Monday, May 2, 2011

ශ්‍රී පාදයේ ඇත්ත පැත්ත (මට හිතෙන හැටි)

                         දැන් සමහරු කියාවි මට පික්සු කියලා.. තවත් උං කියාවි මූ මහ පවු කාරයෙක් තමන්ගේ ආගමටත් ගරහාන එකෙක් කියලා.. ඒත් මෙව්වා නොකියා බැරි නිසා කියන්න කියලා කල්පනා කලා..

ඇත්තටම මේක මෙහෙමම උනාද කියලා මං 100% ශවර් කියන්නැ.. මේක මට හිතෙන විදිය හා මම දැකපු දෙවල් එක්ක සංකළණය කරලා කියන දෙයක්..

 මේකයි කතාව.. ශ්‍රිපාදස්ථාණයෙ නිර්මාතෘ කියලා කියන්නෙ සමන් දෙයියෝනේ.. ඇත්තටම සමන් දෙයියෝ කියන්නෙ මැජික් කාරයෙක් වත්.. මැවුම් කාරයෙක් වත් නෙවේ.. සාමන්‍ය මනුස්සයෙක්.. එත් මෙතුමාගේ විශෙෂත්වය තමා අනුන් ගැන හිතන ..තමන්ගේ රට ගැන හිතන .. රටට ආදරෙ කරන රජ කෙනෙක්.. ඔය දැන් කාලේ රජවරු වගේ නෙවේ ඒ කාලේ.. ප්‍රජෙක්ට් එකක් කලොත්.. ඒක අවුරුදු 100 ගානකට බලපාන්න කරණ දෙයක්

 ඉතිං ශ්‍රීපාදය කියන්නෙත් අන්න එහෙම ලොකුම ලොකු ප්‍රජෙක්ට් එකක්.. (එව්වාත් එක්ක බලද්දි දැන් කරන එව්වා මොනාද කියලත් හිතෙනවා)

ඇත්තටම දන්නවා ඇති.. සමනළ කන්දේ තියෙන වටිනා කම.. ඒකෙ 4 පැත්තට ගලා බහින ගංගා ගැන දන්නවානේ.. මහ වැලි, කැළණි, වලවේ, කලු ගඟ..  ඔය ගංඟා නැති උනා නම් මොකද වෙන්නෙ ? ලංකාව කාන්තාරයක් නේ ?
                      ඉතිං මේ ප්‍රශ්නේට එකම විසදුම බුදු හාමුදුරුවෝ.. සමන් දෙවියෝ කියන්නෙ බුදු හාමුදුරුවන්ගේ හොදම යාලුවෙක්.. ඔය මුල්ම බන දේශනාවටත් සමන් දෙවියෝ වැඩම කලානේ.. ඒ වැඩම කලේ නැවකින්ද ? නැ .. ගුවනින්.. ගුවනින් යන්න බලයක් තිබ්බෙ නැ.. දඩුමොණරෙන් තමා යන්නේ.. ඒ කාලේ ලංකාවේ ගුවන් තොටුපොලවන් 170 ගානක් තිබ්බාය කියලා කියනවා.. ඔය දඩුමොණරයක් හදන එකත් ඒ හැටි අමාරු කාරියක් නෙවේ.. මං එකක් හැදුවොත් පොටො එකක් දාන්නම්කො..!!

ඉතිං කතාව පිට ගියා..
    ඕං ඉතිං සමන් දෙයියෝ මේ ගැටලුව කිවාම බුදු හාමුදුරුවෝ වැඩම කලා ලංකාවට.. වැඩම කරලා කලේ ශ්‍රි පාදයට යන්න උනා.. ඉතිං දැන් මෙ වට පිටාව එහෙම බලලා.. ගැහුවා හොද ප්ලැන් එක්.. බුදු හාමුදුරුවෝ කලේ.. සමන් දෙවියනුයි.. එතමුගේ සෙනාවයි යැව්වා..  සමනල කන්ද වටේ පොඩ්ඩක් බලලා එන්න කියලා.. මොකක් හෝ යමකට යවන්න ඇති.. ඒ කරලා.. බුදු හාමුදුරුවෝ ගල් වඩුවෙක් ගෙන්නලා ගලක සියුම්ව කෙටුවා පා සටහණක්... ඒක කරලා අවසන් වෙත්ම, මතකය නැති කිරිමේ හො එවැනි දෙයක් කරන්න ඇති.. එක්කො ගල් වඩුවා බුදු හාමුදුරුවන්ගේ විශ්වාශණීයම කෙනෙක් වෙන්න ඇති..

දැන් මේන් එනවා සමන් දෙවියෝ.. මේන් කලු ගලක් මත බුදු හාමුදුරුවන්ගේ පා සටහනක්.. ඉතිං හරි පුදුමයි.. මේන් විශ්ව කර්ම දෙයක් කියලා මිනිස්සුන්ගේ අතේ පණිවිඩ යවලා.. මෙ ගැන රට පුරාම ආරංචිය පැතිරවෙව්වා.. දැන් එතකොට මිනිස්සුන්ගේ හිතේ සමනල කන්නද පිලිබදව ලොකූ භක්තියක් ඇති වෙනවා.. සමනල කන්දේ කොළ අත්තක් වත් කඩන්න හිතෙන්නැති ගානට භක්තිය වර්දණය වෙනවා..
උදා හරණයකට අපි කොහේ හරි ගමනක් යන කොට ශ්‍රිපාදය පේන්න ගත්තා කියමු.. ටක් ගාලා අපි නැගිටිලා.. වදින්නෙ නැද්ද ඒ දිහාට හැරිලා ? ඉතිං එදා ඒ මිනිස්සුන්ට ඇති වෙච්චි හැගීම කොච්චරක් වෙන්න ඇතිද ? ඉතිං අර ගංගා 4 නිකන්ම ආරක්ශා වෙනවා නේද ?

ඕකේ තියෙන ගස් ටික ගලවලා දාලා.. තේ හිටෙව්වොත් මොකද වෙන්නෙ ? අර ගංඟා ටික නැති වෙනවා නේද ?

ඕකයි කියන්නෙ ඔනිම දේකට මොළේ කල්පණා කලොත්.. කරන්න බැරි දෙයක් නැහැ.. අදටත් ඒ ගංගා වල් රැකෙන්නෙ ශ්‍රිපාදයට පිංසිද්ද වෙන්න..

අද කාලේ වෙන්නෙ මොකක්ද ? රටේ ඉදිරිය ගැන හිතලද මේ කරන මහා විසාල ප්‍රෙජෙක්ට් කරන්නෙ ? තියෙන දේත් විනාස කරගෙන. බඩ ගොස්තර වාදින්ගේ සාක්කු පිර වෙනෙ සමාජයක් නේද මේ ගොඩ නැගිලා තියෙන්නෙ ?

 ඉතිං මේ හිතන්න කාලයයි..!!

ගුටි කණ කමෙන්ට් බලාපොරොත්තුවෙන් මේක ලියපු මම
bunny...

පා:ලී: ක්‍රිස්තුස් වහන්සෙගේ ඇත්ත කතාව බලා පොරොත්තු වන්න.....

66 comments:

  1. වෙලාවට සිංහල බ්ලොග් කියන්නේ නැති ගස් පාලුවෝ ටිකක් ලංකාවේ ඉන්නේ

    ReplyDelete
  2. හාවා මශ් වෙන්න කැමතිද?

