Wednesday, October 13, 2010

ගහපන් තාත්තෙ ගහපන්....

හා ළමයිනේ කොහොමැ ජිවිත පොජ්ජ ?
                                ඔන්න බනියා ආවා තවත් කතාවක් ඇදබාලා යන්ට... :P


මේක මට සියැසින් අත්විදින්න ලැබිච්ච අත්දැකීමක්...

ස්ථානය : Sun Lanka Serves Station

ඔන්න බනියා මීට සති කීපයකට කලින් උදේ පාංදරම ගියා වාහනේ සර්විස් කරගන්න....
ඕක කලේ අර ඉහත සඳහන් කල මගේ යාලුවෙක්ගේ සර්විස් ස්ටේසමක :D

ඉතින් වාහනේ දාලා පොඩ්ඩක් ආවා විවේකාගාරය පැත්තට.. පත්තරයක් එහෙම බලාගෙන ඉන්ට බැරියැ...

මෙන්න ටික වෙලාවික් හෙන කාල ගෝට්ටියයි....
සර්විස් කර කර උන්න සෙට් එකත් එක පැත්තකට දුවනවා...
සමහරු බුදු අම්මෝ කියලා මර ලතෝනිය...

මාත් ගියා බලන්න මේ මොකද කියලා....

හික් හික් හික් මැරෙන්න හිනායි...


පොඩි කොල්ලෙකුයි තාත්තා කෙනෙකුයි නයෙක්ට ගහන්න පස්සෙන් පන්නනවා...
පොඩි එකා කෑ ගහනවා.............

            ගහපන් තාත්තේ ගහපන්.................

පස්සෙ තමා හොදම හරිය....
නයාට ගහන එක පැත්තකින් තියලා ඒ තාත්තා කොල්ලා පස්සෙන් පන්නනවා...

        ඔහොම හිටපන් මොකක්ද යකෝ තෝ කිව්වෙ...........


....Bunny :-D

13 comments:

  1. අනේ මෙහෙමත් පොඩි උන්......බනියගෙ පොඩි එකාද කියල සුවර් නෑ.....

    ReplyDelete
  2. අනේ මෙහෙමත් පොඩි උන්......බනියගෙ පොඩි එකාද කියල සුවර් නෑ.....

    ReplyDelete
  3. @රත්ගමයා..
    මොකො මේ දෙකක් දාලා ? :D

    අපෝ බොල අපි තාම තරුණ ගැටවු... ළමයි හදන්න හිතලවත් නෑ නෙවැ :P

    ReplyDelete
  4. මේක මේ අපේ බනියටම වෙච්ච දෙයක් වගෙ :D

    ReplyDelete
  5. මාත් ඔහොම සීන් එකක් දැක්ක පොලිසියෙදි.දවසක් දඩ කොලයක් ගන්න ගිය වෙලාවෙ මොකද්ද කේස් එකකට තාත්තෙකුයි,පුතෙකුයි ඇවිල්ල පොලිසියට.දෙන්නම ටිකක් චාටර් ඩයල් දෙකක්.ඒ වෙලාවෙ රාළහාමි කෙනෙක් අර පුතාගෙන් මොකද්ද ඇහුවා.ඒ වෙලාවෙ පුතා"මම මේ මීහරකට කිව්ව සර්" කියල තාත්තව පෙන්නල කිව්වා.එතකොටම සාජන් කෙනෙක් පුතාව අල්ලගෙන ගිහින් කූඩුවට දැම්මා.

    ReplyDelete
  6. අයියො... මට මැවිලා පෙනවා..මරුවට තියෙන්න ඇති...

    ReplyDelete
  7. @Dar[ක්} පිස්සුද මම සර්විස් එකේ කස්ටර්මර් :P

    @හසී හිකිස්* :P

    @ඉලංදාරියා හේ හේ* :P

    @පබලු හී හී*

    ReplyDelete
  8. @dinesh ඇත්ත කියපන් උබ නේද ඒ පුතා ? :P :P

    @පබලු හී හී* :-D

    ReplyDelete
  9. @නිම්ශා. මට නම් තාමත් මතක් වෙද්දි බඩ රිදෙනවා :D :D

    ReplyDelete
  10. Pretty nice post. I just stumbled upon your blog and wanted to say that I have really enjoyed browsing your blog posts. In any case I’ll be subscribing to your feed and I hope you write again soon!

    ReplyDelete
  11. @Anonymous actually i thinking you, Enjoy that my post , plz come again...thanks for your comment......

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.