැයි ෆුල් විඩියො එක එකපාර දෙන්න..මට හිතෙනව කාට හරි හිත යයි කියල..ඔන්න මම උන්න නම් අනිව උඹට ලක්ශ 50 ක් විතර ගෙවල මේක ගන්නව..ඇත්තටම සිරා බන්..මිනිස්සු දාල කලාට වඩා පට්ට..උඹ මාර දක්ශයි මචන්..පැන්ඩාගෙ ප්‍රණාමය.අනික පොටො 600 ක් චුට්ට චුට්ට වෙනස් කර කර ගහන්න කොච්චර ඉවසීමක් තියෙන්න ඕනිද..අම්බො...

    ReplyDelete
  5. දුක් වෙන්න එපා.ඔයා කොච්චර දේවල් මේක හදන්න ගිහින් ඉගනගනද බලන්නකො.

    ReplyDelete
  6. ගනන් ගන්න එපා බනියෝ..කොච්චර දෙවල් ඉගෙන ගත්තද??? මමත් ඔය ව්දිහට පොටොස් වලින් විඩියොස් හදලා තියෙනවා.බලපු එවුන්ට ගානක් වත් නෑ.හැබැයි පොටොස් 600ක් නම් නෙවයි. උපරිම 100යි. ඉතින් ඔයා මෙකට ගත්ත මහන්සියමට ගැන මට හිතා ගන්න පුලුවන්.. නවතන්න එපා දිගටම එ වගෙ නිර්මානත් කරන්න .. අගේ දන්න එකෙක් දෙන්නෙක් හරි එදිවි නේ.. :)

    ReplyDelete
  7. ආව් අයියා ඒ වීඩියෝ එක නම් පට්ටම තමා..ඔයා මෙච්චර වැඩ කාරයෙක් කියලා දන්නැහැනෙ.දුක් වෙන්න එපා ඔයා අත්දැකීමක් ලැබුවනෙ ඒකෙන්

    ReplyDelete
  8. සැලෙන්ට එපා බනියෝ..
    තරඟෙට නොදැම්මත් අත්දැකීම් කියන දේ වටිනවා..
    පැන්ඩා කීව දේ කරලා බලපන්...

    ReplyDelete
  9. වැඩේනං උපරිමයි. හොද අනාගතයක් තියෙනව.
    දුක් වෙන්න එපා මල්ලා.. අත්දැකීම් හරි වටිනවනේ.. හිතාගන්නත් බෑ මෙහෙම කලා කිව්වම. වීඩියෝව නියමයි.

    ReplyDelete
  10. පිලියන්දල පොලිසියSaturday, June 25, 2011 8:11:00 AM

    අදාරෙ කරන්න හිතන් පිරිත් අහන්න ගිය ගෙදර ළමයා කැමති නම් මේක මොනවා උනත් කමක් නැ නේද?

    ReplyDelete
  11. නුගේගොඩ පොලිසියSaturday, June 25, 2011 8:14:00 AM

    අහ් ඇයි නුගේගොඩ දරුවා :D

    ReplyDelete
  12. වාව් මරු විඩීයෝ එක ..ඇත්තමයි අර පැන්ඩා කිව දේ කරලා බලන්න බනියෝ..ඔයා ඇත්තටම ලස්සන වැඩක් කරලා තියෙනවා..අනික ඔයාට අර ගැජට් ටික නොලැබුනත් ලැබුනු අත්දැකිම් කොච්චරම වටිනවාද..ඔය දැනට මේ වගේ නිර්මාණයක් කරා නම් තව ඉදිරියට ගොඩක් ලස්සන නිර්මාණ ඔයාගෙන් බිහිවෙවි.. අර පැන්ඩා අයියා කිව්ව දේ නම් කරන්න බනියෝ අනිවාර්යෙන්ම පොඩි උත්සහයක් දරන්න..

    ReplyDelete
  13. දුක් වෙන්න එපා මලයා. මේ වැඩේට ඔයා කොච්චර නම් දේවල් කරලා තියෙනවද. ඒ සේරම නියමයි. තරගයට තේරුනේ නැති උනාට දුක් වෙන්න එපා.

    ReplyDelete
  14. හැක් හැක්.. නාඩා ඉදින්... මෙවුව එක නොලැබුනාට පට්ටා.. උබේ එක... ;)

    උබේ එක කිවුවෙ විඩියො එක හොදේ....

    ReplyDelete
  15. මේ වීඩියෝව මම කලින් දැක්කා..ඒත් මට තේරුමක් තිබ්බේ නැහැ හැදුවේ කොහොමද කියලා...මේක ලිව්ව එක ගොඩක් හොඳයි දැන් හැමෝම දන්නවනේ කොච්චර කට්ටක් කෑවද කියලා....සුපිරි වැඩක්!!