    ReplyDelete
  3. ඬිරේන් දන්තනාරායනMonday, May 02, 2011 8:31:00 AM

    ගුටි කන්න නම් වෙන්නෙ නෑ හරි විදිහට බලන කෙනෙක්ගෙන් නම් :)
    මේ වගේ මතයක් මහචර්ය මිරැන්ඩෝ ඔබේසේකර පවා පල කරල තියනවා.එතුම රාවන සංස්කෘතිය පිලිබඳ දන්න අපිට ඉන්න හොඳ විද්වතෙක්.
    ඒ මතයෙ වෙනස තියෙන්නෙ මේක පූජනිය ස්තානයක් කලේ රාවන රජතුමා කියන එක.
    තවත් ටදෙයක් තමයි ශ්‍රි පාදය පුෂ්පක යානා(දඬු මොනර) ගුවන් ගත වුනු ස්තානයක් කියන එකත්.
    මං හිතන්නෙ ඔයා භද්‍රජි මහින්ද ගේ "ශ්‍රී රාවන්නා පුවත" කියන පොත කියවල ඇති ඒකෙත් තියනවා මේ ගැන විස්තර.
    ලිපිය හොඳයි!!! :)

    ReplyDelete
    Replies
    1. තිලකා රන්දෙනි
      බොහෝ දුරට හරි. හැබැයි බුදුහිමි ඔය වැඩේට සම්බන්ද නෑ. මෙතනින් තමයි අජටාකාශ යානා ගුවන් ගත කලේ. සර් ආතර් සී ක්ලාක් කිව්වෙත් ශ්‍රී පාදය තමයි මෙම යාන ගුවන් ගත කරන්න හොඳම තැන කියා. මගේ අභිමානි හෙලන්කා ග්‍රන්තයෙනුත් මා පෙන්වා දුන්නේ එයයි. මේ උඩට යැවු යානා ආපහු ආවේ රූමස්සලටයි.(මුහුදට වෙන්න ඇති)
      බුදු හිමි වැඩියෙත් රාවණාගේ මේ තාක්ෂනය දැකගන්න. පසු කාලයක ඇලෙක්සැන්ඩර් රජු ආවෙත් මේකටයි.
      ඉතින් මෙම කන්ද රැක ගන්නට තමා පසු කාලයක හැමෝගෙම සිරි පතුල් ඔතන තියෙනවා කිව්වේ. එතකොට ආගම් බේදයක් නැතුව අපි හැමෝම එය රැක ගන්නවානේ. ඒ උප්පරවැට්ටිය දාන ඇත්තේ මුටසිව රජුයි. එතුමාගේ කාලයේයි ඇලෙක්සැන්ඩර් රජු ආවෙත්.
      මෙහෙම අලුත් විදියට හිතුවොත් තරුණ අයට රට බාර දීලා නාකි අපට පරලොව යන්න පුළුවන් හිත හදාගෙන.
      ජය ශ්‍රී.
      www.thilakarndeni.lk

      Delete
    2. www.thilakarandeni.lk

      Delete
  4. ඇත්ත බනී ඔහොම දේවල් මටත් හිතිලා තියෙනවා, ගොඩක් වෙලාවට ඕවා විශ්වාස නොකලත් ඇත්ත වෙන්න පුලුවන්

    ReplyDelete
  5. ගස් කපන පුතෙක්ම තමා මේක ලියලා තියෙන්නෙ.

    ReplyDelete
  6. මටත් කියන්න තියෙන්නෙ ගුටි කන්නනං වෙන්නෙ නෑ... මොකද ඔය මිත්‍යාදෘෂ්ටිකටයෝ කියන අය බ්ලොග් කියවන් නෑ.....

    ReplyDelete
  7. සමහර විට බුදු හාමුදුරුවන්ගෙ සම්බන්දයක් නැතුව සමන් දෙයියෝම අර ගලේ කොටන වැඩේ කෙරෙව්වද දන්නෙ නෑ.

    බය කියන දේ ඕන වෙන්නෙ ඔතනදියි මල්ලි. බය නිසා ගොඩාක් දේවල් ආරක්ශා වෙනවා.

    Grate thinking.

    ReplyDelete
  8. හාවගේ අදහසෙත් ගන්ට යමක් තියෙනවා.... බොහෝම වටින දෙයක්.
    රටට වැඩදායි ප්‍රොජෙක්ට් කොරන්ටෝන.... බඩගෝස්තරේට නොවේ.... කාලාන්තරේකට බලපාන පරිද්දෙන්.

    ReplyDelete
  9. තමන්ට හිතෙන දේවල් කියනකොට නම් පරිස්සමින් පුතේ :D විසේසයෙන් ඔය කට්ටිය එකතු වෙලා වඳින කරන දේවල් ගැන එහෙම :D

    ReplyDelete
  10. පොතක් නොකීව කෙනෙක් එය විචාරය කිරීම සදාචාර සම්පන්න නොවන්නාක් ලෙසම බුදු දහම වැනි සංකීර්ණ දර්ශනයක් ඔය අකාරයෙන් විග්‍රහ කිරීම ...අතිශය වැරදියි.....
    "ඉතිං දැන් මෙ වට පිටාව එහෙම බලලා.. ගැහුවා හොද ප්ලැන් එක්.. බුදු හාමුදුරුවෝ කලේ.. සමන් දෙවියනුයි.. එතමුගේ සෙනාවයි යැව්වා.. සමනල කන්ද වටේ පොඩ්ඩක් බලලා එන්න කියලා.. මොකක් හෝ යමකට යවන්න ඇති.. ඒ කරලා.. බුදු හාමුදුරුවෝ ගල් වඩුවෙක් ගෙන්නලා ගලක සියුම්ව කෙටුවා පා සටහණක්... ඒක කරලා අවසන් වෙත්ම, මතකය නැති කිරිමේ හො එවැනි දෙයක් කරන්න ඇති.. එක්කො ගල් වඩුවා බුදු හාමුදුරුවන්ගේ විශ්වාශණීයම කෙනෙක් වෙන්න ඇති."-----------(වංචාව...බොරුව....)
    බිය වෙන්න..ප්‍රවෙශම් වන්න ඔබ යොදාගෙන ඇත්තේ බුදු හාමුදුරුවන්.....
    බුදු දහමට මෙවන් නිගා නොකරන්න.....

    ReplyDelete
  11. ලංකාවට බුදුන් වැඩම කර ශ්‍රී පාදස්ථානය පිහිටවූ අයුරු
    සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාවෙහි සදහන්ව ඇත.සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුන්වහන්සේගේ ජන්ම භුමිය වූ දඹදිවින් බුදුදහම තුරන් විය.
    බුදුදහම පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව තුල ශ්‍රී පාද ලාංචනය පිහිටු වුයේ උද්දේශික චේතියක් ලෙස වන්දනා කිරීම සදහා මිස මිතුරු කමකට නොවන බව කරුණා කර වටහා ගන්න.
    එය හිස් අරමුණකට නොව එවන් උතුම්,බැරෑරුම් වූ කාරණාවකට බුදුන් මෙහි වැඩි බව තේරුම් ගන්න.

