කාලෙකිං අවා... කලින් පොස්ට් එකේ මරණ තර්ජන විතරයි නැත්තෙ.. මං එකට කමෙන්ට් කරන්න යන්නෙත් නැ මොකද මගෙ කට හොද නැති නිසා.. :-D
ඇත්ටම එකේ අඩුපාඩු තියෙනවා..ඒක පිලිගන්නවා.. ආයේ ඒ ගැන හා එවගේ පොස්ට් දාන්නැ කියලා හිතාගත්තා..
ඉතිං අලුත් වැඩක් පටන් ගත්තා, මං ගිය ගමන් වල මතක සටහන් ටිකක් මෙකේ ලියලා දාන්න..
මෙකයි මට මතක මගේ චාරිකාව..
මෙකේ කක්කි කොටසක් තියෙනවා.. පස්සෙ බනිනවා එහෙම නෙවේ ඕං..!
මතකද මංදා 2001 ද කොහෙද.. අලි මාමලා, සිංහ කොටි සටණ ඩිංග කාලෙකට නැවැත්තව්වා.. ඉතිං ඔකෙන් අපිට යාපනෙ බලන්න යන්න චැන්ස් එක ලැබුනා නෙවැ :D (ඔය අස්සෙ පොඩි පොඩි කුපාඩි වැඩත් සිද්ද නොවුනාම නෙවේ..!)
ඉතිං ඔහොම සටං විරාම ගිවිසුම ගැහුවාම අපිටත් හෙන කුතුහලයක්.. මොකක්ද මේ යාපනේ කියන රට බලං එන්න තදියම.. ඉතිං අපේ තාත්තා නුවරට ඇවිල්ලා.. එයාගේ යාලුවේ එක්ක කතා කලාම.. යාපනේ යන්න සෙට් කරගත්තා.. කොම හරි ඔන්න අපි යාපනේ එන්න පිටත් උනා..අපි නුවර අපු වාහනේ.. නුවර ගෙදරක දාලා.. එහෙන් වාහනයක් අරන් ගියේ..
ඔය වාහනේ ඩ්‍රයිවර් උන්දැටයි උන්දැගේ වාහනෙටයි බනියා එනකම් සෙත් පත පත අවේ.. නොදොකිං එහෙම වාහන නම් ඔන්නැ.. ! එකේ දුණුකොල ටික එකට තියලා පාස්සලා.. පිටි පස්ස ගල් රොල වගෙ උඩ පනිනවා..බනියා ඉතිං කිකරු කොල්ලා නිසා පිටි පස්සම ශිට් එකට ඇදලා දැම්මා.. ක්‍රැර විදියට..!
මුකුත් කියන්නත් බැ.. වාහනෙන්ම එළියට ඇදලා දැම්මොත් කාට කියන්නද කියලා කරබාගෙන උන්නා..
ඉතිං ඔහොම ඔහොම චුට්ට චුට්ට කිට්ටු වෙන්නෙ කාන්තාරෙටයි.... නැනැනැ යාපනෙට.. ඔන්න බනියාගේ අනික් ලෙඩෙ හැදෙන්න පටන් ගන්නවා.. අවුව දැක්කාම හම දනවා.. දාඩිය බෙරෙනවා..
ඒ අස්සෙ ඉරට බනිනවා..!
කොම හරි.. නාග දීපේ, අලිමංකඩ, තව අර හසලක ගාමිණී රණවිරුවා බුල්ඩොසරෙට පැන්න තැන.. එහෙම බලා කියාගත්තා.. නාග දීප ගමන නම් කියලා වැඩක් නැ.. ටොලර් එකෙ යද්දි පුදුම බයක් දැනෙන්නෙ.. ඇයි එහාට නැවෙනවා මෙහාට නැවෙනවා..
ලංකාවෙන් එහාට කියලා මුලින්ම ගියේ ඔන්න නාග දිපෙට තමා.. :D මොකද එක දුපතක්නේ..
තව හුගක් අය යන්නෙ නැති.. (යන් නැතුවද, දන්නෙ නැතුවද දන්නැ) තැනක් තමා කොටින්ගේ සොහොන් භූමිය.. එකේ මහ කොටි හා කොටි පැටවුන්ගේ සහොන් හදලා තියෙනවා.. එ කියන්නේ යුද්දෙදි මැරිච්ච අය සිහි කරලා පොඩි පොඩි සොහොන් කොත් හදලා.. ලොකු කොටින්ගේ සොහොන් ටිකක් ලොකුවට හදලා..
