Monday, January 3, 2011

මලින්ත පරලොව ගියොත්...?

         අපි සියල්ලෝම මැරෙන්නාහූය.. ඉපදුනොත් මරණය නියතය.. ඉස්පෙල් බයින්ඩර් කතාවේ නම් රොබෝ ලන්තයේ අය අමරණීය වෙන බෙහෙතක් සොයාගෙන තිබිනි.. ඒකත් අලය..!

බනියාට සිතෙන පරිදි මිනිහෙක්ට සිරා දඩුවකම් දිය යුතුනම්. නියම දඩුවම ඉස්පේල් බයින්ඩර් කතාවේ දුන් අමරණීය බෙහෙතයි..! ඒ මොකද යත් ජීවත් වෙන එක නම් මහ එපා කරපු වැඩකි..! ජීවත් වෙන කොට හැම මගුලම කල යුතුය.. ඉගෙන ගත යුතුය..  රස්සාවක් කල යුතුය.. විවාහ විය යුතුය.. ළමයි හැදිය යුතුය.. ළමයින් පාසල් යැවිය යුතුය.. පෝශනය කල යුතුය.. ළමයින්ගේ ළමයි නැලවිය යුතුය.... etc... මෙහෙම ගත් කල ජීවත් වීම මල මගුලකි..! මහා...... වදයකි..............     එව්වා වැඩක් නැත.. කතාව මේකය..

මලින්තේ සමග චැට් එකක යෙදී ඉන්නා අවස්තාවක පොරට මැරෙන්න අවැසියයි කීවේය... මටද ඔය සිතුවිල්ල කීප දොහක්ම පැමිණ ඇත.. මම ගනන් ගත්තේ නැත...අපි ඉපිද ඇත්තෙ මැරෙන්නටමය.. මට ඕවා හොදට හුරුය.. එම නිසා මලින්තගේ කතාවද කනකට ගත්තේ නැත.. ඒ වෙනුවට විහිලුවක් කර චැට් එක නැවැත්විය.. ඊට පසු මාගේ සිතුවිලි පරලොව කරා ඇදී යන්නට විය.. එනම් මලින්තේ පරලොව ගිහින් කරනා කටයුතු ගැනය... එය ලිස්ට් එකක් ලෙස ගත් කල මෙසේය...

පළමුව ටී එකක් බොයි.. නැත්නම් කූල් ඩ්‍රින්ක් එකක්..

ඊ ලගට "malinthe is @ now paralova" කියලා twitt එකක් දාවී...

ඊ ලගට පරලොව internet speed test එකක් කරලා, ඒ ගැන පරලොව අන්තර්ජාල සපයන ආයතනයට බැන twitt එකක් දාවී..

ඊ ලගට
   @malinthe
         is in paralova and hah! that was unexpected :S
         Sunny day in paralova. Lovely.
         ice cream!!! bahahahaha
         Raining.
         needs coffee.
         okay, I don't like these earphones much now. Something is not right. WTF :|
         Damn she's so cute
         is in paralova. Rainy.
         ahh WordPress is so lovely...
         ඕන කෙහෙල්මලක් කියා අර ලෙන්ස් එක ගන්නටත් සිතේ.
         sleepy.
         Grrrrah... paralova is hot..
         In the paralova train. No seats.
         paralova Intercity train photo shoot :P
                         
                               වැනි ටුවිට් අපට දැක ගත හැකි වේවී..
        
පසුව යම රජුගේ දෝනියැන්දාගේ පොටෝ ගැනීමට සැරසේ.. යම රජුගේත් ගනී.. යමදූතිකාවාන්ගේත් ගනී.. බනියාට හැගෙන පරිද්දෙන් ඊලග මරණය අත් වන්නෙ යම රජුගෙන්ය.. කැමරාව කුඩු විය හැක..

සියදිවි හානිකල ගත්තොත් යන්නෙ අපායටය.. එම නිසා මේ දුක් විදින්නෙ මක්කටැ.... නැද්ද ?
ඉන්න ටිකෙ ජීවත් වෙලා දිවියලෝකේ ගිහින් ඔය උඩ තියෙන ටික කරගත්තොත් හොදා...

හැබැයි අනිවා දිවියලෝකේ ගිහින් පුතේ දිවියන්ගනාවන් ගෙන් නම් උබ  DSI  වගේ ලෝගෝ එකක් මූනේ ගහ ගන්න එක නම් සිකුරුයි..!! :P :D


මෙය ලියන අවස්තාවෙත් මට මරන තර්ජනය.. :P මෙන්න සාක්ශි..


සෑයූ. : හුදෙක් මෙය මඩ තකාම පමණි.. :P

Bunny..

.

24 comments:

  1. මට පේන්නේ මලින්ත අතින් උඹ පරළොව යයි වගේ :D

    ReplyDelete
  2. මලින්ත අයියා මිනී මරුවෙකු වීමටත් ප්‍රථම හාමරුවෙකු වීමේ සම්පූර්ණ වගකීම බනියා බාරගත යුතුය.

    ReplyDelete
  3. හුරේ බනියට හරේ....
    මේ උඹලගේ ගෙවල් වලට එන පාර දන්නේ නෑ බං...ගූගල් මැප් එකේ හර් උඹේ ගුහාවේ පොයින්ට් එකක් දාලා දීපන්කෝ....