    ReplyDelete
  12. මචං ඔයා බෞද්ධයෙක් නම් ඇත්තටම ලජ්ජා වෙන්න.
    තමන්ට දේවල් හිතෙන්න පුළුවන්,එත් ඒක පොඩ්ඩක් අධ්‍යනය කරලා මේවගේ තැනක ලිව්වා නම් හොදයි නේද?
    බ්ලොග් ලියන හෑල්ලු භාෂාව හොදයි,එත් මේ වගේ දෙයක් ලියද්දි ඔයාම හිතල බලන්න ඔයා බුද්ධාගමට කොච්චර අගව්රවයක් කරලා තියේද කියල,බුදුහාමුදුරුවෝ තමන්ගේ ජීවිත කාලය කොහොම ගත කරාද කියල පොඩ්ඩක් ඉගන ගන්න,එතකොට ඔයවගේ හෑල්ලුවට දකින එකක් නෑ.මේක මහා අපරාදයක් නොවුනත් බෞද්ධයෝන්ගේ අතින් මේ වන පොඩි පොඩි වැරදි ලොකු බලපෑමක් වෙනවා නේද?
    සමන් දෙවියෝ ශ්‍රී පාදය හැදුවේ නෑ.සිරි පතුල පිහිටෙව්වම තමා එතන පුජනීය ස්ථානයක් උනේ.ඒක ගැන සැක තියේනම් පොඩ්ඩක් කියවල හොයල බලල ලිව්වනම් හොදයි නේද?
    මේ වගේ කොමෙන්ට් එකක් දාල මට පොරක් වෙන්න ඕන නෑ.ඇත්තටම ඔයා ලොකු පවක් කරගන්න නිසාත් ,හිතට දැනිනිච්ච වේදනාව නිසාත් ලිව්වේ.මම මේක මකල දානවා,ඔයාගේ ඊ මේල් එකට අවොත් දකීවි සමහරවිට....
    දැක්කොත් හිතට දැනෙන දෙයක් කරන්න.
    මේක මකල දාන ඒක හරි,භාෂාව වෙනස් කරන එක හරි,තමන්ගෙන් වෙච්ච වැරැද්ද නිවැරදි කරලා අනිත් අයත් මේ රැල්ලෙන් වෙන පැත්තකට ගෙනියන එක හරි කැමති දෙයක් කරන එක ඔයාට භාරයි

    ReplyDelete
  13. සමාවෙන්න,Anonymousලට කොමෙන්ට්ස් මකන්න බෑ

    ReplyDelete
  14. බොරු කියන්න ඕනෙ නෑ. ඔය මොකුත් නෙමේ මගේ හිතට ආපු ප්‍රශ්නේ. අර තරම් විසාල කකුලක් තියෙන්න බුදු හාමුදුරුවො මොනතරම් විසාල පුද්ගලයෙක් වෙන්න ඇද්ද කියල.

    ReplyDelete
  15. මල්ලී.. මේ ලිපිය ගැනනං මගේ කිසිම ප්‍රසාදයක් නෑ ඕං. කෙලින්ම කිවුවා.

    ReplyDelete
  16. අන්තිම Anonymous ට

    "අර තරම් විසාල කකුලක් තියෙන්න බුදු හාමුදුරුවො මොනතරම් විසාල පුද්ගලයෙක් වෙන්න ඇද්ද කියල."

    මම දන්න විදිහට නිශ්ශංකමල්ල රජ දවස ඒ රජතුමා ශ්‍රී පතුල කළුගල් පොත්තකින් ආවරණය කරලා ඒ මත ශ්‍රී පතුලක සටහනක් කෙටෙව්වා කියල කියනවා.

    ඒක නිසා වර්තමානයේ පේන්න තියෙන සිරිපා සටහන බුදුරදුන්ගේ සැබැ සිරි පතුලේ ප්‍රමාණයයි කියලා හිතන එක වැරදියි

    ReplyDelete
  17. "ශ්‍රිපාදස්ථාණයෙ නිර්මාතෘ කියලා කියන්නෙ සමන් දෙයියෝනේ"

    සමන් දෙවියෝ කියන්නේ සමනළ කන්ද ඇතුළු කඳුකර පෙදෙස්වල නායකත්වය උසුලපු දේව ගෝත්‍රික නායකයෙක්.

    සමන් දෙවියෝ කියන්නේ කවුද කියන එක ගැන මත කීපයක්ම තියෙනවා. දැන්ගන්න කැමති නම් මේක කියවලා බලන්න.

    http://eatuwawa.blogspot.com/2010/10/blog-post_22.html

    ReplyDelete
  18. "සමන් දෙවියෝ කියන්නෙ බුදු හාමුදුරුවන්ගේ හොදම යාලුවෙක්.. ඔය මුල්ම බන දේශනාවටත් සමන් දෙවියෝ වැඩම කලානේ.."

    බුදුරදුන්ගේ මුල්ම ධර්ම දේශනාව වුණු බරණැස ඉසිපතනයේ වුණු දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවට සමන් දෙවියෝ සහභාගි වුණා කියලා සඳහනක් නම් හමුවෙන්නේ නැහැ.

    බුදු හාමුදුරුවෝ ප්‍රථම වතාවට ලංකාවට වැඩම කරපු අවස්ථාවේ දහම් අහලා සමන් දෙවියෝ සෝවාන් වුණා කියලා තමා වංශකතා කියන්නේ

    "සමන් දෙයියෝ මේ ගැටලුව කිවාම බුදු හාමුදුරුවෝ වැඩම කලා ලංකාවට.. වැඩම කරලා කලේ ශ්‍රි පාදයට යන්න උනා.. "

    බුදු හාමුදුරුවෝ තුන්වැනි පාරට ලංකාවට වැඩම කළේ කැලණියේ ප්‍රාදේශීය නායකයා වෙලා හිටිය මණිඅක්ඛික නා රජතුමා දෙවෙනි වරට බුදුහාමුදුරුවෝ නාගදීපයට වැඩිය වස්ථාවේ කරපු ආරාධනාවකට අනුව

    කැලණිය ප්‍රදේශයට වැඩම කරපු අවස්ථාවේ සමන් දෙවියෝ තමන්ගේ වාසභවනටත් වඩින්න කියලා කරපු ආරාධනාවකට තමා බුදු හාමුදුරුවෝ සමනළ කන්දට වැඩම කළා කියන්නේ

    "බුදු හාමුදුරුවෝ ගල් වඩුවෙක් ගෙන්නලා ගලක සියුම්ව කෙටුවා පා සටහණක්"

    බුදු හාමුදුරුවන්ගේ ඇත්ත ශ්‍රී පතුල කළුගල් පොත්තකින් ආවරණය කරලා ඒක උඩ ශ්‍රී පතුලේ සටහනක් කෙටෙව්වා කියන්නේ නිශ්ශංක මල්ල රජතුමා.

    බනියා කියන කතාව එක්ක හිතුවොත් නම් ඔක්කෝටම වඩා පරිසර හිතකාමියා වෙලා තියෙන්නේ නිශ්ශංක මල්ල රජතුමා.

    අන්තිමට මට කියන්න තියෙන්නේ බනියා කියලා තියෙන්නේ බනියාට හිතෙන දේවල්. මිනිස්සුන්ට එක එක විදිහට හිතන්න පුලුවන් නේ.

    ඒ කොහොම වුණත් ඉහළින් තියෙන ප්‍රතිචාර එක්ක බලපුවාම බනියා හිතලා කියපු දෙයක් නිසානේ මේක බුද්ධාගමට කරන නිගරුවක් කියලා වගේ ප්‍රතිචාර තියෙන්නේ.