    ReplyDelete
  16. මේව්වනේ හැකියාව කියන්නේ බං. නියමයි බනියෝ.
    උබට ඔය තියෙන හැනියාව ඔප මට්ටම් කර ගනින්. උබට එතකොට ඔය ගැජමැටික්ස් නිකම්ම ගත්තෑකි.

    ReplyDelete
  17. hamotama me wage creative ideas enne naha.mama nam bunny mallige loku dakshthawayak dakinawa & eeka agaya karanawa.dinuwe nathi unata kamak na :)oya karala thiyenne harima lassana creation ekak.oya eeken dinala oyata ara galaxy phone eka labunath oyata me creation eka karata passe labuna sathuta labena ekak na .

    (mama naga ge akka :D)

    ReplyDelete
  18. අඩේ මැක්ස ඕයි.. අර ගැජට් එක වගේද මේ වී‍ඩි‍යෝ එක.. සුපිරි.. ඔන්න දැන් නම් මටත් එකක් හදල බලන්න හිතුනා :D

    ReplyDelete
  19. ගැලක්සි ටැබ් එක නොලැබුනාට බනියෝ මේ ගත්ත උත්සාහයෙන්ම සතුටු වෙන්න පුලුවන්... මේ විඩියෝ එකනම් ඇත්තටම පට්ට.. අලුත් අදහසක්.. මහන්සිය අපතේ ගියා කියල මම නම් හිතන්නේ නෑ..

    ReplyDelete
  20. අඩේ බනියා මාරයිනෙ..මොකද්ද අනේ මේකට මේ අල වුණු හීනයක් ගැන ටොපික් එකක් දාලා..දාන්නකෝ බනියාගෙන් සිරාම වැඩක් කියල...ඇත්තෙන්ම මේකනම් මාරම ලස්සනට හදල තියෙනවා ඇත්තමයි... :)))

    ReplyDelete
  21. ලස්සන ඇඩ් එක... පැන්ඩා කිව්ව වැඩේ කරලා බලමු... වැඩේ ගොඩ ගියොත් අර කිව්ව ගැජට් එකක් අරන් මන්තරකාරිටත් එකක් අරන් දෙන්න බැරිය...

    ReplyDelete
  22. බොහොම ලස්සන වැඩක්..නිර්මාණශීලි වෙනස් අදහසක්..නවතින්න එපා..මගේ විවෘත ආරාධනය මේකෙන් මියුසික් වීඩියෝ එකක් හදන්න

    ReplyDelete
  23. මේක මරු.. ඔයාට දැන් කට්ටිය දාලා ෂෝර්ට් ෆිල්ම් එකක් හදන්න පුළුවන්නේ...

    ReplyDelete
  24. බනියා වැඩේ සුපිරි! චරිතත් ටිවී එකේ දකින ස්ටොප් මෝෂන් කැරැක්ටර් වල සමානයි.

    ෆිල්ම් එකත් මරු!

    ReplyDelete
  25. මේ මචං. මේ අහපං. ඔය එක එක කොම්පැණි කාරයෝ අරක මේක කිව්වට ගනං ගන්න නාකයි. උඹ නොවැ දන්නේ හදන්න වෙච්ච මහන්සිය. මං නං ඒක අමුතුම අත්දැකීමක් වුනා. ඇත්තටම සුපිරි. මින්ස්සු දාලා කොරන එක ඔයිට ලේසිනේ බං. ඒ වගේ පොටෝ කෑල් හය හත්සීයක් මූට්ටු කරන එක. එක්කේ උං කලිං කියන්න තිබ්බා එව්වා ඔටුටු නෑ කියලා. ඒකෙං කාරි නෑ. උඹනේ ඕකේ නිර්මාතෘ.ඒ නිසා ඕක පෝට්ෆෝලියෝ එකට ඇඩ් කරපං. එතකොට ඒකටත් වටිනාකමක් එනවනේ.
    වැඩේ නං සිරාවටම ගින්දර. ජය වේවා!!!!!!!!

    ReplyDelete
  26. බනියා. ඇත්තටම කියන්නේ මල්ලි. සමහරුන්ට හැකියාව තිබුනට ඉවසිම නෑ. සමහරුන්ට ඉවසීම තිබුනට හැකියාව නෑ. ඔයාට ඒ දෙකම තියෙනවා නේ. සමහර විට මේ වීඩියෝ එක නොතේරුන එකත් හොඳකට වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ. තව මේ වගේ දෙක තුනක් කරලා ඔයාගේ ප්‍රොෆයිල් එකකට අමුණලා තියාගත්තා නං අද නෙමේ හෙට නෙමේ තව අවුරුදු දෙක තුනකින් හරි උඹට ගොඩ යන්න පුළුවන් කෝල් එකක් එයි කියලා මට නං ෂුවර්!!