    වෙනමොකේටවත් නෙවේ මල ගෙදර දවස් ටිකේ දානේ...හත්දවසේ දානේ....තුන්මාසේ දානේ...අවුරුද්දේ දානේ...බ්ලා බ්ලා බ්ලා...අනේ හෆ්ෆේ දාන කියක්ද බං....දුකේ බෑ...කො කෝ ඉක්මණට ඉක්මණට...කොලේක හරි ලියලා ටැග් කොරපන්කෝ අපිව.....

    මේ බනියෝ මටත් අර උඹට හිතුනා වගේ පරලොව යන්න හිතිලා තියෙන්නේ පොඩි කාලේ ඉදන්ම...මොකද කියන්නේ ටයිම් බෝම්බයක් වත් සෙට් කොරන් කවුරුත් නැති පලාතකට ගිහින් සැට් එකම එකපාර දිවි නහගමුද....දිවිනහගත්තා කියලා දන්නේ අපිනේ...අනිත් උන් කියන්නේ අනේ අසරණ සෙට් එක ටයිම් බෝම්බෙකට අහුවෙලා චුතවුනා කියලනේ...එතකොට කාඩ් එකත් වැඩියි...මොකද කියන්නේ....ආ?

    ReplyDelete
  4. මම අද කොමඩි චිත්‍රපටියක් බලන්න කියල හිටියෙ. දැන් ඕන නෑ වගේ. මේක තියෙනවනෙ :D

    ReplyDelete
  5. බොලා මැරුණොත්නම් යාළුවො සේරම ඉවරයි. ඇයි යාළු පිට් එකට අපිට බොලාගෙ දරු පවුල් නඩත්තු කරන්න වෙනවනෙ.

    ReplyDelete
  6. මා තේරුම් ගත් දේ:-
    බනියා හෙවත් රට හාවා සමඟ චැට් කිරීම වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටවමි ........

    ReplyDelete
  7. එක පාරක් මැරිලා හිටියට මේකා ආයෙත් මෙහෙම දාන්නත් බැරි නෑ
    "Gah.. I'm dying"

    ReplyDelete
  8. මේක කියවපු මට හිතුනේ මලින්ත් විසින් බනියා මැරුවොත් මක්ක කරයිද?

    බනියා පරලොව ගියොත්...?

    ReplyDelete
  9. මලින්ත ළමයා ට්වීටර් එකේ පෝස්ට් 10000 පහුකරපු වෙලාවෙ ඔහු අපකීර්තියට පත්කරන්න කරපු ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණයක් මේක. අපි මේක හෙලාදකිනවා.

    ප/ලි පෝස්ට් එකනම් පට්ට හිනා කියන්නෙ හතර හිනා

    ReplyDelete
  10. තව පොඩ්ඩෙන් හිනාවෙල වැඩිවෙල මමයි පරලොව යන්නෙ xD

    ReplyDelete
  11. වල් හාවා මඩ හාවෙකු බවට පත්වූ වගයි.....

    @malinthe තේකක් බීලා මෙන්න මූ මරලා දාන්ට, මම දන්නවා ගෙදර

    ReplyDelete
  12. හාවාට කෙලවිය උතුමය...තෝ එක්ක මගේ හෙන තරහක් ඇත...මම කුමක් දැයි නොඩනිමි...මම අනිත් පැත්තේය...

    ReplyDelete
  13. මමත් නම් හාවා සමග සංවාදයේ යේදිම අත්හිටුවා දමන වග දන්වා සිටිමි.... මෙකා මඩ හාවේක් වි ගෙන එනවාය...

    ReplyDelete
  14. යකෝ සිරා බොල

    ReplyDelete
  15. මොකෝ මලින්-තේ ගෙන් කොමෙන්ටක් නැත්තේ?

    ReplyDelete
  16. {මිනී ඔලුව ලකුණ}
    බනියා අනතුරු සහිතයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.

    ReplyDelete
  17. තමන්ගේ පාඩුවේ සිටින අහිංසක පොරක් වන මාගේ චරිතය ඝාතනය කිරීම සඳහා බනියා (aka වල් හාවා/මඩ හාවා) ගෙනයන මේ වැඩපිළිවෙල තරයේ හෙළා දකිමි.

    ReplyDelete
  18. හික්ස් :D බනියාට දෙයියන්ගෙම පිහිටයි..

    ReplyDelete
  19. @බනී අයියා,

    හසියා කියූ පරිදි ගූගල් මැප් එක දාන්ඩෝ.....
    ෂුවර් කවුරු නැතත් මම මලගෙදර දවස් 7ක් අදිනවා. ග්ලසරින් දාගෙන හරි අඬනව.

    හැබැයි කලින් කියල මැරෙන්න ඕනෙ හරිය මම මෙහෙ ඉඳන් ගාලු යන්නත් එපැයි

    ReplyDelete
  20. මේක මරු පෝස්ට් එකක්

    ReplyDelete
  21. එකාට එක බැගින් රිප්ලයි කිරීමට කම්මැලිය..
    සැමට සමබරව ස්තූතියි...!! :D

    ReplyDelete
  22. අඩේ ඔන්න මටත් බිග් මැච් එකටත් කලින්ම ගාලු පලාතට එන්න චාන්ස් එකක් සෙට් වෙන්න වගේ. මචං ඉන්න තැනක් වේලපහින්ම කිව්ව්නං........

    ReplyDelete
  23. @nawammawatha..ඔව්වා වැඩිය දාන්ට බැ..මං මැරිලා, මුන් අපේ ගෙදර එන්න ගත්තාම, මට ඉන්න ලැබෙන්නෙ නැ..අනිවා මගේ කාර්ඩ් එක කාලා තමා යන්නෙ.. මැරුනත් සැපතක් නැත.. :D

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.