    ඊට වඩා සාර්ථකව කතා කරන්න තිබුණේ ශ්‍රී පතුලේ සටහනක් කළුගල් පොත්තක කෙටුවේ නිශ්ශංක මල්ල රජතුමා කියන එක සාධකත් එක්කම වගේ තියෙන නිසා ඒ රජතුමා හොඳ පරිසර හිතකාමියෙක් කියලා.

    ඒකත් ඉතින් මට නිකමට වගේ හිතුණු දෙයක් විතරයි

    ReplyDelete
  19. පළවෙනි Anonymous ට

    "පොතක් නොකීව කෙනෙක් එය විචාරය කිරීම සදාචාර සම්පන්න නොවන්නාක් ලෙසම බුදු දහම වැනි සංකීර්ණ දර්ශනයක් ඔය අකාරයෙන් විග්‍රහ කිරීම ...අතිශය වැරදියි"

    බනියා බුදු දහමේ එන පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය වගේ දාර්ශනික කරුණක් විග්‍රහ කරලා නැහැනේ. බනියා කියලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ සම්බන්ධ වෙන කතාවක් විතරයී. එතන සංකීර්ණ දර්ශනයක් තියෙනවා කියලා මට නම් තේරෙන්නේ නැහැ.

    පළවෙනි Anonymous ට හා ෆැන්ටසිට

    මේක මමත් අහලා තියෙන එකක් විතරයි මම හොයලා බලල නැති නිසා හරියටම කියන්න බැහැ. බුදු හාමුදුරුවන්ගේ සූත්‍ර දේශනා අධ්‍යයනය කරලා බලද්දී ඒ කිසිම තැනක බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කලා කියලා සටහනක් නැහැලු.

    ඒ ගැන කරුණු තියෙන්නේ ලාංකීය වංශ කතාව හා ලාංකීය මූලාශ්‍රවල විතරයි. ඒ නිසා මතයක් පවා ඇතිවෙලා තියෙනවා බුදු හාමුදුරුවෝ කවරදාකවත් ලාංකාවට වැඩම කළේ නැහැයි කියලා

    ReplyDelete
  20. හැමදේම ගැන අලුත් විදිහට හිතන එක ලොකු දෙයක්.
    මට පේන විදිහට නම් මේ කතාවෙන් කිසිම නිගරුවක් වෙලා නෑ.
    අදහසක් විතරයි කලබල වෙන්න එපා, ඇනෝ.
    බනියා දිගටම Think Out of the Box
    ජය

    ReplyDelete
  21. වැප් කිව්ව එකම තමය් කියන්න ගියේ බලනකොට සිංහල බ්ලොග් කියෝන අය ඉන්නව.

    ReplyDelete
  22. රාවන යුගය පිලිබඳ දන්නේ නැති හින්දයි අහන්නේ.

    දැන් ඔය ඉස්සර තිබ්බ දඬු මොනර නැති වෙලා ගියේ මොකද දන්නේ නැහැ නේද?

    -පිස්සු ඇනෝ

    ReplyDelete
  23. හික්... කව්ද දන්නේ සබ් ගත්තේ...?

    ReplyDelete
  24. තමන්ට හිතෙන හැම දෙයක්ම නිවරදි කියලා ඉතා සංවේදි දේවල් ගැන මේ විදියට හැල්ලුවෙන් කථා කිරිම වැරදියි.
    "ඉතිං දැන් මෙ වට පිටාව එහෙම බලලා.. ගැහුවා හොද ප්ලැන් එක්.. බුදු හාමුදුරුවෝ කලේ.. සමන් දෙවියනුයි.. එතමුගේ සෙනාවයි යැව්වා.. සමනල කන්ද වටේ පොඩ්ඩක් බලලා එන්න කියලා.. මොකක් හෝ යමකට යවන්න ඇති.. ඒ කරලා.. බුදු හාමුදුරුවෝ ගල් වඩුවෙක් ගෙන්නලා ගලක සියුම්ව කෙටුවා පා සටහණක්... ඒක කරලා අවසන් වෙත්ම, මතකය නැති කිරිමේ හො එවැනි දෙයක් කරන්න ඇති.. එක්කො ගල් වඩුවා බුදු හාමුදුරුවන්ගේ විශ්වාශණීයම කෙනෙක් වෙන්න ඇති."

    ReplyDelete
  25. Hasitha....!!!

    "පොතක් නොකීව කෙනෙක් එය විචාරය කිරීම සදාචාර සම්පන්න නොවන්නාක් ලෙසම බුදු දහම වැනි සංකීර්ණ දර්ශනයක් ඔය අකාරයෙන් විග්‍රහ කිරීම ..."පොතක් නොකීව කෙනෙක් එය විචාරය කිරීම සදාචාර සම්පන්න නොවන්නාක් ලෙසම බුදු දහම වැනි සංකීර්ණ දර්ශනයක් ඔය අකාරයෙන් විග්‍රහ කිරීම ...අතිශය නිවැරදියි"

    බනියා බුදු දහමේ එන පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය වගේ දාර්ශනික කරුණක් විග්‍රහ කරලා නැහැනේ. බනියා කියලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ සම්බන්ධ වෙන කතාවක් විතරයී. එතන සංකීර්ණ දර්ශනයක් තියෙනවා කියලා මට නම් තේරෙන්නේ නැහැ "...මෙක නම් වැරදි....

    බුදු දහම පිලිබඳ ඔබේ දැනුම අල්ප බව මෙයින්ම පෙනී යනව...දර්ශනවදී පිලිතුරක් ඔබට නොතෙරේනවා නියතයි....සරල ලෙස සාහිත්‍ය ඉවත් කර බුදු දමෙන් මෙහෙම කියමු....බුදු හාමුදුරුවෝ යනු භව රාශියක බොරුව..ප්‍රොඩාව..වංචාව...අත්හැරීම පුහුනු කල උත්තමෙයෙක්....එයට බුදු දහමේ එන පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය වගේ දාර්ශනික කරුණු අනිවාර්යෙන්ම සම්බන්ඳයි..

    "බනියා කියලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ සම්බන්ධ වෙන කතාවක් විතරයී. එතන සංකීර්ණ දර්ශනයක් තියෙනවා කියලා මට නම් තේරෙන්නේ නැහැ" ඔබට විතරක් නෙමේ බනියටත්තෙරෙන් නැතෙ එතන තමා.....සංකීර්ණ දර්ශනයකින් තොරව බුදු හාමුදුරුවෝ සම්බන්ධ වෙන කතාවක් කරන්න පුලුවන්ද???

    පළවෙනි Anonymous

    ReplyDelete
  26. මෙතන ගොඩාක් දෙනා සෑහෙන්න දිග කොමෙන්ටු දාලා තියෙනවා.අප්‍රසාදය පල කිරීම වගේම මේ සම්බන්ධයෙන් පක්ෂ මත දරණ අයත් ඉන්නවා..මිනිසුන් බහුතරයක් පිළිගන්න තැනකට එරෙහි මහයක් දැරීමේදී විශාල ගැටළු මතු වෙන්න පුළුවන්.. රාවණ්නා පුවත කියවපුවාම වෙනම දෙයක්.. රවණා සීතාගෙ තාත්තා වෙනවලුනෙ..කොහොම වුණත් ඕවා ගැන හරියට කියන්න අමාරු මට ගිය අත්මෙ අමතකයිනෙ...කොහොම වුණත් දිගටම ලියන්න...අදහස් ගැනීම තුළින් විවාදෙකට යන්න පුළුවන්. හැබැයි ඉතින් සනාථ කරන්න 100% ක් අමාරුයි..ඉතිහාසය තනිකර තර්කානුකූලයි.ඇහින්දුටු සාක්ෂි නැහැ.