    ReplyDelete
  27. මේකනම් සිරාවටම පට්ටයි....... කීප් ඉට් අප්...

    ReplyDelete
  28. මල්ලී . . මිනිස්සු ජීවිතේ වැරදීම් වලින් තමයි අලුත් දේවල් ඉගෙන ගන්නේ

    " විනාශයක බොහෝ වැදගත්කම් තිබෙනවා. සියලු අත්වැරදි දැවී ගොස් අවසානයි. දෙවියන්ට ස්තූති වේවා! දැන් අපට අලුතින් අරඹන්න පුලුවන්"

    මේ ජීවිතේ මල්ගේ අලුත්ම පෝස්ට් එකෙන් ගත්තු කෑල්ලක්.
    මෙහෙම කියන්නේ තෝමස් අල්වා එඩිසන්.

    උබේ මහන්සිය අපතේ ගියේ නෑ මළේ.

    මගේ තව ටිකක් කොල්ලා ලොකු උනාම මම ඌට මේක පෙන්නලා කියනවා කම්බි සහ ක්ලේ යොදාගෙන මිනිස්සු හදන හැටි.

    උඹේ ක්‍රියේටිවිටි එක නම් මැක්සා බන් . . . පට්ටයි . .

    පලමු පාරින් ජය ලබන්න බැරි උනාට දුක්වෙන්න එපා කොල්ලෝ . ..

    හෙට අලුත් දවසක් . .

    ReplyDelete
  29. අහ් අර පැන්ඩා කිව්ව දේ කරන්න අදම . . .

    ReplyDelete
  30. Your work is really creative. Keep up the good work.

    ReplyDelete
  31. පිස්සු කොරයි.. ෆට්ට ක්‍රියේටිව් බං....

    ReplyDelete
  32. කියන්න වචන නැත. සුපිරිය. අද මේකට තැනක් නැති වුනත් හෙට අනිව තැනක් ඒවි. අපේ ගොඩක් ප්‍රවීණ කියල කියාගන්න චිත්‍රපටි, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරු කරන මෝඩ චූන් වැඩ මේකෙ අහලකින් වත් තියන්න බෑ. අද උඹට ඔය කියන ගැජට් එක නොලැබුනත් හෙට ඒවගේ ඒව දහයක් උඹට ගන්න ලැබේවි මේක නිසා.

    ReplyDelete
  33. කියන්න වචන නැත. සුපිරිය. අද මේකට තැනක් නැති වුනත් හෙට අනිව තැනක් ඒවි. අපේ ගොඩක් ප්‍රවීණ කියල කියාගන්න චිත්‍රපටි, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරු කරන මෝඩ චූන් වැඩ මේකෙ අහලකින් වත් තියන්න බෑ. අද උඹට ඔය කියන ගැජට් එක නොලැබුනත් හෙට ඒවගේ ඒව දහයක් උඹට ගන්න ලැබේවි මේක නිසා.

    ReplyDelete
  34. බනියගේ කමෙන්ට් එක දිගේ මම ආයෙමත් මේ ආවේ . වීඩියෝ එක බලන්න සිග්නල් මදි නිසා ආපහු යන්න හැදුවා .. ඒත් කමෙන්ට් ටික දැක්කම මට උඹගේ ඇඩ් එක බලන්නම හිතුනා .

    අන්තිමට මම නාන්න යන අතරේ වීඩියෝව ලෝඩ් එව්න්න දාලා ගියා නාලා තේ බීලා එනකොට වීඩියෝව ලෝඩ් එවලා ඉවරයි ..

    කියන්න වචන නෑ හා කොල්ලෝ . පට්ටයි එලටම හදලා තියනවා .අනික් අය කියනවා වගේ .උත්සාහය අත අරින්න එපා උඹ පැරදුනේ නෑ නේ ! මේක බාරගත්තේ නැති එක උඹගේ වරදක් නෙවේ ..

    තව පට්ට පට්ට එවුවා හදන්න . උඹ ඉතින් කැමරාව එක්ක බුදියගන්න හාවෙක් කියලා මමත් හොඳටම දන්නවා . කොයි වෙලේ දැක්කත් කැමරාව එක්ක . බලහං ඒකෙන් උඹට වෙච්ච සෙතේ

    ReplyDelete
  35. එළ වැඩේ මචං. ගැලැක්සි ටැබ් එකද මොකක්ද එක නැති වුනාට කමක් නෑ බන්. උඹ ඒකෙන් උබට කරන්න පුලුවන් උපරිම කලානේ.

