Tuesday, February 2, 2010

fedora මත පහසුවෙන් ඡායාරූප convert කරමු.

මෙන්න බනීට තවත් එළ මෘදුකාංගයක් හම්බඋනා. මේක ඡායාරුප අපිට කැමති කැමති ප්‍රමානයකට ලොකු පොඩි කරන්නයි,එහි දාරිතාව අඩුකරගන්නයි මේකෙන් පුලුවන්.මේකේ විශේෂත්වය මේකෙ ඔයාට ලැබෙන්නෙ සම්පුර්ණයෙන්ම නොමිලේ. (GPL-General Public License) ඉතින් කිසි  කරදරයක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්.
අනික දාරිතාව අතින් ඉතාම කුඩා මෘදුකාංගයක් (17kb ද කොහෙද :D). මෘදුකාංගය පොඩි උනාට වැඩනම් පොඩි නෑ :) මේකෙන් එක වර පොටෝ 100ක් උනත් එක වර convert කරගන්නත් පුලුවන්.ඔය Flickr වගේ එකකට පොටෝ අප්ලෝඩ් කරනවනම් මේක බොහොම වැදගත් වෙන්න පුලුවන්. 
     වැඩි විස්තර ඔනනම් මෙන්න මෙතන්ට යන්න. 
                                     කතාව ඇති.
                      
     අපි මේක මුලින්ම install කරගමු. ඒ සදහා පහත විදානයන් terminal එකේ ලබා දෙන්න.

[anushka@Bunny ~]$ su -
 Password:
[root@Bunny ~]# yum install nautilus-image-converter



මේ තද නිල් පාට කරපු ටික විතරක් ඔයා terminal එකේ type කරන්න නැත්නම් copy past කරගන්න
(terminal එක මත  past කරනකොට ctrl+Shift+ v යන buttons තදකරන්න)
     

මේක ubuntu වගේ os තුලත් වැඩකරනවා ඇති මම නම් අත්හදා බැලුවෙ නෑ. මේ පහත විදානය Ubuntu පාවිච්චි කරන අයට
         
sudo aptitude install nautilus-image-converter


දැන් ඔන්න ඔක්කොම හරි. ඊලගට අපි අපේ ඡායාරූප තියෙන තැනට ගොස් ඒය මත Right click කරන්න. ඉන්පසු ඒකේ තියෙන Resize Image කියන එක Click කරන්න.



දැන් පහත අකාරයේ මෙවලම් ටිකක් දිස්වේචි.





මේකේන් අපිට කැමති ආකාරයට size එක හදාගෙන resize button එක click කරන්න එතකොට අපේ කලින් ඡායාරුපය තිබුනු තැනටම Resize වුනු ඡායාරුපයත් save වේවි.


මේකේ තියෙන Rotate Image කියන එකෙන් ඔයාට පුලුවන් ඡායාරූප Rotate කරගන්න.(පොඩි අවුලකට තියෙන්නෙ මේ Rotate Image මෘදුකාංගය Resize Image එකටම අපු එකක්ද කියලා මට මතක නැහැ :D ඉතින් කලබල වෙන්න ඔන්නැ අත්හදා බලන්න මම එකත් කොකටත් කියලම තමා දැම්මෙ.)


ඉතින් ආයේත් මේවගේ මොකක් හරි ගැජට් එකක් හම්බුනෝතින් කියන්නම්කෝ. එතකම් අයුබෝවන් !






.

16 comments:

  1. ෆෙඩොරා වල sounds ගන්න හැටි පොඩ්ඩක් කියල දෙන්න පුළුවන්ද ?

    ReplyDelete
  2. MP3 play කරන විදිය වගේ

    ReplyDelete
  3. @Chrishi
    මේකට ගිහින් බලන්
    http://linux.wellassa.org/fedora10-guides/10

    ReplyDelete
  4. ලගදීම සචිස්ථරාත්මකව දාන්නම් එකක් :D

    ReplyDelete
  5. එළ කොල්ලෙක්නේ!