    ReplyDelete
  27. මාත් අහලා තියෙන්නෙ බුදු හාමුදුරුවන්ගෙ සිරිපතුල ආවරණය කරලා ලොකු සිරිපතුලක කැටයමක් තියලා තියෙනව කියලා තමයි. බුදු සිරිපතුලත් සාමාන්‍ය ප්‍රමාණයකම එකක්ලු.

    ReplyDelete
  28. කොල්ලගේ සිම්පල් බාසාවෙන් ලිවුව නිසා අපහාස වගේ පෙනුනට උපකල්පනවල නොගැඹුරු බවකුත් පෙනුනට එයාගේ මුලික නිගමන වල බැරෑරුම් කමක් මට නම් පෙනෙනවා. ශ්‍රීපාදය නිසා කන්දේ ගහකොලත් ඒ නිසා ගංගාවල මුලත් ආරක්ෂාවෙන එක ඇත්තනේ.. මල්ලි පස්සට නොගිහින් තව ලියන්න. මේකේ කියල තියෙන අවවාදත් හිතට ගන්න.. ජාතක කතා පොතෙන් තරම බුදු හාමුදුරුවන්ට මේ ලිපියෙන් අපහාස වෙන්නේ නැහැ.. මන් කියන එක වැරදිද කියල ජාතක පොතේ සමහර කතා බැලුවම තේරේවි. (නලිනී ජාතකයේ ඉස්ත්‍රී අඟ පසඟ විස්තර කරලා තියෙන විදිහට බුදු හාමුදුරුවෝ කිවුව කියල හිතනවද ?) කිසිම්දෙයක් තමන් කිවූ නිසාවත් පොතක තිබුණු නිසාවත් අනිත් විද්වතුන් කියන නිසාවත් පිළිගන්න එපා තමන්ම තේරුම් අරගෙන හරි නම් විතරක් පිළිගන්න කියල අපේ බුදු හාමුදුරුවෝ කිවුවේ.. දැන් දැන් අපේ හාමුදුරුවරු කරන තරම අපහාස ගිහි කිසි කෙනෙකුට කරන්න බැහැ බුද්ධ ධර්මයට..

    ReplyDelete
  29. තමන්ට හිතෙන දේ , තමන්ට කැමති විදියට , තමන්ගේ බ්ලොග් එකේ ලියන්න මොකටද බන් බය වෙන්නේ ? මගේනම් ඔය දෙවි වරු කියන කට්ටිය ගැන එච්චර විශ්වාසයක් නෑ ! කොහොම උනත් ඔයවගේ පාරිසරිකව වටිනා කමක් තියන උරුමටක්‌ රැකිලා තියන එකනම් අපේ වාසනාවක් !

    ReplyDelete
  30. මට තේරෙන්නෙ නැත්තෙ එක දෙයයි. බනින එක හ‍රි හොද කියන එක හ‍රි තමුන්ගෙ ඇත්ත නමින් ඇවිත් ක‍රන්න ත‍රම් පිට කොන්දක් අපේ අයට නැත්තේ ඇයි කියලා.

    ReplyDelete
  31. මෙතන කියන්නේ මහවැලි කැළණි කළු වලවේ ගංගා හතර මිනිස්සුන්ගෙන් රැකගන්න සිරිපාදෙ පිහිටෙව්වා කියලද,
    හැබැයි ඒ කාලේ මිනිස්සු අතින් නම් එහෙම දෙයක් වෙන්න කිසිම හැකියාවක් නෑ නේද, මොකද බුදු හාමුදුරුවෝ වැඩම කළා කියල කියන්නෙ නැති තැන්වල පවා පරිසරය මෑතක් වෙනකන්ම හොඳින් සුරැකිලා තිබුණ නිසා, දැන් කාලෙ ගැනත් හිතල අද ඉන්න මිනිස්සුන්ගෙන් ගංගා ටික රැක ගන්න ඔහොම කළයි කියලනම් කියන්නේ,
    ජලපෝෂක ප්‍රදේශ රැකගන්න නීති තියෙනවා, මේවා මිනිස්සුන්ගෙ සාමාන්‍ය දැනීමෙන් හදපු දේවල්, බුදු හාමුදුරුවෝ වැඩම කළා කියල නොකියන රටවල හිටන් ඒ නීති තියෙනවා, ඒකට අමුතු භක්තියක් ඕන වෙන්නෙ නෑ, අනික ඔය කියන උපක්‍රමය අත්‍යවශ්‍ය වෙන අද කාලෙ මිනිස්සුන්ගෙ මොන භක්තියක් වත් තියනවද කියල බලාගත්තෑකි එකතු වෙන කුණු කන්දරාව දිහා බැලුවම, අනික ඉස්සර කොළයක් වත් නොකඩපු තැන් වල ගස් ගලවලා තේ වවලත් තියෙනවා.
    මතකය නැතිකරන ඒවා කරන්න පුලුවන්නම් ඇයි සමන් දෙවියන්ව පිටත් කරන්නේ, එහෙනම් ඍධි බලෙන් මැණික් ගලක සිරිපතුල පිහිටෙව්වා කියලත් කියන්න පුලුවන්නේ,
    ගලේ කොටන්න වෙලා යනවා, සිමෙන්ති වගේ දේක පිහිටෙවුවයි කියනවටත් වඩා ගල්වඩුවගෙ කතාව අභව්‍යයි, එහෙනම් සිරිපතුල දඹදිව ඉඳන් හදාගෙන ආවා කියල කෙනෙකුට කියන්න පුලුවන්, කොහොමත් ගල් වඩුවගේ කතාව නම් පරස්පර වීරෝධීයි නේද,
    එදා මිනිස්සුන්ගෙන් නම් ගංගා හතර කොහොමත් ආරක්ෂා වෙනවා බුදු හාමුදුරුවෝ වැඩම කළත් නොකළත්, ඒකට කියල තියෙන විදිහේ හැඟීම් නම් ඕන වෙන්නෙ නෑ..
    ඒ නිසා ගංගා ටික රැකගැනීමේ මූලික අවශ්‍යතාවයෙන් සිරිපතුල පිහිටෙව්වා කියන එක නම් ඒතරම් තේරුමක් නෑ, හැබැයි මේ ලිපියේ විදිහට සිරිපතුල පිහිටවීමක් නෙවෙයි ඇටවීමක් ගැනයි කියන්නේ..

    කතාව ඇතුලෙන්ම කතාව බොරුවෙන කෑලි දාලා ලියන්නැතුව මේ ලිපියේ තියෙන විදිහට කාලේ අරන් හිතල ලිව්වනං ගුටි කන්න වෙයි කියල හිතෙන්නෙ නෑනේ..

    ReplyDelete
  32. මේක කතාවක් නේ? මොකටද කතාවක වැරදි හොයන්නේ?

    ReplyDelete
  33. මමත් ආගම් කරතියන් ඉන්න එකෙක් නම් නෙමෙයි... ඒ වුනත් බනී කියල තියෙන මේ ටිකට නම් විරුද්ධයි...

