Sunday, March 20, 2011

Hanthana Linux zzzz :-D

         මේක මේ කාලෙක ඉදන්ම දාන්න උන්න පොස්ට් එකක්.. කොහෙද ඉතිං අර වඩුවාගේ ගෙදර පුටුව නැ.. බාලගිරි දෝසේ අද නෙවේ හෙට වගේ කල් දම දමා උන්න එකක්.. (වෙන මුකුත් නෙවේ කම්මැලිකම)


ඉතිං අවසරයි.. මා මෙතනට පැමිණියේ හන්තාන ලිනක්ස් සම්බන්දයෙන් වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි..

         මෙහෙමයි මේකත් ලිනක්ස් පාදක කරගත්තු මෙහෙයුම් පද්දතියක්..
මේකේ බේස් එක කරගත්තෙ අපි fedora කියන මෙහෙයුම් පද්දතිය.. විශේෂයෙන්ම මේක ගන්න හේතු උනේ ආරක්ශාව අතින් ටිකක් තදේට ඉන්න නිසා :-D   ඊලගට අපි මේක තව චූටි කරලා හැදුවා හන්තාන CD එකක්.. චූටි කරා කිවේ CD එකට කොම හරි ඔබාගන්නත් එපැයැ.. ඉතිං කලේ XFCE කියන අතුරු මුහුනත දාලා.. අද්‍යාපණික මෘදුකාංග දාලා..
           විශේෂයෙන්ම මේක වැදගත් වෙන්නෙ ඉස්කෝල වලට.. මොකද ඉතිං ඉස්කොල වල තියෙන මැශින් ගැන දන්නවානේ..(මහන මැශින් නෙවේ මේ කොම්පීතර් :D ) අන්තර්ජාල පහසුකම් නැ.. වෙන ලිනක්ස් OS එකක් දැම්මට Mp3 බලන්න බැ.. ඔය යාලුවෝ එක්ක අනම් මනම් Video බලන්න බැ ;-) නේද ? :P        අනික ඉතිං ඉස්කොලේ මැසිමකින් මොනා හරි ඉගෙන ගන්නවා නම් ඉතිං අඩුගානේ පිරියඩ් 8 ම කට්කරගන්න බලාපොරොත්තු වෙන්ටෝන...මොකද මැශිම ලෝඩ් කරගන්න පිරියඩ් එකයි.. මෘදුකාංගේ ලොඩ් වෙන්න පිරියඩ් එකයි.. චිත්‍රයක් ඇන්දා කියමු.. ඒක අදින්න පිරියඩ් 4 දාමු.. ඔන්න ඇදලා සෙව් කරන්න පිරියඩ් එකයි.. ක්ලොස් කරන්න පිරියඩ් එකයි.. ශට්ඩවුන් කරන්න නම් තිං ;-) තත්පරයයි.. (බිත්තියෙන් ඔෆ්කරන්න බැරියැ :P හිහ් හිහ් හිහ් )
       මොනා උනත් ලංකාවේ ආර්තිකේ හැටියට හැම පාසලකටම ලොකු ලොකු මැශින් දෙන්න බැහැනෙවැ.. අනික ඉතිං එව්වාට දාන මෘදුකාංග වලට ඊට වඩා වියදම් දරන්ට එපැයැ ;-)
ඉතිං ඔය IT (Itin Takaran) කරද්දි බනියලත් ඔය දුක්ක දෝමනස්සයන්ට මූන දුන්නා... ඒ වගෙමයි අපි පිහිටවා ගත්තු SLUG (දක්ශිණ ලිනක්ස් සංසදය) එකෙන් කල ලිනක්ස් වැඩමුලු වලටයි ගියාම අන්තර්ජාල පහසුකම් නැති උනාම එන කට්ටයි නිසා..  අපිටම කියලා මෙහෙයුම් පද්දතියක අවශ්‍යතාවය අපිට ආවා.. ඉතිං ඒක නිසා ඩනිශ්ක අයියාගේ අදහසකට අනුව අපි හන්තාන ලිනක්ස් LiveCD එකක් විදියට දොරට වැඩම්මව්වෙ..