    තව දෙයක්. උඹ ඒ ඇඩ් එක කියවද්දි හරියට කියවලා නෑ කියලා පේනවා. ඉදිරියට ඒ ගැන සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

    ReplyDelete
  36. බැලුවම බනියා කම්මැලිමත් නෑ..

    ඔය චරිත ටික ඔය ගානට හදපු එකත් ලොකු දෙයක්..

    මේක ටිකක් බලන්න
    http://www.youtube.com/user/vodafoneipl

    ඕකත් කරල තියෙන්නේ ඔය විදියටම තමයි..
    ඉතිං උඹ කොහොම හරි ඒ විදියටම හදල තියෙනවා..

    ReplyDelete
  37. බනියො පරදින මිනිස්සු තමයි වැෆියෙන් දිනන්නෙ.. ඔයා දිනලා ඉවරයි.. කල කිරෙන්න නම් එපා. .තව ඕවා කරන්න. ඕවාටම තරග තියෙනවා...

    ReplyDelete
  38. අඩේ බනීස් අල වුනාට මේක පට්ටයි බං...

    ReplyDelete
  39. @පූසා: ඔව් මචං.. මං අවුලකිං නෙවේ ඉන්නෙ :D ඔව් ගොඩක් දේවල් ඉගෙන ගත්තා :) ස්තූතියි...

    @කිඩෝ: hikiz අඩෝ එහෙම මඩ ගහලා කොහොමද.. අපි කෝක් බොන්නෙ :P

    @චතුවා: හිටු මං DSLR එකක් ගත්ත ගමන් කරනවා :D

    ReplyDelete
  40. @පැන්ඩා: බොහෝම ස්තූතියි පැන්ඩෝ.. බලමුකො මේක කොමත් youtube එකේ දාලානේ තියෙන්නෙ.. මං ඕකුන්ට මේල් කරන්න නම් යන්නැහැ.. කවුරු හරු දැකලා කතා කලොත්.. දෙනවා.. :D ස්තූයි ප්‍රතිචාරයට..

    @නදී: ඔව්.. හම්බානෙක ඉගෙන ගත්තා :D

    @චතුමිතු.. අපෝ කිසිම අවුලක් නැහැ :D කෝ ඔයාගේ විඩීයෝ එක ?

    ReplyDelete
  41. @කඩේ හාමිනේ: ස්තූතියි :-) අපෝ මං එච්චර වැඩ්ඩෙක් නෙවේ :D දුකක් නැතෝ :D

    @RoshanHerath : සැලෙන් නැ මචං.. :D ස්තූතියි

    @හිම කුමාරී: ස්තූතියි හිහිහි :D

    @පිලියන්දල පොලිසිය හා නුගේගොඩ පොලිසිය : මං චැට් එකේ සර්ට කියන්න ඔනේ දේ කිවානේ :D :D

    ReplyDelete
  42. @නිම්ශා : බොහෝම ස්තූතියි නංගි.. :) බලමු මොනා හරි කරමුකො :D

    @මධුරංග : ස්තූතියි අයියේ.. දුක් වෙන්නැ :D

    @සුළඟිල්ල | pinkie : අඩන්නැ බොල :D පල උබ වල් කමටම තමා කිවේ ඒක නම් :D

    @deeps අම්මෙහ් ඔව් හම්බානෙක කට්ට නම් කෑවා :D ස්තූතියි ඩිප්ස් :D

    ReplyDelete
  43. @සුපර්: ඔව්ඔව් මචං.. ගැජට් එක මගේ සල්ලි වලින්ම ගන්නවා :D :D ස්තූතියි :D

    @Anonymous: බොහොම ස්තූතියි අක්කෙ.. :)
    (දැන් ඇනො නැතිව එකවුන්ට් එකක්ම හදා ගන්න ;)

    @රෙස්ලින්.lk : මං නම් බලන්නැ.. අනික ඔහොම පබ්ලිසිටි ගන්න හදන්නත් එපා.. එක හරිවිදිය නෙවේනේ...