    "ඕං ඉතිං සමන් දෙයියෝ මේ ගැටලුව කිවාම බුදු හාමුදුරුවෝ වැඩම කලා ලංකාවට.. වැඩම කරලා කලේ ශ්‍රි පාදයට යන්න උනා.. ඉතිං දැන් මෙ වට පිටාව එහෙම බලලා.. ගැහුවා හොද ප්ලැන් එක්.. බුදු හාමුදුරුවෝ කලේ.. සමන් දෙවියනුයි.. එතමුගේ සෙනාවයි යැව්වා.. සමනල කන්ද වටේ පොඩ්ඩක් බලලා එන්න කියලා.. මොකක් හෝ යමකට යවන්න ඇති.. ඒ කරලා.. බුදු හාමුදුරුවෝ ගල් වඩුවෙක් ගෙන්නලා ගලක සියුම්ව කෙටුවා පා සටහණක්... ඒක කරලා අවසන් වෙත්ම, මතකය නැති කිරිමේ හො එවැනි දෙයක් කරන්න ඇති.. එක්කො ගල් වඩුවා බුදු හාමුදුරුවන්ගේ විශ්වාශණීයම කෙනෙක් වෙන්න ඇති.."

    සමහරක් විට ශ්‍රීපාදෙට බුදු හාමුදුරුවො වැඩම කරලම නැතුව ඇති... තනිකර සමන් ගොයියගෙ ප්‍රෝඩාවක් වෙන්න පුලුවන් කියල තිබ්බනම් අවුලක් නෑ නේද...
    මොකද බුදු කෙනෙක් කියන්නෙ රහසින්වත් පවු නොකල කෙනෙක් කියල තියෙනවනෙ(බුදුබව ලැබුවට පස්සෙ)... ඒක ගැන ප්‍රශ්නයක් තියෙනව නම් කෙලින්ම ප්‍රශ්න කරන්න වෙන්නෙ බුද්ධත්වය ගැන...

    ReplyDelete
  34. @bunny...

    Palliye Poster tika uba alewada? Friday Setwemu..

    Faster Berry

    ReplyDelete
  35. ඩියර් ඇනෝලා

    කියන එකක් කෙලින්ම කියන්න ලැජ්ජ වෙන්න එපා, ඇයි නියම අයි ඩී එකෙන් එන්න ඔච්චර බය

    ReplyDelete
  36. අදහසක් විදයට නම් මේ කියල තියෙන දේ හරිම නිර්මානශීලීයි. එත් මම මේ කතාවට විරුද්දයි. බුදු හාමුදුරුවෝ කියන්නේ කරන දේ කියන කියන දේ කරන කෙනෙක්.... සමන් දෙය්යන්ව රවට්ටලා සිරිපතුල පිහිටෙව්වා කියන අදහසට එකඟ වෙන්න බෑ. බුදුහාමුදුරුවෝ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා උසස් මානසික තලයක හිටපු කෙනෙක්. කෙනෙක්ව රවට්ටලා තමන්ගේ සිරිපතුල පිහිටුවන්න තරම් බාල වැඩක් කළා කියන දේට එකඟ වෙන්න බෑ....

    ReplyDelete
  37. මගෙත් කිසිම ප්‍රසාදයක් නෑ.. ඔයා ලොකු පව කරගන්නවා මේකෙන්..ඈත්තටම කිඋවොත් කෙලින්ම මිත්යාදුස්ටිකයෙක්... අනික ඔයාගෙ කතාව ලියන්නේ බුදු හාමුදුරුවො ත් සම්බන්ද කරලා. සම්පූර්ණ වෑරදීයී මේක .මම හම්බුනු වෙලාවක ඔය ගෑන කියලා දෙන්නම්...

    ReplyDelete
  38. බනියාටත් ඉදලා ඉදලා හිතෙන දේවල්. හැබැයි කොල්ලෝ උබ කියන්න හදපු දේ ලියලා තියෙන විදිය හරි නෑ වගේ මටනම් හිතෙන්නේ. පොඩ්ඩක් හිතහන්කෝ උබ ඔය කියන විදිහට ඒම කලාය කියලා. බලපං බුදු හාමුදුරුවෝ බොරු කලා වෙනවා. හැබැයි තව දේකුත් තියේ. ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන ඉතිහාසය යම් යම් විදිහට අතිශෝක්තියෙනුත් ලියලා තියෙනවා. නමුත් උබ කොරලා තියෙන්නේ බරපතල ප්‍රකාශයක්. උබ ඕවයේ ඇත්ත නැත්ත හොයන්න යන්නේ නැතිව සසර ගමන කෙටි කොර ගන්න බලාපං කෝ. එතකොට ආයේ කිසි පුරස්නයක් නෑනේ. හිතිච්ච දේ කෙලින්ම ලිව්ව එක නම් නියමයි. වෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු කොළුවෝ. මාත් ඉතිං කොළුවා කීවට මහ ලොකු වයස එකක් නෙම් ඕං.

    ReplyDelete
  39. නිකන් පුහු දේවල් ලියන්න එපා.ඹබ මොන ආගමේ උනත් අනෙත් ඒවාට ගරැ කරන්න ඉගෙන ගන්න.මම දන්නවා ඹබ බුදු හාමුදුරැවෝ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලවත් දන්නේ නැති හිස් පුද්ගලයෙක් කියලා.බොහො දුකයි ඔබලා ගැන.කිවයුතු දේ බොහොය.නමුත් ‍තෙරැවන් සරණ ලැබේවා....

    ReplyDelete
  40. මෙහෙම ලිවුවේ බ්ලොග් එකේ හිට් වැඩි කරගන්න නම් ඔබ මහා පවක් කරගන්නේ.. ලිපියට දැඩි අප්‍රසාදය..

    ReplyDelete
  41. pissu yakek...... Pissu yakkunge ammalata amathala wedakuth ne...... agamata, ratata wedak karanne nethi ponnayone ada inne....

    ReplyDelete
  42. වැරදියි.. බනියා ඔයා බුදු හිමියන්ට අපහාස කරලා තියෙන්නෙ. ඔයාගෙ ඔය අදහසත් අලුත් එකක් නෙවෙයි පරණ මතයක්! ඔයා ඔයිට වඩා සන්යමයෙන් වචන පාවිච්චි කළා නම් වැදගත් ලිපියක් වෙන්න ඉඩ තිබුණා! කමක් නෑ වැරදි හදා ගෙන ඉදිරියට යන්න

    ReplyDelete
  43. මචං කියලා තියන දේ පිළිගත්තේ නැති උනත් අන්තර්ගතය ඒ කියන්නෙ ගස් ටික ඉතුරු වෙලා තියන එක ගැන දාලා තියන එක නම් පිළිගන්නවා. මම නම් අහලා තියන විදියට ඇත්ත සිරි පතුල තියෙන්නෙ අඩි හරි යාර හරි 27 යටින්ලු. (අඩිද යාරද කියලා මතක නෑ) අපි මතුපිට තියන සිරිප්තුලට නලල තියනකොට අර ඒකක 27 යට තියන මැණිකක සටහන් කරලා තියන සිරිපතුල ස්පර්ෂ වෙන තාක්ෂණයක්ලු එතන තියෙන්නෙ. සමන් දෙවියන්ගෙ ඇල්ම බැල්ම ගුණ්වත් වන්දනාකරුවන්ට නම් අනිවාර්යයෙන්ම තියනව කියන එක මම අනිවා දන්නව මොකද මොන වැස්සක අපි ශ්‍රී-පාදය කරුණා කලත් ආපහු බහිනකොට හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නෑ. ශ්‍රී පාද අඩ්වියේ තියන විශේෂත්වය ඒක තමයි, මම සෙරෙප්පු දෙකක්වත් නැතිව කරුණාකරලා තියනවා මටනම් ගල් තැල්මක්වත් ඇවිත් නෑ.