දැන් මේ ඔක්කොම තව තවත් දියුනු කරලා Live DVD එකක් නිකුත් කලා..
එකෙනම් තියෙන්නෙ Gnome කියන අතුරු මුහුනතයි KDE කියන එකයි.. තව අලුතින්ම ආව Gnome Shell කියන එකයි.. (මං නම් පුද්ගලිකව කැමති Gnome වලට :)

ඉතිං මේකේ හිතාගන්න බැරි තරම් මෘදුකාංග දාලා තියෙනවා..  ඔයාලත් උස්තාහා කරලා බලන්න... මෙන්න මෙතනින් බාගන්න පුලුවන්..
මේක පිලිබද
වැඩිවිස්තර දැන ගන්න ඔනි නම් මෙතන බලන්න

ඉතිං රු 60000/= විතර මිල කරන පොඩි මැශිමකට.. තව රු50000/= ක් විතර මෘදුකාංග වලට වියදම් කරලා රජයේ පාසල් වලට දෙන මැශින් වලින්.. ඔය මෘදුකාංග වලට යන වියදම අඩු කරන්න ලිනක්ස් දැම්මොතිං තව එක පාසලකට හරි IT ලැබ් එකක් දෙන්න පුලුවන් නේද ?


බලාබලාලාබලාලබාබලා.....

මේ ගැන වැඩි විස්තර දැන ගන්න ඔන්නම් මෙන්න මෙතනින් ගිහිල්ලා ඩනිශ්ක නවින් අයියාගේ බ්ලොග් එකේ බලන්න..ඩනිශ්ක අයියා තමා මෙකේ මුලසුන අරගෙන වැඩ කරන්නෙ.. බනියත් හන්තාන එකට සම්බන්දයිලු.. මොනා කරනවද කියලා බනියා නම් දන්නැ..

ඒ වගේමයි හෙන සෙටාර් එකක් මෙක වටේ ඉන්නවා.. :-D දැනට ඉස්කෝල 3-4 ක්ම සම්පුර්ණයෙන්ම පාවිච්චි කරන්නෙ හන්තාන.. ඒ වගේම  ඉන්ටර්නෙට් කැෆේ 2 ක් විතර තනිකරම හන්තාන :-)

ඉතිං ඒ ආඩම්බරයත් හිතේ තියාගෙන මං සමුගන්නවා.. ඉතිං ඔයත් උත්සාහ කරලා බලන්න.. මොනා හරි ගැටලුවක් තියෙනවා නම් ඩනිශ්ක අයියාම අල්ල ගන්න හොදේ :P මං නම් ඉතිං බිසි නෙවැ :P

ආ අමතකම උනා.. මේක ඩවුන්ලොඩ් කලා කියලා සතයක්වත් ඔනේ නැ හොදේ  :D පුලුවන් නම් යාලුවන්ටත් බෙදලා දෙන්න.. ඉස්කොලේ ගිහිල්ලා හොරාට ඉස්කොලේ මැශිමකටත් දාන්න.. සර් හො මිස් කවදාවත් බනින එකක් නැ :-)
(බැන්නත් මටයැ :P :P :P )

පා:ලි: ඉදිරියට හන්තාන මත ඉදන් වැඩ කරගන්න විදියේ පොඩි පොඩි බ්ලොග් පොස්ට් ටිකක් දාන්නයි කල්පනාවා.. ඔය අලංකාර කටයූතුවලට කැමතියි නෙවැ.. හෙනම් රැදී ඉන්න බනී එක්ක.. අපි කැපුනා

හෙනම් ටටා..!!

18 comments:

  1. බැලුවෙමි කියෙව්වෙමි ෂෙයාර් කලෙමි

    ReplyDelete
  2. බනිය මගේ හන්තාන එවහං කෝ............................

    ReplyDelete
  3. එලය...... හන්තානට ජය

    ReplyDelete
  4. අපි ඉතින් බිල් මාමගෙ කට්ටියනේ ..අත්පොත් තියපු එක අතාරින්න හිතෙන් නෑ (ඔය කිව්වට වර්චුවල් බො‍ක්ස් එකක siltaz රන් කොරනවා)
    කොහොම උනත් හොද වැඩක්

    ReplyDelete
  5. පට්ට පට්ට.... ලගදී අපේ ඉස්කෝලෙටත් එනවනේ ආවහම බලමුකෝ..... දැනට අපි උබුන්ටු හිතුනොත් විතරක් පොඩ්ඩක් හන්තාන ට්‍රයි කරලා බලනවා

    ReplyDelete
  6. එල එල බන්

    ReplyDelete
  7. හික් ය.. නියමයි අයියන්ඩි.. :D අපේ රැවුල නැනෙ.. මෙහෙම පොස්ට් 1ක් අපි දැම්ම ම බනින්නව අපිට... අපේ කම්පියුර් වල අවුලක් ලු.. ඒක නිසා නිශ්ශබදව ඉන්න එක හොදයිනෙ.. හික් ය.. මොනා උනත් මෙහෙම 1ක් දාමු 1ක සිර... :D

    ReplyDelete
  8. එලකිරි... එලමකිරි.....
    මම දැන්ම බානවා.
    (මේ ඒකනෙමේ අර GNOME Shell එක මාරයිනෙ බං)

    ReplyDelete
  9. ඔය කම්මැලිකම අමතක කරලා පොස්ට් ටිකක් දාහන්කෝ බං කොලුවෝ..... ඇත්තට ඔය හන්තානේ මේකා මොනා කරනවාද දන් නැ..