    @Chrishi
    මේක බලන්න
    http://kpgtharaka.blogspot.com/2009/11/fedora-12-constantine.html

    gstreamer වලින් පුලුවන්

    ReplyDelete
  6. @ගයාන් තාරක
    නැ එළ හාවෙක් ! :D

    ReplyDelete
  7. Fedora විතරක් නෙමෙයි Ubuntu වලත් වැඩ :D
    ඔන්න අපිත් දාගත්තා :)

    ReplyDelete
  8. පල වල් හාවො යන්න,

    අනුංගෙ පෝස්ට් කොපි කරන්නැතුව

    ReplyDelete
  9. @ඉන්දරේ
    මරු

    @වල්හාවා
    ඇත්තටම මේක අනුන්ගෙන් කොපි කරලා දාපු එකක්නම් නෙවේ. මේක මම අත්හදා බලල තමයි දැම්මෙ. කරුණාකරලා මම එහෙම අනුන්ගෙන් කොපි කරලා දාලා තියෙනවනම් ඒක පෙන්වන්න ලින්ක් එකක් හරි මෙතන දාන්න. මම එහෙම දානවනම් මිට වඩා දෙවල් තියෙනවා fedora ගැන දාන්න. (හාවෙකුට උනත් කතාකරන ක්‍රමයක් තියෙනවා හාවෝ කවුද වල් කියලා තමන්ගෙන්ම අහලා බලන්න)

    ReplyDelete
  10. එල, මේක නම් මාර ප්‍රයෝජනයි. උබුන්ටුවලත් වැඩ.

    ReplyDelete
  11. @හොඳ හාවා
    හොඳ හාවෙක් නම් ඒ කොපි කරා කියන එකේ ලින්ක් එකක් දෙන්න. එතකො අපි බලන්නම් මෙයා වැරදිද කියලා. ට

    ReplyDelete
  12. අපොයි ඔය හැංගිලා කියන ගොන් කතා නං ගනංගන්න එපා... කවුදෝ ගෝතයෙක් එකපාරක් මට තර්ජනයත් කරල තිබුණනේ බ්ලොග් සියල්ල 'හැක්' කර මකා දමනවා කියලා...

    හැබැයි මගෙ බ්ලොග් එකේ තාමත් anonymous comments දාන්න පුළුවන්. ඕවත් දේවල්ද? :D

    ReplyDelete
  13. @තමීර | Thameera
    ඔව් ඔක Ubuntu වලත් වැඩලු.ඉන්දරේ අයියත් කියල තියෙන්නෙ>

    @ගයාන් තාරක
    එක තමා එහෙම එකක් දෙනකම් අපි බලාගෙන ඉමු.

    @ශාකුන්තල
    සමහර ගෝතයන්ට හොද ලිපියක් දැක්කාම දරා ගන්න බැරුව යනවා එකයිනෙ ඔය :)

    බොහොම ස්තුතියි හැමෝටම!

    ReplyDelete
  14. හිත රිද්දගන්න එපා අනුන් කියන ඒවට...එයා සාධකයක් දීලා නෑ.අනික කීප දෙනෙකුට එකම දේ ගැන ලියන්න අයිතියක් තියෙනව...සම්පූර්ණ කොපි කරා කියලා මෙ හොඳ හාවා කියනව නම් එය ඒක පෙන්නන්න ඕනෙ!!....මිනිස්සු ඉරිසියා කරන්නෙ ශක්තිමත් අයට...වැටෙන්න එපා.සුබ ගමන්!!!

    ReplyDelete
  15. @නේරංජි
    බොහොම ස්තුතියි අක්කේ!

    ReplyDelete
  16. හොද හාවා හිතාගෙන ඉන්නෙ මේක කොපිකරලා දැම්ම කියලද ?

    http://dailypackage.fedorabook.com/index.php?/archives/50-GUI-Thursday-Nautilus-image-converter-easy-image-resizing.html

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.