    ReplyDelete
  44. ATHTHAMA KIYANAWANAM KATHAWE GATHAUTHTHAK NA SAMAHARAVITA GHANGA 4 ARAKSHA KIRIMAK GANA EDIRIPATH KARANNA ATHI NAMUTH MONADE KALATH KISIMA AGAMIKA SASTHRUWARAYAKUTA NIGA WENA WIDIHATA EDIRIPATH KIREEM WALATA EKAGA WENNA BAHA MOKADA A SASTHRUWARUN LOKAYATA DESHANA KALE YAHAPATH DE NISA

    ReplyDelete
  45. This comment has been removed by the author.

    ReplyDelete
  46. Post 1 නම් කිසිම අවුලක් දකින්නෙ නැ...
    එක නිකන් අදහසක් විතරයි නේ.....
    ශ්‍රි පාදස්තානය ගැන ඉතින් නොයකුත් කතා තියනවනේ....
    එක නිසා ඕක වැඩිය ගනන් ගන්න දෙයක් නෙවෙයි....
    දෙමල මනුස්සයෝ ඕන තරන් යන්නෙ බුදු හාමුදුරුවො ගැන තියන සතුටකින් නෙවෙයිනේ....එහෙවු එකේ ඔක ගැන කලබල වෙන්න ඕන නැනේ....


    ඔය විදියට කලබල වෙන්නේ මිනිසුන් ගේ හිතේ ගෞරවයක් තියන අයව,අනිත් අනිත් අය හෙලා දැකල කතා කරනකොට (තමතමන්ගේ දෙමාපියන් ගැන අන් අය හෙලා දැකල කතා කරන කොට අපිට මල පනින්නේ ඔය කරුන නිසා නේ) ........
    මේවා ශිෂ්ඨ සම්පන්න අඩු සමාජයක ලක්ෂණ.....
    මොකද මිනිසුන්ට ඔවුන්ගේ මත නිදහස්ව ප්‍රකාශ කරන්න ක්‍රමයක් නැති 1 නම් එච්චර හොද දෙයක් නෙවෙයි...හරි වැ‍රැද්ද මොකක් උනත්...(හැබැයි පු‍තෝ මතධාරියා තමන්ගේ මතයේ පුර්ණ වගකීම තමන්ම ගන්න ඕන.....නැත්නම් ප්‍රශ්න ගොදක් අතිවෙන්න පුලුවන්..)
    කෙනෙක්ගේ මත නිසා අනිත් මිනිසුන්ගේ මත වලට හානි වෙනව නම් කරන්න තියෙන්නෙ,එම කරුණු වල පදන්ම් බිදෙන ආකාරයට පවසන එකයි....

    ReplyDelete
  47. gas tika araksha vechcha kathava attha.out of box idea ekak.bt budunta ohoma apahasa karanna epa.post eka kiyevvama mata nan godak duka hithuna poddak budu dahama gana adahasak nathi ayath mechchara innavada kiyala..............piriduve hamuduruvange eka bana pothak kiyavala balanna........

    ReplyDelete
  48. මල්ලී.. මේ ලිපිය ගැනනං මගේ කිසිම ප්‍රසාදයක් නෑ ඕං. කෙලින්ම කිවුවා.

    ReplyDelete
  49. @අන්තිම ඇනොනිමස්

    කෙලින්ම කිවුවා වෙන්නෙ කොහොමද ? නමක් ගමක් නැතිව කෙලින්ම කියලා නැනේ.. බයට හැංගිලානේ කියලා තියෙන්නෙ ?

    යකඩෝ මේ මං මෙච්චර දෙයක් ගැන බයක් නැතිව ලියලා දාලා තියෙනවා මයේ නම් ගම් හැම දේම එක්ක..

    මේ සමහරුන්ට කමෙන්ට් එකක් දාන්න පුදුම පණබයක්නේ තියෙන්නෙ.. !!

    ReplyDelete
  50. ජනප්‍රිය වෙන්න ආගම යොදාගන්න එපා. කොලොස්ටරොල් තියෙන කෙනෙක් ජිම් එකට ගිහිල්ල ව්යායාම කරන ලෙස, යමෙක් පාලනය කල හිතකින් ස්‍රි පාදය නැග්ගොත් මොන තරම් ලෙ පිරිසිඩු වෙනවද්

    ReplyDelete
  51. ඉතා මත් නින්දා සහගත් ලිපියක්..මම දෙකල තිබුනා ආගම් අන්තගාමීන් විවිද ආගම් පිලිබදව දක්වන අදහස්..නමුත් එතන දී ඔව්න්න් එක් එක් ආගම්වල වෑරදි පෙන්නුවට කිස්විටකත් ඒවා විහිලුවට ගන්න උත්සාහ කරන්නෑ.එහෙම කරන්නේ අමු මොඩයො විටහර්යි..කල දුටු කල වල ඉහ ගන්න ගිහින් මේ ලිපිය ලියපු මහ්තා අපගත් වෙන බව නම් තිතට කියන්න පිලිවන්
    mathaka real

    ReplyDelete
  52. බනියෝ , සාමාන්‍ය මිනිස්සු ගස් කපන එක , තේ වවන එක පැත්තකට දාන්න ... ලි මෝල් කාරයෝ නේද ලංකාවේ වනාන්තර වලින් වැඩි හරියකට දැනටත් වග කියන්නේ ....
    අනවසර ගස් කැපීමක් කොහෙද ?? එතන ලි මෝල් කාරයෙක් ඇති කොනක ....
    (තරහ වෙන්න එපා හොඳේ ..)

    ReplyDelete
    Replies
    1. කිසි තරහක් නැ.. ගොඩක් දේශපාලණික බලය මත ගස්කපන ලීමෝල් කාරයො ඇති ඔනි තරම්.. ඔය ලීමෝල් කාරයා කියලා කීවෙ මට නම්.. අපි ගස් කපන්නැ.. :) ඔප්පු කරන්නම්
      අපි කරන්නෙ කඳන් ගේන අයගෙන් සල්ලි දීලා ගන්න එක.. අපිට ලී ඉරන්නයි ගස් කපන්නයි කියන දෙකම කරන්න බැහැ.. එක කරදර වැඩක්..
      ඒ කපන් එන මිනිස්සු කපන්නෙ හොරාටද නැද්ද කියන එක නම් අපි දන්නැහැ..
      අනික ඇල්බීසියා ලුණුමිදැල්ල වගේ ගස් මහ වනන්තර වල හැදෙනවා කියලා මම් දන්නෙත් නැ.. ඒවා හැදෙන්නෙ නිකං තේ වගා අතර, සාමාන්‍ය ඉඩමක, හෙවනටනටනේ, ඔය වගේනෙ නෙද ?
      නැදුන් තේක්ක බුරුත පලු, හොර, ඔය වගේ ගස් නම් මහ වනන්තරවල අතු පතු දරාගෙන මහ විසාලෙට හැදෙනවා.. එහෙම ගස් අපි ගන්නැනේ :)

      Delete
  53. හොඳ අදහසක් .
    දිගටම ලියන්න.