    @Yohan Kanishka: එළ එල හදපං හදපං :D :D

    @Dinesh : ඒක ඇත්ත අයියේ.. ස්තූතියි :)

    ReplyDelete
  44. @මකුළු පැංචි : ස්තූතියි ස්තූතියි.. අපෝ මං පොරවෙන්න කැමති නැ :D අර ටොපික් එකට මං කැමතියි ඒකයි දැම්මෙ.. :D

    @මන්තරකාරි : හික් හික්.. කපටිම නැ නේ :D හරි හරි අරන්දෙන්නම්කො :D

    @ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර : ආ එළනේ.. සිංදුවක් ගොඩ දාගන්න අපි විඩියෝ එක කරමු :D

    @හසී: ඔව්නේ.. අක්කා ගන්නවා මං ළමයෙක්ගේ කැරැක්ටර් එකකට :P

    ReplyDelete
  45. @බුද්ධි : හිහි :D ස්තූතියි බුද්ධි අයියා.. :D

    @වන්නි : මං ගනන් ගන්නැ වන්නි අයියේ.. :D ඒකනේ.. එකේ තිබ්බේ මිනිස්සු දාලා කරන්න කියලා.. මං ගොනා සේ පන්ඩිත කමට මෙහෙම කලානේ :D කොහොම උනත් ස්තුතියි.. :D

    @ෆා : හිහිහිහි :D ස්තූයි ෆා අක්කෙ.. ඔව්වොව් තව මොනා හරි කරන්න ඔනේ මෙහෙම :D

    @Buddiක : ස්තූතියි මචං :D

    ReplyDelete
  46. @දුකා: "මගේ තව ටිකක් කොල්ලා ලොකු උනාම මම ඌට මේක පෙන්නලා කියනවා කම්බි සහ ක්ලේ යොදාගෙන මිනිස්සු හදන හැටි."

    ෆට්ට හැපී දුකා අයියේ :D මං ඔන්නම් ගෙදැරට ඇවිල්ලා හදන හැටි කියලා දෙන්නම් අපේ සොදුරු ත්‍රස්තවාදියාට :D.. සිරා :D ස්තූතියි බොහොම :D දැන් නම් මට කිසිම දුකක් නැහැ :D

    @Niluka Kadurugamuwa : thnxs :D

    @ප්‍රමුඛ : ස්තූතියි මචං :D

    ReplyDelete
  47. @Ranga: හික් හික්.. ලංකාවේ ටෙලිනාට්‍ය ගැන නම් කතා කරලා වැඩක් නැහැ.. :) බොහොම ස්තූතියි මචං :D

    @හිස් අහස : හික් හික්.. බොහෝම ස්තූතියි අයියා.. මාර සතුටුයි ඇත්තටම... :D

    @නචියා: ඔව් මචං.. රුල්ස් පොඩ්ඩක් කියවද්දි අල වෙලා :-/ ස්තූතියි කමෙන්ට්වට :)

    @ගයාන් තාරක: කවුද ඩෝ කම්මැලීයි කිවේ ? :D
    ආ මචං මං ඔවා නම් ඇත්ත මිනිස්සු :D මපට්..

    @නෙරංජි සුලක්ඛනා: ස්තූතියි අක්කෙ.. :D

    @සෝරෝ: හික් හික්.. ස්තූතියි සොරෝ.. :D

    ReplyDelete
  48. පට්ට පතුරු මල්ලි. ඇත්තටම නියමයි. කිසිම අපතේ යෑමක් වෙලා නෑ. මූල්‍යමය වටිනාකම දාන්න බල්ලට. ඊට වඩා ලොකූ දෙයක් මේක ඇතුලෙ තියෙනවා. උඹ ඇත්තටම මාර දක්ශයි මල්ලි. සතුටුයි අපේ රටේ අනාගතය ගැන.

    හැබැයි යකෝ මම අනුරාද නෙවෙයි. අනුරාධ.....
    ධ ධ ධ
    ගැඹුරින් ශබ්ධ වෙන්න ඕන... :D

    ReplyDelete
  49. රෙස්ලින්Saturday, July 23, 2011 11:54:00 AM

    තණ්හා ජායතී සෝකෝ...

    බොට හොඳ වැඩේ. කරන්න කලින් හොයල බලන්න තිබ්බ. ගොඩක් මහන්සි වුනාට අඩු පාඩු ගොඩක් තියනවා. ආයෙත් ට්‍රයි කරන්න.

    ReplyDelete
  50. රෙස්ලින් ගේ පිස්සු මල්ලිSaturday, July 23, 2011 11:55:00 AM

    ඔය උඩ කමෙන්ට් ඒක දැම්මේ අපි අයිය නෙමේ හොදේ. එයාගේ පිස්සු මල්ලි වෙච්චි මම

    ReplyDelete
  51. ඔන්න ඉතින් මටත් ආසාවක් පහල වේගනයි එන්නේ.

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.