Saturday, November 13, 2010

වචන ගැඹුරු නැති මගේ විකාර..

ඕං බනියා කාලෙකින් ආවා මේ පැත්තේ....


මේ දවස් වල බ්ලොග් ලියනවා තියා කියවන්නවත් වෙලාවක් නැ... :-(
(ඕකාගෙ බොරු..!! වෙන මොකවත් නෙවේ කම්මැලි කම, කම්මැලි කම....)

ඒත් මේ ගිරියට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ සිංඩිකේටර් බර ගානක් තීයෙනවා නෙවැ... ඔව්වාගෙන් එලෙව්වට පස්සෙ ආයෙමත් ඒ මහත්තුරුංටමනේ කරදරේ.... ඒක නිසා මොනා හරි ලියන්ට ඔනී කියලා හිතුනා...

ඒත් කොච්චර කල්පනා කලත් කිසිම දෙයක් මීටර් වෙන්නෑ නෙවැ :-/
(මිටර් වෙන්නෑ නෙවේ, කල්පනා කලේ නැ.. අම්මේ මේකා කියන බොරු.....) 
ඉතිං ඔන්න හිතුවා, FaceBook එකේ නිකං ඉන්න වෙලාවට ලියපු අනම් මනම් note කැලි බ්ලොග් එකේ දාන්න...

(මේකත් හරි සිම්පල් වැඩක් Ctrl + c , Ctrl + v නේ) :D :D

.............................................................................................


නංගි

මෙන්න මෙහෙමයි පැතුවේ...
මම මොකද මෙච්චර එයා ගැන හිතන්නෙ ?
එයාගෙ මොකක්ද විශේෂත්වය ?
වැඩිය ලස්සනත් නැ...
ඒත්....
අනේ මන්දා...
මම එයාට ආදරෙද ?..
එක අතකින් නම් මහ විකාරයක්..
පුදුම වදයක් නේ දෙන්නෙ..
මට එයා ගැන බලාගන්නලු..
මේ විකාර කාරි මම කොහොමද බලා ගන්නෙ ?
මෙයා එක්ක මගෙ සම්බන්දෙ මොකක්ද ?
දෙවියනේ...
ඒ මගේ නංගි නේ....??


කරදර කාර නංගියෙක් නොලැබ, ඇනයක් වෙන මලයෙක් ලැබුන මම

                                                         බග්ස් Bunny

.............................................................................................

(පට්ට)

ඊයේ මට පට්ට නිදි මතයි.
නිදා ගන්න හදන කොටම ..
පට්ට තඩි මදුරුවෙක්...
මගේ කන ගාව පට්ට වෙට්ටු ටිකක් දාලා...
පට්ට කුන් කුන් සද්දෙකුත් දැම්මා...
මම හිතන්නෙ පට්ට මැර ඩෙංගුවෙක්
මේ පට්ට කරදරේ ඉවසන්ට බැරි කොට
මම මගේ  පට්ට දිග, අත කරකවලා
පට්ට කනේ පාරක් දිලා ඇරියා...
පට්ට විදියට ඉස්ටිකර් උනානේ...
අම්මොහ්..
මගේ කණ පට්ට විදියට රිදෙන්න ගත්තා...
මොනා කරන්නද...
පට්ට දුක තමා....!!

පට්ට පිස්සු මම....
                         බග්ස් Bunny

   මම මෙහෙම දෙයක් බ්ලොග් එකේ දාපු පලමු වතාව...මේවා නිසදැස් කියලා මම නම් හිතුවෙ....ඒත් එහෙම පෙන්නෙ නැ වගේ...ඔයාලා කැමති නමක් දාන්න...දාලා මටත් කියන්න :D

තව note 3 ක් විතර තියෙනවා...එව්වත් දාන්නම්කෝ...එතකං අපි කැපෙනවා... හැමෝටම සුභ ________   (කැමති එකක් දාගන්ටැ) :D


.   <--- මෙන්න මෙතන තිතක් පේනවද ? ඒක මම පාවිච්චි කරන්නෙ පොස්ට් එක උඩට ගන්න.. ඔයාලත් අත්හදා බලන්නකෝ :D

9 comments:

  1. බනියාගේ කොපි පේස්ට් අදහස්...
    නියමයි නියමයි බනියෝ....