    ReplyDelete
  54. Machangla mekama Thambiyek hari bauda nowena ekek hari kiwwanam kohama hiteeda? Uge amma appa paulama sune sung

    ReplyDelete
  55. තමුන් මහ පිස්සෙක්නෙ,
    කරුණාකරලා මේ වගේ ගොං කතා කියන්නෙ නැතුව,
    මෝඩ ජෝක් එකක්වත් කරල ඉන්නවා,
    මීට වඩා හොඳයි තමුන් සියදිවි නසා ගත්තනං,
    තමුන් බෞද්ධයෙක් නෙවේ නේද?

    ReplyDelete
  56. බුදුරජාණන් වහන්සේ සිරි පතුලක් යම් තැනක පිහිටුවන්නේ සෘද්ධි බලයෙන්. ගල්වඩුවන් ලවා නොවේ.

    /*බුදු හාමුදුරුවෝ කලේ.. සමන් දෙවියනුයි.. එතමුගේ සෙනාවයි යැව්වා.. සමනල කන්ද වටේ පොඩ්ඩක් බලලා එන්න කියලා.. මොකක් හෝ යමකට යවන්න ඇති.. ඒ කරලා.. බුදු හාමුදුරුවෝ ගල් වඩුවෙක් ගෙන්නලා ගලක සියුම්ව කෙටුවා පා සටහණක්... ඒක කරලා අවසන් වෙත්ම, මතකය නැති කිරිමේ හො එවැනි දෙයක් කරන්න ඇති.*/

    මේක තුන්ලෝකාග්‍රවූ තථාගතයන් වහන්සේට කරපු නිග්‍රහයක්. අසත්‍යයෙන් අභූතයෙන් චෝදනා කිරීමක්. උන්වහන්සේගේ අනන්ත වූ ශීලයට කරන ලද නිග්‍රහයක්.

    මේක කියවනවිට බෞද්ධයෙක්ට සංවේගයක් ඇතිවෙන එක දැන දැනත් මේකෙ ලියුම්කරු මේක ලියල තියෙන්නෙ මොන අරමුණකින්ද කියල හිතාගන්න බෑ. මේ වගේ කුණු හෑලි ලියල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියලත් හිතාගන්න බෑ.

    ශ්‍රී සද්ධර්මයට අභියෝග කරනවනම් කෙලින් එමු නේද? මෝඩ ජෝකර්ල නොවී.

    ReplyDelete
  57. loka wasi janathwage gawrawayata pathra una samma sambudurajanan wahanse gana melesa kata kirimen vishala papayak sidu wana bawa palamuwa mathaka taba ganna
    minisun vshwasa karana wadina pudana agam shashrhtu warayekta mewani lesa halluwata lak kirimata vachana pavichchi nokirimata oba sithata gatha yuthui

    ReplyDelete
  58. Bunny,
    Umba oya kiyaapu dewalma kiyapanko Makkamata, Jeruselamata. Umbawa tama lee molata danna wenne ee langata. Nikan hitala balapan. Bogak tibunata, kata kahanawata waachala dodawanna epa. Guu tamai kanna wenne ............

    Thanks (If you post this......)

    ReplyDelete
  59. මෙ අශ්‍රිත පරිසරය රැකිල තියෙන්නෙ ශ්‍රී පාදය මෙ ස්තානයෙ තියන එක නිසා කියල පිලිගන්නව. එහෙත්.....

    මේ හිස් පුරුෂයට මේ ටිකත් කියන්න හිතුවා.

    භාග්‍යවතුන් වහන්සේගෙ එක් මහා පුරුෂ ලක්ෂනයක් තියනව. ඒක තමයි මනාව පිහිටන පාද ඇති බව. ඒ කියන්නෙ අපේ වගේ මැදින් ඉස්සෙන්නෙ නෑ. යටි පතුල සම්පුර්ණයෙන්ම පොලව ස්පර්ශ කරනව. උන්වහන්සේ පියවර තිබ්බම පොලව උස් මිටි කම් මගහැරිල සමව පිහිටනව.

    ශ්‍රී පාදයෙ උඩින් තියන සිරි පා කැටයම බුදුන් වහන්සේගෙ කියල හිතාගෙන රැවටෙන්න තරම් හිස් පුද්ගලයෙක්ට දිරි දෙන්නත් තවත් හිස් මිනිස්සු ඕන තරම් ඉන්නව. ඒක මේ විපරීත කාලයෙ හැටි. ඒක එහෙම වෙනව කියල බුදුන් වහන්සේම දෙශනා කරල තියනව.

    බුදුන් වහන්සේ පිහිටවපු සිරි පතුල තියෙන්නෙ ඔය තියන කැටයමට යටින් තියන නීල මාණික්‍යක. දන්නෙ නැත්තම් අදවත් දැනගන්න. තමන්ගෙ හිස් කමට තමන්ට හිතෙන හැම මනස්ගාතයක්ම මේ වගේ තැනක ලියන්න එපා.

    තව එකක් මතක තියාගන්න. මේ වගේ බාල ලිපි දමල, ඒව කියවන පාටකයන් සිටින තාක්, ඒව කියවල යම් යම් චිත්තයන් ඇති කරගන්න පාටකයන් ඉන්න තාක් කල් ඔබ පව් රැස්කරගන්නව.

    රහසින් වත් පව් නොකල, යථා වාදී තථාකාරී භාග්ය වතුන් වහන්සේගේ අවබොධය, බල පරාක්‍රමය පිලිබන්දව අoශු මාත්‍රික දැනීමක් වත් මේ ලේකකයාට නැති බවනම් සක් සුදක් සේ පැහැදිලියි. ඒ දෙවල් ගැන දැනීම් මාත්‍රයක් වත් නැති නිසාම තමයි මේ වගේ බාල විදියට උපකල්පන කරල තියෙන්නෙ.

    (මම බ්ලොග් ලියන කෙනෙක් නෙවෙයි. ඒකයි ඇනො කෙනෙක් විදියට ඉන්නෙ. මම මේ අඩවියට ආවෙ අහම්බෙන්. ශ්‍රී පාදය ගැන කරුනු හොයන්න ඇවිත්. මට ඇතිවුනු සoවේගයත්, අනුකම්පාවත් දරාගන්න නොහැකි නිසාමයි මේක ලියුවෙ. මේ ලිපිය මෙහි තියන තාක් කල් ඔබට හිට්ස් නම් ලැබෙයි ගොඩක්. ඒත්.............. මට ඔබ ගැන හරිම කනගාටුයි..... ඔබට වහ වහාම නුවනැස පෑදේවා!!!)

    ReplyDelete
  60. හරකෙක් බව පේනවා... මේ තරම් උම්බෑ කියලා එක ප්‍රදර්ශණය කරන්න එපා....
    බුදුන් කියන්නේ මැජික් කාරයෙක් නේවි...
    උන්වහන්සේට ශ්‍රි පතුල පිහිටුවන්න ගල් වඩුවෝ ඕන නැ.. හිතුවත් ඇති..
    ඒ බුදුන්ගේ මහිමය.. එහෙව් බුදුන්ව හැල්ලු කරන්න එපා...
    තමුසේ සිංහල වෙන්න ඇති.. හැබැයි බෞද්ධ වෙන්න බැ..

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.