ඊං අපිට ඕකට යන්න ලැබුනේ අහම්බෙන්.. ඒක උනේ මෙහමයි.. අපි පොඩ්ඩක් අයාලේ වගේ යන කොට.. එක මනුස්සයෙක් අත දැම්මා.. අම්මියෝ බැලින් නම් කොටි කාන්තාවක්.. හා තව කොටි ළමයි දෙන්නෙක්.. දැක්කාම දුකෙ බැ එක්කෙනෙක් කෙල්ලෙක්.. අනේ තිරිසන්නු චුටි ළමයිනුත් අරන් යුද්දෙට..
කොම හරි එයාලා කිවා පුලුවන් නම් ඔය මං කලිං කීව කොටි සුසාන භුමිය ලගට ගිහින් දාන්න කියලා.. ඉතිං අපිත් හා කියල නග්ග ගත්තා.. විස්තරෙ ඇහුවාම කිවේ ඒ කොටි ගැණු ළමයාගෙ කකුල පොළගෙක් කාලා බෙහෙත් දාගන්න ගියා කියලා.. අනේ ඒ ළමයට වඩා උසයි තුවක්කුව.. පවු..!
බනියත් ඒ කෙල්ලට පැණිය දාගෙන ගියාට ඒ කෙල්ල නෙවේ ඈහක් ඇරලා බනියා දිහා බැලුවේ. මොනා උනත් ලස්සන කෙල්ලෙක්..කලුයි එත් හරිම ලස්සනයි.. බනියාගෙ හිතෙ කෙල්ලෙක් ගැන චිත්‍රයක් මැවුනා නම් ඔය කොටි කෙල්ලත් ඒ අතරෙ ඉන්නවා.. :D හික් හික් :D
ඉතිං ඒ මිනිස්සු නපුරුයි කියල කිවත් හරිම හොද විදියට අපිට සංග්‍රාහා කලා.. අපි කැවෙත් ඒ සුසානා භුමි ලග තිබ්බ ඒ කොටින්ගේ ගෙදරක ඉදිං.. අපිට පුටු තියලා, පිගන් දීලා එළිමහනේ ඉදං කන්න දුන්නා.. ආයේ හුගක්දුර ඉදන් ආඩියාමාන ලිදකිං වතුර ඇදලා ගෙනත් දුන්නා අත්හොද ගන්න හා බොන්න කියලා.. ඒ අතින් කොටි කොටි කිවාට ආගන්තුක සත්කාර හේම හොදට දන්නවා..
තවත් තැන් කීපයකම අපි ඇවිද්දා.. මට ඒ හැටි මතකයක් නැ වැඩිය.. මං කලේ අපේ හමුදාවේ අයට අත වන වන ගිය එක විතරයි.. එකත් හරි අපුරු වැඩෙ.. එයලත් අත වනනවානේ :D හරියට ගමේ අදුරන අය වගේ :D ඉතිං ඔය අස්සෙ කොටින්ටත් අත වනනවා.. ඔක්කොම එක වගෙනේ :D
තව දෙයක් තමා කොටින්ගේ පොලිසිය.. :D හරිම සාදාරණ පොලිසියක් තමා.. පැයට කිලොමිටර 20 ක වෙගයෙන් ගියත් 100 ට ගියත්.. එකම දඩය :D අපිත් නැවැත්තුව හයිස්පීඩ් අල්ලන මිටරෙන් .. අපි 45 ට ගිහින්ලු :D කොම හරි වාහනෙන් බැහැල යන්නත් කලින් දඩකොලේ ලියලා.. රු200 ක්.. ඉතිං කොටියා කොටියාමනේ කියලා තර්ක කරන් නැතිව ඔය රු 200 දීලා අපි එන්න පිටත් උනා..
ආ කියන්න අමතක උනානේ.. එපා කරපුම වැඩේ තමා.. චෙක් කරන එක.. මට ඔය චෙක් කරන එක අල්ලන්නෙම නැ පොඩි කාලෙ ඉදින්ම.. ඔන්නැති තැනුත් අල්ලනවානේ..! ආයේ බැග් මලු අවුස්ස අවුස්ස බලනවා.. එපාම කරපු වැඩෙ..! එක තැනක නම් කමක් නැ තැන් දෙකක්නේ..
එක තැනක කොටි අත ගානවා.. අනික් තැනේ අපේ හමුදාවේ අය අතගානවා.. මට එපා වෙලා උන්නෙ. මොනා කරන්නද ඇස්දෙක පියාගෙන නිකං උන්නා.. මොකද මට ලැජ්ජ නැනෙ එතකොට..!