    මේ අර අන්තිම තිතනම් පට්ට ඕන්...මටත් ඔය අවුලම තියෙනවනේ..එහෙනම් මෙතැන් පටන් ඉදිරියට මාත් ඔය තිත ප්‍රවිච්චි කොලන්නම්කෝ....තැන්කූ හොදේ....

    ReplyDelete
  2. බනියා කාලෙකින් ඇවිත් ... පිස්සු හාවෙක් වගේ..

    මෙන්නෝ පික්ෂූ හැදුන හාවෙක් ඇවිත්... අල්ලපියෝ ...

    ReplyDelete
  3. ඕනෑවට එපාවට ලීවා කීවට . මේව හරිම ලස්ස්සනයි .

    මචං හාවෝ අද තමයි මම ඔයාගේ හා ගුහාවට ආවේ.අනික් ලිපි ඔක්කොමත් බලන්න ඕන. හැබැයි නිතරම බලන්න අළුත් මොනවා හරි නැතිඋනොත් මම ආයේ මේ පැත්තෙවත් එන්නේ නෑ . නිතරම මොනාහරි ලියන්න . ගොහින් එන්නම් .

    ජයවේවා !!!

    ReplyDelete
  4. හී හී.... අර පට්ට කතාව කීවම මතක් උනේ...
    අපි කොත්තුවක් කෑවා ඒක "පට්ට රහයි" කීව කියල කොත්තුව ගෙනත් දුන්න එකාට මල පැනල පට්ට අමාරුවෙන් ශේප් කරගත්තෙ

    ReplyDelete
  5. මේව පට්ට බන්. එල

    ReplyDelete
  6. පට්ට නෙවෙයි ෆට්ටම ෆට්ට
    මොනව උනත් ලස්සනට ගලපලා තියනව.

    (ඒක තමා දැන් මේ පැත්තෙ ඉස්කෝලවල අළුත්ම හිට් එක)

    ReplyDelete
  7. @හසියා. හී හි තැන්කූ තැන්කූ :D

    @වත්. මම හැංගිලා ඉන්නෙ :D

    @හිස් අහස .. තැන්කූ මචන්.. ඔව් ඉස්සරහාට මොනා හරි ලියන්න ඔනී...ස්තූතියි මගේ ගුහාවට ගොඩ වැදුනට

    ReplyDelete
  8. @සහන්. මචන් පට්ට කැරපොත්තෙක් හේම උන්නෙ නෑ නේද ? :D

    @Hasitha ජයසූරිය.. තැන්කූ මචන්..

    @chanakalin ඔව් දැන් හැම තැනම ඔය පට්ට වචනේ පට්ට ගහනවා :D

    ReplyDelete
  9. කියවා ඩිලීට් කරන්න.
    ====================
    තරහ වෙන්න එපා මෙහෙම ලියන්න වුනාට.

    මේ බ්ලොග් එකේ මැල් වෙයා තියෙනවා ලු, මේකට ලින්ක් කරලා තියෙන මගේ බ්ලොග් එකට (kathandara.blogspot.com) යන්න එපා ලු කියලා මැසේජ් එකක් දෙනවා ගූගල් මාමා.

    මේ පණිවිඩය ක්රෝම් එකෙන් බලන අයට එන්නේ.

    මගේ බ්ලොග් එකෙන් ඔයා ගේ එකට ලින්ක් එකක් නෑ.
    කෙනෙක් කිව්වා ඔයා මගේ එකේ ෆලෝවර් කෙනෙක් නං එහෙම වෙන්න පුළුවන් ලු, ඔයාව අයින් කරන්න ලු.

    ඔයා බනියා හෝ අනුෂ්ක කියා නම් මගේ බ්ලොග් එක ෆලෝ කරන්නේ නෑ නේද?

    මේක මට නෙමේ කතන්දර බලන අනිත් අයටයි ප්‍රශ්ණේ.

    -Kathandara

    මං ගූගල් වලින් වැඩි විස්තර බැලුවා. ඔයාගේ බ්ලොග් එකේ මැල්වෙයා තිබිලා තියෙන්නේ මාස තුනකට කලින්.

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.