Friday, January 29, 2010

බේබද්දා

දිනක් බේබද්දෙකු කරටිය කැඩෙන්නම ගහලා තමන්ගේ ගෙදරට යන්න අවා. මේ යන අතර තුර ඔහුට පාලමකින් එගොඩ වෙලා තමයි යන්න තියෙන්නෙ. මෙහෙම හැමදාම බීලා යනකොට ගඟේ හිටිය කිඹුලෙක්  "බේබද්දා! බේබද්දා!!" යනුවෙන් කැගසන්නට විය. මෙය මහත් හිසරදයක් ඌ අපේ කතා නායකයට හොදටම මල පැනලා. හිටපන්කො මම අද උබට හොද වැඩක් කරන්න කියා ගගට බැහැලා කිඹුලගෙ කටට අත දමා නැට්ටෙන් අල්ලා ඇද කිඹුලව කණපිට හැරෙව්වලු . ඔන්න ඒ කරදරෙත් ඉවරයි කියලා සතුටු සිතින් ගෙදර යන්න ගියාලු. ඉට පසු දින ආපසු මේ මනුස්සයා පාලම උඩින් යනකොට අර කිබුලා
                      "අඩෝව් බාබෙද්දා!  බාබෙද්දා!!" ගාන්ට විය.


.

7 comments:

  1. මරු කතාව. දාන්නකො තව මේ වගේ කතන්දර. අපි එන්නං බලන්න.

    කතන්දරකාරයා

    ප/ලිඃ අර නහයෙන් කතා කරන කිඹුල ගෙ කතාව දන්නවාද?

    ReplyDelete
  2. එළස්! ඕක අපි අනාදිමත් කාලයකට කලින් අහපු කතාවක්. කැටපෝල් පිස්සගෙ කතාව දන්නවද? (දන්නවනං කියන්න එපා -- බ්ලොග් එක සින්ඩිකේටරෙන් විසි වෙයි එළියට)

    ReplyDelete
  3. @කතන්දර කාරයා
    ඒ කතාව නම් දන්නෙ නැ.

    @Shaakunthala
    ඔව් ඔක ගොඩක් පරන කතාවක් තමා දන්නැති අයට දැනගන්නත් එක්ක දැම්මෙ :D
    කැටපෝල් පිස්සගෙ කතාවනම් දන්නැනේ කියන්න බැරිද ? :)

    ReplyDelete
  4. ශාකූ කියලා දාපන් ඒකත්....
    දන්නවනේ "තව පූසෙක්, තව පූසෙක්" කතාව...
    හික්ස්...

    /බිඟුවා...!

    ReplyDelete
  5. කස්ටියක් සෙට් වෙලා ඉන්න තැනක විනාඩි පහළොවකට මේ වගේ එක කතාවක් ඇති. විනාඩි පහක් යයි කතාව කියල හිනාවෙන්න; ඉතිරි ටික ඉතින් කතාවට ඌනපූරණ දාන්න සහ අලුතින් අර්ථ එක් කරන්න! ;)

    ReplyDelete

ගල්,මුල්, ඔක්කොම බාරගන්නවා. කුණුහරුප නැතිව ඔන එකක් ලියලා යන්න.