ඉතිං කොහොම කොහොම හරි හැම තැනක්ම බලාකියාගෙන අපි යාපනේ රටෙන් එන්න පිටත් උනා.. ඔය අවාම ආයෙමත් චෙක් කරන්න නැවැත්තුවා..
අනේ කිසි කරදරයක් නැ අපේ හමුදාවේන් නම් ආයේ අතගාන්න කියන්න ගියේ නැ වැඩිය.. ටික් ගාලා එන්න දුන්නා..
එත් කොටි ? හෆොයි වෙච්චි දෙයක්.. මගේ හැදුනුම් පත නැතිලු.. අපේ තාත්තා අහනවා මේ පොඩි එකාට මොන හැදුනුම් පත්ද කියලා.. ඒ විතරක් නෙවේ අපේ පොඩි අක්කටත් හැදුනුම් පත් නැලු.. හරි මංගල්ලයක්නේ.. 18 වෙන්න එපැයි හැදුනුම් පත් දෙන්න.. කොටියාගේ නැට්ට පාගන්න හිතුනත් මං ඉවසං උන්නා.. නැත්නම් උං ඉතිරි කරන්නැ.. මාවිල් ආරු නෙවේ..! යුද්දෙ පටන් ගන්නෙ එතැනින් තමා ආයේ..
කොම හරි ඇතුලට ගිහින් මහ කොටියෙක්ට අපි දෙන්නව පෙන්නව්වාම.. අර කොටියාට බැනන් බැනන් ගියා.. හික් හික්.. හැබයි මට තෙරුනේ නම් නැ.. මොකද දෙමලෙන්නෙ බනින්නෙ :D
ඌ 8 පාස් නැති කොටියෙක්ද කොහෙද.. ඇයි යකො තෙරෙන් නැද්ද මං පුංචි එකෙක් කියලා.. අනේ අම්මෙ මං බය වෙච්චි තරමක්..අර කොටි ගැණු ළමයා වගේ මාවත් යුද්දෙට ගෙනිච්චා නම් ? ඒ කාලේ මං පවුලට උන්න එකම කොල්ලා වෙච්චි..(දැන් නම් වසවර්තියෙක් ඉන්නවානේ)
ඔන්න ඒ කරදරෙන් ගැලවිලා එළියට බැස්සාම 5 ට කිට්ටුයි.. 5 පහු උනොතිං කොටින්ගෙ සිමාවෙයි.. අපේ සිමාවෙයි මැද නවතින්න ඔනි.. කොහාටවත් යන්න දෙන්නැ.. රතුකුරුසෙන්ද කොහෙද එහෙම නවතින අයට ඉන්න තැන් හදලා දීලා තිබ්බා..!
කෝම හරි පාගලා එන්න හදන කොට තමා වැඩෙ දෙල් වෙන්නෙ... ලොකේ තියෙන ලොකුම අමාරුව බනියාට වැලදුනා.. "කක්කි බරක්"..
ඉතිං 7 දෙයියනේ ඕක කුණුහරුපයක්ද හිනා වෙන්න ?
අර ගොන් වාහනේ ගැස්සිලා ගැස්සිලා ඇවිල්ලාම මාර අමාරුවක බනියා උන්නෙ..! හික් හික් මොනා කරන්නද ඉවසන්න බැරිම තැන තාත්තාට කිවා.. තාත්තේ.. මට කක්කා බරයි කියලා :D
මෙන්න ඒ පාර තාත්තා ඇගට ගොඩ වෙනවා.. පොඩ්ඩක් ඉවසං හිටුකො මේ සිමාව පැනගන්නකම් කියලා.. එත් මං නෙවේ ඇඩිල්ල නැවැත්තුවේ.. සිමාවෙන් යන එකද ලොකු මගේ කක්කා බරද ?
හා එහෙනම් යමං කියලා තාත්තා මාව හමුදාවේ ටොයිලට් එකකට ඇදන් ගියා.. හික් හික් ඉතිං ඔකෙන් මගේ අවශ්‍යතාවය කරගෙන අවාම 4.55 වෙලාව.. විනාඩි 5 යි තිබ්බෙ.. :D
තව දවසක් යාපනේ ඉන්න බැ කියාගෙන වාහනෙත් මර හඩ දීගෙන පාගලා අවා.. කොහොම හරි රැ වෙන්න කලින් අපි නුවරට ආ ගත්තා.. :D
ඔන්න ඔහොමයි බනියාගේ එක් චාරිකා episode එකක් ඉවර වෙන්නෙ..
ඉතිං තව එකක් දාන්නම් පුලුවන් වෙලාවක.. :D
හැමදාම පික්සු නටන මං
Bunny
.