    ReplyDelete
  10. අපිටත් හන්තාන ලිනක්ස් ඕනෑ..........

    ReplyDelete
  11. "ඉතිං ඒක නිසා ඩනිශ්ක අයියාගේ අදහසකට අනුව අපි හන්තාන ලිනක්ස් LiveCD එකක් විදියට දොරට වැඩම්මව්වෙ
    මොනා හරි ගැටලුවක් තියෙනවා නම් ඩනිශ්ක අයියාම අල්ල ගන්න හොදේ :P"

    ඩලා, ඔයා මේක වඩම්මන්න හිටිය නම් ඇයි ප්‍රශ්නවලට උදව් කරන්න බැරි? ඔයා නම් නෝටි

    ReplyDelete
  12. හන්තාන ලිනක්ස් බාගැනීමට හැකියාවක් ඇත්තෙම නැති අය iso [AT] hanthana [DOT] org ලිපිනයට ලියන්න.
    තමන් සිටින ප්‍රදේශය වගේම රැකියා ස්ථානය ගැන හෝඩුවාවක් දුන්නම උදව් කරන්න ලෙසියි.

    උදා: අනුරාධපුර, කොල්ලුපිටිය, නුගේගොඩ, කුරුණෑගල, බුත්තල, නුවර පැති වගේම SLIIT, IIT, වැනි ආයතන වල සිටින කෙනෙක් හරහා මෙය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා

    සෑම විටම අදාල ප්‍රදේශයට ආසන්නම කෙනෙක් හරහා ලබා ගැනීමට සැලැස් වීමයි කරන්නේ. බොහෝ විට 4GB වගේ ඉඩක් ඇති USP pendrive එකක් හෝ හිස් DVD තැටියක් ලබා දීම පහසුයි.

    ReplyDelete
  13. X:මචං කෑවද?
    හාවා: මචං හන්තාන ලිනක්ස් වලනම්......

    X:මචං උඹ නිදිද?
    හාවා: මචං හන්තාන ලිනක්ස් වලනම්.......

    ඇත්තම කිවුවොත් හාවා ඕනම දේකදී උත්තර දෙන්න පටන් ගන්නේ.."මචං හන්තාන ලිනක්ස් වල නම්.." කියලා... :D

    ReplyDelete
  14. @deeps තැන්කු වේවා.. :D

    @පොඩී මහත්තයා.. එවන්නම් එවන්නම් :D

    @Ochanakalin එහෙමයි :D

    @Confiuzd ප්‍රෝග්‍රැමර්.. හිහ් හිහ් හිහ්.. හුගක් දෙනෙක් ඔහොමයි නෙවැ.. ඒත් ඉතිං වැඩේ කෙරෙනවා නම් OS එක මැටියෙන් උනත් මොකද නේද බං ? :D

    @hamidGMI.. hmm thanxs.. :)

    ReplyDelete
  15. @කුක්කා.. හාකො හාකො..

    @මොල්ඩර් ෆයිල්ස්.. හෙහෙ තැන්කූ :)

    @සුළැඟිල්ල.. සැලෙන්ඩෙපා බොල.. දාපං පොස්ට් :-)

    @සහන්... එළ එල බාපං බාපං :D ඔව්ඔව් GNOME Shell එක ලස්සනයි තමා ;-)

    ReplyDelete
  16. @නිම්ශා.. හිහ් හිහ්.. දාන්නම් දාන්නම් ටීචැර්.. :D අනේ මං දා මං නම් මුකුත් කරන්නැ හන්තානේ :D

    @නදී.. දෙන්නම්... :D

    @හාවි.. සුදා.. ඔයාගේ මෙල් ඇඩ්රස් එක එවන්න බලන්න, ඔයාට උදව් නොකර ඉන්නවද පැටියෝ :D :P :P

    ReplyDelete
  17. @ඩැනී.. බොහොම ස්තුතියි.. :-)

    @හසිත.. එළ එළ

    @ළමයා.. අපරාදේ උබ මට අල්ල ගන්න උන්නැ :-/

    අනික් බලලා ගිය සැමටත් ස්තුතියි.. :D

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.